IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


කොටකෙතන ඝාතන සැකකරුවන් කළ පාපොච්චාරණය

ගමක් නැටවූ හැටි සැකකරු සිරිපාල කියයි කහවත්ත - කොටකෙතන ගම්වාසීන්ගේ සිත් තුළ මාස කිහිපයක් තිස්සේ ඇවිලෙමින් තිබූ ගිනි දැල් නිවීගියේ කාන්තා ඝාතන හතරකට සම්බන්ධ බව කියන ඝාතකයන්ගේ සුලමුල හෙළිකරගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමත් සමගය. මෙම ඝාතනවලට මුල් වූ හේතු සාධකද හෙළිකර ගැනීමට පොලිස් නිලධාරීන් සමත්වීමත් සමගම කොටකෙතන හා ඒ ආශ‍්‍රිතව ගම්වල ජීවත් වූ ගම්මුන්ගේ සිත් සතන්වලට පැවති අනිසි බිය සැක සංකාද පහව ගොස් ඇති සෙයකි. කොටකෙතන ගම්මානයේ පසුගිය මැයි මාසයේ සිදු වූ සේතුංගගේ තිලකාවතී සහ සේතුංගගේ දයාවතී යන අක්කනගෝ දෙදෙනාගේ සහ යූ.ඞී. පේ‍්‍රමවතී (65) සහ ඇයගේ දියණිය වූ එච්.ජී. පුෂ්පකුමාරි යන දෙදෙනාද ඝාතනය කරනු ලැබුවේ අද්භූත බලවේගයක්. මෙය භූත බලවේගයක් බවට ප‍්‍රචාරයක්ද ගෙන ගොස් තිබිණි. භූත බලවේගයක් නිසා මෙම ඝාතන සිදුවන බවට ගමපුරා ප‍්‍රචාරයක්කර ගම්මුන්ගේ අවධානය වෙනතකට යොමුකරලීම මේ සම්බන්ධයෙන් අත් අඩංගුවටගත් ඝාතකයන්ගේ සැලසුමකි. මෙම ද්විත්ව ඝාතන දෙකම ඉතා සැලසුම් සහගත ලෙස කිරීමෙන් පසු මේවා කළේ භූත බලවේගයක් බවට ඒත්තු ගැන්වීමටද ඝාතකයන් ගම්වාසීන් ඉදිරියේ රඟ පෑමකද නිරතව සිට ඇත. ඝාතකයින්ගේ රඟපෑම් කොතරම් තාත්වික වුනාද? යැයි කිවහොත් මෙම කාන්තා ඝාතන සිදුකරන්නේ භූතාත්මයක බලපෑමකින් බවට ඇතමුන් විශ්වාස කර ඇතැයිද කියති. ”මෙම ඝාතන හතරම කරල තියෙන්නේ භූත බලවේගයක්’’ යන මතය ගම පුරා ලැව්ගින්නක්සේ පැතිර යද්දී වඩාත් සතුටු වී ඇතැයි කියන්නේ මෙම ඝාතනවලට සම්බන්ධ වූවන්ය. ඔවුන් මෙසේ සතුටු වී ඇත්තේ තමන් කළ දෙවැනි සැලැස්මත් සාර්ථකවීම නිසාය. කොටකෙතන ගම්මානයේ සිදු වූ ද්විත්ව ඝාතන දෙකට බලපෑ සියලූ කරුණු කාරණා හා ඝාතකයන් ගැන මෙන්ම එය සිදුකළ ආකාරය ගැන කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයේ පොලිස් කණ්ඩායමක් මාසයක පමණ කාලයක් තිස්සේ කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වූ තොරතුරු පසුගිය ඉරිදා ලංකාදීප පත‍්‍රය මගින් සවිස්තරව හෙළිකළෙමු. මේ හෙළිකරන්නේ එහි අතුරු කථාවන්ය. මව සහ දියණියගේ ඝාතනය සම්බන්ධයෙන් අල්ලාගත් හතර දෙනාගෙන් එක් අයෙක් පොලිසියට කරන ලදැයි කියන පාපෝච්චාරණයකි මේ. පේ‍්‍රමවති අක්කයි එයාගේ දුවයි මරලා දැම්මායින් පස්සේ මේ දෙදෙනා මරා දමන්න කොන්ත‍්‍රාත්තුව බාරගත් අය කිව්වා උඹට පේ‍්‍රමවති අක්කා ආරුඪවෙලා ඉන්නවා කියා ගමපුරා ප‍්‍රචාරයක් ගෙනියන්න කියා. මම හිමින්සීරුවේ ඒ වැඬේ කළා. පස්සේ දවසක ආයෙත් කිව්වා පේ‍්‍රමවති අක්කාගේ ආත්මය ආරුඪවෙලා තියන විදිහට හැසිරෙන්න කියා මට කීවා. මම ඒ විදිහට හැසිරෙන්න දන්නේ නැහැ කීවා. මේ විදිහට හැසිරෙන්න උපදෙස් දුන්නේ ඝාතන කොන්ත‍්‍රාත්තුව බාරගත් මගේ හිතවතායි. ඔහුත් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. භූත ආත්මයක් ආරුඪවුනාම දඟලන ආකාරය ගැන ඔහු මගේ ඉදිරියේ රඟ දක්වලා පෙන්නමින් මටත් ඒ විදිහට කරන්න කීවා. පුහුණු කළා. මමත් ඔහු කරන විදිහටම කළා. පස්සේ තනියම කරන්න කිව්වා. හා දැන් ඔය අපූරුවට උඹ වැඬේ කරන්නේ කිසිම සැකයක් ඇති නොවන විදිහට යැයි කියාද මගේ හිතවතා මාත් එක්ක බොහොම සතුටින් කියා සිටියා. පේ‍්‍රමවති අක්කයි එයාගේ දුවයි ඝාතනය කරන්න මමයි මගේ තවත් යහළුවෙකුයි ගියා. ඒ සමගම අර දෙන්නත් අපේ සහායට පැමිණියා. අපි මේ අම්මගෙයි දුවගෙයි ගෙටත් ගිනි තිබ්බා. පස්සේ ඒ ගින්න නිවා දැමීමටත් ගමේ අයට උදව් කළා. එහෙම කළේ කිසිම කෙනෙකුට කිසිම සැකයක් ඇති නොවෙන්නයි. ගින්න නිවන්න ගිය අවස්ථාවේ පේ‍්‍රමවති අක්කාගේ ආත්මය මගේ සිරුරට ඇතුළු වූ බවට තමා ගමේ ප‍්‍රචාරයකර හැරියේ. මා අවස්ථා කිහිපයකදීම පේ‍්‍රමවති අක්කාගේ ආත්මය සිරුරට ආරුඪ වූ ආකාරයට ආවේශ වී දඟලන්ට පටන්ගත්තා. මම ආවේශයෙන් කෑගසද්දී ගමේ අය තවත් හොඳටම බයවුන බව තේරුම් ගියා පේ‍්‍රමවති අක්කාගේ පුතෙක් ඉන්නවා නිලන්ත කියලා. එයාගේ බිරිඳගේ ලේ බොන්න  ඕනෑ කියමින් මම බොරු ආරුඪය මවාගෙන ආවේශවුන අවස්ථාවේ කෑ ගැසුවා. මම එවැනි දෙයක් කළේ මේ ඝාතන දෙකට ඔවුන්ගේ පවුලේ උදවිය සම්බන්ධ බවට ගමටයි පොලිසියටයි ඒත්තු ගන්වන්න හිතාගෙනයි. සමහරෙක් නිලන්තලාගේ පවුලේ උදවිය මේ ගැන සැක කළ බව පස්සේ මට දැන ගැනීමට ලැබුණා. පොලිසියට මෙවැනි ප‍්‍රකාශයක් කර ඇතැයි කියන්නේ අත්අඩංගුවටගත් හතර දෙනාගෙන් එක් අයෙක් වන සිරිපාල නමැත්තෙකි. පේ‍්‍රමවතීගේ පුතා සහ බිරිඳ ඇතුළු සමීපතම ඥාතීන් කිහිපදෙනකුද පොලිස් ප‍්‍රශ්න කිරීම්වලට දිගින් දිගටම මුල්කාලයේ ලක්වූයේ මෙම ද්විත්ව ඝාතනයට (පේ‍්‍රමවතී සහ ඇයගේ දියණියගේ) ඔවුන්ගේ කිසියම් සම්බන්ධයක් ඇද්දැයි යන්න සොයා බැලීමටය. කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයේ පොලිස් කණ්ඩායම හමුවේ තව දුරටත් තොරතුරු හෙළි කරමින් සිරිපාල නමැත්තා මෙසේද පවසා ඇතැයි දැන ගන්නට ඇත. පේ‍්‍රමවතී අක්කාගේ ආත්මය මට ආරුඪ වී ඇතැයි බොහෝ දෙනෙකු බියට පත්වී තිබුණා. ඔවුන් මාව දැක්කාමත් බයයි. බොහොම ගරු සරු ඇතිව කථා කරන්නේ. මට මොනවත් කියන්නත් බයයි. ගමේ අය මා වෙනුවෙන් ආගමික පුද පූජා පැවැත්වූවා. ඒ අය එහෙම කළේ පේ‍්‍රමවතී අක්කාගේ ආත්මය මගේ සිරුරෙන් බැහැරව යන්න කියලයි. තවත් කට්ටියක් මාව රත්නපුර රෝහලටත් අරන් ගියා. දොස්තර මහත්වරුන් පරීක්ෂාකර බලා මට කිසිම ලෙඩක් නොමැති බව ද පැවසුවා. එයින් පස්සෙත් මට වරින්වර පේ‍්‍රමවති අක්කාගේ ආත්මය ආරූඪවුන බව පවසමින් ආවේශවුණා. මගේ සිරුරට ආරුඪවෙලා ඉන්න පේ‍්‍රමවති අක්කාගේ ආත්මය පලවා හරින්න ගමේ කට්ටිය කට්ටඬියෙක් ගෙනවිත් තොවිලයක් කළා. ඒකට රුපියල් 15000 ක් විතර ඒ කට්ටඬියා ගත්තා. අක්කාගේ ආත්මය පලවා හැරිය බව තොවිලය අවසානයේ කට්ටඬියා කියලා සල්ලිත් අරන් යන්න ගියා. මම ආයෙත් ටික දවසකින් ආවේශ වෙලා නටන්න පටන් ගත්තා. ගමේ අය තවත් කට්ටඬියෙක් ගෙනවිත් තොවිලයක් නැටුවා මිය පරලොව ගොස් සිරුරට අරක්ගෙන සිටින පේ‍්‍රමවතී අක්කාගේ ආත්මය පලවා හැරියබව පවසා ඒ කට්ටඬියත් සල්ලි අරන් යන්න ගියා. මම වැඬේ අත්හැරියේ නැහැ. වරින්වර පේ‍්‍රමවති අක්කාගේ ආත්මය ආරූඪවුන විදිහට ආවේශවුණා. ගමේ අය බය කරගත්තු විදිහට මේ ගැන මේ පරීක්ෂණ පවත්වන්න එන පොලිසියේ මහත්වරුත් භය වෙයි කියලා මට හිතුනා ඒ නිසා මං ගැන හොයන එකක් නැහැ කියලා හිතපුවාර අනන්තයි. මිය පරලොව ගිය කෙනෙකුගේ ආත්මයක් ආරූඪවුනාම හුඟදෙනෙක් ඒ වගේ අයට කිට්ටු වෙන්නත් බයයිනේ. දේවාලයක් පටන් අරන් සාස්තර කියන්න  ඕනෑ කියලාත් මම කල්පනා කරගෙන හිටියේ. නමුත් ඒ වැඬේ කරගන්න බැරිව ගියා මාව පොලිසියට කොටුවුනා යනුවෙන්ද සිරිපාල නමැත්තා පවසා ඇති බව කියති. පේ‍්‍රමවතීගේ සහ ඇයගේ දියණියගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනකු පසුගිය 1 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයේ පොලිස් කණ්ඩායමක් විසිනි. අත්අඩංගුවටගත් හතර දෙනා අතර කාවින්ද්‍යා දැරිය හා ඇයගේ මවගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට තවමත් රිමාන්ඞ් බන්ධනාගාරයේ පසුවන ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ධර්මසිරි සහ ප‍්‍රධාන සැකකරු වූ රාජු නමැත්තාගේ සොහොයුරන් දෙදෙනකුද සිටිති. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයාගේ එක් සොහොයුරෙක් මෙම මව සහ දියණිය ඝාතනය කළහොත් රුපියල් ලක්ෂයක් ලබාදෙන බව පවසා ඇත්තේ අත් අඩංගුවටගත් නාමල් නමැත්තෙකුටය. ඔහු විසින් ඝාතන කොන්ත‍්‍රාත්තුව බාරගෙන මේ වැඬේ සඳහා සිරිපාල නමැත්තා හවුල්කරගෙන ඇති බව පොලිසිය කියයි. අවසානයේ ඔවුන්ට සත පහක්වත් ලැබී නොමැත. රුපියල් 10000 ක් වත් ලබාදෙන්න යැයි කියා ඉල්ලා ඇතත් ඔවුන් දෙදෙනා පන්නා ගෙන ඇත්තේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයාගේ සහෝදරයින් දෙදෙනා යැයිද පොලිසිය පවසයි. කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඞී.ආර්.එල්.රණවීර මහතාගේ විශේෂ උපදෙස් මත මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වනු ලැබුවේ සහකාර පොලිස් අධිකාරි නුවන් වෙදසිංහ, ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන්  ඕලූගල, පොලිස් පරීක්ෂකවරුන් වන ජානක කුලරත්න, නාලක ගුණසේකර, පේ‍්‍රමතිලක හෙට්ටිආරච්චි සහ රසික රුවන් බණ්ඩාර, සැරයන් මර්වින් (20927), කොස්තාපල්වරුන් වූ බණ්ඩාර (38633), ජයවර්ධන (89096), පුෂ්පකුමාර (86669) ප‍්‍රියදර්ශන (87159) සහ ප‍්‍රසන්න (70625) යන මහත්වරුන් විසිනි. කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක හේමන්ත දික් ඕවිට මහතාගේද සහාය මුල සිටම මෙම පරීක්ෂණ කටයුතු සඳහා ලැබී ඇත.සියලූ තරාතිරම්වල මෙම නිලධාරීන්ගේ කැපවීම හා දක්ෂතාවය නිසා මේ මව සහ දියණියගේ ඝාතන පමණක් නොව සේතුංගගේ තිලකාවතී සහ හේතුංගගේ දයාවතී යන අක්කනගෝ දෙදෙනාගේ ඝාතනවල සුල මුල හෙලිකරගෙන ඒවාට සම්බන්ධ සැකකරුවන් ද අත්අඩංගුවට ගැනීමට හැකිවිය. අත්අඩංගුවටගත් හතර දෙනාම දැන් පසුවන්නේ රිමාන්ඞ් බන්ධනාගාරයේය. අපරාධ සිදුකර හැමදාමත් සැඟව සිටිය නොහැකිය යන්න මෙයින්ද මනාව සනාථවී ඇත. සබරගමුව පළාත් බාරව සිට මෑතකදී ස්ථානමාරුවක් ලැබ දකුණු පළාතට ගිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික‍්‍රමරත්න, රහස් පොලිසිය බාරව එවකට සිටි නිියෝජ්‍ය පොලිස්පති ජයන්ත කුලතිලක, එහි අධ්‍යක්‍ෂ තනතුර දැරූ මහේෂ් පෙරේරා, රත්නපුර කොට්ඨාශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රංජිත් පද්මසිරි සහ රත්නපුර සහකාර පොලිස් අධිකාරි බුද්ධි උඩුගමසූරිය යන මහත්වරුන්ගේද සහ පොලිස් බුද්ධි අංශ සහාය සිදු වූ දිනයේ සිට මෙම ඝාතනවලට සම්බන්ධ සැකකරුවන් කොටුකර ගැනීමට විශාල මෙහෙවරක් ඉටුකරනු ලැබීය. මව සහ දියණියගේ ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයමින් සිටි ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන්  ඕලූගල මහතාට සැකකරුවන් කොටුකර ගැනීමට ඔන්න මෙන්න කියා තිබියදී එම පරීක්‍ෂණ කණ්ඩායමෙන් ඉවත්කර යළි කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවීමක්ද කරනු ලැබීය.

 

සිරිපාලට අසභ්‍ය වීඩියෝ පෙන්නා කාම ආශාවක් ඇති කළා

සැකකාර නාමල්

පේ‍්‍රමවතී අක්කාටයි එයාගේ දුවටයි පිහියෙන් කෙටුවා. ඔවුන් දෙදෙනා මරු විකල්ලෙන් දඟලද්දී දෙදෙනාටම අතවර කළා. පස්සේ මමත් තුෂාරත් යට ඇඳුම්පිටින්ම ගෙදර ගියා. තුෂාරගේ සිරුරට හා කමිසයේ ලේ තැවරී තිබූ නිසා ඒවා උනා පේ‍්‍රමවතී අක්කාගේ හා දියණියගේ දැවෙමින් තිබූ සිරුරු මතට වීසිකළා. යට ඇඳුමෙන් සිටි දෙදෙනා දුෂණය කිරීමෙන් පසු ඔවුන්ගේ සිරුරුවලට භූමිතෙල් හලා ගිනි තිබ්බා. යට ඇඳුම් පිටින් ගෙදර ඇවිදින් නාගෙන පිරිසිදු වී වෙනත් ඇඳුම් ඇඳ ගත්තා. මගේ ඇඳුම්වල ලේ තැවරී තිබුණේ නැහැ. නමුත් මා ඇඳ සිටි සරම ගලවාගෙන කිහිල්ලේ ගසාගෙන තුෂාරත් සමග ආවා. යැයි සැකකාර සිරිපාල නමැත්තා පොලිසියට පාපෝච්චාරණයක් කරමින් පවසා ඇත. ඝාතනයට යොදාගත් මන්නාපිහිය තුෂාර වෙලට විසිකර දැමුවා. පස්සේ දවසක ගිහින් ලේ තැවරී තිබූ ඒ පිහිය සෝදා මම නැවතත් ප‍්‍රයෝජනයට ගත්තා. අපි පේ‍්‍රමවතී අක්කාගේ නිවසේ ගින්න නිවා දැමීමටත් හවුල්වුනා. සිරුරුවලට ගිනි තැබුවායින් පස්සේ තමා ගෙටත් ගිනි ගත්තේ. මේ දෙදෙනාගේ සිරුරු මෙට්ට හා ඇඳ ඇතිරිලි දමා භූමිතෙල් හලා ගිනි තිබ්බා. ඒ ගෙදරින් පිටත්වෙලා එන්න කලින් ජනේලයක කම්බි කූරු ඈත්කළා. එහෙම කළේ පරීක්ෂණ පැවැත්වීමට එන පොලිසියේ මහත්වරුන් නොමග යවන්නයි. මේ සිද්ධිය මට හැම තිස්සේ මැවී පෙනෙන්නට වුනා. මම සමහරදාට රෑට හීනෙන් බය වෙලා කෑ ගැසුවා. මේ නිසා රෑට හොඳට බීලයි නිදා ගන්නේ යැයි සිරිපාල නමැති සැකකරු තව දුරටත් පොලිසියට පාපෝච්චාරණයකර ඇත. පේ‍්‍රමවතී අක්කාගේ හා ඇයගේ දුවගේ ඝාතනයන්ට ශාප කරන්න මම ගමේ කට්ටියත් එක්ක රත්නපුර සමන්දේවාලයට ගොස් පොල් ගැසුවා. මේ අපරාධය කරපු ඔවුන්ට හෙණ හතම ගහන්න ඕනෑ කියා දෙවියන්ට කන්නලව් කළා. මේ වගේ රඟපෑමක් මට කරන්නවුනේ කාටවත් සැකයක් ඇති නොවන්න යැයි මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාමල් නමැත්තා පොලිසියට පාපෝච්චාරණයක් කර ඇත. සිරිපාල ගැහැනුන්ට කෑදර මිනිහෙක් කියලා දැන ගත්තා. මේ බව දැන ගත්තාට පස්සේ සිරිපාලට අසභ්‍ය දර්ශන තියන සී.ඞී. කිහිපයක් ගෙනවිත් පෙන්නුවා. ඒවා මිනිහා පුදුම ආශාවකින් බලා හිටියා. එහෙම කළේ දුවගැන මිනිහට කාම ආශාවක් ඇතිකරවන්න හිතාගෙනයි. ඒ වැඬේ හරියටම හරි ගියා. යැයිද නාමල් පාපෝච්චාරණයක් කරමින් පොලිසියට හෙළිකර තිබේ.

සටහන - ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය
තිලකාවතී පුෂ්ප කුමාරි දයාවතී කාවින්ද්‍යා සහ නයනා (අම්මයි දුවයි) නාමල් ආචාරිගේ සිරිපාල මිතිල නුෂාර



අදහස් (0)

කොටකෙතන ඝාතන සැකකරුවන් කළ පාපොච්චාරණය

කුමුදු Tuesday, 09 October 2012 12:42 PM

මේ අය අල්ලපු පොලිස් නිලධාරීන්ට ජය වේවා! (නි)

:       0       0

චානක Monday, 08 October 2012 09:27 PM

මෙයාල ජීවත්වන එක රටටම බරක් (අ)

:       0       0

වෙනුර Thursday, 11 October 2012 10:11 PM

දඩුවම් අමුතුවෙන් දියයුතු නැහැ. ඒවා අනිවාර්යයෙන්ම ලැබෙනු ඇත. (නි)

:       0       0

මධු Monday, 08 October 2012 11:38 AM

මේවාට වග කිවයුත්තෝ කවුරුන්ද?(නු)

:       0       0

දම්මික Wednesday, 10 October 2012 12:25 PM

සමාවක් නම් දෙන්න එපා

:       0       0

සරත් Tuesday, 09 October 2012 08:56 PM

වල්මත් වූ දේශපාලනය මේ රටින් අතුගා දැමිය යුතුයි. (නි)

:       0       0

තුෂාරි Monday, 08 October 2012 11:16 PM

සමහර රටවල වගේ ප‍‍්‍රසිද්ධියේ ගිනි තියන්න වටිනවා. (නි)

:       0       0

සුමිත් Monday, 08 October 2012 12:55 AM

මෙතරම් දේවල් හෙළි වෙලත් මෙයාලව නොඑල්ලා තවත් තියාගෙන කන්න දෙන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ සල්ලි වලින් නේද? (නි)

:       0       0

කුමාර Tuesday, 09 October 2012 02:13 PM

මේක බොරුවක්....මේ ඇත්ත මිනීමරුවෝ නෙමෙයි..බලන්න මේ මිනිස්සුන්ගේ හැටි . මෙහෙම අපරාධයක් කරන්න තරම් ................... (ස)

:       0       0

රුක්මල් වැදිමෙස්ත්‍රිගේ Thursday, 11 October 2012 05:05 PM

දෙන දඩුවමක් මහජනයාට පෙනෙන්න දෙන්න..!(නු)

:       0       0

සශීමාල් Monday, 08 October 2012 12:40 PM

මරණ දඩුවම මුන්ගෙන් පටන්ගමු (ස)

:       0       0

රාජා Sunday, 07 October 2012 03:46 PM

මෙයාලට මොනවත් නොකර ඇගට පෙට්‍රල් ටිකක් දාලා ගිනිකූරක් ගහන්න ඕනෑ. මැරුණොත් එහෙමයි, බේරුණොත් ඒත් එහෙමයි. (නි)

:       0       0

සිල්වා Wednesday, 10 October 2012 12:17 AM

ලොකු එකාගේ ඉදලා පොඩි එකා දක්වා යටි පතුල් පළලා, මිරිස් දාලා පොඩ්ඩ පොඩ්ඩ මැරෙන්න අරින්න ඕනෑ. (නි)

:       0       0

රත්නායක Thursday, 11 October 2012 06:57 PM

ප්‍රසිද්ධියේ දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

නලින් Wednesday, 10 October 2012 02:52 PM

දැඩි දඩුවම් දෙන්න ඕනේ

:       0       0

සමීර Monday, 15 October 2012 10:17 AM

මේ වගේ අයට රටේ තියෙන ලොකුම දඩුවමක් දීලා, අතක් පයක් නැතුව ජීවත් වෙන්න සළස්වන්න ඕනෑ. (නි)

:       0       0

සෙනරත් Monday, 08 October 2012 08:54 AM

මුලින්ම එල්ලුම් ගහත් යවන්න මේ අය හොදයි..! මේ ඝාතනවලට කොන්තරාත්තුව දීපු අය තාමත් නිදැල්ලේ නේද?(නු)

:       0       0

වාසල Sunday, 07 October 2012 05:18 PM

මේ අයව එල්ලලා මරමුද? මරලා එල්ලමුද? (නි)

:       0       0

දර්ශන් Sunday, 07 October 2012 05:33 PM

පෝරකයට යවමු. (නි)

:       0       0

සුරංජන් Wednesday, 10 October 2012 08:27 AM

මෙයාලත් පුච්චලම මරන්න ඕනි (ස)

:       0       0

ප්‍රසිදිනී Monday, 08 October 2012 02:07 PM

මරන්න එපැයි ,(ස)

:       0       0

චතුර Wednesday, 10 October 2012 09:05 AM

කැත නැතුව කැමරාව දිහා බලන ලස්සන (ස)

:       0       0

පාලිත Tuesday, 09 October 2012 05:21 PM

කිසිම දඩුවමක් නොදී තවත් තියාගෙන ඉන්නේ ආදරේද? තව ටික දවසකින් එලියට දායිද දන්නේ නැහැ..අපි දන්නවානේ ලංකාවෙ නීතිය.. (නු)

:       0       0

මාලිනී Tuesday, 16 October 2012 01:33 PM

ඔය මොනවා කිවුවත් ඒවා වෙන්නේ නැති එකයි දුක. ඇත්තටම ලංකාවේ නීතිය ගැන කලකිරෙනවා. ටික දවසක් හිරේ දාලා පස්සේ නිදහස් කරලා දායි. එකයි වෙන්නේ. මෙච්චර අපරාධ සිද්ද වෙන්න හේතුව නිසි දඩුවම් නොදීමයි (ස)

:       0       0

බුද්ධික Monday, 08 October 2012 02:20 PM

මෙයාලට ගල් ගහලා මරන්න ඕනි (ස)

:       0       0

පාලිත Tuesday, 09 October 2012 05:24 PM

කුමාර ඔයා හරි වෙන්නත් පුළුවං.. දැනටමත් මෙයාලා පොලිසිය නොමග යවලා ඉවරයි මගේ හිතේ..!(නු)

:       0       0

රසිකා Sunday, 07 October 2012 06:08 PM

මේ සංසාරයේදීවත් ඔය කළ පවු වල ණය ගෙවන්න බැරි වෙයි දුෂ්ටයින්ට. (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Tuesday, 09 October 2012 10:35 AM

අනේ ඇත්තට මේ අයට මොනා කලාටද අර අහින්සකයෝ මරා දැම්මේ....? තවත් මොකටද මේ දුෂ්ටයින්ව තියාගන්නේ..? ඒ අහින්සකයින්ට කරපූ දේම මේ නරුමයින්ටත් කළ යූතූමයි... (ස)

:       0       0

පෙරේරා Monday, 08 October 2012 02:51 PM

මිනිස්සු ජිවිත වල වටිනා කම දන්නේ නැහැ (දී)

:       0       0

අංජන Wednesday, 10 October 2012 04:21 PM

අයියෝ සල්ලි

:       0       0

මුතුකුඩ Monday, 08 October 2012 08:04 PM

අරාබියේ නම් මෙලහටත් මේ උන්දැලට දඩුවම් දීලා ඉවරයි. (නි)

:       0       0

ධනුෂි සමීරා Wednesday, 10 October 2012 11:10 AM

පෝරකයට යවමු .(ස)

:       0       0

මල්ලිකා මහානාම Sunday, 07 October 2012 08:23 PM

මොවුන්ට දැඩි දඩුවම් ලබා දිය යුතුයි...!(නු)

:       0       0

රන්ජන Tuesday, 09 October 2012 12:08 PM

අඩු කඩන්න ඕන.(නු)

:       0       0

සිරි සුසා Sunday, 07 October 2012 09:51 PM

මෙයාලව හිරෙ ගෙදරට දාලා කන්න දෙන්නේ අහිංසක මිනිසුන්ලෙග් සල්ලි වලින්මයි.. (නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

නීතියේ සදාචාරයේ විකෘතිය
2024 මැයි මස 18 139 0

ලබන සැප්තැම්බර් 17 වැනිදාත් ඔක්තෝබර් 16 වැනිදාත් අතර දිනෙක ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පසුගිය 9 වැනිදා නිවේදනයක් මගින් ප්‍ර


පාසල් දරුවන්ගේ උදේ ආහාරය සුළුවට නොතකමු
2024 මැයි මස 18 70 0

සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. පාඨලී චම්පික රණවක ම


දුයිෂෙන් අල්තීනායි අපේ කරළියට ඇවිත්
2024 මැයි මස 17 258 0

‘‘ගුරුවරයා අල්තීනායි නගරයට යන දවසේ සමුගන්නා සැටි චිත්‍ර ගත කරපන්. මතකද ඔහු අන්තිම වරට කෑගැසූ හැටි. අල්තීනායි අද වනතුරුත් අමතක නොකර, සෑම මිනිසකුගේම හදව


සරසවියට සංගීත තාක්ෂණය හඳුන්වා දුන්නේ මමයි
2024 මැයි මස 17 531 0

‘‘ශ්‍රී ලාංකේය රවි ශංකර්’’ ලෙස විරුදාවලිය ලත්, එතෙර මෙන්ම මෙතෙරදීත් ඇගැයුමට හා ප්‍රශංසාවට ලක්වූ, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට මුලින්ම සංගීත තාක්‍ෂ


රුසියා යුදබිමෙන් පැනගත් සෙබළා හෙළි කරන කතාව
2024 මැයි මස 17 2005 5

රුසියාවේ යුක්රේන යුද බිමේ ඉදිරි ආරක්ෂක වළල්ලේ මාස එකහමාරකට ආසන්න කාලයක් දිවා රෑ ජීවිතයත් මරණයත් අතර දෝලනය වෙමින් එම්.එච්. නිශ්ශංක පින්තු මහතා සටන් වැද


විශ්‍රාමික සෙබළුන් බිලිදුන් මිනිස් ජාවාරම
2024 මැයි මස 17 357 2

කලින් කලට විවිධාකාරයේ ජාවරම් රට තුළ නිර්මාණය වේ. වැලි ජාවාරම්, මත්ද්රදව්යැ ජාවරම්, ඖෂධ ජාවාරම් ආදිය ශ්රී ලංකාවට අලු‍ත් අත්දැකීම් නොවන්නේය. මේ දිනවල උණ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 786 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2334 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2001 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site