IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


කාගෙද මේ කරුංකා?

SLMA-18 new.qxd

SLMA-18 new.qxd

SLMA-18 new.qxd

    

අද ශ්‍රී ලංකාවේ අපනයන භෝග වර්ග රාශියකි. ඒවා කෘෂිකාර්මික, කාර්මික, ඛනිජ හා වර්ග නොකළ අපනයන වශයෙන් වර්ග කර ඇත. එහෙත් මීට වසර 200 කට පමණ පෙර සිට කරුංකා පිටරට යවා ශ්‍රී ලංකාව ඉහළ ආදායමක් ලබා තිබිණි. අද කරුංකා පිටරට යැවීමත් තහනම්ය. ඇතැම් පාසල් යන කුඩා දරුවන් කරුංකා යනු කුමක්ද කියාවත් නොදන්නා තරම්ය.එහෙත් පසුගිය සතියේ සිට කරුංකා පිළිබඳ ප‍්‍රවෘත්ති මාධ්‍යයෙන් අනාවරණය විය. එතෙරින් ආ කරුංකා රැුගත් කන්ටේනර් 370 ක් වරායේ හිරවී තිබීම පිළිබඳව මෙම ප‍්‍රවෘත්ති පළවිය. නීතිමය ප‍්‍රශ්න ගණනාවක් නිසා ඉන්දුනීසියාවෙන් ආනයනය කරනලද කන්ටේනර් 370ක් රේගුව රඳවා තබා ගෙන සිටින බව එම වාර්තාවයි.

 


රේගු ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම කරුංගා තොගය ඉන්දුනීසියාවේ සිට ඉන්දියාවට ගෙන යන කරුංකා තොගයකි. ශ්‍රී ලංකාව එහි හුවමාරු මධ්‍යස්ථානයක් වශයෙන් යොදා ගැනෙනවා මිස මෙරටට ගෙන ආ තොගයක් නොවේ.

SLMA-18 new.qxd


රටේ පවත්නා නීතියට අනුව කරුංකා තොග හුවමාරුවේදී ඒවා වරායෙන් එළියට නොඑන බව සඳහන් වේ. එහෙත් හුවමාරු මධ්‍යස්ථානයක් වශයෙන් ඉන්දුනීසියාවෙන් ඉන්දියාවට ගෙන යන කරුංකා කන්ටේනර් සඳහා විදේශ විනිමය උපයා ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට අවස්ථාව සැලසී ඇත. ඒ අනුව වරාය ගාස්තුව, ගුදම් ගාස්තුව සැපයීම් ගාස්තු හා ඒජන්සි ගාස්තු වශයෙන් මුදල් අයකර ගැනීම සිදු වේ. එය ලංකාවට ආදායම් මාර්ගයකි.


කරුංකා අපනයන දැන් සිදු නොවුණත් ව්‍යාපාරිකයන් ඉතා සුළු පිරිසක් ඉන්දුනීසියාවෙන් වියළි පුවක් ගෙඩි ගෙන්වා මෙරටදී ඒවා පිරිසිදු කර ඉන්දියාවට යවා ඇත. කරුංකා ආනයනය තහනම් කර ඇතත් ඉන්දුනීසියාවෙන් ආනයනය කරනු ලබන කරුංකා ශ්‍රී ලංකාවේ නිෂ්පාදිතයක් ලෙසින් ඉන්දියාවට යැවීමේ ජාවාරමක් කර ඇති බව දැන ගන්නට තිබේ.

SLMA-18 new.qxd


දේශපාලනඥයකුගේ සම්බන්ධතාවක් මත පවත්වා ගෙන ගිය මෙම ජාවාරම ඉතාම ජයට කෙරී ඇති බව වාර්තාවේ.


කරුංකා ආනයනය හා අපනයනය යන අවස්ථා දෙකේදීම නිරෝධයන සහතිකය වැදගත්වේ. සත්ව හා ශාක සඳහා හානිදායක නොවන බවට මෙම නිරෝධාන සහතිකය මගින් සනාථ කරනු ලබයි.


ඉන්දුනීසියාවෙන් වැඩි වශයෙන් ඉන්දියාවට යවන කරුංකා කන්ටේනර් සඳහා නිරෝධයන සහතික එම රටින්ම ගෙන එනු ලැබුවත් දැන් මෙරටට ගොඩබා ඇති කරුංකා කන්ටේනර් 370 සඳහා නිරෝධයන සහතික ඉදිරිපත් වී නොමැති බව රේගු ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය මාස 3 ක පමණ කාලය තුළ ඉන්දුනීසියාවේ සිට ඉන්දියාවට යැවීම සඳහා ගෙන්වන ලද කන්ටේනර් 370 ක් මෙසේ රඳවා ගෙන සිටිති. වසරකට කරුංකා රැුගත් කන්ටේනර් 1000 කට වැඩි ප‍්‍රමාණයක් ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවට යැවෙයි.


මෙවර මේ වසරේ මුල් මාස තුන ඇතුළත එවන ලද කරුංකා කන්ටේනර් සඳහා නිරෝධයන ආනයනික බලපත‍්‍ර නොමැතිවීම බලවත් ප‍්‍රශ්නයක් වී ඇත. මෙම කන්ටේනර් තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි විසිනව ලක්‍ෂ පනස් දහසක් පමණ වන බව රේගුවේ ප‍්‍රකාශකයෙක් කීය.


නිරෝධයන බලපත‍්‍ර පරීක්‍ෂා කිරීමකින් තොරව මෙම කරුංකා තොගය නිදහස් කරන ලෙසට දේශපාලන බලධාරියකු රේගු නිලධාරින්ට බලපෑම් කර තිබෙන බවද වාර්තාවේ.


මෙතෙක් මෙම කරුංකා කන්ටේනර් සඳහා නිරෝධයන බලපත‍්‍ර මෙරටින් නිකුත් කර නොමැති බව සඳහන් වේ.


නිරෝධයන සහතික ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා රේගුව මගින් අදාළ බලධාරින්ට නියම කර ඇතත්, මෙතෙක් ඒ සඳහා ප‍්‍රතිචාරයක් ලැබී නොමැති බවද වාර්තා වේ.


රේගුව මගින් නියම කරනු ලබන නිශ්චිත කාලයක් ඇතුළත දී නිරෝධයන සහතික ඉදිරිපත් කිරීමට නොහැකි වුව හොත් කරුංකා පිළිබඳව තීන්දුවක් ගැනීමට රේගුව තීරණය කරනු ඇතැයි වාර්තාවේ.

 

m



අදහස් (0)

කාගෙද මේ කරුංකා?

රන්ජිත් Monday, 01 June 2015 06:45 PM

අපිත් දැනගන්න කැමතියි ඔය කියන දේශපාලන බලධාරියා නොහොත් හොර දේශපාලුවා කවුද කියලා.මිනිහාට මේ පාර ගමට එන්න දෙන්නේ නැහැ.... (නි)

:       0       0

හංසි Thursday, 21 May 2015 10:21 AM

දැන් දැන් හොර ජාවාරම් සියල්ල එලි වෙනවා ඒ නිසා බලා ගෙන (ම)

:       0       0

කිරි ගමරාල Friday, 22 May 2015 08:55 AM

ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ වැඩිම අපනයන ආදායම ලැබෙන්නේ කරුන්කා අපනයනයෙන්.(හේ)

:       0       0

චතු Thursday, 21 May 2015 05:26 PM

ඇයි අපේ තියන පුවක් රට අරින්න බැරි ? ගම්වල මිනිස්සුන්ට හොද අාදායමක් හොයා ගන්න තිබුනනේ .(ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
2025 මැයි මස 13 113 0

හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමි‍යෝ වචනයේ පරිසමාප


​අසාද් මවුලානා ඉන්දියාව හරහා පලාගියේ ඇයි?
2025 මැයි මස 13 140 0

මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ


ඡන්ද ක්‍රමයේ වෙනසක අවශ්‍යතාව
2025 මැයි මස 13 63 0

වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි


ජීවිතය බබළවන බුදු සිරිතේ ආදර්ශ
2025 මැයි මස 13 26 0

සිද්ධාර්ථ ගෞතම චරිතය ලොවට දායාද වන්නේ ක්‍රිස්තු පූර්ව හය වැනි සියවසේදීය. එම අසිරිමත් උපත තත්කාලීන විවිධ ආගමික මතවාද ප්‍රකාශ කළ ෂඩ් ශාස්තෘවරුන්ට කිසි


බුදු දහමේ නියම රසය සොයා යමු
2025 මැයි මස 13 41 0

අප ජීවත් වන්නේ නව තාක්ෂණික ලෝකයකය. ඒහි පස්සිකෝ සන්දිට්ඨිකෝ හෙවත් එන්න බලන්න ගුණය අත්විඳින්න යන ගුණාංග ඇති ආගමකට පැවැත්මක් තිබේ. කෙසේ වුවත් ලෝකය කෙතරම්


ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 478 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1296 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1542 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site