IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


උතුරු මැද ඡන්ද සටනේ මිනිස් දඩයම්

උතුරු මැද පළාත් සභා මැතිවරණය අවසන් විය. ජය හිමි වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයටය. සාමකාමීව මැතිවරණය පැවැත්වීමට හැකිවූ බව මැතිවරණ කොමසාරිස්වරයා ප‍්‍රකාශ කළේය. මැතිවරණ නිරීක්‍ෂණයේ නිරත වූවෝද යම් යම් සිද්ධීන් වාර්තා වුවත් සමස්තයක් වශයෙන් උතුරු මැද පළාත් සභා මැතිවරණය සාධාරණව පැවැත්වීමට හැකිවූ බව කියා සිටියහ. කොහොම නමුත් උතුරු මැද පළාත් සභා මැතිවරණය අවසන් වී දින හතරක් ගතවෙද්දී මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවක පළමු බිල්ල ගැන අනුරාධපුර ශික්‍ෂණ රෝහලෙන් අසන්නට ලැබිණි. ඊට පසුදා එනම් මැතිවරණය අවසන්වී පස්වැනි දිනයේදී මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවක දෙවැනි බිල්ල ගැනත් අනුරාධපුර ශික්‍ෂණ රෝහලෙන්ම අසන්නට ලැබුණි. පළමු බිල්ල රාජාංගණය යාය - 2 ප‍්‍රදේශයේ පදිංචි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවෙකි. දෙවැනි බිල්ල එප්පාවල කිරිඅමුණුකොළ ප‍්‍රදේශයේ පදිංචි එක්සත් ජාතික පක්‍ෂයේ ආධාරකරුවෙකි. කලින් වතාවල පැවැති එක එක මැතිවරණවලදීද මෙවැනි දේශපාලන බිලිගැනීම් ගැන අසන්නට ලැබුණත් මෙවර සිදුවූ මේ සිද්ධීන් දෙකෙහි ඊට වඩා වෙනසක් තිබේ. සාමාන්‍යයෙන් වෙනදා සිදු වන්නේ එක් පක්‍ෂයක ආධාරකරුවන් විසින් අනෙක් පක්‍ෂයේ ආධාරකරුවන් බිල්ලට ගැනීමකි. නමුත් මේ දේශපාලන බිලි ගැනීම් දෙකම එකම පක්‍ෂවල අය අතර සිදුවීම මෙහි දක්නට ලැබෙන විශේෂත්වයකි. සන්ධානයේ ප‍්‍රබල අපේක්‍ෂකයෙකුගේ ආධාරකරුවන් කණ්ඩායමක් විසින් උතුරු මැද පළාත් සභා මැතිවරණය පැවැති දිනට දෙදිනකට පෙර සිදුකළ අමානුෂික පහරදීමකින් සන්ධානයේම තවත් ප‍්‍රබල අපේක්‍ෂකයෙකුගේ ආධාරකරුවෙකු වූ රාජාංගණය යාය - 2 ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ 42 හැවිරිදි එස්. අනුර කුමාර නමැත්තා බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඉකුත් බදාදා (12) පෙරවරුවේ මිය ගියේය. එ.ජා.ප.යේම අපේක්‍ෂකයින් දෙදෙනෙකු අතර, මැතිවරණය අවසන්වී දෙදිනකට පසු ඇතිවූ ගැටුමකින් බරපතල ලෙස තුවාල ලැබූ එක් අපේක්‍ෂකයෙකුගේ රියදුරා ලෙස කටයුතු කළ එප්පාවල කිරිඅමුණුකොළේ ප‍්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි ඞී.එම්. පි‍්‍රයන්ත දිසානායක නමැති එ.ජා.ප. ආධාරකරු අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඉකුත් බ‍්‍රහස්පතින්දා (13) අළුයම මරණයට පත් විය. ඉවසීමකින් තොරව අවේගශීලීව කටයුතු කළ පුද්ගලයින්ගේ අත්තනෝමතික කි‍්‍රයාවන්ගේ ප‍්‍රතිඵල ලෙස මේ ඝාතන දෙකම සිදුවී ඇත. ඉන් අද අසරණව සිටින්නේ ඝාතනයට ලක්වූ දෙදෙනාගෙන් යැපුනු දරු පවුල්ය. සන්ධානයේ ආධාරකරුවන් විසින් සිදුකළ අමානුෂික පහරදීමෙන් මියගිය එස්. අනුර කුමාර නමැත්තා දරු තිදෙනෙකුගේ පියෙකි. මීට සිව් වසරකට පෙර ඔහුගේ බිරිඳද මිය ගොස් ඇත. බිරිඳගේ හදිසි වියෝවෙන් පසු සිය දරු තිදෙනා රැක බලාගෙන ජීවත් කරවීමේ වගකීම ඉටුකර ඇත්තේ මියගිය අනුර කුමාර විසිනි. අනුරගේ දරු තිදෙනාගෙන් දෙදෙනෙක් පිරිමි දරුවන්ය. බාලයා දියණියකි. ඇගේ වයස අවුරුදු හයකි. අනුර මෙවර පළාත් සභා මැතිවරණයේදී අනුරාධපුර දිස්ති‍්‍රක්කය සඳහා තරග කළ සන්ධානයේ අපේක්‍ෂක එස්.එම්. රංජිත් මහතාගේ ජයග‍්‍රහණය සඳහා කැපවී කි‍්‍රයා කළේය. රංජිත් මහතා, ගොවිජන සේවා හා වනජීවී අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ බාල සොහොයුරාය. මෙවර මැතිවරණයේදී උතුරු මැද හිටපු මහ ඇමති බර්ටි දිසානායක මහතාට ප‍්‍රබල අභියෝගයක් එල්ල වූයේ එස්.එම්. රංජිත් මහතාගෙනි. නාමයෝජනා භාරදී මැතිවරණ ව්‍යාපාරය ආරම්භවීමෙන් පසු මේ දෙදෙනා අතර වැඩිම මනාප ඡන්ද ලබාගෙන දිස්ති‍්‍රක්කයේ පළමුවැනියා වීමට තියුණු තරගයක් පැවැතිණි. මේ නිසා මේ දෙදෙනාගේ ආධාරකරුවෝද නයි-මුගටින්ගේ තත්ත්වයට පත්වූහ. දෙපාර්ශ්වයේ ආධාරකරුවන් අතර නිතර නිතර ගැටුම් ඇති විය. මේ තත්ත්වය පොලිසිවලටද ප‍්‍රශ්නයක් වී තිබිණ. පසුගිය 06 වැනිදා සවස අනුර ඔහුගේ නිවසේදීම අමානුෂික මැර ප‍්‍රහාරයකට ලක්වන්නේ දෙපාර්ශ්වය අතර පැවැති මෙම ගැටුම නිසාය. එදා සිදුවූ ඒ ඛේදජනක සිද්ධිය මියගිය අනුරගේ ඥාති පුත‍්‍රයෙකු වන 28 හැවිරිදි චමින්ද උදය කුමාර විස්තර කළේ මෙසේය. ”මියගිය අනුර කුමාර මගෙ මාමා. අපි එක ගෙදර පදිංචිවෙලා හිටියේ. මාමා මේ වතාවේ ඡුන්දෙට වැඩ කළේ එස්.එම්. රංජිත් මහතාටයි. එයා රංජිත් මහත්තයාට වැඩ කරනවාට, හිටපු මහ ඇමති බර්ටි දිසානායක මහත්තයාට වැඩ කරන රාජාංගනේ සමහර උදවිය කැමැති වුනේ නැහැ.” ”එදා 06 වැනිදා සවස මමයි, මගේ බිරිඳයි ගෙදර ඉද්දි මාමගෙ පස්සෙන් පන්නගෙන දහ දෙනෙක් විතර ගේ ඉස්සරහට ආවා. ඒ අය බර්ටි දිසානායක මහත්තයාට වැඩ කරන මැර කණ්ඩායමක්. ඔවුන් ගේ ඉස්සරහපිටදී මාමාට පොලූවලින් ගැහැව්වා. කඩුවකින් කෙටුවා. මමත් ලොකු අම්මාත් මාමව බේරගන්න ඉස්සරහට පැන්නහාම ඔවුන් ලොකු අම්මටයි මටයි පොලූවලින් ගැහැව්වා. කඩුවකින් මටත් කෙටුවා. බේරෙන්න මම ගේ ඇතුළට දිව්වා. මගේ පස්සෙන් පන්නගෙන ගේ ඇතුළට ආපු ඔවුන් මටත් මගේ බිරිඳටත් පහර දුන්නා. ලොකු අම්මා එපා කියලා කෑ ගසද්දී බිම වැටිලා හිටපු මාමගෙ ඇඟ උඩට ඔවුන් විශාල කළු ගලක් අතහැරලා යන්න ගිහින් තිබුණා.” ”මාමව ඉස්පිරිතාලෙට අරන් යාවි කියලා ගේ ඉස්සරහා නවත්තලා තිබුණු මාමගෙ ත‍්‍රීවීලර් එකේ යතුරත් අරගෙනයි උන් යන්න ගිහිල්ල තිබුණෙ. පස්සෙ සිහි නැතිව හිටපු මාමයි, ලොකු අම්මයි, මාවයි අහල පහළ අය එකතුවෙලා රාජාංගනය රෝහලට ඇතුළත් කළා. ඒ වෙලාවෙම ගිලන් රථයකින් මාමව අනුරාධපුරේ මහ රෝහලට අරන් ගියා. පැය හතක් දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබපු මාමා 12 වැනිදා මිය ගියා.” ”මාමට අමානුෂික ලෙස පහර ගහපු උන් මම හඳුනනවා. ඔවුන් ගැන තඹුත්තේගම පොලීසියට මම කීවා. ඉන් එකෙක් දැනටමත් අත්අඩංගුවට අරගෙන. තමන් කැමැති පක්‍ෂයක, අපේක්‍ෂකයෙකු දිනවන්න නිදහසක් නැත්නම් මොකටද ජනාධිපතිතුමා මේ ඡන්දෙ තියන්නෙ? ඡුන්දයක් නිසා අපිට අපේ මාමා නැති වුණා. අම්මා නැතිව අසරණ වෙලා හිටපු අහිංසක දරුවෝ තුන් දෙනෙකුට දැන් තාත්තත් නැති වුණා.” චමින්ද උදයකුමාරගේ ඒ කථාව අහගෙන හිටපු මියගිය අනුරගෙ දෙවැනි පුතා වූ 13 හැවිරිදි චානුක සංකල්ප දෑසින් කඩා හැළෙන කඳුළු පිස දමමින් කියා සිටියේ දැන් අපිට පිහිට වෙන්නෙ කවුදැයි කියාය. සන්ධානය වෙනුවෙන් වැඩ කළ අනුරගේ ජීවිතය සන්ධානයේම මැරයින් විසින් උදුරා ගනිද්දී එ.ජා.ප.යේ මැරයින් විසින් ජීවිතය උදුරාගත් පි‍්‍රයන්ත දිසානායකගේ දරුවන් සිව්දෙනා හා බිරිඳත්, ඔහුගේ මවත් පවුලේ ඥාතීනුත් අසරණව හඬා වැළපෙන්නේ ඔවුන්ගේ හිස මතට හෙණ ගෙඩියක් පහත් වූවා සේ අනපේක්‍ෂිත මොහොතක සිදුවූ මේ විපත දරාගත නොහැකිව ශෝකයෙනි. පි‍්‍රයන්ත දිසානායක වැඩ කළේ උතුරු මැද පළාත් සභාවේ හිටපු එ.ජා.ප. මන්ත‍්‍රීවරයෙකු වූ අරුණ බුද්ධික ගුණසේකර මහතාගේ රියදුරා ලෙසිනි. අරුණ බුද්ධික මහතා මේ වතාවෙත් මැතිවරණයට තරග කළ නිසා දිවා රෑ නොතකා පි‍්‍රයන්ත ඔහු සමග මැතිවරණ ව්‍යාපාරයේ නිරත විය. මැතිවරණයෙන් අරුණ බුද්ධික මහතා ජයග‍්‍රහණය කිරීම පි‍්‍රයන්තටද සතුටට හේතුවිය. මැතිවරණය අවසන් වී දෙදිනක් ගත වූ දිනයේ එනම් 10 වැනිදා රාති‍්‍ර මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ අරුණ බුද්ධික මහතා සහ පරාජයට පත්වූ එ.ජා.ප.යේම අපේක්‍ෂකයෙකු වූ මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ විපක්‍ෂනායක ලලිත් එදිරිසිංහ මහතා අතර එදිරිසිංහ මහතාගේ නිවසේදී ඇතිවූ ගැටුමකි. පි‍්‍රයන්ත බරපතල ලෙස තුවාල ලැබුවේය. ඔහු ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබුනේද පොලිසිය විසිනි. මේ ගැන පරාජයට පත්වූ එ.ජා.ප. අපේක්‍ෂක ලලිත් එදිරිසිංහ මහතා පවසන්නේ, තමන් සමග ආරවුලක් ඇතිකරගෙන සිටි අරුණ බුද්ධික 10 වැනිදා රාති‍්‍රයේ මැර කණ්ඩායමක් සමග තම නිවසට කඩා වැදී තමන්ට පහරදීමට උත්සාහ කළ අවස්ථාවේ තම බිරිඳ තමන්ව නිවස තුළට යවා ඔවුන්ට නිවස තුළට ඇතුල්වන්නට ඉඩ නොදුන් බවයි. ඒ අවස්ථාවේ ඔවුන් තම බිරිඳටත්, ඇගේ මවටත්, ඇගේ සහෝදරයාටත්, තම ආධාරකරුවෙකුටත් අමානුෂික ලෙස පහරදී තමන්ගේ වාහන තුනකට හා නිවසටද අලාභහානි සිදු කළ බවත් පැවසූ ඔහු ඒ අවස්ථාවේ අරුණ බුද්ධික සමග පැමිණි මැරයින් විසින්ම පහරදුන් ඔවුන් සමග පැමිණි පුද්ගලයෙකු තම නිවස අසල වැටී සිටි බවත් පැවසීය. අරුණ බුද්ධික මහතා මේ ගැන පවසන්නේ වෙන කථාවකි. තම රියදුරා වූ මියගිය පි‍්‍රයන්ත තම සහෝදරයෙකු සමග තම අවශ්‍යතාවයකට 10 වැනිදා රාති‍්‍රයේ සාලියපුරට යන අතරතුරදී පුලියන්කුලමේ පිහිටි ලලිත් එදිරිසිංහගේ නිවස ඉදිරිපිටදී ඔහුගේ මැර කණ්ඩායමක් මග හරස් කර කැබ් රථය නවත්වා, පි‍්‍රයන්තට සහ සහෝදරයාට අමානුෂික ලෙස පහරදී කැබ් රථයටද අලාභහානි සිදුකර තිබෙන බවයි. මේ දෙදෙනාගෙන් කවුරු ඇත්ත කියන්නේදැයි අප නොදනිතත් මන්ද බුද්ධිකයින් ලෙස කි‍්‍රයාකරන උන් නිසා පි‍්‍රයන්ත වැනි අහිංසකයෙකුගේ ජීවිතය අහිමිවූ බවත්, ඔහුගේ දරු පවුල ඉන් අසරණ වූ බවත් පමණක් කිව හැක.

සටහන හා සේයාරූ - අතුල බණ්ඩාර
එස්. අනුර කුමාර ප‍්‍රියන්ත දිසානායක අනුරගේ පවුලේ අයගෙන් විස්තර විමසමින්... ප‍්‍රියන්තගේ පවුලේ අය



අදහස් (0)

උතුරු මැද ඡන්ද සටනේ මිනිස් දඩයම්

හර්ෂන Wednesday, 19 September 2012 01:10 PM

දේශපාලනය නිසා මිනිස්සු මැරෙනවා.(නදී)

:       0       0

පාලිත Tuesday, 18 September 2012 02:08 PM

ලංකාවට ගිය කල

:       0       0

ගාමිණි Tuesday, 18 September 2012 06:08 PM

ඔන්න ඕව තමයි නවත්තන්න ඕනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 654 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 449 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 347 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1565 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 95 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 710 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 653 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 169 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1197 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site