ඉතා දීප්තිමත් නිල් පැහැති මල් හටගන්නා විෂ්ණු ක‍්‍රාන්ති උතුරු පළාත සඳහා යෝජිත පුෂ්පයයි. වසර පුරාම මල් හටගනී. එකිනෙක යාව පිහිටි පෙති පහකි. නිල් පෙති මැද සුදු පැහය සහ සුදු පරාග මලට අලංකාරයක් ගෙන එයි. පත‍්‍රයේ උඩු හා යටි පැත්තේ සිහින් බූව ඇත.
වරකට මල් පහක් දක්වා දැකිය හැකියි.. පත‍්‍ර ඉලිප්සාකාරය. මිලි මීටර අටේ සිට විසි හය දක්වා දිගකින් යුතුය.
දෙමළ බසින් විෂ්ණු කිරින්දි යනුවෙන් හැඳින්වේ. සංස්කෘතයේ විෂ්ණු කරන්ටා ලෙස සඳහන්වේ. උද්භිද විද්‍යාත්මකව එවොල්වුලූස් ඇල්සිනොයිඩස් ලෙස නම් කර ඇත. ඉන්දියාව, පිලිපීනය හා ශී‍්‍ර ලංකාව වැනි රටවල බහුලව දැකිය හැකියි.
ශ‍්‍රී ලංකාවේ වියළි දේශගුණය සහිත ප‍්‍රදේශවල බහුලව හමුවන විෂ්ණු ක‍්‍රාන්ති අතරමැදි හා පහත් තෙත් බිම් වල ද සරුවට වැවේ.
විෂ්ණු ක‍්‍රාන්ති මුල් වල සාරය පාචනය හා මානසික රෝග සුව කිරීම සහා යොදා ගනී. ශාකයෙන් සිඳ ගන්නා තෙල් හිස කෙස් වර්ධනය කරන ඖෂධයක් ලෙස ප‍්‍රකටය.ඇඩචාලම් කට්ටුමල්ලිගයි හා සිරුමල්ලිගයි යනුවෙන් දෙමළ භාෂාවෙන් හඳුන්වන වල් පිච්ච මල ද උතුරු පළාත සඳහා යෝජිත පුෂ්පයකි.
2025 ඔක්තෝබර් මස 08
1328
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1246
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
457
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
උතුරු පළාත් යෝජිත පුෂ්පය - විෂ්ණු ක‍්‍රාන්ති
ලකීත Thursday, 19 November 2015 05:23 AM
මිට කලින් දැකලම නැ. හරි ලස්සනයි. ඒ වගේම ඖෂදයක්.(ම)