IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


උණුසුම් සතියක් ගෙවුණ හැටි

2 3 

කාලයේ වේගයටත් වඩා වැඩි වේගයකින් සිදුවීම් වාර්තා වෙමින් තිබේ. ඇතැම් ඒවා අපේක්ෂිත සිදුවීම්ය.

"රටේ අභියෝග ජය ගත හැකි පොදු වැඩපිළිවෙළක් සමඟ ඉදිරියටත් කටයුතු කරනවා. අද රට පාලනය කරන්නේ එක්තරා කල්ලියක්. ඒ කල්ලියෙන් රට මුදා ගැනීමේ මානුෂික මෙහෙයුම අපි දැන් ආරම්භ කර තිබෙනවා. ඉදිරියේදී අපට චෝදනා ගර්ජන ප‍්‍රහාර එල්ල වේවි. ඒත් අපි අරමුණු අත්හරින්නේ නැහැ. අපි අද ගල්ලෙන බින්ඳා. දැන් සිංහබාහු පරපුරේ සිංහයන්ට අප සමඟ එළියට පැමිණ රට වෙනුවෙන් පෙරට ආ හැකියි. චම්පික කීවේය.''

ඇතැම් ඒවා අනපේක්ෂිත සිදුවීම්ය. සිදුවීම කුමක් වුවද එයින් අවසානයේ ඉතිරි වන්නේ තැති ගැන්මය. දේශපාලන ලෝකය රත් වූ යකඩයක් මෙන් ගිනියම් වෙමින් තිබෙන්නේ එහෙයිනි.


”චම්පිකලා ආණ්ඩුවෙන් යයිද?  සතියආරම්භ වූයේ ඒ ප‍්‍රශ්නයෙනි.
”නොයා කොහොමද කියපු ඒවායේ හැටියට. සමහරු එසේ කීහ.


”රතන හාමුදුරුවෝ නම් යයි. චම්පිකයි, ගම්මන්පිලයි නතර වෙයි. ඒ තවත් කතාවකි.
”ගම්මන්පිල රෝහලේ. ඒ ආරංචියටත් පියාපත් ලැබුණේය. ඒ සඳුදා උදයේ වරුවේය. එදින හවස ජාතික හෙළ උරුමය මධ්‍යම කාරක සභාව රැුසවීමට තීරණය වී තිබිණි.


”අන්න ගම්මන්පිල මග ඇරියා. දැන් රතන හාමුදුරුවන්ට තනියෙන් තමයි යන්න වෙන්නේ. ගම්මන්පිල රෝහල්ගත වී සිටින බවට ලැබුණු ප‍්‍රවෘත්තියේ සනාථ වීමත් සමග සමහරු එසේ කීහ.


චම්පිකලා ගන්නා තීරණය දෙස රටම බලා සිටියේය. ශිෂ්‍ය ව්‍යාපාරය හරහා දේශපාලනයට පිවිසි චම්පික රණවකට ජාතිකවාදී දේශපාලන ප‍්‍රතිරූපයක් තිබේ. දේශපේ‍්‍රමී ධජය ඔහුගේ අතේ නිරතුරුවම ළෙල දුන්නේය. ඒ චම්පික සන්ධාන ආණ්ඩුවෙන් ඉවත්වීම ආණ්ඩුවට දැනෙන අභියෝගයක් බව ඉතා පැහැදිලිය. එහෙත් චම්පිකලාව නතර කර ගැනීමේ විශේෂ මෙහෙයුමක් ආණ්ඩුව පැත්තෙන් ක‍්‍රියාත්මක නොවීමද විමතියට කරුණක් විය.

4
”කතා කරලා වැඩක් නෑ. රතන හාමුදුරුවන් කරන ප‍්‍රකාශවලින් පේනවා ඒ අය තීන්දුවක් අරගෙන තියෙන්නේ කියලා. ඒ ආණ්ඩුවේ ප‍්‍රධානීන් බැස තිබූ නිගමනය විය.


සඳුදා රාත‍්‍රියේ ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව රැුස්විය. චම්පික එහිදී දීර්ඝ විවරණයක් කළේය. ජාතික බලවේගවලට ආණ්ඩුව අවනත නොවීමේ අවස්ථා උදාහරණ සහිතව පෙන්වා දුන්නේය. දේශපේ‍්‍රමී සළුපිළි පැළඳ තවදුරටත් මේ සටන යා නොහැකි බව පෙන්වා දුන්නේය.


මධ්‍යම කාරක සභාවේ තීරණය ඒකමතිකව ප‍්‍රකාශයට පත් විය. එම තීරණයෙන් කියැවුණේ ඇමැති ධුරවලින් ඉවත්වන බවය. එමෙන්ම තමන් රජයට ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති පිළිගන්නේ නම් එක්ව වැඩ කිරීමට ඇති අවකාශයක්ද තබා ගත්තේය. මේ තීරණය රටට කීමේ ප‍්‍රවෘත්ති සාකච්ඡුාව ඊට පසුදා පැවැත්විණි.


රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ගනිමින් සිටි උදය ගම්මන්පිල ද මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡුාවට පැමිණියේ වෛද්‍යවරුන්ගෙන් ලබාගත් විශේෂ අවසරයක් මතය.
”අමාත්‍ය ධූර අත්හැරීමට ජාතික හෙළ උරුමය ගත් තීරණය ජනාධිපතිතුමාට හරිමග පෙන්වමින් දුන් උපන් දින තෑග්ගක්. යැයි ජාතික හෙළ උරුමයේ නායක  ඕමල්පේ සෝභිත හිමියෝ එම ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී ප‍්‍රකාශ කළහ.


”රටේ අභියෝග ජය ගත හැකි පොදු වැඩපිළිවෙළක් සමග ඉදිරියටත් කටයුතු කරනවා. අද රට පාලනය කරන්නේ එක්තරා කල්ලියක්. ඒ කල්ලියෙන් රට මුදා ගැනීමේ මානුෂික මෙහෙයුම අපි දැන් ආරම්භ කර තිබෙනවා. ඉදිරියේදී අපට චෝදනා ගර්ජන ප‍්‍රහාර එල්ල වේවි. ඒත් අපි අරමුණු අත්හරින්නේ නැහැ. අපි අද ගල්ලෙන බින්ඳා. දැන් සිංහබාහු පරපුරේ සිංහයන්ට අප සමග එළියට පැමිණ රට වෙනුවෙන් පෙරට ආ හැකියි. චම්පික කීවේය.


චම්පිකත්, උදය ගම්මන්පිලත් ඇමැති ධුරවලින් ඉවත් වූහ. චම්පික නිල නිවෙසින්ද එළියට ආවේය. ඔහු දැන් කිරුළපන ප‍්‍රදේශයේ නිවෙසක වාසය කරයි.
චම්පිකලා ඉවත්වීම සම්බන්ධයෙන් ලොකු සසලවීමක් ආණ්ඩුව පැත්තෙන් ප‍්‍රදර්ශනය වූයේ නැත.


”හෙළ උරුමය වෙනස් වෙනඑක හොඳයි. මොකද අපටත් ඉදිරියට යන්න පොඩි පොයින්ට් එකක් තිබිය යුතුයි. විරුද්ධවාදීන් ටිකක් ප‍්‍රබලව හිටියොත් තමයි ලස්සන. අගමැති දි.මු. ජයරත්න එසේකීවේ පාර්ලිමේන්තුවේදීය.


”ජාතික හෙළ උරුමය ඉවත්වීම රජයේ ඉදිරි ගමනට බාධාවක් හෝ ජනාධිපතිවරයාගේ ශක්තිය හීනවීමට ප‍්‍රබල හේතුවක් නොවන්නේ යැයි ප‍්‍රකාශ කළේ විදේශ ඇමැති ජී.එල්. පීරිස්ය.


හෙළ උරුමය නියෝජනය කළ ප‍්‍රකට ගායක මධු මාධව අරවින්ද හෙළ උරුමයෙන් ඉවත්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වී කටයුතු කරන බව ප‍්‍රකාශ කළේය. ඔහුට රතන හිමියන් සමග ප‍්‍රශ්න තිබෙන බවද ඔහු කියා සිටියේය.


මේ අතර චම්පිකගේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය පැවැත්වෙන විට චම්පික ඇමැති ධුරයෙන් ඉවත්ව සිටියේය. ඔහුට නියෝජ්‍ය ඇමැතිවරයකුද නැත.


”මේක ඉතාම දුර්ලභ අවස්ථාවක්. එජාපයේ ජෝන් අමරතුංග මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කීවේය.
බදාදා දිනයේදී කොළඹ ගිනි ගත්තේය. ඒ පැතිර ගිය ආරංචියකි.


”ඇමති මෛත‍්‍රීපාල සිරිසේන ඇමතිකමෙන් අස්වෙලා විපක්ෂයට යනවා. ඒ ආරංචියට තටු පිට තටු ලැබුණේය. මෛත‍්‍රිපාල සිරිසේන ඇමතිවරයාගේ ජංගම දුරකතනයද ක‍්‍රියා විරහිත කර තිබිණි.


”පොදු අපේක්ෂකයා මෛත‍්‍රිපාල සිරිසේනලූ  ඒ තවත් ආරංචියකි.
”මෛත‍්‍රිපාල සිරිසේන හිටියේ කොහොමත් කලකිරීමෙන්. තතු දත් අය කීහ.


ඒ කතාවේ සත්‍යයක් තිබේ. ඇමැති මෛත‍්‍රිපාල සිටියේ කලකිරීමෙන්ය. ජනාධිපතිවරණය ඉක්මනින් කැඳවීම සම්බන්ධයෙන්ද ඔහුගේ මනාපයක් නොවීය. අගමැති ධුරය සම්බන්ධයෙන්ද ඔහුට ප‍්‍රශ්න තිබිණි. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් ඊට කලින්දා එනම් අඟහරුවාදා ආරක්ෂක ලේකම් ගෝඨාභය සමග ඇමැති මෛත‍්‍රි කර තිබිණි. එහිදී ඔහු බොහෝ කරුණු නොසඟවා කතා කළ බවද වාර්තා විය.


මේ සාකච්ඡුාවේ තොරතුරු ඉතා ඉක්මනින්ම ජනාධිපතිවරයාට දැන ගැනීමට ලැබිණි. ජනාධිපතිවරයා ඊට පසු දිනම තමන් හමුවන ලෙස ඇමැති මෛත‍්‍රිපාලට උපදෙස් දුන්නේය. ඇමැති මෛත‍්‍රිපාල ද ජනාධිපති මන්දිරයට ගියේය. එදින ජනාධිපති මන්දිරයේ විශේෂ දානමය පිංකමක් තිබිණි. ඒ ජනාධිපතිවරයාගේ උපන් දිනය වෙනුවෙනි. ප‍්‍රශ්න කතා කිරීමට පැමිණි ඇමැති මෛත‍්‍රිපාලට සිදුවූයේ දානමය පිංකමට සහභාගිවීමටය. සධාතුක කරඬුව තැන්පත් කිරීමේ භාග්‍ය හිමිවූයේද ඇමැති මෛත‍්‍රිපාලටය.


 එදින රාත‍්‍රියේ තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවටද මෛතී‍්‍ර සහභාගි විය.


පසුවදා තත්ත්වය වෙනස් විය. ඒ වන විට සන්ධානයේ මන්ත‍්‍රී වසන්ත සේනානායක එජාපයට එක්විය. එහෙත් පොදු අපේක්‍ෂකයා කවුද යන්න පිළිබඳව නිශ්චිතව ප‍්‍රකාශයට පත් වී තිබුණේ නැත. කාගෙත් අවධානය යොමු වී තිබුණේ පොදු අපේක්‍ෂකයා කවුරුන්ද යන්න පිළිබඳවය.


එජාපයේ මැතිවරණ මෙහෙයුම් කමිටුව සිකුරාදා රැස් විය. එම කමිටුව ඒකමතිකව තීරණය කළේ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ඇමති මෛත‍්‍රීපාල සිරිසේන බවය.


එහෙත් එදින පෙරවරුවේදී ඇමති මෛත‍්‍රීපාල කලින් යොදා ගෙන තිබූ උත්සව අවස්ථාවලට එක්වනු දක්නට ලැබිණි. එම අවස්ථාවලදී ද කිසියම් දේශපාලන පෙරළියකට අදාළ ඉඟි ලබා දීමට ඇමතිවරයා කතා කළේය. සිකුරාදා පෙරවරුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැති අතර එයට ඇමති මෛත‍්‍රීපාලට සහභාගි වන ලෙස දන්වා තිබුණද ඔහු සහභාගි වූයේ නැත. සිකුරාදා සවස ඇමති මෛත‍්‍රීපාල සිරිසේන කොළඹ නව නගර ශාලාවේදී ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක් කැඳවමින් තමන්ගේ තීන්දුව රට හමුවේ තැබුවේය.


මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සහභාගි වීම විශේෂ කාරණයක් විය.
ඇමති රාජිත සේනාරත්න, ඇමති දුමින්ද දිසානායක, නියෝජ්‍ය ඇමති එම්.සී.කේ.ඞී.එස්. ගුණවර්ධන, රජීව් විජේසිංහ, අර්ජුන රණතුංග, වසන්ත සේනානායක යන මන්ත‍්‍රීවරු මෙම අවස්ථාවට එක් වූහ.
පෙරැළියක ඇරඹුම මෛත‍්‍රී පාර්ශ්වයෙන් ඇරැුඹුනේ එසේය.


m



අදහස් (0)

උණුසුම් සතියක් ගෙවුණ හැටි

කමල් Monday, 24 November 2014 10:13 AM

රතන හිමි ඇතුලු හෙල උරුමය සිරිසේන මහතා සමග එක්වන්නේ නම් මොන මල යකා පිටුපස්සේ සිටියත් අප බිය වන්නේ නැහැ (නදී)

:       0       0

නාගූ Tuesday, 25 November 2014 04:11 AM

ගේම අමාරුයි (නදී)

:       0       0

ධම්ම Tuesday, 25 November 2014 05:04 AM

මෛත්‍රී ජනාධිපති වී දින සියයකින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරයි. රනිල් අගමැතිවේ නැතහොත් එක්සත් ජාතික පක්ෂය බලයට පත්වේ. කොක්කෙන් නැත්නම් කෙක්කෙන්. කොහොමද ටිකිරි මොලේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1638 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 498 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site