IMG-LOGO

2025 අගෝස්තු මස 23 වන සෙනසුරාදා


ඉල්ලම් සෝදන ගමන් වට්ටියේ මැණිකක් ගිල දමයි

 

වටිනාකමින් අඩු කපා ඔපදැමු මැණික්

 

තම සැමියා වු සිරිදාසට පතල් පොළේ දී කරදරයක්වු බවට එහි මැනේජර් දුන් පණිවිඩයෙන් සිරිදාසගේ බිරි`ද නොසන්සුන් වුවා ය. දින දෙකක් තිස්සේ වාඩියේ මැණික් ඉල්ලම් මුර කරන්නට ගිය සැමියා ගෙදර නොපැමිණීමෙන් ඇගේ හිත සසල වූවා ය. කලබලයට පත් වු ඇය වහාම දිව ගියේ සැමියාගේ මව් පියන් වෙත ය.

සිරිදාසගේ මැණික් පතලේ මැණික් ඉල්ලම් තොගයක් හොරු ගෙනයාමේ සිද්ධියකට සිරිදාස පොලීසියට  ගෙනයාම ඔහුට වු ‘‘කරදරය’’ බව සිරිදාසගේ බිරි`දට අවබෝධ කරදීමට සිරිදාසගේ මව්පියන්ට හැකි විය.

සිරිදාස නැවත ගෙදර එනතුරු සිරිදාසගේ බිරි`දගේ සහ දරුවාගේ තනි නොතනියට සිරිදාසගේ මව සහ මල්ලී ඇය සමග පැමිණිම ඇගේ හිතට යම් ධෛර්යයක් වුවා ය.

සැමියාගේ මැණික් පතලේ මැනේජර් මහත්තයා ඔවුන් එහි යන විට නැවත වරක් පැමිණ සිටිනු දැක සිරිදාසගේ බිරි`ද තුළ සැකයක් උපන්නා ය.
‘‘සිරිදාසට පොඩි කරදරයක්. කලබල වෙන්න  ඕනෑ නෑ. අපි බලමුකෝ මොකක්ද කරන්න පුලූවන් කියලා. මොනවාහරි වුවමනාවක් වුනොත් මට කියන්න. වෙන පිට අයගෙන් උදව්පදව් ගන්න යන්න එපා.’’ යැයි පාල මැනේජර් උදේ ආ මොහොතේ කී කතාව සිරිදාසගේ මව්පියන්ට ද සිරිදාසගේ බිරි`ද දන්වා තිබුණේ පාල මැනේජර්  ඕනෑවට වඩා තමන්ගේ පවුල් ජිවිතයට ළංවෙන්නට හදන බවට සැකයක් ඇතැයි කියමිනි.

මේ විජේපාල මැනේජර්ගේ කතාව අසා සිටි සිරිපාලගේ පියා ඇයට කියූ කතාවක් පාල මැනේජර් නැවත සිය නිවසට ඇවිත් සිටිනවා දුටු විට සිහිපත් විය.
මැණික් පතලක හවුලක් හිමි තැනැත්තෙක් ගමේ දුප්පතකු වු තරුණයකු හමුවී ඔහුගේ හවුලට ඒ දුප්පත් තැනැත්තා පතල් වැඩට යැව්වේ ය. ඒ කරු හවුලට ය.  ඒ සම්බන්ධයත් සමග නිතරම ඒ ගෙදරට ආගිය එම තැනැත්තා සහ ඒ ගෙදර කාන්තාව අතර සම්බන්‍ධයක් ඇතැයි යන රාවයක් පැතිර ගියේ ඔය අතරවාරෙදි ය. පතලේ රාත‍්‍රී මුරට යන දිනවල හවුල්කාරයා මේ දුප්පත් තැනැත්තාගේ ගෙදරට යන එන බවත් ගෙදරට අවශ්‍ය වියහියදම් සොයා බලන්නේ ද හවුල් කාරයා නිසා තමන්ගේ විවාහක පුරුෂයාට වඩා හවුල් කාරයාට ඇගේ හිත ඇදීයාම නිසා නිතරම පවුලේ අ`ඩ දබර ඇතිවු බවත් සිරිදාසගේ පියා කී කතාවේ ඇතැම් තැන් සිරිදාසගේ බිරි`දගේද හිත තුළ නලියන්නට විය.

‘‘මේ මැනේජර් කාරයා එන්නෙත් අපේ පවුල කඩා ඉහිරවන්නද? නැත්නම් කවදාවත් නැති අනුකම්පාවක් මෙච්චර ඇයි?’’ පාල මැනේජර්ගේ නැවත පැමිණීම ගැන සිතමින් සිරිදාසගේ බිරි`ද මොහොතක කල්පනා කරන්නට වුවා ය.

‘‘අම්මේ. මේ සිරිදාසගේ පතලේ මැනේජර් මහත්තයා.’’ සිරිදාසගේ බිරි`ද සිරිදාසගේ මවට පාල මැනේජර් හ`දුන්වා දුන්නේ නොපැකිළිව ය.

‘‘මැනේජර් මහත්තයා සිරිදාස කොලූව පොලෝසියෙන් ඇන්න ගියේ මොන වරදක් කෙරුවටෙයි.’’ සිරිදාසගේ මව පාල මැනේජර්ගෙන් කෙළින් ම විමසුවා ය. ඒ වනවිටත් සිරිදාසට ‘‘කරදරයක්’’ යන්න පමණක් ඉ`ගියක් දි තිබූ සිරිදාසගේ බිරිද සියලූ තොරතුරු දැනගෙන ඇති බව පාල මැනේජර් තේරුම් ගත්තේ ය.
‘‘ඒක තමා මේ මොනවට ගෙනිච්චද දන්නේ නෑ. මම මේ ආවේ සිරිදාසට ඇදුමක් අරගෙන යන්න කිව්ව හන්දා ඒක ගෙනියන්න යි.’’ ගොත ගසමින් පාල මැනේජර් කියනවිට සිරිදාසගේ මව මැනේජර්ගේ අනුකම්පාව ගැන සැක කළා ය.

 

පතල්වලට මුක්කු සදහා ගන්නා ලී

‘‘දැන් ටිකකට ඉස්සර සිරිදාසගේ තාත්ත පොලීසියට ගිහිං ආවේ. සිරිදාස මොනවත් ඇ`දුම් ඉල්ලලා තිබුණේ නෑ නොවැ. මහත්තයා කොයි වෙලේද පොලිසියට ගිහිං ආවේ. මහත්තයා එනකං පොලිසියේ මහත්තුරු බලා ඉන්නවලූ සිරිදාසලා එවන්න කියලා, සිරිදාසගේ තාත්තා කිව්වා.’’ සිරිදාසගේ මව එක දිගට තම පුතාට වු ඇබැද්දියේ කොටස්කාරයෙක් ලෙස පාල මැනේජර් ද සිටින බව නොකියා කියන්නේ යැයි පාල මැනේජර්ට හැගුනි.

‘‘එහෙම ද? මම හනික පොලීසියට ගිහින් බලන්නම්. පොලිසියෙන් මට එහෙම දෙයක් කිව්වේ නෑ නොවැ.’’ යි කී පාල මැනේජර් මිදුලට බැස නොපෙනී ගියේ ය.

එදින සවස් යාමයේ දී සිරිදාස නිවසට පැමිණියේ ය. පතලේ බාස්ගේ නිවසේ දී පාල මැනේජර්ට දින දෙකකට පෙරදී රාත‍්‍රියේ පතල් බාස් කළ පහරදීමක් නිසා කළ බොරු පැමිණිල්ලකට පතලේ ඉල්ලම් මුරට සිටි තිදෙනා පොලිසියට රැගෙන ගොස් ඇති බව සිරිදාස ගෙදර පැමිණීමෙන් පසු ඔහුගේ බිරි`ද ඇතුළු පවුලේ උදවියට අවබෝධ කර දුන්නේ ය.

එදින මුරට සිටි තිදෙනාට පාල මැනේජර් බොන්න අරක්කු ගෙනත් දුන්න බවත්, ඉන්පසු මදි පාඩුවට කසිප්පු ද ගෙනත් දුන් බවත් සිරිදාස කීවේ ය. මත්වතුර නොබොන්නකු වු සිරිදාසට ද බොන ලෙස නිරන්තරයෙන් ඇවිටිලි කළ ද තමා නොබිව් බවත් වෙරිමරගාතේ සිටි දෙදෙනා සමග හොරෙන් ඉල්ලම් ගරන්නට පාල මැනේජර් තමාට ද කතා කළ බවත් තමා ඊට විරුද්ධ වු බවත් සිරිදාස කීවේ ය. අනෙක් දෙදෙනාට කෙළින්වත් හිටගන්නට බැරි තරම් වෙරිවීම නිසා මැනේජර්ට ඉල්ලම් හොරෙන් ගරන්නට නොහැකිවු අතර ඒ යෝජනාවට තමන් විරුද්ධ වු අවස්ථාවේ සිට පාල මැනේජර් තමා සමග එතරම් මනාපයකින් නොසිටි බවද සිරිදාස පවුලේ උදවියට පැහැදිලි කර දුන්නේ ය. පසුදා මෙම සිද්ධිය පතලේ බාස්ට තමන් දැනුම් දුන් බවත් එවිට බාස්ගේ ගෙදරට රාත‍්‍රියේ අ`දුරේ ආ තැනැත්තකුට පහරදුන් බවත් බලද්දි එසේ ඇවිත් තිබුණේ පාල මැනේජර් බවත් මැනේජර් ඇවිත් සිටියේ මුරට සිටින සිරිදාස ඇතුළු තිදෙනා ගැන මුදලාලිට සැකයක් ඇති බැවින් ඒ ගැන කියන්නට බව පැවසීමෙන් පසු ආරවුල සමථයකට පත්වු බව දන්වා සිටි බව සිරිදාස සියලූ සිදුවීම් හෙළි කළේ ය.

බුදුන්ට සහ දෙවියන්ට පහන් තබන පාරිශුද්ධ බිමකට මත්වතුර සහ පුළුටු ගෙනවිත් අපවිත‍්‍ර කිරීම පිළිබ`දව පතලේ වැඩකරන උදවිය අතර ඇතිවු විරෝධතාවක් මත පාල මැනේජර් මුදලාලිගේ උදව් ඇතිව පොලිසියට ගොස් බොරු පැමිණිල්ලක් කර එතෙක් වැඩකළ පතල් බාස්, සිරිදාස ඇතුළු පාල මැනේජර්ට විරුද්ධ කිහිප දෙනා සියුම් ව පතලෙන් ඉවත්කර දරුවා සමග තනිව සිටින සිරිදාසගේ රූමත් බිරි`ද සමග ඇයි හො`දයිකම් පවත්වන බවට පෙන්වා පවුලේ අවුලක් ඇති කිරීම පාල මැනෙජ්ර්ගේ අරමුණ වු බව මේ සිද්ධිවලින් පැහැදිලි විය. අවසානයේ පාල මැනේජර් මැනේජර්කමෙන් පන්නා දැමීමට මුදලාලි  පියවර ගෙන තිබුණි.

මෙවැනි අපචාර ක‍්‍රියා මෙන්ම මැණික් පතල්වල සිදුවන හොරකම් ද බොහෝ ය. ඇතැම් අවස්ථාවල ඉල්ලම් කැණීමේ දී, වට්ටියෙන් මැණික් ගැරීමේ දී, ඉල්ලම් සේදීමේ දී, එවැනි හොරකම් සිදුවූ බවට විවිධ කතා මේ මැණික් පතල් ආශ‍්‍රිත උප සංස්කෘතිය තුළ ප‍්‍රචලිත ය.

පැල්මඩුල්ල ප‍්‍රදේශයේ එක්තරා මැණික් පතලක මැණික් ගලක් හොරකම් කිරිමේ සිද්ධියක් හෙළිවීමෙන් පසු මැණික්ගල  සොයා ගැනීමට කළ අපුරු උපක‍්‍රමයක් පිළිබදව පැහැදිලි කළේ එම මැණික් පතලේ හවුල්කරුවෙක් වු සුළු මැණික් ව්‍යාපාරිකයෙක් ය.

මේ කියන මැණික් පතල දෝනා සහිත එකක් නොවීය. තට්ටු දහයක් දොළහක් ගැඹුරැති කුඹුරු ඉඩමක කැපූ එකකි. එහි කරු හවුල් ඇතුළු හරි හවුල් අටකි. ඊට අමතරව, බිම් හවුල, ලයිසන් හවුල, ලී හවුල, මැනේජර් හවුල, මැෂින් හවුල ද ඇතුළත් ය. තට්ටු අටක් ගිය පසු ඉල්ලම ය. පහසුවෙන් ඉල්ලම හමුවු නිසාත් තරමක් ගැඹුරට ඉල්ලම තිබු නිසාත් විශාල ඉල්ලම් වැඩිපුර ගොඩ දමා තිබුණි. ඒවා කමත් දෙකක් සාදා එම කමත් දෙකට ගොඩකරනු ලැබී ය.

සුබ දවසක සුබ හෝරාවක් බලා ඉල්ලම් සේදීම ඇරඔුණි. වට්ටි දෙකකින් ඉල්ලම් සේදුවේ දෙදෙනෙකි. අනෙක්අය කමතේ වූ ඉල්ලම්, වට්ටිවලට ලබාදීම ආදි කටයුතු කළහ. මේ කියන මැණික් පතලේ ද මැනේජර් කෙනෙක් හිටියේ ය. ඔහුට ද හරි හවුලකි. වට්ටි දෙකේ ඉල්ලම් සේදු පසු නාම්බුව බලන්නේ වට්ටි දෙකම එක උඩ එක තබා එකක් බලා ඊට පසු අනික ය. පළමු වරට නාම්බුව බැලීමෙන් පසු ඒ වට්ටිවල තවත් වටිනාකමින් අඩු මැණික් ඇත්නම් ඒවා පතලේ වැඩකරන අයට ලබාදීම හැම පතලකම පාහේ සිදුවන කටයුත්තකි. දෙවැනි නාම්බුවේ ගල් පතලේ අයට බව පතල් ක්‍ෂෙත‍්‍රයේ ඇති කතාවකි.

මේ කියන මැණික් පතලේ නාම්බු කිහිපයක් බැලීමෙන් පසු කාටත් දැනුනේ දැඩි තෙහෙට්ටුවකි. වාඩියේ සුදානම් කළ තේ කහට බොන්නට කවුරුත් සුදානම් වූයේ දෙවැනි නාම්බුව ද බැලිමෙන් පසුව ය. දෙවැනි නාම්බු බැලීමෙන් පසු ඒ ඒ වට්ටිවලින් ඉවත් කළ නාම්බු වෙන වෙනම ගොඩවල් වලට දමා තිබුණේ ගොඩවල් දෙකක් ලෙසය.

 

තට්ටු පතලක්

 

මහන්සිය නිසා කහට තේ කොප්ප දෙකකට වඩා වැඩියෙන් වැඩකළ හැමෝම බිව්වෝ ය. වැඩ නොකළ හවුල්කරුන් බිව්වේ එක කහට කෝප්පය බැගිනි. ඉල්ලම් සෝදන දවසට පතලට එන හරි හවුල්කරුවන් වැඩි දෙනෙක් තේ බොන්නට හෝ යමක් අරගෙන ඒම සමහර පතල්වල සිරිතය. කලකට ඉහත දී නම් පතල් පොළකට යන්නේ නම් හිස් අතින් නොයාම හවුල්කරුවකුගේ සිරිත බව බොහෝ පතල් හවුල් ඇත්තෝ කියති.

කහට තේ බොන්නේ වාඩියේ ය. තේ බීමෙන් පසු බුලත්විට හැපීම පතලක සිදුවන අනිවාර්ය අංගයක් යැයි කිව හැකි ය. මේ අතර සමහරු බිඩි ද බොති. බීඩි නැති වෙලාවට දුම්කල කඩදාසි කොළවල ඔතා බොන්නෝද සිටිති. බුලත්විට හපන ගමන් දුම් බොන්නෝද  ඕනෑ තරම් මැණික් පතල්වල වැඩ කරති.  

සමහරු බුලත් කොක්කනයක් තමන්ට ම හදාගන්නා අතර තව සමහර පතල්වල බුලත් මල්ලක් හැමෝගේම ප‍්‍රයෝජනයට පොදුවේ පවත්වාගෙන යයි.

අතීතයේ එසේ කළද වර්තමානයේ එය ඉතා අමාරු කටයුත්තක් බවට පත්ව ඇත්තේ බුලත් පුවක්, දුම්කලවල මිල ඉහළයාම නිසා ය.

ඉල්ලම් නාම්බු කිහිපයක් සේදීමෙන් පසු කවුරුත් සිටියේ තරමක් සතුටිනි.  ඊට හේතුව එතෙක් කළ වියදම් ඉක්මවා අතට සුළු මුදලක් ලැබෙන තරමේ මැණික් ගල් කිහිපයක් ඒ ඉල්ලම් තුළින් මතුවීමයි. ඒ නිසා මැණික් නැති ඉල්ලමක් සෝදනවාට වඩා මැණික් ඇති ඉල්ලමක් තමන් සෝදන්නේ යන හැ`ගීම සියලූ දෙනා වෙතම පැල පදියම් ව තිබුණි.

මැණික් වට්ටියෙන් සෝදන කරු හවුල්කරුවෙක් තේ පානයෙන් පසු විටක් කන්නට වාඩියේ පියස්සේ ර`දවා තිබූ  තමන්ගේ ඇදුම්වල ඔතා තිබූ විට කොක්කනය (බුලත් මල්ල) දිග හරිමින් වාඩියෙන් තරමක් එහාට ගියේ ය. එසේ කිරීම විට කන, දුම්බොන හැමෝගෙම සිරිත ය.

ඇලූමිනියම් පැහැති හිස් පිටිකිරි කවරය දිග හරිමින් ඊට අත යවා බුලත් පුවක් අඩුම කටට දමාගත් මේ කරු හවුල්කරුවා කෙරෙහි කාගේවත් අවධානය යොමු නොවුනේ පතලේ බොහෝ දෙනෙක් ඒ අකාරයට තමන් විසින් ගෙනා බුලත් මඩිස්සලවලින් විට කෑ නිසාය. නමුත් එක්වරම මේ තැනැත්තා ඔහුගේ ඉන අතගා යමක් කටට දමා ගන්නවා තවත් දෙදෙනෙක් දුටුවේ වාඩියට තරමක් එහා කැකිල්ල මිටි කිහිපයකට හේත්තුවී දුම්වැටියක් උරද්දී ය.

‘‘අරූ ඉනේ තිබිලා මොනවහරි කටට දා ගත්තා නේද?. උඹ දැක්ක ද?’’ එකෙක් විමසුවිට ඒ සිද්ධිය අනිකා ද දැක තිබුණි. ‘‘මු ගරන ගමන් ගලක්වත් ගිල්ලාද? මැණික්වලදි අම්මා අප්පාවත් විශ්වාස කරන්න නම් හො`ද නෑ’’ දෙදෙනා අතර කතා බහට ලක්වුයේ ඉනේ තිබි යමක් ගිල්ල තැනැත්තා ගැන ය.

මේ සිද්ධිය දුටු දෙදෙනා මැනේජර්ට මේ බව කීවේ වෙන අයට නොඇසෙන ලෙස ය. මොකක් හෝ දෙයක් මේ තැනැත්තා ඉනේ ර`දවාගෙන වටපිට බලා ගිල දැම්ම බවට එය දුටු දෙදෙනාගේ කීම අහක දැමීමට මැනේජර්ට ද නොහැකි විය. කළ යුත්තේ කුමක්ද? ඔවුන් තිදෙනා තකා බහ කරනු ඉනේ ර`දවාගෙන තිබු යම් දෙයක් ගිල්ල පුද්ගලයාගේ නෙතට ද දිස් විය. ඒ සමගම ඔහුගේ ස්වරූපය ද යම් ආකාරයක වෙනසක් සිදුව ඇතිබව පෙනුනි. ඔහු තුළ පෙර නොතිබුණු තැති ගැන්මක් දිස්විය. ඔහුගේ හැසිරීම දුටුවිට ඔහු මැණික් ගලක් ගිලින්නට ඇතැයි මැනේජර්ට ද සැකයක් මතුවිය.

(ඉතිරි කොටස ලබන සතියට)

 

අජිත්ලාල් ශාන්තඋදය

 

 



අදහස් (0)

ඉල්ලම් සෝදන ගමන් වට්ටියේ මැණිකක් ගිල දමයි

උදය Sunday, 01 September 2013 08:55 AM

මැණික් ගිල්ලාම මැරෙන්නත් පුළුවන් . මුදලට තන්හාව (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 1818 0
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 183 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 173 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site