IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


ඉන්දියාවම හැඬවූ වෛද්‍ය ශිෂ්‍යාව

ඉන්දියාවේ නවදිල්ලි නුවර ගමන් කරමින් තිබුණු බස් රියකදී එහි රියැදුරු ඇතුළු පිරිමින් හය දෙනකුගේ අතවරයටත් පහර කෑමටත් ලක් වූ 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාව, දින 13 ක් තිස්සේ ජීවිතයත් මරණයත් අතර කළ අභීත සටනකින් පසු, පසුගිය 29 වැනිදා අලූයම සිංගප්පූරු රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටිද්දී, ජීවිතයෙන් සමුගත්තාය. ඇගේ අවසන් කටයුතු 30 වැනිදා සිදු කෙරුණි.


වෛද්‍ය සිසුවියගේ මරණය හේතුවෙන් නවදිල්ලි නුවර වැසියන් හෝ ඉන්දියාවේ සෙසු නගර වැසියන් හෝ මෙවර අලූත් අවුරුදු උදාව සැමරුවේ නැත. සිසුවියට අත්වූ එම ඛේදනීය ඉරණම ගැන මුළු මහත් ඉන්දියාව කැළැඹී ඇත. අතවරයට ලක් වූ අවස්ථාවේ ඇයට එම අතවර කළ ‘තිරිසනුන්’ අත්අඩංගුවට ගැනීමට නවදිල්ලි පොලීසිය දැක්වූ උදාසීන බව හේතුවෙන් ද කාන්තාවන් අතවරයට ලක් නොවී සිටීමට වග බලා ගතයුතු යැයි ඉන්දීය පොලිස්පති කළ කතාවක් හේතුවෙන් ද කුපිත වූ නවදිල්ලි වැසියන් වීදි බැස විරෝධතා පවත්වමින් ඉන්දීය රජයට චෝදනා කරන්නට වූයේ ලිංගික අඩන්තේට්ටම් සහ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් ඉන්දීය කාන්තාවන් ආරක්ෂා කර ගැනීමට අගමැති මන්මෝහන් සිං ප‍්‍රමුඛ කොංග‍්‍රස් පක්ෂ රජයට නොහැකි වී බව පවසමිනි.


ජනතාවගෙන් සහ රජයෙන් එල්ල වූ පීඩනය හමුවේ, වෛද්‍ය ශිෂ්‍යාවට අතවර කළ සයදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර මේ වන විට ඔවුන්ට මිනීමැරුම් චෝදනා එල්ල වී ඇත. ඔවුන්ට මරණ දඬුවම දෙන්නැයි ඉන්දීය ජනතාව සහ ශිෂ්‍යාවගේ පවුලේ අය ද ඉන්දීය රජයට බල කරමින් සිටින බව වාර්තා වේ.අතවරයට ලක් වූ අවස්ථාවේ පටන් මිය යන මොහොත දක්වාත් ඉන්පසුවත් මෙම ශිෂ්‍යාව කාගේ කවුරුන්දැයි හෝ ඇගේ ඡායාරූප හෝ ඇගේ පවුලේ අය ගැන හෝ ඇයගේ පදිංචිය හෝ ප‍්‍රසිද්ධ නොකිරීමට ඉන්දීය මාධ්‍ය එක්වන්ව කටයුතු කළේය.

 


තරුණිය ගැන හෝ ඇගේ පවුලේ අයගේ විස්තර හෝ මාධ්‍ය වෙත නිකුත් නොකෙරුණේ ඇගේත් පවුලේ අයගේත් පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ අරමුණින්ය. මෙහිදී ඉන්දීය මාධ්‍ය කටයුතු කළ ආකාරය ඇත්තෙන්ම ප‍්‍රශංසනීයය. ඉන්දියානුවන් එකා මෙන් වීදි බැස විරෝධතා දැක්වූයේ එම තරුණිය මොන වගේදැයි හෝ නොදැනය. තරුණියට අත් වූ එම ඛේදනීය ඉරණම ‘විකුණාගෙන කෑමට’ හෝ ඒ හරහා ප‍්‍රසිද්ධ වීමට හෝ ප‍්‍රවෘත්ති අතරින් පළමු තැනට පත්වීමට හෝ ඉන්දීය මාධ්‍ය ආයතන කිසිවක් කටයුතු නොකළේය.
ශිෂ්‍යාව අතවරයට ලක් වූ මොහොතේ සිට ඇගේ සෞඛ්‍ය තත්ත්වය ගැනත්, ඉන්දීයානු වැසියන් සහ රජය ඒ ගැන දැක්වූ ප‍්‍රතිචාර ගැනත් පියවරෙන් පියවර, මොහොතින් මොහොත පුවත් රැගෙන ඒමේ දී ප‍්‍රමුඛත්වය ගෙන කටයුතු කළේ එන්.ඞී.ටීවී. පුවත් නාළිකාවයි. නම සඳහන් කළ නොහැකි වූ හෙයින් එන්.ඞී.ටීවී. ඇතුළු පුවත් සේවා ඇය හඳුන්වා දුන්නේ ‘ඩෝටර් ඔෆ් ඉන්දියා’ නැතහොත් ‘ඉන්දියානු දියණිය’ යන නමින්ය. මරණයත් සමඟ ඇය වීරවරියක් කිරීමට මාධ්‍ය වාර්තා සමත් විය. සෙසු මාධ්‍ය විවිධ අන්වර්ථ නාමයන්ගෙන් ඇය හැඳින්විය.


ඉන්දීය මාධ්‍ය ස්වයං වාරණයක් යොදා ගෙන එම ශිෂ්‍යාවගේ අනන්‍යතාව හෙළි නොකිරීමට කටයුතු කළ ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය ආයතන කිහිපයක පැසැසුමට ලක් වී ඇත. මීට මාසයකට පමණ පෙර, බි‍්‍රතාන්‍යයේ හැරී කුමරුගේ බිරිය කේට් මිඞ්ල්ටන් ආර්යාව ගැබ් ගෙන ඇතැයි පුවත් වාර්තා වූයේ ඇය බි‍්‍රතාන්‍ය රෝහලකට ඇතුළත් කර සිටිද්දීය. එම අවස්ථාවේ, ඇය ගැබ් ගෙන සිටි බව හැර ඇය ගැන වෙනත් තොරතුරු මාධ්‍යවලට නිකුත් නොකෙරුණි.


 ඕස්ටේ‍්‍රලියාවේ එක් එෆ් එම් ගුවන් විදුලි නාළිකාවක නිවේදක දෙපොළක් බි‍්‍රතාන්‍යයේ එලිසබත් මහ රැුජින ලෙස හා චාල්ස් කුමරු ලෙස හඬ වෙනස් කරමින් එම රෝහලට ඇමතුම් දී එහි සිටි හෙදියක මුලා කර කේට් කුමරියගේ විස්තර ලබා ගත්තේය. ඉන්පසු පටි ගත කළ එම දුරකතන කතාබහ එම ගුවන් විදුලි නාළිකාව ඔස්සේ විකාශය කෙරුණේය. එසේ එම සිද්ධිය හෙළිදරවූ වීමත් සමග ඒ අවස්ථාවේදී තොරතුරු ලබා දුන් හෙදිය ඉන් ලජ්ජාවටත්, සිත්තැවුලටත්, කම්පනයටත් පත්ව දිවි නසා ගත්තාය.


ඉන්දීය සම්භවයක් ඇති බි‍්‍රතාන්‍ය පදිංචිකාරියක වන එම හෙදිය දෙදරු මවක වූවාය. එම සිද්ධියෙන් පසු එෆ් එම් නාළිකාව ඔවුන්ගේ එම වැඩසටහන අත්හිටවූ අතර, පසුගිය වසරේ ලැබූ ආදායමෙන් කොටසක් එම හෙදියගේ පවුලේ අයට ලබා දීමට ද කටයුතු කළේය. වගකීමෙන් තොරව කි‍්‍රයා කරන මාධ්‍ය ආයතන ගැන මෙවැනි සිදුවීම් නිරන්තරයෙන් ම අසන්නට ලැබේ.  


ඉන්දියාවේ උත්තර ප‍්‍රාන්ත ප‍්‍රදේශයේ පදිංචිකාරියක යැයි පැවැසෙන වෛද්‍ය සිසුවිය, නවදිල්ලියට පැමිණ සිිටියේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වී අධ්‍යාපනය ලැබීමටය. ඇය අතවරයටත් පහර කෑමටත් ලක් වූයේ පසුගිය 16 වැනිදා රාති‍්‍රයේ චිත‍්‍රපටයක් නරඹා, ශිෂ්‍ය නේවාසිකාගාරය බලා යමින් සිටියදීය. එම අවස්ථාවේදී ඇය සමඟ තවත් ශිෂ්‍යයෙක් ද සිටියේය. ඒ ඇගේ පෙම්වතාය. මොවුන් දෙදෙනා ලබන පෙබරවාරි මාසයේ විවාහ වීමට සූදානමින් සිටි බව අනාවරණය වී ඇත. ශිෂ්‍යාවට අතවර කළ පිරිස එම ශිෂ්‍යයාටද දරුණු ලෙස පහර දී ඇති බවත් ඔහු මේ වන විට රෝහල් ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින බවත් වාර්තාවේ.


නවදිල්ලි රෝහලේ ප‍්‍රතිකාර ගනිමින් සිටි එම ශිෂ්‍යාවගේ තත්ත්වය බරපතළ වීමත් සමඟ, වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ඇය සිංගප්පූරුවට ගෙන යෑමට ඉන්දීය රජය පියවර ගත්තේ ඉකුත් 27 වැනිදා රාති‍්‍රයේය. ඒ සියල්ල සිදුවූයේ ඉන්දීය රජයේ අනුග‍්‍රහයෙනි. ඇය සිංගප්පූරුව බලා යැවුණේ ද විශේෂ ගුවන් යානයකිනි. ඇය සමඟ ඇගේ පවුලේ අයත් ඇයට ප‍්‍රතිකාර කළ ඉන්දීය වෛද්‍යවරු කණ්ඩායමත් සිංගප්පූරුවට ගියහ. ඇගේ ජීවිතය බේරා ගැනීමට තමන්ට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බව ඇයට ප‍්‍රතිකාර කළ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලේ වෛද්‍යවරුන් පැවැසුවත් ඔවුන් හැමවිටම කියා සිිටයේ ඇය ඒ වන විටත් මරණය අබියස සිටින බවය. ඒ අනුව දින 13 ක් තිස්සේ මාරයා සමග කළ සටනකින් පසු වෛද්‍ය ශිෂ්‍යාව 29 වැනිදා අලූයම 2.15 ට පමණ අවසන් හුස්ම හෙළුවාය.


16 වැනිදා රාති‍්‍රයේ රෝහල් ගත කළ අවස්ථාවේ සිට ඉන්දීය අති දක්ෂ විශේෂඥ වෛද්‍යවරු පස් දෙනෙක් ඇයට ප‍්‍රතිකාර ලබා දෙමින් සිටියහ. ඔවුන් දිවා ? නොබලා ඇයට ප‍්‍රතිකාර කළ නමුත් ඇය ආසාදනයකට ලක් ව සිටින බව මාධ්‍ය හමුවේ කියා තිබුණි. ඇය වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම කරන ලෙස ඉන්දීය රජයෙන් ඔවුන්ට උපදෙස් ලබා දී තිබුණි. සිහිසුන්ව සිටි ඇය ශ්වසන යන්ත‍්‍රයකට සම්බන්ධ කර සිටි අතර සිහි ලැබුණු අවස්ථාවලදී ඇය ඇගේ පවුලේ අය සමඟ පණිවුඩ හුවමාරු කර ගත්තේ කොළයක ලියා පෙන්වමිනි. රෝහල් ගත කිරීමෙන් පසු සිහි ආ පළමු අවස්ථාවේ දී ම ඇය විමසා ඇත්තේ ඇයට අපරාධය කළ පිරිස අල්ලා ගත්තා ද යනුවෙනි. ඔවුන්ට දඬුවම් කරන්නැයි ද ඇය අවසන් වරට ඉල්ලා සිටි බව මාධ්‍ය වාර්තා කර ඇත.

(එන්.ඞී.ටීවී පුවත් සේවය සහ ඬේලි මේල් ඇසුරිනි)

සටහන ලූසිත ජයමාන්න

 



අදහස් (0)

ඉන්දියාවම හැඬවූ වෛද්‍ය ශිෂ්‍යාව

සත්‍යාපදී Wednesday, 09 January 2013 12:07 PM

අපේ අනාගත පරපුර වෙනුවෙන් අප සැම අපගේද අදහස් පළ කළ යුතුයි. දිනෙක එය අපේ දරුවන්ට සහ කාන්තාවන්ට යෝධ සවියක් වේවි. (නි)

:       0       0

නිත්‍යා Saturday, 02 February 2013 03:21 PM

ඉන්දීය හඬනගන ජනතාවට අපගේ ප්‍රනාමය (ස)

:       0       0

සුදේශ් Wednesday, 09 January 2013 08:12 AM

ඇත්තටම නින්දිත ක්‍රියාවක්, අපිත් මෙවැනි ක්‍රියා සඳහා විරුද්ධව නොබියව නැගී සිටිය යුතුයි. කාන්තා හිංසනය පිටුදකිමු (ස)

:       0       0

සුගත් Monday, 07 January 2013 03:17 AM

ඉන්දියාව පමණක් නොව සමත්ත ලෝකයම හැඩවූ කෙනෙක් (දී)

:       0       0

අචිනි Sunday, 06 January 2013 01:46 PM

අපේ ලංකාවේ මිනිස්සුන්ට මෙහෙම එකට වැඩකරන්න බැරි හැටි? (නි)

:       0       0

අශෝක් Sunday, 06 January 2013 01:51 PM

ඉන්දියාවේ තිබෙන එකමුතුකම අපේ රටෙත් තිබේ නම් අපේ රට කෙතරම් වාසනාවන්තද? (නි)

:       0       0

සුගන්ධි Tuesday, 08 January 2013 10:28 PM

අපිත් මේ වගේ සමගියෙන් වැඩකර අපට වෙන අසාධාරණත් වැළකීමට කටයුතු කළ යුතුයි. (නි)

:       0       0

ලලිත් Monday, 07 January 2013 01:53 PM

අපිටත් කනගාටුයි ඔබ ගැන (දී)

:       0       0

නිත්‍යා Tuesday, 08 January 2013 12:14 PM

මහජන හඩ අවදිකල ඔවුනට අපගේ ප්‍රණාමය. නැවත මෙවැනි දේ සිදුවීම වලක්වාගැනීමට ජනතාව අවධියෙන් සිටිය යුතුයි (ස)

:       0       0

දමිත් Tuesday, 08 January 2013 12:16 PM

‍අපිත් අපේ දෑස් විවර කරමු.එක්ව පෙලගැසෙමු.සමාජයෙන් මෙවැනි අපරාධ දේ තුරන් කරමු (ස)

:       0       0

චන්දන Wednesday, 09 January 2013 12:01 PM

අපි ඉන්දියානු මාධ්‍ය වලට සහ ජනතාවට ගෞරවයෙන් ප්‍රණාමය පුදමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 683 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 460 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 352 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1591 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 100 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 714 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 660 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 172 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1201 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site