මාධ්‍යවේදිනියක ලෙස ජාත්‍යන්තර කීර්තියක් දිනාගත් 55 හැවිරිදි ඇනීටා ප‍්‍රතාප් පුවත් මවන්නියක වූයේ පසුගියදා අවසන් වූ ඉන්දීය මැතිවරණයට අපේක්ෂිකාවක ලෙසින් ඉදිරිපත් වීමත් සමඟිනි. 2014 ආරම්භයේ ආම් ආද්මි පක්ෂයට එක් වූ ඇනීටා ප‍්‍රතාප් තරග කළේ කේරළයේ එර්නාකලම් ආසනය වෙනුවෙනි. ඇයගේ ප‍්‍රධානතම ප‍්‍රතිවාදියා වූයේ දිගු දේශපාලන ඉතිහාසයකට හිමිකම් කියන කොන්ග‍්‍රස් පක්ෂ බලකණුවක් වූ කේ.වී. තෝමස් ය.
1980 මුල්භාගයේ එල්.ටී.ටී.ඊ නායක ප‍්‍රභාකරන් හමුවූ අවස්ථාව මගේ මතකයෙන් කිසි දිනෙක ගිලිහෙන්නෙ නැහැ. මට ඔහු හමුවුණේ එක්තරා පියකරු උදෑසනක චෙන්නායිහි පිහිටි එල්.ටී.ටී.ඊ ආරක්ෂක නිවස්නයකදීය. ඒ හමුව අප දෙදෙනාටම වැදගත් වූයේ ප‍්‍රභාකරන් ප‍්‍රථම වරට මාධ්‍යවේදිනියකට කතා කළ ප‍්‍රථම අවස්ථාව එය වූ බැවිනි.
|
ඇනීටා ප‍්‍රතාප් |
|
ඇනීටා ප‍්‍රතාප් ප‍්‍රභාකරන් හමුවී... |
මැතිවරණයෙන් ඇනීටා පරාජයට පත්වූවාය. එහිදී තෝමස් ඡුන්ද 353841ක් ලබාගන්නා විට ඇනීටාට ලබා ගත හැකි වූයේ ඡන්ද 51517 පමණි.
ඇනීටා ප‍්‍රතාප් ශ්‍රී ලංකාවට නුහුරු නුපුරුදු චරිතයක් නොවේ. විසි වසරකට අධික කාලයක් ඇය මෙරට සිටි ජනාධිපතිවරුන්, දේශපාලනඥයන් ඇතුළු ප‍්‍රභූවරුන් මෙන්ම එල්.ටී.ටී.ඊ නායකයන් සමඟද සම්මුඛ සාකච්ඡුා රැුසක් පැවැත්වූ අතර එවක සිටි ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්න මහතා සමඟ මෙන්ම එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් සමඟද සුහදව කටයුතු කළාය. 1983 දී ප‍්‍රභාකරන් සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූ ප‍්‍රථම මාධ්‍යවේදිනිය වූයේ ඇනීටාය. එම සම්මුඛ සාකච්ඡාව ඇයට විශාල කීර්තියක් අත්පත් කර දුන්නේය. ප‍්‍රභාකරන්ගේ ප‍්‍රථම හමුවීම පිළිබඳව ඇය පුවත්පත් සාකච්ඡුාවකදී මෙලෙස අනාවරණය කළාය.
‘‘1980 මුල්භාගයේ එල්.ටී.ටී.ඊ නායක ප‍්‍රභාකරන් හමුවූ අවස්ථාව මගේ මතකයෙන් කිසි දිනෙක ගිලිහෙන්නෙ නැහැ. මට ඔහු හමුවුණේ එක්තරා පියකරු උදෑසනක චෙන්නායිහි පිහිටි එල්.ටී.ටී.ඊ ආරක්ෂක නිවස්නයකදීය. ඒ හමුව අප දෙදෙනාටම වැදගත් වූයේ ප‍්‍රභාකරන් ප‍්‍රථම වරට මාධ්‍යවේදිනියකට කතා කළ ප‍්‍රථම අවස්ථාව එය වූ බැවින්.
ඔහු කාමරයට එන තෙක් එල්.ටී.ටී.ඊ සංවිධානය පිළිබඳ නිර්මාණය වූ වීඩියෝපට කීපයක් මා නරඹමින් සිටියා. ඒවායේ මා ප‍්‍රභාකරන් දුටුවේ කඩවසම්, අඩි හයක් පමණ උස පුද්ගලයකු ලෙසිනුයි. එහෙත් මා අභිමුවට පැමිණි පුද්ගලයා එවැන්නෙක් නොවෙයි. එතරම් උස් නොවූ දෙමළ ව්‍යාපාරිකයකුගේ පෙනුමක් තිබූ පුද්ගලයකුයි මා අභියසට පැමිණියේ. මා දෙස මොහොතක් බලා සිටි ඔහු ‘‘මම තමයි ප‍්‍රභාකරන්’’ යනුවෙන් පැවසුවා.
මා ඔහු සමඟ අවස්ථා ගණනාවකදී සම්මුඛ සාකච්ඡුා පවත්වා තිබෙනවා. ඔහු කාලයත් සමඟ වෙනස් වුණා. ඔහු වයස්ගත වුණා. ස්ථුල වුණා. උඩු රැුවුල නොමැති වුණා. එහෙත් තම අරමුණ නම් කිසිවිටෙක වෙනස් කළේ නැහැ.’’ යනුවෙන් ඇනීටා ප‍්‍රකාශ කළාය.
ප‍්‍රභාකරන් ඇනීටා ප‍්‍රතාප් සමඟ සබඳතාවක් පැවැත්වූ බවට රාවයක් පැතිර තිබිණි. ඇනීටා හට ඕනෑම අවස්ථාවක ප‍්‍රභාකරන් හමුවීමට අවසර ලැබී තිබූ අතර එලෙස ප‍්‍රභාකරන්ගේ අවධානය දිනා ගත් එකම මාධ්‍යවේදිනිය වූයේ ඇයයි. ඇනීටා ප‍්‍රභාකරන්ගේ පෙම්වතියක වූ බැව් ප‍්‍රචාරය වීම හේතුවෙන් ප‍්‍රභාකරන්ගේ බිරිය වූ මදිවදිනී අතර ආරවුල් පැවති බවට ද රාවයක් පැතිරිණි. එහෙත් ප‍්‍රභාකරන් හා තමා අතර කිසිදු ආකාරයක පේ‍්‍රම සම්බන්ධයක් නොපැවති බව ඇය වරෙක ප‍්‍රකාශ කළාය. ඇනීටා තමිල්නාඩුවේ ඊළාම්වාදීන් සමඟ සමීප සබඳතා පැවැත්වූ බවද රහසක් නොවේ.
කේරළයේ කොට්ටායම් ප‍්‍රදේශයේ උපත ලද ඇනීටා එර්නාකලම් සාන්ත තෙරේසා කන්‍යාරාමයෙන් මූලික අධ්‍යාපනය ලබා දිල්ලි විශ්වවිද්‍යාලයෙන් උපාධිය හිමිකර ගත්තාය. පසුව බැංගලෝර් විශ්වවිද්‍යාලයෙන් ජනමාධ්‍ය උපාධිය ලබාගත් ඇය ඉන්ඩියන් එක්ස්ප‍්‍රස් පුවත්පතට එක්වූවාය. ගවේශණාත්මක මාධ්‍ය කලාව මගින් බොහෝ දුෂණ රටට හෙළිකරන්නට ඇය පියවර ගත්තාය.
ඉන්ඩියන් එක්ස්ප‍්‍රස්, සන්ඬේ, ඉන්ඩියා ටුඬේ සහ ටයිම් යන පුවත්පත් සඟරාවල මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කළ ඇනීටා ප‍්‍රතාප් දේශපාලනයට පිවිසෙන විට සී.එන්.එන්. රූපවාහිනී ජාලයේ නවදිල්ලි ශාඛාවේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළාය.
ඇනීටාගේ ප‍්‍රථම විවාහය සිදුවූයේ ප‍්‍රතාප් චන්ද්‍රන් සමඟය. එවක 22 හැවිරිදි වියේ පසුවූ ඇයට එම විවාහයෙන් පුත‍්‍රයකු සිටී. ඉන්ඩියන් එක්ස්ප‍්‍රස් පුවත්පතේ මාධ්‍යවේදියකු වූ චන්ද්‍රන් සමඟ පැවති එම විවාහය කෙටි කලකින්ම අවසන් වූ අතර පසු කලෙක ඇය අර්නි රෝයි වල්තර් නම් නෝර්වීජියානු තානාපති නිලධාරියකු හා විවාහ වූවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ් කියන්නෙ එ් කාලේ ඇනිටට ලියන කලාවට වඩා වෙනත් කලාවකට තමයි හිත ගිහිල්ල තියෙන්නෙ (නදී)
මෙයත් අපේ රටට හතුරුකම් කරනවා ද ? (ස)
මේක තමයි මම අහපු මෝඩම පෙම් කතාව (නදී)
අනේ හරි දුක හිතෙන කතාවක් (දිල්)
ප්‍රේම, එතකොට සිංහලයින්වම මරපු සිංහල ජාතියේම ජේ.වී.පි. එකේ ලොක්කන්ගේ ආදර කතා සුන්දරයිද? (නදී)
අවසානයේ අපි ඔක්කෝම යන්නේ වලට හැබැයි මෙයාලා යන්නේ නරකාදියට. (ස)
මෙි මාධ්‍යවෙිදිනිය තැත් කරන්නෙ කොටි නායකයා හොද කෙනෙක් විදිහට ජනතාවගේ හිත් වලට සමීප කරන්න.(ස)
කොහෙන් ගියත් සුද්දොන්ගේ ඇඟේ එල්ලෙන්න මේ ගොල්ලෝ හොඳට දන්නවා. (ස)
කොහේ ගියත් කැරකිලා කැරකිලා කටුව නෝරවේ පැත්තටම හැරෙනවා නේද? (ස)
තවම අඳුරු සෙවනැළි තියෙනවා. (ස)
ප්‍රභාකරන්ට පෙම් කලාට වැඩියේ නරකද ගෙල වැලලා ගත්ත නම් (දී)