IMG-LOGO

ඇමෙරිකාවේ සුදු කළු අර්බුදය

azg   sdxgb  

අප‍්‍රිකා නිග්‍රෝවරුන් එසේත් නැතිනම් ‘කල්ලන්’ ස්පාඤ්ඤ හාම්පුතුන්ගේ වහලූන් ලෙස මුලින්ම ඇමෙරිකාවට පය තැබුවේ 1526 වසරේය. ඒ, අද දකුණු කැරොලිනාව යනුවෙන් හැඳින්වෙන ජනපදයටය. දශක ගණනාවක් ඔවුන්ට අත්විඳින්න සිදුවුණු කුරිරුකම්, අඩන්තේට්ටම් වචනයෙන් විස්තර කළ නොහැකිය.


අද වර්තමානයේ ඇමෙරිකාවේ වෙසෙන්නේ වහලූන් ලෙස ආ එම කළු ජාතිකයන්ගෙන් පැවැත එන පරම්පරාවය. එදා, කළු වහලූන් වෙනුවෙන් හඬ නගා වහල්භාවය තුරන් කිරීමේ පුරෝගාමියා වූයේ සුදු ජාතික ජනපතිවරයකු වූ ඒබ‍්‍රහම් ලින්කන්ය. එහෙත්, කළු ජාතිකයන්ට සුදු ජාතිකයන් මෙන් සම අයිතීන් හිමිවූයේ ඉන් වසර ගණනාවකට පසුවය.


එහෙත් තවමත් සුදු ජාතිකයන්ගෙන් කළුජාතිකයන්ට අඩන්තේට්ටම් සිදුවෙයි. අද ඇමෙරිකාවේ කළු ජාතිකයන් ලැබූ ලොකුම ජයග‍්‍රහණය නම්, කළු ජාතික ජනපතිවරයකු ලෙස බැරැුක් ඔබාමා ජනපති ධුරයට පත් වීමය. ඇමෙරිකා ජනපති ධුරයට පත් වුණු ප‍්‍රථම කළු ජාතික ජනපතිවරයා ද ඔබාමාය.

sdg


ඔබාමා ජනපති ධුරයේ සිටිද්දී පවා, අතීතයේ මෙන්ම අදත් සුදු ජාතික පොලිස් නිලධාරීන්  ඕනෑම කළු ජාතිකයකු දෙස බලන්නේ අපරාධකරුවෙකු ලෙස සලකා යැයි ඇමෙරිකන් කළු ජාතිකයෝ චෝදනා කරති.


අළු යට ගිනි පුපුරු මෙන් පැවැති මෙම ‘සුදු කළු අර්බුදය’ කුඩා ලැව් ගින්නක් සේ මේ වනවිට ඇමෙරිකාව පුරා පැතිර යමින් පවතී. එය තවත් දුරදිග නොගොස් ‘නිමා දැමීමට’ ඇමෙරිකන් බලධාරීන් පමණක් නොව, ජනපති ඔබාමා ද උත්සහ ගනී.


මෑතකදී හටගත් අර්බුදයට මුල් වූයේ ඇමෙරිකාවේ මිසෝරි ජනපදයේ ශාන්ත ලූවිස් පSLTK-1-1ළාතේ ෆර්ගියුසන් නගරයේ සුදු ජාතික පොලිස් නිලධාරියකුගේ වෙඩි පහරින් 18 හැවිරිදි කළු ජාතික තරුණයකු මියයෑමේ සිදුවීමය. මියගියේ මයිකල් බ‍්‍රවුන් නමැති කළු ජාතික තරුණයාය. වෙඩි තැබීම කළේ ඩැරන් විල්සන් නමැති සුදු ජාතික පොලිස් නිලධාරියාය. බ‍්‍රවුන් සොරකු යැයි සැක කරමින් ඔහුට වෙඩි තැබූ බව විල්සන් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ නඩු විභාගයේදීය. එම අවස්ථාවේදී බ‍්‍රවුන් නිරායුදව සිට ඇත. ඇත්තෙන්ම කීවොත් එය නඩු විභාගයක් නොව, විශේෂ කමිටුවක් ඉදිරියේ කළ විමර්ෂණයකි.


ඩැරන් විල්සන් වෙඩි පහරින් මියගියේ ඉකුත් අගෝස්තු 9 වැනිදාය. එම අවස්ථාවේ සිට ෆර්ගියුසන් නුවර කළු ජාතිකයන් වීදි බැස කලහ කරන්න විය. විශේෂ කමිටුවක් හමුවේ විමර්ෂණයක් කිරීම ඇරැුඹුණේ ඒ අනුවය. එම විමර්ෂණ කමිටුව ඉකුත් දා එහි තීන්දුව ප‍්‍රකාශයට පත් කළේය. ඒ, පොලිස් නිලධාරී ඩැරන් විල්සන් කළ එම වෙඩි තැබීම සාධාරණීය කරමිනි.


එය තීන්දුවත් සමඟ ෆර්ගියුසන් නුවර නොසන්සුන් විය. කලහකාරීව හැසිරුණු කළු ජාතිකයෝ පොලිස් මෝටර් රථවලට ගිනි තබමින් කඩසාප්පු කොල්ල කෑහ.

SLTK-1-5


කලහකාරීන් මර්දනය කිරීමට කැරැුලි මර්දන පොලිසිය අසමත් වූ හෙයින්, ප‍්‍රාන්ත සහ ජනපද බලධාරීන්ට ‘නැෂනල් ගාඞ්’ හෙවත් හමුදා සේනාංක කැඳවීමට සිදුවිය. ගැටුම් උත්සන්න වෙද්දී, ෆර්ගියුසන් නුවර එෆ්.බී.අයි. පරීක්ෂකයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි ද වාර්තා විය. එෆ්.බී.අයි.

පරීක්ෂකයන්ගේ ඝාතනය සහ නගරයේ පැවැත්වෙන එම විරෝධතා අතරේ සම්බන්ධයක් ඇතැයි අනුමාන කෙරෙන බව ද පැවැසිණි.


එම කලහය යම්තාක් දුරකට සන්සිඳී ගියේ, සුදු ජාතික පොලිස් නිලධාරී ඩැරන් විල්සන් පසුගිය 30 වැනිදා පොලිස් සේවයෙන් ඉල්ලා අස්වීමත් සමඟය. ඇමෙරිකන් පොලිස් නිලධාරීන් කි‍්‍රයා කරන ආකාරය සම්බන්ධයෙන් පවතින නීති සංශෝධනය කිරීමට තමා කටයුතු කරන බව ඇමෙරිකන් ජනාධිපති බැරැුක් ඔබාමා ප‍්‍රකාශ කළේ මෙම අවස්ථාවේදීය. නව නීති සංශෝධනයට අනුව, පොලිස් නිලධාරීන් සැමට ඔවුන්ගේ නිල ඇඳුම්වලට කුඩා කැමරා සවි කිරීම ද සිදු කෙරෙනු ඇතැයි ද ජනපති ඔබාමා අවධාරණය කර ඇත.

 

SLTK-1-6


මීට අමතරව තවත් ඛේදනීය සිද්ධියක් වාර්තා විය. ඒ, ඉකුත් 23 වැනිදාය. එම අවාසනාවන්ත සිද්ධිය වාර්තා වූයේ ඔහියෝ ජනපදයේ ක්ලීව්ලන්ඞ් නුවරිනි. ක්ලීව්ලන්ඞ්හි කී‍්‍රඩාංගනයක  සෙල්ලම් පිස්තෝලයක් අතැතිව සෙල්ලම් කරමින් සිටි 12 හැවිරිදි කළු ජාතික දරුවෙක් පොලිස් වෙඩි පහරකින් මියගියේය.

සෙල්ලම් පිස්තෝලය වනමින් සිටිද්දී, පොලිස් නිලධාරීන් එය ඇත්ත තුවක්කුවක් යැයි සිතා දරුවාට වෙඩි තැබුවේ යැයි සිද්ධිය දුටුවෝ පැවැසූහ. මියගියේ ටැමීර් රයිස්ය. බරපතළ තුවාල ලැබූ ඔහු රෝහලකට ගෙන යද්දී මියගිය බව වෛද්‍ය ආධාරකරුවෝ පැවැසූහ. ටැමීර් රයිස්ගේ පියා ග්‍රෙගරි හැන්ඩර්සන් පොලිසියට චෝදනා කළේ, සෙල්ලම් පිස්තෝලයක් බව දැන දැන සුදු ජාතික පොලිස් නිලධාරීන් තම පුතුට වෙඩි තැබූ බවය. එම සිද්ධිය ගැන ද මේ වනවිට පුළුල් පරීක්ෂණයක් ආරම්භ වී ඇත.


m



අදහස් (0)

ඇමෙරිකාවේ සුදු කළු අර්බුදය

නුවන් Saturday, 13 December 2014 04:22 PM

පැහැදිලිවම ඇමරිකාවේ සහ තව රටවල් ගණනාවකම කළු ජාතිකයෝ විශාල ප්‍රතිශතයක් අපරාධ වලට ඍජුවම සම්බන්ධයි. කළු තරුණයින් ආක්‍රමණශීලියි. ඒකයි ඇත්ත. පිටරට ගිය කෙනෙක් නම් මේක දන්නවා (නි)

:       0       0

බණ්ඩාර Saturday, 13 December 2014 03:59 AM

උද්ඝෝෂණ කියලා කඩ සාප්පු කොල්ල කන්නේ මොකටද? ඔහොම හැසිරෙනකොට සැකයෙන් බලන එක පුදුමයක් නෙවෙයි.(හේ)

:       0       0

සඳුනි Friday, 12 December 2014 03:24 PM

මහලොකු ලෝක බලවතා...මානවහිමිකම් ගැන තව අපිට උගන්නන්නත් එනවා.(හේ)

:       0       0

ශිරන්ති Tuesday, 16 December 2014 03:07 AM

අනිත් රටවවල ඔහොම දෙයක් වුණොත් ඇමෙරිකාවට වැරදියි .ඒ අය කළොත් හරි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 9766 0
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 263 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 195 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site