IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


ඇත්ත-නැත්ත කරන්නෝ

ඇමෙරිකා එක්සත් ජනපදයේ සමහර ප‍්‍රදේශවලට මහත් ව්‍යසනයක් ගෙනදුන් කැත්රිනා කුණාටුව ඇති වූයේ 2005 වසරේදී ය. එය අවසන් වී දැන් වසර හතක් ගතවී තිබේ. එයින් විනාශයට පත්වු බොහෝ ප‍්‍රදේශවල ප‍්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට තවත් කොපමණ කාලයක් ගතවේද යන්න තවමත් නිශ්චිතව ප‍්‍රකාශ කළ නොහැකිය. ශ‍්‍රී ලංකාවේ යුද්ධය අවසන් වූයේ 2009 වසරේ මැයි මාසයේදීය. උතුරු ප‍්‍රදේශයේ අවතැන් වූ 350,000 පිරිසක් නැවත පදිංචි කරවා අවසන් ය. ඊට පෙර නැගෙනහිර ප‍්‍රදේශයේ අවතැන්වූ සියල්ලම පදිංචි කරවීමට ද කටයුතු කරන ලදී. යටිතල පහසුකම් සහ ජීවනෝපාය සංවර්ධන කටයුතු බොහෝමයක් අවසන් කර ඇති අතර උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශ අද රටේ වේගවත්ම සංවර්ධනයක් ඇතිකර ගන්නා ප‍්‍රදේශ බවට පත්ව තිබේ. ත‍්‍රස්තවාදය අවසන් කිරීමේ බලාපොරොත්තුවෙන් ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය , ප‍්‍රංශය සහ  ඕස්ටේ‍්‍රලියාව ඇතුළු රටවල් විසින් ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කරනු ලැබුවේ 2001 වසරේදී ය. තවමත් එරටේ ත‍්‍රස්තවාදය අවසන් වී නැත. යුද්ධය නිමවා රට තුළ සාමය ගොඩනැඟීමට හැකියාවක් ලැබී නැත. ආර්ථික සංවර්ධනයක් ඇතිකිරීම පිළිබඳව හිතන්නවත් පුළුවන්කමක් නැත. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල හමුදාවෝ මේ වනවිට වසර 13 ක් ඇෆ්ගනිස්තානයේ සිටිති. ඇමෙරිකා එක්සත් ජනපදය විසින් බටහිර රටවල ආධාරය ඇතිව ඉරාකය ආක‍්‍රමණය කරන ලද්දේ 2003 වසරේදීය. දැන් වසර නවයක් ගතවී තිබේ. එම රටේ තැන තැන පිපිරෙන බෝම්බ නැවැත්වීමට ඒ කිසිදු බලවේගයකට තවමත් හැකි වී නැත. ශ‍්‍රී ලංකාව ත‍්‍රස්තවාදය නිමවා යන්තම් අවුරුදු තුනක් සම්පූර්ණ වන විට යුද්ධයෙන් හානියට පත් වූ ජනතාව සහ ප‍්‍රදේශ යථා තත්ත්වයට පත්කර රටේ සංවර්ධනය සඳහා අතිවිශාල ව්‍යාපෘති ක‍්‍රියාත්මක කර වේගයෙන් සංවර්ධනය වන රටක් බවටත් ආයෝජකයන් සහ සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගෙන ඇති රටක් බවටත් පත් වි තිබේ. බටහිර රටවල්, ජාත්‍යන්තර සහ දේශීය රාජ්‍ය  නොවන සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ සමහර ආයතන දැන්  ශ‍්‍රී   ලංකාවෙන් ඉල්ලා සිටින්නේ යුද්ධ කාලයේ දී සිදුවූ මානව හිමිකම් කඩ වීම් පිළිබඳව පරීක්ෂණ පවත්වන ලෙසය. රටේ මානව හිමිකම් සුරක්ෂිත කරන ලෙසය. ජනවාර්ගික ගැටලූවට විසඳුම් ලබාදීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙසය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා විසින් මීට පෙර තමන්ට ශ‍්‍රී ලංකාව පිළිබඳව උපදෙස්දීම සඳහා පත්කළ දරුස්මාන් කමිටුව ඉදිරිපත් කළ වාර්තාව ප‍්‍රකාශයට පත්කරණු  ලැබීය. මහලේකම්වරයා විසින්ම යුද කාලය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකාවේ ආයතනවල ක‍්‍රියාකාරීත්වය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව දැනට දින කිහිපයකට පෙර ප‍්‍රකාශයට පත්කරනු ලැබීය. ඊළඟ මානව හිමිකම් කවුන්සිල් රැස්වීමේ දී ශ‍්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන එන බවට ද මත ප‍්‍රකාශ වී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට, බටහිර රටවලට සහ ජාත්‍යන්තර නොවන සංවිධානවලට ශ‍්‍රී ලංකාව හැර වෙනත් රටක් නැද්ද යනුවෙන් හිතෙන තරමටම අපට එන බලපෑම් ඉහළ මට්ටමක පවතී. ඊශ‍්‍රායලයේ පහරදීම්වලින් ගාසා තීරයේ කාන්තාවන් සහ ළමයින් ඇතුළුව සාමන්‍ය  රටවැසියන් මේ මොහොතේදී ද ඝාතනය වන අතර ඒ පිළිබඳව මේ අය උනන්දු නොවන්නේ ඇයි ද යන ප‍්‍රශ්නයද අපට මතු වේ. ඔසාමා බින්ලාඩන් ඝාතනය, සදාම් හුසේන් සහ ගඩාෆි ඝාතනය ආදිය ප‍්‍රසිද්ධියේ සිදුවුණත් ඒවා පිළිබඳව මානව හිමිකම් සංවිධාන හඬක්  නොනැඟුවේ ඇයිද යන ප‍්‍රශ්නයද පැන නැඟෙනු ඇත. ඇෆ්ගනිස්තාන ත‍්‍රස්තවාදීන් විනාශ කිරීම සදහා හෙළන බෝම්බවලින් පාකිස්තානයේ සහ  ඇෆ්ගනිස්තානයේ අසරණ වැසියන් නිරන්තරයෙන් ඝාතනයට ලක් වෙද්දී මේ පිළිබඳව ඉහත කී රටවල් සහ ආයතන ඒවා නැවැත්වීමට හෝ ඒවා සිදුකළ අයට එරෙහිව කටයුතු කිරීමට පියවර නොගනී. එසේ හානියට පත්වූ පිරිස්වල තත්ත්වය නඟාසිටුවීම සඳහා පියවර නොගැනීම පිළිබඳව ඊට වගකිවයුතු රටවලට එරෙහිව මෙම ආයතන කටයුතු නොකරන්නේ මන්දැයි යන ප‍්‍රශ්නය ද පැන නඟිනු ඇත. එසේ වුවද ශ‍්‍රී ලංකාවට තමන්ට එරෙහිව චෝදනා එල්ල වෙද්දී ලෝකයේ පවතින මෙම යථාර්ථය පිළිබඳව කතා කිරීමට ඉඩක් නොලැබේ. අපට සිදුව ඇත්තේ ඒ අය ඉල්ලන ආකාරයේ ප‍්‍රතිසංස්කරණ අප විසින් ක‍්‍රියාත්මක කළ බව පෙන්වාදීමටය. මෙම ප‍්‍රශ්නයට මුහුණදීමේ දී රජයට අනුගමනය කිරීමට සිදුව ඇත්තේ අතිදුෂ්කර පිළිවෙතක් බව පැහැදිලිය. 2010 මැයි මාසයේ දී උගත් පාඩම් කොමිසම පිහිටවූ විට එය ප‍්‍රමාණවත් නැතැයි ද එය රජයට පක්ෂපාතී කොමිසමක් යැයි ද ඉහත කී අයගෙන් චෝදනා නැගුණි. ජාත්‍යන්තර ක්ෂමා ආයතනය, ක‍්‍රයිසිස් ගෲප් වැනි ජාත්‍යන්තර සංවිධානවලට කොමිසම ඉදිරියට පැමිණෙන ලෙස ආරාධනා කළේය. එහෙත් එම සංවිධාන එම ආරාධනාව ප‍්‍රතික්ෂේප කළේය. 2011 දෙසැම්බර් මාසයේ දී කොමිසමේ වාර්තාව නිකුත් විය. ජාත්‍යන්තර සංවිධානත්, ද්‍රවිඩ සන්ධානය ඇතුළු දේශාපාලන පක්ෂත්  එම වාර්තාව මුලදී ප‍්‍රතික්ෂේප කළේය. එහෙත් පසුව ඒ සියලූ ආයතන ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකාව විසින් ඒ වාර්තාවේ නිර්දේශ සහ යෝජනා ඉතා කඩිනමින් ක‍්‍රියාත්මක කළ යුතු බවයි. දැන් එම ආයතන ශ‍්‍රී ලංකාවෙන් විමසා සිටින්නේ එම වාර්තාව ක‍්‍රියාත්මක කිරීම ප‍්‍රමාද කරන්නේ කුමක් නිසාද යන්නයි. ඉන් කරුණු කිහිපයක් පැහැදිලි වේ. ජාත්‍යන්තරයේ විවිධ බලපෑම් මධ්‍යයේ, ජාත්‍යන්තර ඇඟිලි ගැසීම්වලට ඉඩ නොතබමින් උගත් පාඩම් කොමිසම පිහිටුවීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කටයුතු කළේය. එය පරිණත නායකයකු විසින් පමණක් ගතහැකි දුරදර්ශී පියවරකි. අභ්‍යන්තර වශයෙන් විවිධ  විරෝධතා ඉදිරිපත් වුවද මෙම කොමිසම ඉදිරිපත් කළ පිළිගත හැකි යෝජනා ක‍්‍රියාත්මක කරන බව රජය විසින් ප‍්‍රකාශ කර සිටීම ඊළඟ දුරදර්ශී පියවර වූයේය. වසර තිහක යුද්ධයක් අවසන්වූ පසුව රටක් යථා තත්ත්වයට ගෙන ඒම පමණක් වුවද පහසු කාරණයක් නොවේ. නේපාලය දරුණු අර්බුදයකට යොමු කළ එම රටේ ත‍්‍රස්තවාදය නිම කිරීම සඳහා රජය සහ ත‍්‍රස්තවාදී කණ්ඩායම් අතර ගිවිසුමක් ඇති කර ගැනීමට එම රටට 2006 වසරේදී හැකිවිය. 2008 වසරේදී මැතිවරණයක් පවත්වා ත‍්‍රස්තවාදී ක‍්‍රියාවලට මූලිකත්වය දුන් වාමාංශික කණ්ඩායම්වලට ප‍්‍රධාන දේශපාලන ප‍්‍රවාහයට එකතුවීමට ඉඩසලසා දුන්නේය. එහෙත් එම ගිවිසුමෙන් අවුරුදු හයකට පසුව වුවද නේපාලයට කිසිදු ප‍්‍රගතියක් අත් කර ගැනීමට හැකිවූයේ නැත. නේපාලය අද ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට නොහැකි, කිසිදු සංවර්ධන කටයුත්තක් ක‍්‍රියාත්මක කළ නොහැකි අස්ථාවර රටක් බවට පත්ව තිබේ. ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා රජය යුද්ධය අවසන් කිරීමෙන් පසු පියවර රැසක් ගෙන තිබේ. අවුරුදු 30 කට අධික කාලයක් ක‍්‍රියාත්මක වූ හදිසි නීතිය     අවසන් කරනු ලැබීය. අද ඒ ගැන කිසිවෙක් කතා කරන්නේ නැත. රටපුරා ඇති කර තිබූ මාර්ග බාධක, චෙක් පොයින්ට් සියල්ල ඉවත් කර තිබේ. ජාත්‍යන්තර ප‍්‍රජාවගේ පැසසුමට ලක්වන අයුරින් බිම් බෝම්බ ඉවත් කරමින් බියෙන් සැකයෙන් තොරව ගමන් කිරීමට හැකි තත්ත්වයක් උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ඇති කර තිබේ. පළාත් පාලන මැතිවරණ පවත්වා උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ජනතාව බිමි මට්ටමේ සිට පාලනයට සහභාගි කරවාගෙන තිබේ. ත‍්‍රස්තවාදීන් පුනරුත්ථාපනය කර තමන්ට තනිවම ජීවනෝපායක් පවත්වා ගෙන යාමට හැකි පහසුකම් ලබාදී තිබේ. සරණාගතයන් වීමට බලාපොරොත්තුව විදේශගතව ආපසු ශ‍්‍රී ලංකාවට එවනු ලබන පුද්ගලයෝ  කිසිදු කරදරයකින් තොරව නැවත මවුබිමේ ජීවත් වෙති. ඇමෙරිකාව සහ මහා බි‍්‍රතාන්‍යය ඇතුළු බටහිර රටවල ඇතිව තිබෙන ආර්ථික පරිහානිය නිසා ශ‍්‍රී ලංකාවට ආර්ථික සංවර්ධනය සඳහා එම රටවල් මතම බලාපොරොත්තු තැබීමට හැකියාවක් නැත. ශ‍්‍රී  ලංකාව චීනයේ ආර්ථික බලපෑමට බඳුන්ව ඇතැයි ප‍්‍රකාශ කළද ශ‍්‍රී ලංකාවේ විදේශ වෙළෙඳාමේ ප‍්‍රධාන පාර්ශ්වකරු ඉන්දියාවය. ශ‍්‍රී ලංකාවට වැඩිම ආයෝජන ගෙන එන සහ වැඩිම ආධාර සපයන රටවල් අතර ඉන්දියාව ප‍්‍රමුඛත්වයක් උසුලයි. ඉරානයට එරෙහිව පනවා ඇති ආර්ථික සම්බාධක නිසා ඉරානයෙන් තෙල් ගැනීම නැවැත්වීමට ශ‍්‍රී  ලංකාවට සිදුව තිබේ. එහි ආර්ථික ප‍්‍රතිවිපාක ඉතා දැඩිය. එහෙත් ඇමෙරිකාව ශ‍්‍රී ලංකාවට සහනයක් සැපයූවේ නැත. එක් රටක් හෝ රටවල් කිහිපයක් මත යැපීම වෙනුවට අලූත් වෙළෙඳ පොළවල් සොයා යාමට ශ‍්‍රී ලංකාවට සිදු වේ. ශ‍්‍රී ලංකාව විවිධ රටවල් සමඟ වර්ධනය කරගන්නා සම්බන්ධතා පිළිබඳව අප සලකා බැලිය යුත්තේ එම පසුබිම මතය. රටේ සියලූ දේශපාලන පක්ෂවලට ජන කොටස්වලට එකඟ විය හැකි ආකාරයේ විසඳුමක් ඉදිරිපත් නොවන තාක් ජනවාර්ගික අර්බුදයට ගෙනෙන විසඳුම්වලින් පලක් නොවන බව ඉතිහාසය තුළින් ඔප්පු වී තිබේ. රජය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් එයට විසඳුම් සෙවීමට යෝජනා කර ඇත්තේ සියලූ දෙනාට එකඟවිය හැකි එකම මාර්ගය එය වන බැවිනි. රජය ජාත්‍යන්තර ප‍්‍රජාවට දන්වා සිටිය යුත්තේ ද්‍රවිඩ සන්ධානයේ සහභාගීත්වය තහවුරු කර ඉක්මන් විසඳුමක් ඇති කර ගැනීමට ඉඩ සලසන     ලෙසය. මේ රටේ නිත්‍ය සාමයක් ඇති කර ගැනීම ප‍්‍රමාද වීමටත්  රටේ මානව හිමිකම් පිළිබඳව ජාත්‍යන්තර මට්ටමේ උණුසුමක් ඇතිවීමටත් කරුණු දෙකක් හේතුවී තිබේ. ඒ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවර්ධන ජාලය සහ ඩයස් පෝරාවයි. ශ‍්‍රී ලංකාව තුළ කොතරම් යහපත් තත්ත්වයක්  ඇති වුවත් භඨධ ජාලය ඒ පිළිබඳව තෘප්තිමත් වනු ඇතැයි කිසිසේත් බලාපොරොත්තු විය නොහැක. එහෙත් ඩයස්පෝරාව මුහුණදුන් අපේක්ෂා භංගත්වය පිළිබඳ තත්ත්වයන් සමනය වන විට සහ විශ්වාසය තහවුරු වන  විට ඔවුන්ගේ සහාය රටේ සංවර්ධනයට   ලබාගත හැකි ආකාරයේ වැඩපිළිවෙළකට අවතීරණය වීම අවශ්‍යය. යුද සමයේ එල්ටීටීයේ නියෝජිතයන් වශයෙන් කටයුතු කළ ද්‍රවිඩ  සන්ධානය රටේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි ලොව පුරා හඬනගා ප‍්‍රකාශ කරයි. පසුගිය සතියේදී එම පක්ෂය ශ‍්‍රී ලංකාවට ලබාදෙන ආධාර නතර කරන ලෙස ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටින බව ප‍්‍රකාශ කළේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී රජය එක් පාර්ශවයක සිටියදී ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වෙන නොයෙකුත් සංවිධාන අනෙක් පාර්ශවයේ සිට රටේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි ප‍්‍රකාශ කරයි. මේ රටේ සමහර දේශපාලන පක්ෂ නායකයෝ තමිල්නාඩුවේ පැවැත්වෙන ශ‍්‍රී ලංකා විරෝධී සමුළුවලට සහභාගීවෙති. එහෙත් ඒ සියලූදෙනාට ශ‍්‍රී ලංකාව තුළ කිසිදු අවහිරයකින් තොරව තම ක‍්‍රියාකාරකම් පවත්වාගෙන යාමට ඉඩ ලැබී තිබේ. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳවත් මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳවත් මීට වඩා හොද උදාහරණ තිබිය හැකිද?

මහාචාර්ය - සුනන්ද මද්දුමබණ්ඩාර



අදහස් (0)

ඇත්ත-නැත්ත කරන්නෝ

නලින් Sunday, 02 December 2012 10:42 AM

අනේ මන්දා අප්පා

:       0       0

සංජය Friday, 30 November 2012 05:48 PM

නියම කඩේ යාම (ස)

:       0       0

අචිනි Saturday, 01 December 2012 03:28 PM

අපිත් බලනවා නිකන් ඉන්නවා (දී)

:       0       0

අශෝක Saturday, 01 December 2012 03:29 PM

දැන් මොකද්ද වෙන්නේ

:       0       0

අරුණ Friday, 30 November 2012 01:54 PM

අපි දන්නේ නැහැ ඔන්න (දී)

:       0       0

නන්දන Friday, 30 November 2012 07:54 PM

මේ රටේ ඉදන් පිටරටවලට ගිහින් මෙහෙ වැරදි හදන්ඩ හදන අය තමයි වැඩිහරිය දෙනා.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 660 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 450 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 350 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1576 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 95 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 711 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 654 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 169 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1199 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site