සිංහල හා හින්දු අලූත් අවුරුදු අසිරිය අවසන්වෙන්නටත් පෙර (ඉකුත් 19 වනදා) කොස්ලන්ද දියලූම ඇල්ලෙන් පෙම්වතුන් යුවළක් පනින්නට සුදානම් වන බවට පොලිස් හදිසි දුරකථන (119) වෙත තොරතුරක් ලැබිණ.
එම තොරතුර ඔස්සේ ඌව දිසාව භාර නියෝජ්‍ය
පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු, බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන හා සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්.පී. ගුණරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත වහාම ක්‍රියාත්මක වූ කොස්ලන්ද පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිහාල් සුගතදාස මහතා කාන්තා පොලිස් කොස්තාපල් කුමුදිනි සමග දියලූම දියඇල්ල ළ`ගට ගියහ. පොලිස් පරීක්ෂකවරයාට දක්නට ලැබුණේ ඇල්ලේ ජලක`ද කිසිදා නොවූ විරූ ලෙස වැඩිවී තිබුණු අයුරුයි.
හතළිහක පමණ දේශීය සංචාරකයන් හා විදේශීය සංචාරකයෝ පිරිසක් දියඇල්ලේ අසිරිය වි`දිමින් සිටියහ. පොලිස් පරීක්ෂකවරයාගේ නෙත එහි සිටි තරුණ පෙම්වතුන් කෙරෙහි යොමුවිය.
ඒ අනුව අනුමාන කළ යුවළකගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඔවුන් ඇඹිලිපිටියේ සිට පැමිණ ඇති බවය. ප්‍රශ්නයට මුහුණ දී ඇත්තේ ඔවුන් දෙදෙනා නොවන බව තේරුම්ගත් පොලිස් පරීක්ෂකවරයා තවදුරටත් සෝදිසියෙන් සිටියද දැනගන්නට ලැබුණේ තරුණ යුවළක් දියලූම පාමුල පිහිටි හෝටලයකින් මෙදින උදේ ෆ්රයිඞ් රයිස් පාර්සලයක් මිලදී ගෙන ගිය බවය.
හෝටල් කළමනාකරු පැවසූ හැඩරුවට සමාන හැඩරුවක් ඇති යුවළක් එහි නොවූ බැවින් ස්ථීර වශයෙන්ම ඔවුන් දෙදෙනා දියඇල්ල මුදුනට යන්නට ඇතැයි අනුමාන කළ පොලිස් පරීක්ෂකවරයා දියඇල්ල මුදුනට පිවිසිය හැකි පූනාගල මාර්ගයෙන් එම ස්ථානයට යාම ස`දහා කොස්තාපල්වරුන් වන චමින්ද හා යසරත්න ද මෙන්ම සංචාරක ම`ග පෙන්වන්නෙකු වන චමින්ද නැමති තරුණයාද සමග ජීප්රියෙන් පිටත්විය.
පොලිසිය හා දෙමව්පියන් මේ
සොයායන්නේ නව යොවුන් වියේ පෙම්වතුන් වූ යෝගරාජ් හා සකුන්තලාය. ඔවුන් දෙදෙනා මේ වන විටත් දියලූම ක`දුමුදුනට පිවිස අවසන්ය.
ඔවුන්ගේ පේ‍්‍රම පුරාණය වරෙක අතිශයින්ම සුන්දර එකක් විය. එහෙත් කල්යත්ම ඊට එරෙහි වී නැඟුණු බාධක දෙදෙනාටම ඇති කළේ කම්පනයකි.
17 හැවිරිදි සකුන්තලා උදයාංගනි මෙන්ම 18 හැවිරිදි සරවනභවන් යෝගරාජ් ඉගෙන ගත්තේ ගමේ පාසැල වන නිකපොත මහා විද්‍යාලයේය.
පාරම්පරික කුඹල් කර්මාන්ත පවුලක ඉපදුන යෝගරාජ් එම පවුලේ බඩපිස්සා විය. අයියලා දෙන්නෙක් හා අක්කා කෙනෙක් එම පවුලේ සෙසු සාමාජිකයෝ වූහ.
දෙමව්පියන් සමග වැල්ලවාය රන්දෙණියේ පදිංචිව සිටියදී අතිශය ඛේදජනක සිදුවීමක් විය. ඒ ඔවුන්ගේ මව සහ පියා සාහසික ප්‍රහාරයකට ලක්වීමය. නිවසටම කඩාවැදුණ සාහසිකයෝ අම්මාගේ බෙල්ල කපා ඝාතනය කර තාත්තාට බරපතල කැපුම් තුවාල සිදුකර පලාගොස් තිබුණි. මෙලෙස අම්මා මියයන විට යෝගරාජ්ගේ වයස අවුරුද්දකි.
කැපුම් තුවාලවලින් පසු රෝගාතුරවූ පියා ද පසුව මියගියේය. කටේ කිරි සුව`ද යන්නටත් කලින් මව් සෙනෙහස අහිමි වූ යෝගරාජ්ට ඉන්පසු මව වූයේ මිත්තණියයි. සෙල්ලසාමි අමරාවති නැමති එම මිත්තනිය දැඩි ආර්ථික ප්‍රශ්න හමුවේ වුවද මෙම දරුවා බාරගෙන ඇගේ නිවසේ සිට කොස්ලන්ද පාසලට යැව්වාය.
පාසලේදී හ`දුනාගත් සකුන්තලා පාසලේ වඩා ආකර්ෂණීය චරිතයක් විය. ඇය ඉගෙනීමට මෙන්ම කීි්රඩාවට ද නැටුම් ගැයුම් වැනි බාහිර ක්‍රියකාරකම් වලට ද දක්ෂතාවක් දැක්වූවාය.
යෝගරාජ් නැමති අහිංසකයා කෙරෙහි සකුන්තලාගේ ද සිත ඇදී ගියේය. ළමා වියේදීම ඔවුන් දෙදෙනා ආදරවන්තයින් වූහ.
ආදරය කොතරම් සුන්දර දැයි ඔවුන් දෙදෙනා සිතූ වාර ගණන අපමණය. ඒ නිසාම මේ ආදරය ස`ගවා සිටින්නටද ඔවුහු අසමත් වූහ. සකුන්තලාගේ නිවසට මේ බව ආරංචි වූයේය. මෙම සම්බන්ධය නතර කරන ලෙස සකුන්තලාගේ දෙමව්පියෝ ඇයට අවවාද කළහ.
ගොවිතැනින් තම පවුල රකින පියා මෙන්ම දියණිය කෙරෙහි මහා බලාපොරොත්තු තබා සිටි මව සකුන්තලාගේ මේ ක්‍රියා කලාපය පිළිබ`දව නිතරම කඳුළු සැලූවාය. අවසානයේ ඔවුහු ඇයට තරවටු කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මේ කෙල්ල ඇගේ සොයුරියකගේ රෝගයක් සඳහා ගෙනැවිත් ගෙදර තිබූ පෙති වර්ගයක් ගිල දැම්මාය.
කොස්ලන්ද රෝහලට ඇය වහාම ඇතුළත් කළ නිසා ඇගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරු සමත් වූහ.
සිත දැඩිසේ කලකිරී සිටි යෝගරාජ් පාසැල් ගමනට ආයුබෝවන් කියා කොළඹට ගොස් රසකැවිලි නිෂ්පාදන ආයතනයක සු`ථ රැුකියාවක් ලබා ගත්තේය.
අලූත් අවුරුද්දට අත්තම්මාට චීත්තයක් ද පෙම්වතියට ඇඳුමක්ද රැුගෙන යෝගරාජ් ගෙදර ආවේය.
දෙදෙනාට දෙදෙනා හමුවීමට ඉඩ නොතිබුණත් ගමේ අවුරුදු උත්සවයේදී දෙදෙනාට දෙදෙනා දැකගත හැකිවිය. එහෙත් අම්මාගේ ආරක්ෂාව යටතේ සකුන්තලා සිටි නිසා ඇහැ කොනකින්වත් ඇය දෙස නොබැලීමට යෝගරාජ් වග බලාගත්තේය.
අවුරුදු උත්සවයේ සංගීත සාජ්ජයේදී නැටූ අය අතරට වැදී දෙදෙනාම සිත්සේ නර්තනයේ යෙදුන නමුත් එකිනෙකාට ලං වූයේ නැත.
19 වනදා හිමිදිරි උදෑසන යෝගරාජ්ගේ ජංගම දුරකථනයට ඇමතුමක් ආවේය. යෝගරාජ් තකහනියේ ඇ`ද පැළ`දගෙන නිවසින් පිටව යනු මිත්තණිය බලා සිටියාය. සකුන්තලා නිවසින් පිටවූයේ උපකාරක පන්තියකට යන බව පවසමිනි.
එහෙත් මේ දෙදෙනා පැමිණ තිබුණේ අසම්මත හා ජාතිය, ජන්මය නිසා අපමණ බාධා එල්ල වූ ඔවුන්ගේ ආදර කතාවේ අවසන් පරිච්ෙඡ්දය සටහන් කිරීමටය.
දියලූම දියඇල්ල මුදුනේදී අවසන් වරට ආදරය, උණුසුම ලැබූ ඔවුන් දෙදෙනා අවසන් තීරණයකට එළඹුණේය.
”මුළු ලෝකයම අපේ ආදරයට අකුල් හෙළනවා. කවදාවත් අපිට එක්වෙන්න ලැබෙන්නේ නැහැ. අපි දෙන්නා මේ භවයෙන් සමුගෙන මතු භවයක හමුවෙමු.” ඒ ඔවුන් දෙදෙනාගේ අවසාන තීරණය විය. ඒ අනුව යෝගරාජ්ගේ ජංගම දුරකථනය අතට ගෙන සකුන්තලාගේ පන්තියේම ඉගෙනුම ලබන නිශාන්ති කුමාරිට කතා කළාය.
‘‘අපි දෙන්නා දියලූමට පනිනවා. ඔයාලා හො`දින් ඉන්න’’ යනුවෙන් පවසා දුරකථනය නිහ`ඩ කළාය.
නිශාන්ති වහාම දුරකථනයෙන්ම මේ බව සකුන්තලාගේ මවට කීවාය. පොලිස් හදිසි දුරකථන අංකයට (119) තොරතුරු ලැබී තිබුණේ ඉන්පසුවය. පොලිසිය, දියලූම පාමුල කළ පරීක්ෂාවෙන් පසු මොවුන් සොයා දියලූම කඳුමුදුනට යද්දී දියණි සොයා යන සකුන්තලාගේ පියා සිසිර බණ්ඩාර ද හමුවිය.
නෙල්ලි වගාවක් පසුකර බොර`ථ සහිත බෑවුමක් ඔස්සේ ගල්තලා පසුකර දියලූම කඳුමුදුනට යාම ස`දහා කිලෝමීටර් එකහමාරක් පමණ දුර ඉතා දුෂ්කර ගමනක් යායුතුය.
පොලිස් පරීක්ෂක සුගතදාස, පොලිස් කොස්තාපල්වරුන් වන චමින්ද හා යසරත්න මෙන්ම චමින්ද කුමාර නැමති මඟ පෙන්වන්නා ද සකුන්තලා හ`දුනාගැනීම ස`දහා ගමනට එක්වූ චාමර ද එක් දෙසකින් දියලූම ක`දුමුදුනට ළංවූ අතර අනෙක් දෙසින් සකුන්තලාගේ පියා සහ ඔහුගේ මිතුරෝ ක`දුමුදුනට ළංවෙමින් සිටියහ.
දැඩිසේ දියසෙවෙල් සහිත ගල්තලාවේ ඇවිදයාම ඉතා අසීිරු දෙයක් වුවද සැඩ දිය පහර පවා නොතකා මේ පිරිස පෙම්වතුන් මුදවා ගැනීමේ මෙහෙයුමේ යෙදී සිටියහ. ඒ වනවිට සකුන්තලා හා යෝගරාජ්, ගල්තලාව දිගේ මහ දියක`ද ගලාවිත් පුුනීලයක් වැනි කාණුවකින් දියලූම කඩාවැටෙන ස්ථානයේ අතිනත් පටලාගෙන සිටිනු දක්නට ලැබුණි.
දියඇල්ල පාමුල සිටි පිරිස දෙස බලමින් සිටි මෙම පෙම්වතුන් මොවුන් එම ස්ථානයට ළංවනතුරුම දුටුවේ නැත. චමින්ද කුමාර පිටුපසින් ගොස් ඉතා අසීිරුවෙන් ඔවුන් දෙදෙනා ළ`ගට ළංවන විටම සකුන්තලාගේ පියා ඊට නුදුරින් සිට මගේ පුතා.. සකුන්තලා... යැයි මොර දුන්නේය.
එසැණින් යෝගරාජ් එදෙස බලා සකුන්තලා බදාගෙන පහළට ලිස්සා ගියේය.
චමින්ද කුමාර සකුන්තලා බේරා ගැනීමට ඇගේ කෙස්වල්ලෙන් අල්ලාගත්තද ඔහු ද ලිස්සා ගියේය. ඔහු ජීවිතය බේරාගත්තේ ගලක් බදාගෙන ඉතා අසීරුවෙනි.
අතේ දුරින් සිදුවූ මේ ඛේදවාචකය දරාගත නොහැකිව සකුන්තලාගේ පියාද මරලතෝනි දෙමින් දියඇල්ලෙන් පහළට පැනීමට උත්සාහ කරද්දී පොලිස් නිලධාරීහු දැඩි පරිශ්‍රමයක් දරා එය වළක්වා ගත්හ.
දියඇල්ලේ අසිරිය විඳීම සදහා පැමිණ සිටි දේශීය හා විදේශීය සංචාරකයින් විලාප නගද්දී අඩි 570 ක් උසැති දියලූම දියඇල්ලේ මහ දියක`ද සම`ගම සකුන්තලා හා යෝගරාජ් එකට බදාගෙන රූටා දියඇල්ල පාමුලට වැටුණේ දුටුවන්ගේ නෙත් අදහාගත නොහැකි ලෙසින්ය.
පොලිසිය හා සකුන්තලාගේ පියා යළි දියඇල්ල පාමුලට යනවිට මහා ජලක`දක් කඩාවැටී ගලායමින් තිබුණි.
චමින්ද, අමිල, සුදන්ත, නාමල් ඇතුලූ ප්‍රදේශයේ තරුණ පිරිසක් දිවි පරදුවට තබා සැඩ දියදහර සම`ග පොරබදිමින් ඉදිරියට ගොස් දියඇල්ල පාමුල තිබූ සකුන්තලාගේ මෘතදේහය ඔසවාගෙන ආහ.
සැඩ දියපහරට යෝගරාජ් ගසාගෙන යමින් තිබුණි. පුපුරමින් ඇදහැලූණ අසාමාන්‍ය ධාරානිපාත වැස්ස මෙන්ම ? බෝවීම නිසා යෝගරාජ්ව එදින සොයාගත නොහැකි වූ නමුත් පසුදා යෝගරාජ්ගේ සිරුරේ උඩුකය කොටස දියලූම නැරඹුම් පාලම යට ගල් කුහරයක සිරවී තිබියදී සොයාගත හැකිවිය.
සීල් තිබූ මිනීි පෙට්ටියක තැන්පත් කර තිබූ යෝගරාජ්ගේ මෘතදේහය ඔහුගේ සොහොයුරාගේ පැල්පතේ තිබුණි. මිත්තණිය එම පෙට්ටිය බදාගෙන හ`ඩා වැටුණු අයුරු හදවත පාරන දුක්බර දසුනක්විය.
සුදු ළමාසාරියකින් හැඩවුණු සකුන්තලාගේ දේහය සහිත මිනී පෙට්ටිය තබා තිබුණේ අඩක් වැඩ නිමකර තිබූ ඇගේ නිවසේය. ඇගේ මවගේ ළතෝනියෙන් එම නිවස පිරීගියේ දුටුවන්ගේ දෑස් තෙත් කරවමිනි.
එකට තුරුළුව අවසන් ගමන ගියද යෝගා හා සකුන්තලා ඉකුත් 22 වන බදාදා මිහිදන් කෙරුණේ එකම ඉසව්වක සොහොන් බිම් දෙකකදී ය.
මෙම දුක්බර දසුන දුටුවන් මෙන්ම දියලූම දියඇල්ල ද තවමත් හ`ඩා වැටෙන්නීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අාලය බීඩියකි. එය උරන්නා මෝඩයෙකි. (බ)
එකට මියගියත් භු දානය වුණේ වළවල් දෙකක ඔබ දෙපලට නිවන් සුව පතමි. (ම)
ආදරය සුන්දරය -අන්ධය (බ)
ලංකාවේ සම්ප්රදාය සහ සංස්කෘතිය යන සිර කඳවුරු වල හිරවෙන තරුණ ජීවිත වල අවාසනාවන්ත ඉරණම! ආදරය යනු තරුණ වයසේ ඇතිවන ස්වභාවික හැඟීමක් කියන එක ලංකාවේ බොහෝ දෙමාපියන්ට අමතකවීම කණගාටුයි. මෙතන අදහස් දාන සමහරුන්ටත් අර ඉන්දු කිව්වා වගේ ආදරය නොදැනෙන බව පැහැදිලියි (නි)
ආලයේ වටිනාකම නොදන්නා ළමයි. ඉගෙනගන්නා කාලේදී ඉගෙනගන්න එපායැ. අපරාදේ ජීවිත දෙකක්. ඔබට නිවන් සුව! (නි)
පවු මේ දරුවෝ දෙන්නා! (නි)
මගෙත් ඉස්කොලෙ යන කාලේ පොඩි ආදර කේස් එකක් තිබිලා දෙමාපියන් එයට විරුද්ධ වුණා. පසුව අපි දෙන්නා කතාවෙලා වෙන්වුණා. නමුත් අපි ජීවිත නැතිකරගන්න තරම් මෝඩ වුණේ නැහැ. (නි)
මෙතන තියෙන්නේ වයසේ වැරැද්ද.......මේ වයසට මොකුත් තේරෙන්නේ නෑනේ......... (ම)
මිනිසුන් හරි මෝඩයි. මේ අයට තව ආත්මයක් තිබේවිද? (නි)
නිහාල්, ඔයා මනුස්සයෙක්ද? (නි)
මෝඩ කමට බෙහෙත් නැත (බ)
දෙහදක ඇතිවුණ මිණිමුතු ආදරයේ නමින් ඔවුන්ට අහිමිවුණ ජීවිත වලට වගකිව යුතුවන්නේ කවුද? (නි)
ආලය ආදරය දෙහදක මිනි මුතුය නිදහස්ව පරිහරණය කළ යුතුය බලයෙන් ඇතිකළොත් එති දුක බලගතුය අසරණ මරනදෙකකට වග කිවයුතුය (බ)
ආදරය හරිම සුන්දරයි, එකේ වේදනාව දන්නේ අවංකව ආදරේ කරන මිනිසුන්ය. මමත් අවුරුදු 8 fක් ෆයිට් කරලා එයාවම බැන්දා.ඉවසීමයි, අවංකකමයි සැබෑ ආදරය කියන්නේ .(බ)
සමහරක්වීට මේ දෙන්නා බේරාගන්න උඩට ගියේ නැත්නම්, ඔව්න්ගේ අදහස වෙනස් වී නොපනින්නත් තිබුනා. (නි)
මට නම් දුක හිතෙනවා (නි)
මිනිස් ආත්මයක් ලබන්න පින්කරන්න ඕනෑ (නි)
එන ආත්මෙවත් මොලෙන් කලපනා කරන්න! දෙදෙනාටම නිවන් සුව! (ම)
සිංහල ජාතියේ අවසානය!! අනේ මෙහෙමත් ළමයි (ම)
මෝඩ වැඩ කරන්නේ ඇයි මෙහෙම? (නි)
මේ දෙන්නාට පැනලා යන්න තිබුනේ.මැරෙන්න නෙමෙයි. (නි)
මේ වගේ අපරාධ තවත් සිදු නොවේවා.(හේ)
අකාලයේ මියගිය ඔබ දෙදෙනා ගැන බලවත් කම්පනයට පත්වුනෙමි. මගේ පණිවිඩය දෙමාපියන්ටයි. පුංචි හදවත් සමඟ සෙල්ලම් කරන්න එපා. ඒ අයගේ කාලයේ ඉඩදෙන්න ඒ විදියට ජීවත්වෙන්න (නි)
කොහේහරි ගිහින් ජීවත්වෙන්නකෝ පිස්සු නටන්නේ නැතුව (නි)
මේ දෙන්නාගේ අවංක ආදරය ගැන මට හරිම ආඩම්බරයි. මේ දෙන්නාගේ හැඟීම් දැනෙන්නේ අවංක ආදරය දන්නා අයට විතරයි. මුළු හදවතින්ම ආදරය කරන කෙනෙක්ට මේ දෙන්නාව තේරුම්ගන්න පුළුවන්. ඔබ දෙන්නාට නිවන් සුව පතමි! (නි)
මේක වයසේ වැරැද්ද. දෙමාපියෝ වුණත් දරුවෝ පරිස්සම් කළයුතුයි, තද නීති නොදා. වයසින් මෝරනකොට තමයි දරුවන්ට තේරෙන්නේ ආදරය කියන්නේ දිවි හානි කරගන්න තරම් දෙයක් නෙමෙයි කියලා. (නි)
ආදරය තාමත් මේ කාලේ දක්නට ඇත (බ)
නිවන් සුව ලැබේවා! (නි)
මේවාට වගකිවයුත්තෝ කව්ද? (නි)
අවංක ආදාරයක් වුණත් බොළඳ වැඩියි ජිවිතේ යනු රෝස මල් යහනාවක් නොවේ...(ම)
මෙහි නියම සත්‍යය දන්නේ එම දෙදෙනාගේ හදවත් දෙක පමණි.(බ)
මේ වැනි අයගේ මෘත ශරීර ගොඩ ගෙන අවසන් ගෞරව දැක්වීමත් මෝඩ කමක්. (බ)
මෙහෙම දේවල් අහන අපි අවාසනාවන්තයි (බ)
මේ කොමෙන්ට් දාන සමහර අයට ජීවිතයට ආදරයක් ලැබිල නැහැ...(බ)
ඇයි මෙහෙම පිස්සු වැඩ කරන්නේ? (නි)
ඔය මොනවා කිවුවත් ආදරය ළඟදි දැනෙන වේදනාව අපි හැමෝටම වගේ, ඒ රත්තරන් ආදරේ ඇති සකුන්තලාටත් යෝගරාජටත් කොච්චර වේදනාවක් දැනෙන්න ඇද්ද? ඒක මෝඩකමක් වගේ කෙනෙක්ට හිතුනාට ඒක හිත පිළිබඳ ප්‍රශ්නයක්. ආදරේ වැඩිවුණාම ඒ ආදරේ දරාගන්න බැරුව යනවා (නි)