IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


ආදායම් නැතිව වේළෙන පාවෙන බෝට්ටු වෙළෙන්දෝ


08-Page-24-M-01

 

”නැව ගිලූණත් බෑන් චූන්” කිවුවට මේක ”චූන්” වෙන්න කාරණාවක් නෙවෙයි. නැවත නැවතත් හිතන්න කාරණාවක්. ගිලූණෙත් නැවක් නෙවෙයි, පිටකොටුවේ අලූතින් ඉදිකරපු පාවෙන වෙළෙඳ සංකීර්ණයේ බෝට්ටු වෙළඳසලක්. ඇයි මේ බෝට්ටුව ගිලූණෙ. එහෙන් මෙහෙට ”බෝලෙ” පාස් කරනවා. මෙහෙන් එහෙට ”බෝලෙ” පාස් වෙනවා. කොහොම වුණත් වැඬේ සිද්ධ වෙලා ඉවරයි.

අපි කතාව කියවමු.

කොටුව දුම්රියපොළ අසල පාවෙන වෙළඳ සංකීර්ණය ඉදිවී මාස කීපයකි. ජරාවට ගිය තැනක් මෙලෙස සුන්දර වීම අපටද පුදුමයකි. තායිලන්තයේ, වැනීසියේ දුටු දේවල් පිටකොටුවේ ඉදිවීම හැබෑවටම ආඩම්බර විය යුතු දෙයකි. මේ සියල්ල නාගරික සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුවෙයි. කෙසේ වෙතත් පිටකොටුවේ පාවෙන වෙළඳසලේ ඊ*ෑ බෝට්ටුව පසුගියදා දියේ ගිලිණි.

මෙවැනි පාවෙන බෝට්ටු වෙළඳසල් ගණනාවක් මෙතැන තිබේ. තවමත් ස්ථානය කුළුඳුල් නිසා නාගරික සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය පුළුල්ව මෙතැනට ලැබේ.

Untitled-3මෙහි සිටින වෙළඳුන් කියන හැටියට පිටකොටුව බැස්ටියන් මාවතේ වෙළඳසල් තිබුණු අයට පාවෙන වෙළඳසල් ලැබිණි. බැස්ටියන් මාවතේ වෙළඳසල් කැඞීමෙන් ස්ථානය අහිමි වූ අයට අලූත් තැන නවාතැන් ලැබිණි. අපට මතක හැටියට කලින් බැස්ටියන් මාවතේ අඩිය තබා යාමත් අප‍්‍රසන්න දෙයකි. ඒ තරම් ජරාවාසවී ගිය තැනකි.

කුඩා පාවෙන බෝට්ටුවක් ඇතුළේ හතර පස්දෙනාට අඩි තුන, හතර පහේ කෑලි වෙන්කර දී බෝට්ටුවක් ලබාදී තිබේ. ඒ අනුව එක කුඩා බෝට්ටුවක් ඇතුළේ වෙළඳසල් හතරක් හෝ පහකි. අච්චාරු, සෙල්ලම් බඩු, මල් පෝච්චි, තොප්පි මේ සේරම එක බෝට්ටුවක් ඇතුළේ අලෙවි කරති. ඒ එක් එක්කෙනා රුපියල් 3500, 4500 ආදී වශයෙන් රජයට ගෙවීමක්ද කරති. වෙළෙන්ඳෝ කියන පරිදි එක බෝට්ටුවකින් රුපියල් 18,000 ක මුදලක් නාගරික සංවර්ධන අධිකාරියට මසකට ගෙවනු ලැබේ.

මුල් සති කීපය තුළ නාවික හමුදාව විසින් මේ බෝට්ටු වෙළඳසල් නඩත්තුව සිදු කළහ. පසුව බෝට්ටු නඩත්තුව වෙළඳසල් හිමියන් අතට භාර දුන්හ.
වැස්සට හතර වටින්ම එන දරුණු වතුර පහර වලින් මේ බෝට්ටු තට්ටුව පිරේ. එම වතුර සේරම අවසානයේ බෝට්ටුව ඇතුලට ගලයි. එක වෙළඳසලක් ඉදිවී ඇත්තේ බෝට්ටු දෙකක් උඩ තට්ටුවක් ගැසීමෙනි. වැස්සට පිරෙන ජලය තට්ටුව ඉවත් කර බෝට්ටුවෙන් ඉවත් කළ යුතුය.

ඊ බෝට්ටු වෙළඳසල දියේ ගිලී යාම ගැන නාවික හමුදාව පවසා ඇත්තේ වෙළඳසල් හිමියෝ ජලය ඉවත් නොකිරීම නිසා ඇතිවූ තත්ත්වයක් හේතුවෙන් ගිලී ගිය බවකි. එහෙත් සමහර වෙළඳුන් පවසන්නේ ඊ බෝට්ටුවේ පැවති පිපිරීමක් නිසා දියෙහි ගිලී ගිය බවයි. මෙය එම බෝට්ටුවේ කාලයක් තිස්සේ පැවති පිපිරීමක් බවද ඔවුහු කියති. එසේ නම් වරද වෙළඳුන්ගේද යන තැන අපට නවතින්නට සිදුවේ.

කෙසේ වෙතත් අලූත් බෝට්ටු මෙසේ ගිලී යාම පුදුම ඉපදවිය යුතු දෙයකි. මේ කිසිම බෝට්ටුවක ගිලෙනා තරම් වෙළඳ භාණ්ඩ පටවා නැත. සෙල්ලම් බඩු, පළතුරු, තොප්පි, අච්චාරු ආදිය ගිලෙන තරම් දේද?

දියේ ගිලී ගිය ඊ බෝට්ටුව හතර දෙනෙක් එකතු වී අඹ කැපූ බෝට්ටුවකි. ගිලෙන මොහොතේ කිසිවකු මෙහි සිට නැත. දැනට පාවෙන වෙළඳ සංකීර්ණයේ වෙළඳුන් මෙවැනි කතාවක්ද කියති.

අපි කලින් වෙළඳාම් කළේ බැස්ටියන් මාවතේ. කඩ කඩපු නිසා මේ බෝට්ටු දුන්නා. මම මාසෙට යූ.ඞී. එකට රුපියල් 4500 ක් ගෙවනවා. ඉස්සර අපි දවසට රුපියල් 3000 ක් හොයපු මිනිස්සු. දැන් සතේ අතේ නෑ. ඈත ඉඳල බලද්දි පාවෙන වෙළඳ සංකීර්ණයේ මිනිස්සු පිරිලා වගේ. හරි ලස්සනට, ජය පාටට පේනවා. ඔය ඉස්සරහ මේස දෙක බලන්න. අර ජෝඩුව ඔය මේසෙ වාඩි වෙලා පැය දෙකයි. ඔහේ කතා කර කර ඉන්නවා. කඩල පැකට් එකක් මේකෙන් ගත්තෙ නෑ. අනික් මේසෙ බලන්න. ඔය කොල්ලො දෙන්නා ඔතන වාඩි වෙලා පැය එක හමාරයි. රුපියල් 10 ක අච්චාරු ගත්තෙ නෑ.
අලංකාර කුඩ යට වාඩිවූ පිරිසක් වෙළෙඳුන් පෙන්වති. ඒ අනුව වැඩිදෙනා කාලය කා දමන්නට නිදහසේ මෙතැන ගැවසෙන සෙයකි.

මේ බෝට්ටුව පස් දෙනකුට දීල තියෙන්නෙ. බිස්නස් නැති නිසා අද කඩයක් අයින් කරගත්තා. ඔය මල් පෝච්චි ටික බලන්න (විසිතුරු මල් පෝච්චි කීපයක් පෙන්වයි) මල් පෝච්චි 21 ක් ගිය මාසෙ ගෙනාවා. තවත් 10 ක් ඉතුරුයි. ඔයාල අපෙන් ඇවිත් බිස්නස් හොඳද කියල අහද්දි අපට කේන්ති යනවා මහත්තයා. ඒ අස්සෙ බෝට්ටුවට 18,000 ගාණෙ ගෙවලා ඒවා නඩත්තු කරන්නත්  ඕනෑ. ඔය ගිලිච්ච බෝට්ටුවෙ හතරදෙනෙක් අඹ කැපුවා. මෙතන බිස්නස් නෑනෙ. බෝට්ටුවෙ අඹ කපලා දුන්නම පිටකොටුවෙ වෙළෙන්දො ඇවිත් ගෙනියනවා. ඔන්න බිස්නස් එක. හවස මෙතනට එන්න. ජෝඩු ඇවිත් කරන සේරම ජරා වැඩ බලාගත හැකියි.

ලස්සන වූ පිටකොටුවට මේ අඳුරු පිටුවකි. බිස්නස් අඩු බෝට්ටු එහෙන් ගිලේ. බෝට්ටුව ගිලූණු විට වරදත් වෙළඳුන්ටම පාස් වේ. දැන් සියළු බෝට්ටු ලහි ලහියේ පරික්ෂා කිරීම කාලෝචිත වේ. බෝට්ටුව ගිලූණේ පැරණි පිපිරීමක් නිසා නම් එය විමර්ශනය කළ යුතු දෙයකි. හත්අට දෙනා ඉන්නා බෝට්ටු මෙසේ ගිලී යාම සුළු කොට තැකිය නොහැකි කාරණාවකි.

 

futter-02



අදහස් (0)

ආදායම් නැතිව වේළෙන පාවෙන බෝට්ටු වෙළෙන්දෝ

ප්‍රනීත් පෙරේරා Wednesday, 12 November 2014 04:11 AM

මෙතැන තියෙන්නේ ව්‍යාපෘතියේ වරදක් නෙමේ. සැලසුමක් නැතිකම. මිනිස්සු තකහනියක් වටේ කැරකිල යන්ඩ ඕන මෙම වෙළඳසල්වලට. ඒකට කවුරුත් කැමති නෑ. මිනිස්සුන්ට යන්න පහසු විදියක් තියෙන්න ඕන. අනික මේක හොඳ විනෝද කටයුතුවලට මිසක් බාර්වලට නෙමේ. අපේ රටේ හොඳ උගත් සැලසුම් ශිල්පීන්ගේ උත්සාහයක් තමා මේක (බ)

:       0       0

කුමාර් Tuesday, 11 November 2014 10:08 AM

තායිලන්තය වගේම ලංකාවත් හොඳ බෞද්ධ රටක් නේ, ඉතින් තායිලන්තයේ යහමින් සල්ලි හම්බුවෙන අර බිස්නස් එක ඔතන පටන්ගත්තා නම්; ඔය ලංකාවේ කඹ වගේ පිරිත් නූල් ගැටගහගෙන ඉන්න උපාසක මහත්වරු ගිහිල්ල හොඳට අත දිගහැරලා වියදම් කරාවි. (ස)

:       0       0

ෆර්නෑන්ඩු Tuesday, 11 November 2014 10:16 AM

පොදු අපේක්ෂකයා අපුහම හරියි. (ස)

:       0       0

නිරාන් සෞදි Monday, 10 November 2014 11:33 AM

කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ව්‍යාපෘති කළාම ඔහොම වෙනවා (නදී)

:       0       0

ශ‍්‍රීයාණී Tuesday, 11 November 2014 01:04 PM

කවදත් කොතනත් තැලෙන්නේ අසරණයෝ තමා. (ර)

:       0       0

සිරි Tuesday, 11 November 2014 05:13 AM

සල්ලි නැත්තන් කොහමද මිනිස්සු බදු ගන්නේ ? මේවා ආර්ථික කඩාවැටීමේ ලකුණු ! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 410 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 317 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 161 1

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 336 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 510 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 1137 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1199 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1498 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site