IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


ආණ්ඩුවේ මැණික් ඉඩම් කොල්ලකන දේශපාලන ගෝල බාලයෝ

 


ආණ්ඩුවේ ඉඩම් කොල්ලකෑමේ අමිහිරි සිරිත ආරම්භ වූ වකවානුව ගැන ස්ථිර වශයෙන්ම කියන්නට කාටත් හැකියාවක් නැත. කලකට ඉහතදී වාණිජ වැවිලි ලංකාවට පැමිණීමත් සමග ඈත ගම්මානවලට යාබදව පිහිටි ආණ්ඩුවේ කැලෑ කපා එළිපෙහෙළිකර තේ හෝ රබර් වගාකරන, නැත්නම් හේනක් දෙකක් කොටාගන්න ගැමියෝද සිටිති. ඔවුන් එසේ කරන්නේ තමන්ටම කියා වගා කරගන්නට ඉඩමක් නැති අවස්ථාවකදීය. නැත්නම් ඉඩමක් මිලදී ගන්නට වත්කමක් නැති නිසාය.

කලකට ඉහතදී ආණ්ඩුවේ ඉඩම් අනවසරයෙන් අල්ලා ගත්තේ එසේ වුවත් දැන් ආණ්ඩුවේ ඉඩම් කොල්ලය සිදුවන්නේ ඊට හාත්පසින් වෙනස් ආකාරයකටය.
ආණ්ඩුවේ හෙවත් රජයේ ඉඩම් කොල්ලකෑමේ වරදට ගෙවුණු වසර තිහ හතළිහක කාලයක් ආණ්්ඩු කළ ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ සම්පූර්ණයෙන්ම වගකිිව යුතුය.

රත්නපුර දිස්ත‍්‍රික්කය වූ කලී මැණික්වලින් පිරුණු මහ පොළොවකැයි මතයක් සහ විශ්වාසයක් පවතී. ‘‘මැණික් ඉල්ලමක් නැති ඉඩමක් රත්නපුරේ නම් තිබිය නොහැක.’’ යන ස්ථාවරය රත්නපුරෙන් බැහැරව වෙසෙන බොහෝ බලපුලූවන්කාරයෝ එළැඹි ස්ථාවරයකි. මේ නිසා රත්නපුරෙන් මැණික් ඉල්ලම් ඇති ඉඩම් කෑල්ලක් ගැන සිහිනය රත්නපුරේ පමණක් නොව ඉන් බැහැර වැසියන් තුළ ද ඇතිව තිබෙන සිතිවිල්ලකි.

 

රත්නපුරේ ඉඩම් බලෙන් අත්පත් කරගන්නේ වැඩිපුරම ගෙයක් දොරක් හදාගන්නට නම් නොවේ. ගෙයක් දොරක් හදාගන්නට බලෙන් ඉඩම් අත්පත් කරගැනීමේ ප‍්‍රවනතාව සියයට දහයකටත් අඩු බව කොල්ල කෑමට ලක්වන ඉඩම්වලට හිමිකම් කියන පාර්ශ්ව කියයි. ඉඩම් බලෙන් අල්ලා ගන්නේ මැණික් පතලක් කපා ගන්නටය. රත්නපුර දිස්ත‍්‍රික්කයේ රජයේ ඉඩම්වල ඇත්තේ විශාල හි`ගයකි. 1992 වර්ෂයේ පැවති ආණ්ඩු එතෙක් රජ්‍ය වැවිලි සංස්ථාව සතුව තිබූ වතු පෞද්ගලික සමාගම්වලට පවරා දෙද්දී ඒ ඉඩම්වලින් යම්යම් කොටස් තම හිතවතුන්ට බලෙන් අත්පත් කරගන්නට එදා ආණ්ඩුකළ දේශපාලන පක්‍ෂවල බලවතුන් සහ ඔවුන්ගේ ගෝලබාලයෝ ක‍්‍රියා කළහ.

මේ නිසාම එකී වතු, පෞද්ගලික සමාගම් යටතට පැවරෙද්දී වත්තට අයත් ඉඩම් හරහා දිවෙන ප‍්‍රධාන මංමාවත් දෙපස පර්චස් විස්ස, තිහ, හතළිහ සහ ඊට වැඩි ප‍්‍රමාණයන්ගෙන් බිම් කොටස් අල්ලාගෙන පදිංචි වූහ. එසේ ඉඩම් අල්ලාගෙන ස්ථිර ගේ දොර හදාගෙන පදිංචිව සිටින විශාල පිරිසක් රත්නපුර දිස්ත‍්‍රික්කයේ අදටත් ඇත. ඔවුන්ට ඔප්පු හෝ බලපත‍්‍ර නැත. එහෙත් සමහරු ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් සුළුබදු ගිවිසුම් ලබාගෙන තිබේ. එය සිදුව ඇත්තේ ද දේශපාලන හයිය මත යැයි විශ්වාසයක් පවතී.

ඒ එදා තත්ත්වයයි. අද ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයකි. අද ඇතැම් වතු සමාගම් සතු ඉඩම්වලට මිනිස්සු බලහත්කාරයෙන් ඇතුළුවී ඒවා අල්ලා ගැනීමට පුරුදුව සිටිති. රත්නපුර දිස්ත‍්‍රික්කයේ වතු සමාගම් කිහිපයක් රත්නපුරේ තිබූ රජයේ වතු බදුගෙන තිබේ. බළන්ගොඩ වැවිලි සමාගම, හපුගස්තැන්න වැවිලි සමාගම, කහවත්ත වැවිලි සමාගම, අගලවත්ත වැවිලි සමාගම, පුස්සැල්ලාව වැවිලි සමාගම ඉන් කිහිපයකි.

 

වතු සමාගමක ඉඩම් මායිමෙන් පතල් කපා ඇති අයුරු

මේ හැම වැවිලි සමාගමක්ම බදු ගත් බොහෝ ඉඩම්වල මැණික් ඉල්ලම් බහුල ව ඇත. තේ සහ රබර් වගාවෙන් යුතු මේ වතුවල මහ පොළොවේ යට ඛනිජ සම්පත්වල අයිතිය එකී සමාගම්වලට හිමි නැත. ඒවා අයිති රජයට ය. නමුත් දේශපාලන බලවතුන් කලක සිට මේ වතුවල මහපොළොව යට ඇති ඛනිජ තමන් සතු කරගෙන ඇත්තේ අම්මා අප්පාගේ බූදලයක් ලෙසය. මේ ස`දහා දේශපාලනඥයන්ගේ ගෝලයන් තැරැව්කරුවන් ලෙස කටයුතු කරන බව ප‍්‍රසිද්ධ රහසකි.

වර්තමානයේ මැති ඇමතිවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අයත් සාමාජිකයන් ගණන ඉහළය. මේ ඉඩම් කොල්ල පසුපස සම්බන්ධීකාරයකයන් ලෙස මැති ඇමතිවරුන්ගේ එම නිලධාරීන්ගෙන් කෙනෙක් දෙන්නෙක් සිටින බව කියන්නේ මහජනයාමය.

වතු සමාගම් සතුව ඇති ඇතැම් ඉඩම්වල මැණික් පතල් කපන්නට ව්‍යාපාරිකයන් පැමිණෙන්නේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ බලපත‍්‍ර ද අතැතිවය. එවැනි අවස්ථාවල වතු අධිකාරුවරුන් එවැනි පතල් කපන්නන්ට එරෙහිව පොලිසිවල පැමිණිලි කිරීමෙන් පසු ඒ පැමිණිලි විභාග කරන අවස්ථාවල එකී ඉඩම්වල මැණික් ගැරීමේ අයිතිය පමණක් නොව ඒ ඉඩම්වලින් අක්කර කිහිපයක අයිතිය තමන්ට ඇති බව පෙන්වන්නේ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව (එල් ආර් සී* මගින් දුන් සුළුබදු ගිවිසුම් ද පෙන්වමිණි.

 

රත්නපුර දිසාවේ වතු සමාගමක රබර් වගාවක් මැද වාඩි තනා බලෙන් මැණික් පතල් කපන තැනක්

මෙවැනි සිදුවීම් පිළිබ`දව බළන්ගොඩ, කහවත්ත සහ හපුගස්තැන්න, අගලවත්ත, පුස්සැල්ලාව යන වැවිලි සමාගම්වලින්  ඕනෑතරම් උදාහරණ තිබේ. බළන්ගොඩ වැවිලි සමාගමට අයත් ගලතුර වත්තේ අක්කර පහක පමණවූ කොටසකට එවැනි අයිතියක් හිමිකරගෙන තිබුණේ ද දේශපාලන හයිය මතය. එම සමාගමේම කොස්ගලවත්තේ අක්කර දාසයක කොටසක අයිතිය පමණක් නොව මැණික් ගැරීමේ බලපත‍්‍ර ද ලබාගෙන තිබුණේය.

මේ වනවිට බළන්ගොඩ වැවිලි සමාගමේ කොස්ගලවත්තේ ප‍්‍රධාන පාරක් සහ දොළපාරක් අතර ඇති කොටසක් එසේ මැණික් ගැරීමට බලපත‍්‍ර ලබාගෙන බලෙන් පතල් කැපීමේ කටයුතු කරන්නේ එම කොටස ආවරණය කරගෙනය. වැවිලි සමාගමක් සතු ඉඩමකට එම සමාගමේ අවසරයක් නොමැතිව පෞද්ගලික තැනැත්තකුට මැණික් ගැරීමේ බලපත‍්‍රයක් දුන්නේ කෙසේ දැයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් විමසූවිට එම අධිකාරිය පැවසුවේ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් ඉඩමේ අයිතිය තහවුරු කර ඇති ඉඩම්වලට අයිතිය පැහැදිලි  සහ මැණික් ගැරීමේ බලපත‍්‍රයක් දීමේ විරෝධතාවක් නැති අවස්ථාවල මැණික් ගැරීමේ බලපත‍්‍ර නිකුත් කරන බවයි.

වැවිලි සමාගමක් සතු ඉඩම්වලින් අක්කර කිහිපයකට පෞද්ගලික අයිතියක් ඇතැයි ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් සුළුබදු ගිවිසුම් නිකුත් කරන්නේ කෙලෙසදැයි ගැටලූවකි. බොහෝ සුළුබදු ගිවිසුම් 1992 වර්ෂයට පෙර දින යෙදු ඒවා ය. බොහෝවිට වසරකට වලංගු ගිවිසුම අලූත් කර ඇත්තේ මේ වසරේය. මේ කල්බදු ගිවිසුම් බොහෝවිට ව්‍යාජ ඒවාය. සුළුබදු ගිවිසුම්වල ආපස්සට බැලීමට තොරතුරු නොමැතිවීම මත ව්‍යාජ සුළුබදු ගිවිසුම් සැකසීමට හැකියාවක් ඇති බවත් වතු සමාගම් පාර්ශ්වය කියයි. මෙැනි ව්‍යාජ සුළුබදු ගිවිසුම් සැකසෙන්නේ දේශපාලනඥයන්ගේ ගෝලබාලයන්ගේ අනුදැනුම ඇතිව බව රත්නපුරේ කවුරුත් දන්නා රහසකි. එවැනි ඉඩම් කොටසක අයිතිය ගන්නට වුවමනානම් අහවල් දේශපාලනඥයාගේ අහවල් ලේකම්වරයා මුණගැසිය යුතු බවට සමහරු ප‍්‍රසිද්ධියේ කතා කරති.

රත්නපුර පානදුර ප‍්‍රධාන මාර්ගයේ කහංගම සිට රත්නපුර කොළඹ ප‍්‍රධාන මාර්ගයට යන අතුරු පාරක්වූ කහංගම කොස්ගල හරහා හිදැල්ලන පාරේ කෝවිල අසල සිට කොස්ගල දෙසට වූ කිලෝමීටරයක් පමණ වු දුරක් දැන් මාස හයක පමණ සිට වාහන ධාවනය වන්නේ නැත. එම මාර්ගය කොස්ගල දක්වා කාපට්කර ඇත. මෙම පතල් කපන කොටසේ මැණික් ඉල්ලම් ඇති නිසා සැමදාම රාත‍්‍රියේ එහි පතල් කපයි. ඒ බලහත්කාරයෙනි. මිනිස්සු බලෙන් පාරේ පතල් කපන නිසා පාර කොන්ක‍්‍රීට් කිරීම නවත්වා ඇතැයි බලධරයෝ කියති. නමුත් කැමති කැමති කෙනාට එහි පතල් කැපිය නොහැක. ඒ ස`දහා නිල නොලත් වරප‍්‍රසාද ලද්දෝ අතළොස්සක් සිටිති. ඒ අය ඉහළ දේශපාලනඥයන්ගේ මැතිවරණවලට වියහියදම් කරන්නෝ ය. සමහර අවස්ථාවල දේශපාලන මතගැටුම් නිසා විරසක ව සිටින දේශපාලනඥයන් කිහිප දෙනකුගේම අතිජාත හිතවතුන් ය. ඒ නිසා දේශපාලනඥයන් කිහිප දෙනකුගේම ආශිර්වාදය, ආරක්‍ෂාව පමණක් නොව නීතියෙන් ගැලවීමේ හැකියාව ද ඔවුන් ට ඇත. මේ කාටත් නොදැනෙන රත්නපුරේ ඉඩම් කොල්ලයක සැබෑ ස්වරූපයයි.

 

වතු සමාගමක වත්තක් හරහා වැටී ඇති කොස්ගල පාරේ පතල් කපා ඇති අයුරු. මේ පාරේ අදටද වාහන ධාවනය නොවේ

එහෙත් මේ රාජ්‍ය දේපල පෟද්ගලික දේපලක් ලෙස පරිහරණය කරන පිරිස් කවුරුන්දැයි නොදන්නා කෙනෙක් නැත. වාහන සිය ගණනක් දිනපතා එහා මෙහා ගිය පාරක් හයමාසයක් තිස්සේ පතල් කපන්නන්ට දී මුණිවත රකින බලධාරීන් ඒ ගැන හොයා බැලිල්ලක් නැත. ඇතැම් අවස්ථාවක තමන්ගේ පෞද්ගලික ඉඩමක වැසිකිළි වළක්, ළි`දක් කපද්දී ඉඩම් හිමියා අල්ලන්නට එන බලධාරීන්ට මේ මහා විනාශය නොපෙනෙන්නේ ඒ සිදුවීම් පසුපස ඇති දේශපාලනය නම් වූ අදෘශ්‍යමාන සර්ව බලධාරි බලපරාක‍්‍රමය නිසා ය.

මැණික් පතල් කැපීම නිසා බලහත්කාරයෙන් ඉඩම් අල්ලා ගැනීම අතින් වැඩිම තර්ජන ඇත්තේ අගලවත්ත සහ කහවත්ත යන වැවිලි සමාගම් දෙකටය. බළන්ගොඩ වැවිලි සමාගම ඊළගටය. කහවත්ත වැවිලි සමාගමේ හුනුවල, අපරැක්ක, පොරොණුව වැනි වතු එසේ බලහත්කාරයෙන් මැණික් ගැරීමේ තර්ජනයන්ට නිරන්තරයෙක් ලක්වේ.

අගලවත්ත වැවිලි සමාගමට අයත් දොළොස්වල වත්ත ඇතුලූ වතු ගණනාවක්ම මේ තර්ජනයට මුහුණ පා ඇත. බළන්ගොඩ වැවිලි සමාගමේ පැරඩයිස්වත්ත, කොස්ගල, රයි, නන්පෙරියල් වැනි වතු ආශ‍්‍රිතව ද වතු ඉඩම් බලෙන් අල්ලා ගැනීමේ තර්ජනයන්ට මුහුණ දී ඇත.

රත්නපුර දිස්ත‍්‍රික්කයේ වතු සමාගම්වල වතු අල්ලා ගන්නට වැඩිපුරම එන්නෝ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලනඥයන්ගේ ගෝලබාලයෝ සහ හිතවත්තුය. සමහර පළාත් සභා නියෝජිතයන්ගෙන් ද බලපෑම් ඇතිවේ. නමුත් රත්නපුර දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතනවල නියෝජිතයන් හෙවත් ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් වතු සමාගම්වල ඉඩම් බලෙන් අත්පත් කරගන්නට තරම් තවමත් බලවන්තයන් වී නැත.

වතු සමාගම්වල ඉඩම්වලට ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් සකසාගත් කල්බදු ගිවිසුම් එම කොමිසම මගින් අවලංගු කළ අවස්ථාවල එම කොමිසමේ වගකිවයුතු නිලධාරීන්ට දුරකතන මගින් රත්නපුරේ ඇතැම් දේශපාලනඥයන්ගේ සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් කතාකර එකී ගිවිසුම් සක‍්‍රීය කරන ලෙස බලපෑම් කරන බව අප‍්‍රසිද්ධියේ පවසන්නේ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසමේම සේවකයන් ය. එවැන්නන් කවුරුන්දැයි හෙළිකරනවාට වඩා සියදිවි නසා ගැනීම හො`ද යැයිද මේ නිලධාරීන් කියන්නේ මේ ඉඩම් කොල්ලයන්ට අනුබල නොදුනහොත් අත්වෙන ඉරණම ගැන නොකියාය.

රත්නපුර දිස්ත‍්‍රික්කයේ වතු සමාගම් සතු තේ සහ රබර් වගාවෙන් යුත් ඉඩම් මැණික් පතල් කැපීමට බලෙන් අත්පත් කරගැනීම නිසා මේ වනවිට අඩුම තරමේ අක්කර පන්සියයකවත් වගා රටට අහිමිව ඇත. සමහර ඉඩම් මදුරුවන් බෝකරන වළවල්ය.

ඇතැම් වතුවල රාත‍්‍රීකාලයට බලෙන් පතල් කපති. ඒනිසා වතු සේවකයෝ රාත‍්‍රී ගමන්වලින් වැළකී සිටිති. මේ ආකාරයෙන් රත්නපුරේ ආණ්ඩුවේ ඉඩම් කොල්ල වෙනත් ප‍්‍රදේශයක ඉඩම් කොල්ලයන්ට වඩා හාත්පසින්ම වෙනස්ය. සමහර අවස්ථාවල දේශපානඥයන්ට මේ ඉඩම් කොල්ල ගැන පැමිණිලි කළොත් එසේ පැමිණිලි කළ පුද්ගලයා සම්බන්ධයෙන් විනාඩි කිහිපයක කාලයේදී විත්ති පාර්ශවයට තොරතුරු ලැබේ. ඒ දේශපාලනඥයා ළ`ග සිටින ගෝලයෙකු ගෙනි.

වරක් රත්නපුරට නුදුරු ප‍්‍රදේශයක ප‍්‍රධාන පාරක් අවහිර වනලෙස මැණික් පතල් කපන සිද්ධියක් ගැන ලැබුණු තොරතුරක් මත මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් පැමිණියේ පොලීසියත් සමගය.  කාරණාව සැබෑවකි. පොලීසිය එනවා දකින මහපාරේ පතල් කප්පන ව්‍යාපාරිකයා කෙළින්ම ජංගම දුරකතනයෙන් හිතවත් දේශපාලනඥයාට කතා කරයි. ඔහුගේ දුරකතනයම මේ නිලධාරීන් අතට පත්කරන්නේ ‘‘අහවල් දේශපාලනඥයා’’ කතාකරන බව කියමිනි. දුරකතන සංවාදයට පිළිතුරු දෙන නිලධාරීන් තමන් පැමිණි වාහන හරවා නොගෙනම පසුපසට ධාවනය කර නොපෙනෙන තැනකින් හරවා ආපසු කාර්යාල වෙත ගිය අවස්ථා ගණනාවක් ගැන රත්නපුරේ ජනතාව කතාකරන්නේ කනගාටුවෙන් ය.

තමන්ටම කියා නිවහනක් තනා ගන්නට බිම් අ`ගලක් නැති පුද්ගලයන් සුසුම් හෙළද්දී දේශපාලන වුවමනාවන් මත කෙරෙන වතු සමාගම සතු ඉඩම් කොල්ලකන අවස්ථා ගැන අපමණ තොරතුරු ඇති බව වතු සමාගම්වල නිලධාරීන් පැවසුව ද, ඒවා හෙළි කිරීමට ඔවුන් මැළිවන්නේ එසේ ඉඩම් කොල්ලකරුවන් දේශපාලනඥයන්ගේ පූර්ණ අනුදැනුම ලබන මැරයන් නිසාය. සමහරවිට සැබෑ තොරතුරු එළිකිරීමෙන් නූරිය වත්තේ අධිකාරිවරයාට අත්වූ අන්දමේ ඉරණමක් තමන්ට අත්වෙතැයි බියක් ද මෙම වතු සමාගම්වල නිලධාරීන් සහ සේවකයන් තුළ තිබෙන අදහසකි.

 

 

 



අදහස් (0)

ආණ්ඩුවේ මැණික් ඉඩම් කොල්ලකන දේශපාලන ගෝල බාලයෝ

සමන් කීරගල Saturday, 14 September 2013 10:30 PM

අජිත් අයියා, නියමයි ඔහොම යමු.(නදී)

:       0       0

රෝහණ Monday, 09 September 2013 09:50 AM

ලොක්කන්ට මොකුත් කියන්න එහෙම එපා. මේවා මේ අහිංසක මිනිස්සු කරන පල් වැඩනේ නේද?(නදී)

:       0       0

ලසිත් Monday, 09 September 2013 10:39 AM

විජාතික කුමන්ත්‍රණ...... හා හා හා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

​කාගේත් තරම උරගාන පුංචි ඡන්දය
2025 මැයි මස 05 139 0

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.


ලොවම බලාසිටින ඉන්දු - පාකිස්තාන අර්බුදය
2025 මැයි මස 05 335 0

ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ


කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 855 1

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 552 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 436 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1767 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 723 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 188 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1227 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site