පාතිමා රුක්ෂානා ඉස්මි හා අරුණාචලම් දිනේෂ් කුමාර් ආදරය කරන්නට පටන්ගත්තේ ජාතිය හා ආගම නමැති පවුරු පදනම් බිඳ දමාය.
ඒ තරමට ඔවුන් දෙදෙනාගේ ආදරය පිවිතුරු විය. ජාතිය ආගම ඔවුන්ගේ ආදරයට බාධාවක් කර ගෙන නොතිබිණි.
දිනේෂ් කුමාර් නව යොවුන් වියේ පසුවූ කඩවසම් තරුණයෙක් විය.
”උඹට ගෙදරින් ඔය සම්බන්
දෙට කැමැතිවෙයිද? අකමැති වුණොත් උඹ මොකද කරන්නේ? උඹලා දෙන්න ජාති දෙකක නිසයි අපි කියන්නේ. හොඳට හිතලා බලලා තීරණ ගන්න ඕනෑ. නැත්නම් ඕවා කොහොම කොතනින් කෙළවර වෙයිද කියන්න බැහැ.
රුක්ෂානා ඉස්මි එක්ක එකට වැඩ කරන හිතවත් මිතුරියක් ඇයට පවසා ඇත.
මම කොහොම හරි අම්මා කැමති කරවා ගන්නවා. මට ඒක කරන්න පුළුවනි. මොනවා වුණත් මම දිනේෂ් අමතක කරන්නේ නැහැ. එයා දෙමළ කොල්ලෙක් කියන එක මට ප‍්‍රශ්නයක් නෙවේ.
රුක්ෂානා ඉස්මි සිය මිතුරියන්ට පවසා ඇත්තේ සැහැල්ලූ සිතිනි.
වත්තල නගරයේ සුපිරි රෙදි සාප්පුවක රුක්ෂානා ඉස්මි හා දිනේෂ් කුමාර් සේවය කළෝය.
රෙදි සාප්පුවේ අයිතිකරු රුක්ෂානා ඉස්මි සේවයෙන් ඉවත්කර ඇත්තේ මේ ආදර සම්බන්ධතාව ඔහුගේ කන වැකුණු පසුව ය.
එකට වැඩ කරන දෙන්නෙක් එක්ක පෙම් පලහිලව් තිබුණාම ඒක මෙතැන වැඩට බාධාවක් යැයි කියා රෙදි සාප්පුවේ මුදලාලි ඇය ඉවත්කර ඇත.
රෙදි සාප්පුවේ සේවයෙන් ඉවත් කළ රුක්ෂානා ඉස්මි කලින් වැඩ කළ රෙදි සාප්පුව කිට්ටුවම ඇති වෙනත් රෙදි සාප්පුවක සේවයට ගියාය.
දිනය පසුගිය 7 වැනිදා ය.
වේලාව රාත‍්‍රී 7.00 ආසන්න වෙමින් තිබිණි.
ස්ථානය වත්තල නගරයේ රෙදි සාප්පුවකි.
රෙදි සාප්පුවට පැමිණියේ තරුණයෙකි. ඔහු වෙන කවුරුවත් නොව දිනේෂ් කුමාර් ය. ඔහු පැමිණියේ සිය පෙම්වතිය වූ රුක්ෂානා ඉස්මි සොයාගෙන ය.

වෙනදාට ආදරයෙන් හදවත පුරවාගෙන ඇය සොයා පැමිණෙන ඔහු එදා ආවේ එහෙම නොවේ.
වෛරයේ ගිනි දැල් ඔහුගේ හදවතින් බුර බුරා නැගෙමින් තිබිණි.
පෙම්වතිය අල්ලාගත් දිනේෂ් කුමාර් ඇයට පිහියකින් ඇන්නේය. පිහි පහර කෑ ඇය බිම ඇදගෙන වැටුණේ කපා හෙළු කෙසෙල් ගසක් මෙනි.
සාප්පුවට රෙදිගන්න ආ කස්ටමර්ස්ලා සීසීකඩ දිව ගොස් ඇත්තේ තමන් දුටු දර්ශනයෙන් බියට පත්ව ය.
සහෝදර සේවක සේවිකාවන් ද ඈතට දිව ගොස් මේ බිහිසුණු දර්ශනය බලා සිටියේ අනේ ඉස්මිව මරන්න එපා යැයි මරහඬ දෙමිනි.
රෙදි සාප්පුවේ ආරක්ෂකයා සිය ජීවිතය ගැන ද නොතකා ගොස් දිනේෂ් කුමාර්ට පාපහරවල් කිහිපයක් එල්ල කළේ කෙසේ හෝ ඇය බේරාගැනීමේ අපේක්ෂාවෙන් ය. එහෙත් ඔහුගත් වෑයම වැඩක් වූයේ නැත.
පෙම්වතියට පිහියෙන් ඇන ඇය ඝාතනය කළ දිනේෂ් ද ගෙලකපා ගත්තේ ඇය ගිය ලෝකයටම යාම සඳහා වුවත් රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ යන්ත‍්‍රයක ආධාරයෙන් ඔහු අදටත් ජීවිතය ගෙවමින් සිටියි.
වත්තල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එරික් පෙරේරා මහතා ප‍්‍රධාන පොලිස් කණ්ඩායමක් අපරාධය සිදුවූ තැනට පැමිණියේ සාප්පුවෙන් කරන ලද දැනුම්දීමක් මතය.
පොලිස් කණ්ඩායම සිද්ධිය දුටු අයගෙන් විස්තර විමසා දැනගත් අතර ඔවුන්ගෙන් ප‍්‍රකාශ ද සටහන් කරගනු ලැබීය.
පෙම්වතිය ඝාතනය කිරීමට යොදාගත් බවට සැලකෙන අඟල් 08 ක් පමණ දිග පිහියක් ද අපරාධය සිදුවූ ස්ථානයේ තිබී සොයාගත් අතර දිනේෂ් කුමාර් රෝහලට ගෙන යාමෙන් පසු ඔහුගේ කලිසම් සාක්කු දෙකේ දමාගෙන සිටි තවත් තියුණු පිහි දෙකක් සොයාගෙන තිබිණි.
පෙම්වතිය එක්ක විනෝද සවාරි ගිය අවස්ථාවල දී ගත් ඡුායාරූප, පෙම්හසුන්, චිත‍්‍රපටි නැරඹීමට හා සත්තුවත්ත නැරඹීමට ගිය අවස්ථාවල දී මිලදීගත් ප‍්‍රවේශපත‍්‍ර රැුසක් තිබූ පොතක් ද අපරාධය සිදුවූ ස්ථානයේ තිබී පොලිසිය භාරයට ගත්තේය.පිහි පහරවල් 13 ක් පමණ ඇයගේ සිරුර පුරාවට තිබෙන බව පොලිසියට පෙනී ගොස් ඇත. එය පේ‍්‍රමය ආදරය වෛරයකට පෙරළීමේ බිහිසුණුකම කියාපාන කදිම සාධකයක් යැයි කෙනෙකුට සිතිය හැකිය.
රෙදි සාප්පුවේ සවිකර ඇති සීසීටීවී කැමරා පරික්ෂා කර බැලීමේදී එක් කැමරාවක මෙම ඝාතනය සිදුකරන අයුරු රූපගතවී තිබෙන බව එහි දර්ශන පරික්ෂා කර බැලීමේදී පොලිසියට දක්නට ලැබී ඇත.
කුරිරු අන්දමින් ඉ
ස්මි ඝාතනයට ලක්වන විට ඇයගේ වයස අවුරුදු 19 පමණ පසුවන්නියක් වූවාය.
ඇය පදිංචිව සිටියේ වත්තල හුණුපිටිය පාරේ නිවසක ය.
පෙම්වතිය ඝාතනය කළ බව කියන දිනේෂ් කුමාර්ගේ වයස අවුරුදු 25 ක් පමණ වූ අතර ඔහු නුවරඑළිය ලබුකැලේ ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි.
දිනේෂ් කුමාර් ඔහු සේවය කරන රෙදි සාප්පුවෙන් දවස් පහකට නිවාඩු ලබාගෙන ලබුකැලේ ප‍්‍රදේශයට ගියේ මව්පියන් දැක බලාගෙන ඒමට ය.
නිවාඩුව ගත කිරීමට ගෙදර ගිය දිනේෂ් කුමාර් පෙම්වතිය සොයාගෙන ඇවිත් මෙවැනි බිහිසුණු අපරාධයක් කරන්නේ ඇය වෙනත් තරුණයකුගේ අත ගැනීමට සූදානම් වන බවට ආරංචිවීමෙන් පසුව ය.
මගේ මහත්තයා මාව දාලා ගිහින්. මට පුත්තු දෙදෙනෙක් ඉන්නවා. මරා දාලා තියෙන්නේ මට හිටිය එකම දුවයි. එයා පවුලේ බාලයා. දුව මේ ආදර සම්බන්ධය පටන් අරන් අවුරුදු 1 1/2 ක් විතර වෙනවා. දුව දෙමළ ළමයෙක් එක්ක ආදර සම්බන්ධයක් පවත්වාගෙන යන බවට මට ආරංචි වුණා. මම මේ ගැන දුවගෙන් ඇසුවාම ඇය ඔව් කිව්වා. අපේ ආගමට එනවා නම් දුවට ඒ ළමයා කසාද බඳින්න කැමති බව මම කිව්වා. මගේ පුත්තු දෙන්නත් මගේ කීමට කැමති වුණා” යැයි රුක්ෂානා ඉස්මිගේ මව හඬා වැළපෙමින් පොලිස් නිලධාරීන් සමග කියා සිටියාය.
රුක්ෂානා ඉස්මිගේ මව පොලිස් නිලධාරීන් සමග මෙසේ ද පවසා ඇත.
”අපි කිව්ව දෙය දුව ඒ ළමයා එක්ක කියා තිබෙනවා. නමුත් ඒ ළමයා එයාගේ ආගම වෙනස් කරන්න කැමති වෙලා නැහැ. දුව යහළු වෙලා හිටිය පිරිමි ළමයා මාව හම්බවෙන්නත් අපේ ගෙදර ආවා. අපේ ආගමට ආවොත් දුව කසාද බැඳගන්න කැමැත්ත දෙන බව ඔහුට කිව්වා. නමුත් ඔහු ඒකට කැමති වුණේ නැහැ. දුවත් එක්ක තියන ආදර සම්බන්ධයට ආගම ජාතිය ප‍්‍රශ්නයක් කරගන්න එපා කියා තමා ඔහු කිව්වේ.
දුවගේ පෙම්වතා ජාතිය ආගම වෙනස් කරගන්න කැමති වුණේ නැති නිසා අපි දුවට වෙනත් විවාහයක් කරදෙන්න තීරණය කළා. අපේ ජාතියේම තරුණයකුට දුව විවාහ කරදෙන්න සූදානම් කර මනමාලයාගේ පාර්ශවයේ අයට පසුගිය 10 වැනිදා අපේ ගෙදරට එන්න කියා අපි ආරාධනයක් කර තිබුණා. ඒ මේ කසාදය ගැන කථාකර ගන්නයි. මේ ගැන ආරංචිවෙලා තමා දුව යහළුවෙලා හිටිය කොල්ලා ඇවිත් මේ අපරාධය දුවට කරලා තියෙන්නේ” යැයි ද ඉස්මිගේ මව පොලිස් නිලධාරීන් සමග පවසා ඇත.
ඉස්මි ද අවසානයේ ගෙදරින් ගෙනා යෝජනාවට කැමතිවී ඇත්තේ අම්මා හා සහෝදරයන්ට ද්‍රෝහිවීමට නොහැකි නිසාය.
එහෙත් පෙම්වතා තමන්ට මෙවැනි දෙයක් කරාවි යැයි ඇය සිහිනෙකින්වත් නොසිතන්නට ඇත.
කොළඹ දිසා බාර සහ බස්නාහිර උතුරු දිසාවේ වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කැලණිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කැලණිය සහකාර පොලිස් අධිකාරි උදය හේමන්ත මහතාගේ මෙහෙයවීම යටතේ වත්තල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එරික් පෙරේරා මහතා ප‍්‍රධාන පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
වත්තල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ෂාරුක් මොහොමඞ් පිලඩවුස්, උපපොලිස් පරීක්ෂක ඩිලාන් මධුරංග විජේසූරිය කාන්තා උපපොලිස් පරීක්ෂිකා සෙව්වන්දි, පොලිස් සැරයන් දිසානායක (3261) සහ කොස්තාපල් ජයරත්න (8387* යන මහත්වරුන් සහ මෙනවිය ඇතුළු පොලිස් කණ්ඩායමක් ද මෙම පරීක්ෂණවලට හවුල්වී සිටිති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෆාර් මුස්ලිම් ආගමට තරම් ආගමට මුවා වෙලා කාම අපරාද කරන්න පුළුවන් කිසිම ආගමක් නැ. (ම)
සෆාර්...මෙතන තියෙන්නේ කාම ආශාව නෙමෙයි. නියම ආදරේ කරපු කොල්ලෙක්. එ්කයි වෙන කෙනෙකුට නොදුන්නේ.අපි ඉන්න රටට ඇවිල්ල බලන්න.ඔයාගේ ජාතියේ අයගේ කාම ආශාවල් ගැන.නිකන් බයිලා කතා කරන්න එපා. (බ)
අම්මා හා සහෝදරයන්ට ද්‍රෝහිවීමට නොහැකි නිසා නොව එසේ නොකලොහොත් ඇයට මරණය නියත නිසාවෙනි. (ම)
තමුන් ආදරය කළ කෙනා වෙන කෙනෙක්ට අයිතිවෙනවා බලන එක හරි අමාරු වැඩක්. ඇත්තටම ආදරය කරන අය තමා දන්නේ වේදනාව. ඒ නිසා ආදරය කරන්න ඉස්සර හිතා බලන්න. (නි)
අපිනම් බලන්නේ කොල්ල ගුණයහපත්ද ? ආදායමක් තියෙනවද ? වගේ දේවල්. මෙතනදී බලලා තියෙන්නේ ආගම. පුද්ගලයට විරුද්ධ වෙලා නෑ. විරුද්ධ වෙලා තියෙන්නේ ආගමට. ඒක වැරදියි. ඒ වැරැද්ද මුස්ලිම් අය දුර දිග නොබලා කරනවා. එකේ අනිටු ප්‍රතිපලයක් මේක. (බ)
ආගම් ජාති කුලමල කරපින්නා ගත්තොත් මේක තමා රටකට වුණත් වෙන විනාශය. මිනිසුනේ, ඔය වැඩකට නැති දේවල් ඔළුවෙන් අයින්කර මිනිසුන් ලෙස හිතාපල්ලා (නි)
ආදරය වෛරයට පෙරලෙන්න කාලයක් යන්නේ නැති බව මේ සිද්ධියෙන්ම පෙනී යනවා.(හේ)
ආගම් ප්‍රශ්නය අවේ නැත්තම් මේ දෙන්න තවමත් සතුටින් ඉන්නවානේ.(හේ)
දුක්බර කතාවක්.(හේ)
ඕක දෙවියන්ගේ කැමැත්තට වෙච්ච දෙයක්!(හේ)
මුස්ලිම් අය වෙළදාම් කරනකොට ජාති ආගම් බලන්නේ නැහැ නමුත් මේ වගේ ඒවාට මිනි මරාගන්න තැනටම වැඩ සිද්ධ කරනවා!(හේ)
මේ වගේ දෙයක් සිදු නොවේවා කියා ප්‍රර්ථනා කරනවා.(හේ)
සෆාර්,විහිළු කතා කියන්න එපා මනුස්සයෝ.මම ඉන්න රටේ මිනිස්සුන්ට තියෙන කාම විකෘතිය දැක්කම පාරක යන්න හිතෙන්නේ නැහැ! (බ)
සෆාර්,ආදරය කියන්නේ කාම ආශාවට කියල ඔයගොල්ලන්ගේ ආගමේද උගන්වන්නේ?? (බ)
මෙවැනි දෙයක් යළි සිදු නොවෙන්න වග බලා ගන්න ඕනේ.නැත්නම් මෙවැනි ජීවිත විශාල සංඛ්‍යාවක් විනාශ වී යයි.(හේ)
මේ වගේ දෙයක් යළි සිදු නොවේවා.(හේ)
අම්මාට හොඳ වැඩේ. දරුවන්ට වඩා ඉස්සරහට ආගම දාගත් එකේ දඬුවම. එයා විඳවනවා මැරෙනතුරු. මනුස්සකමට මුලින් ජාති ආගම දාගන්න අයට මේක හොඳ පාඩමක්. (නි)
මහා පවුකාර වැඩ ඕවා. තමන් ආදරය කරපු කෙල්ලව මරනවා නම් මේක මානසික ලෙඩක් විතරයි!!!(හේ)
මනුස්සෙයකුට කරදරයක් උනාම ආගම ගාව ගන්න එක හරිම පහත් වැඩක් සමහරු හොද වැඩේ කියල කියන්නේ තමනට වුනාම තෙරෙය් අමාරුව අනුන්ගේ දුකේදී සතුටු නොවෙන්න හතුරෙක් වුනත් කමක් නැහැ (බ)
ප්‍රියාගේ සහ අනුරගේ කතාව හරියටම හරි (නි)
හොද රැකියාවක් , මිල මුදල් ,යාන වාහන ,පවුල් පසුබිම ,හොද නමක් ඒ එකක්වත් මුස්ලිම් ආගමට වැඩක් නැ.ආගම මොක වුනත් හරවන්න වෙනවා (බ)
මේ ලෝකේ ජිවත් වෙන මෝඩ මිනිසුනේ දැන්වත් හිතන්න ආගම , ජාතිය නොවෙයි ආදරයක නියම අරුත .. දෙන්නට දෙන්නා තේරුම් ගැනීම නොවේද? (ස)
මට හිතෙන විදිහට වැදගත්ම දෙය මේ අදහස් අතර කියවිලා නැහැ. මේ පාපතර ක්‍රියාව සාධාරණය නොකලත්, පිරිමි අය තමන් නියම පිරිමියෙක් කියල පෙන්නුවා තමන්ගේ ආගම අතහැරීම ප්‍රතික්‍ෂේප කරලා. නමුත් ප්‍රාණඝාතයක් කරලා විශේෂයෙන් ස්ත‍්‍රියකට අත උස්සලා තමුන් නපුන්සකයෙක් කියල ලොවටම පෙන්නුම් කලා. තමන්ගේ ආගමට නීචයෙක් නොවන ඕනෑම කෙනෙක් ආදරෙයි. ඒ උතුම් දේ තමන්ගේ ලේ වලයි තියෙන්නේ. උපතින්ම මුස්ලිම් අයට එයාලගේ ආගම හැම දෙයකටම මූලික වෙනවා වගේ එයාලත් දැනගන්න ඕනෑ ලෝකේ තව ඕනෑතරම් මිනිස්සු ඉන්නවා කියලා තමන්ගේ ආදරයට නෙමේ තමන්ගේ පණටත් වඩා තමන්ගේ ආගම වටින හා එයට ආදරය කරන !! තව කෙනෙකුගේ ආගම සුලුවෙන් තකා අවතක්සේරු නොකරන්න..... කිමද ඔබට නොවටිනා නමුත් එම ආගම අදහන ඔහුට එය අසීමිතව වටියි. (නදී)
ආදරය භාවනාවකි. හිත අවුල් වුනොත් අයාලේ යනවා. මේවා ගැන ගොඩක් හිතන්න ඕනා. (නදී)
කුමාර මොනා කිව්වත් මුස්ලිම් කෙනකුට ඔවුන්ගේ ආගම මේ කාමාශාවන්ට වහල් කරන්න බැහැ ඒ වගේම ආදරය දෙන කාමාශාවන් විඳගන්න තමුන්නාසේල ඇති කරලා තියන දෙයක් පේනවනේ එ්කේ කුරිරු කම දැන්වත් කොල්ලනේ හැදියල්ල (බ)
ආගම නිසා මේ අය ආදරය අමතක කළාද? (නි)
මේවා හොඳ පාඩම් මුස්ලිම් කොල්ලොත් එක්ක යාළුවෙන අනිත් කෙල්ලන්ට, ක්‍රිස්තියානි උදවියත් එහෙමයි ආගමට හැරෙන්න ඕනේ, බුද්ධාගමේ විතරයි එහෙම නැත්තේ (බ)
මරපු එක නම් වැරදියි. (නදී)
මරන්න තිබුනේ ස්වභාවයට අකමැති බොරු ආගම් විශ්වාස කරන රූකඩ වැඩිහිටියෝ (බ) .