IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


අසිරිමත් කිතු උපත

20pg-23d--raja--pgs

 

”මරියාණෙනි, බිය නොවන්න ඔබ දෙවියන් වහන්සේගෙන් ආශිර්වාද ලද්දෙහිය. ඔබ පිළිසිඳගෙන පුතකු ලබන්නෙහිය. උන් වහන්සේට ජේසු යන නාමය තබන්න. උන් වහන්සේට උතුම්වූ මහෝත්තමයාණන්ගේ පුත‍්‍රයා යැයි කියනු ලබන්නේය. උන් වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැත්තේය.
සම්ප‍්‍රදායික යුදා කාන්තාවක් වූ ඇය තිගැස්සී දේව දූතයාට කතා කොට ”මට පුරුෂයකු නැති බැවින් මේක වන්නේ කෙසේ දැයි ඇසීය”.

අප ගැලවුම්කාරයාණන් වූ ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේගේ උපත පිළිබඳව කල් ඇතිව සිහිපත් කළ සුභාරංචි පොතෙහි සඳහන් අනාවැකියක් මෙසේය.”සමිදාණන් වහන්සේ නුඹලාට ලකුණක් දෙන සේක. බලන්න, කන්‍යාවක් ගර්භනීව පුත‍්‍රයකු වදා එම්මානුවෙල් යන නාමය ඔහුට තබන්නේය.”

 


”අපට ළදරුවෙක් උපන්නේය. එතුමා අපේ රජ වන සේක. එතුමා අසිරිමත් උපදේශකයාණෝය. පරාක‍්‍රමවත්  දෙවියන් වහන්සේය. සදාතන පියාණෝය. සාමයේ කුමාරයාණෝය” (යෙසායා)


දිවැස්වරුන්ගේ අනාවැකි සම්පූර්ණ වී ජේසු තුමාණන්ගේ අසිරිමත් උපත සිදුවන්නට අවශ්‍ය කටයුතු සූදානම් විය. ගාබි‍්‍රයෙල් දේවදූතයා කන්‍ය මරිය තුමියට මංගලම් කීමේ පණිවිඩය ශුද්ධ වූ ලූක් තුමාගේ සුවිශේෂයේ රමණීය ලෙසින් ඉදිරිපත් කර ඇත.


”සවැනි මස ගාබි‍්‍රයෙල් නම් දේවදූතයා දෙවියන් වහන්සේ  විසින් ගලීලයේ නාසරෙත් නම් නුවර විසූ දාවිත් රජ පරපුරෙන් පැවත එන ජෝසප් නම් මනුෂ්‍යයකුට විවාහ ගිවිසුම් දී සිටි කන්‍යාවක වෙත යවන ලදී. ඒ කන්‍යාවගේ නම මරියාය. දේව දූතයා ඈ සිටි තැනට පැමිණ විපුල ප‍්‍රසාද ලත් උත්තමිය! ඔබට මංගල වේ. ස්වාමීන් වහන්සේ ඔබ සමග යැයි කීය”


එහෙත් ඒ වදන් අසා විවාහ ගිවිසුම්දී සිටි මේ කාන්තාව අතිශයින් කැළඹුනාය. ඇයට එය විශ්වාස කළ නොහැකි සිදුවීමක් විය.


දේව දූතයා ඇයට කතාකොට ”මරියාණෙනි, බිය නොවන්න ඔබ දෙවියන් වහන්සේගෙන් ආශිර්වාද ලද්දීය. ඔබ පිළිසිඳගෙන පුතකු ලබන්නේය. උන් වහන්සේට ජේසු යන නාමය තබන්න. උන් වහන්සේ උතුම්ව මහෝත්තමයාණන්ගේ පුත‍්‍රයා යැයි කියනු ලබන්නේය. උන් වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැත්තේය.


සම්ප‍්‍රදායික යුදා කාන්තාවක් වූ ඇය තිගැස්සී දේව දූතයාට කතා කොට ”මට පුරුෂයකු නැති බැවින් මේක වන්නේ කෙසේ දැයි ඇසීය”
දේව දූතයා උත්තර දෙමින්
”ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි  පහළ වන සේක. පරමෝත්තමයාණන්ගේ  ආනුභාවද ඔබ වසා ගන්නේය. ඒ නිසා උපදින්නට සිටින තැනැත්තේ ශුද්ධය. දෙවියන් වහන්සේගේ පුත‍්‍රයාණෝ යැයි කියනු ලබන්නේය”


”මරියා ද බැලූව මැනව. ස්වාමීන්  වහන්සේගේ  දාසීය,  ඔබගේ වචනය ලෙස මට වේවා යැයි කීවාය”

ශුද්ධ වූ මතෙව් තුමා ශ‍්‍රාස්ත‍්‍රවන්තයන් තිදෙනාගේ පැමිණීම ආශ්චර්යවත් විලසින් සඳහන් කරයි. ප‍්‍රභාෂ්වරව පායා ඇති වල්ගාතරුවක් දුටු ඔවුහු ඒ ඔස්සේ ජේසුස් වහන්සේ උපන් ස්ථානය සොයා පැමිණියෝය.
”පෙරදිග ඔවුන් දුටු තාරකාව ළදරුවා උපන් තැනට අවුත් ඉහළින් නවතිනතුරු ඔවුනට පෙරටුවෙන් ගියේය. තාරකාව දැක ඔවුහු අතිශයින් ප‍්‍රීති ප‍්‍රමෝදයට පත්වූහ.


මෙහි දී ඔගස්ටස් අධිරාජයා පැනවූ නියෝගයක් මත ජන සංගණනයක් පැවැත්වීම සඳහා ජෝසප් ද දාවිත්ගේ වංශයට අයත් බැවින් තම විවාහ බස් දී සිටි මරියා ද සමග ගලීලියේ නාසරෙත් නුවරින් පිටත්ව යුදයාවේ බෙත්ලෙහෙම් දාවිත්ගේ නුවරට ගියේය. මරියතුමී ජුසේ තුමා විසින් රැුගෙන යන දුෂ්කර ගමනේදී මරිය තුමියගේ ප‍්‍රසව කාලය සම්පූර්ණ විය. තානායම්වල ඉඩ කඩ නොවූ බැවින් ඈ කුළුදුල් පුත‍්‍රයා වදා රෙදි වලින් ඔතා ගවයන් කන ඔරුවක තැබුවාය.


එෙඬ්රු රාත‍්‍රියේ බැටළු රැුළ පරෙස්සම් කරමින් පිට්ටනියේ සිටියහ. ස්වාමීන් වහන්සේගේ තේජස ඔවුන් අවට බැබළුනි. ඔවුහු අතිශය බයට පත්වූහ.


දේව දූතයා ඔවුනට කතාකොට
”බය නොවෙල්ලා, මුළු සෙනඟට ඉමහත් ආනන්ද ජනක මංගල පුවතක් මම ඔබ වෙත ගෙනෙමි. මක් නිසාදයත් ස්වාමි වූ ක‍්‍රිස්තුස් නම් ගැලවුම්කාරයෙක් නුඹලාට දාවිත්ගේ නුවර උපන් සේක. රෙදි වලින් ඔතා ගවයන් කන ඔරුවක බාවා ඉන්න ළදරුවෙක් නුඹලාට සම්බ වන්නේය. මේක නුඹලාට ලකුණ යැයි කීවේය”


එකෙනෙහිම දේව ¥තයා සමග මහත් ස්වර්ගීය සේනා සමූහයක් දෙවියන් වහන්සේට ප‍්‍රශංසා කළෝය.


”ඉතා උසස් තැන්හි දෙවියන් වහන්සේට මහිමයද මෙලොවෙහි සුසිත් ජනයන්ට සාමය ද වේවා”
එෙඬ්රු එහි ගොස් ළදරුවා දුටුවෝය. දෙවියන් වහන්සේට ඔවුහු ප‍්‍රශංසා කළෝය.


ශුද්ධ වූ මතෙව් තුමා ශ‍්‍රාස්ත‍්‍රවන්තයන් තිදෙනාගේ පැමිණීම ආශ්චර්යමත් විලසින් සඳහන් කරයි. ප‍්‍රභාෂ්වරව පායා ඇති වල්ගාතරුවක් දුටු ඔවුහු ඒ ඔස්සේ ජේසුස් වහන්සේ උපන් ස්ථානය සොයා පැමිණියෝය.


”පෙරදිග ඔවුන් දුටු තාරකාව ළදරුවා උපන් තැනට අවුත් ඉහළින් නවතිනතුරු ඔවුනට පෙරටුවෙන් ගියේය. තාරකාව දැක ඔවුහු අතිශයින් ප‍්‍රීති ප‍්‍රමෝද වූහ. ඔවුහු ගෙට වැද ළදරුවා සිය මව වූ මරියා සමග සිටිනු දැක පසඟ පිහිටුවා වැඳ සිය කරඬු හැර රන්ද, තුවරලා ද ගන්ධ රසද යන පඬුරු උන් වහන්සේට පිදූහ”.
තමාට වඩා උසස් රාජයකුගේ උත්පත්තිය සිදු වූ බව දැනගත් හෙරොද් රජ ශ‍්‍රාස්ත‍්‍රවන්තයන්ගෙන් තොරතුරු නොලැබීම හේතුවෙන් කෝපවී කුඩා දරුවන් සියල්ලම මැරීමට අණ කළේය. ඔවුන් ගිය කල්හි ස්වාමීන් වහන්සේගේ දූතයෙක් ස්වප්නයකින් ජෝසප්ට දර්ශනය වී ”දරුවාද මෑණියන් ද රැුගෙන මිසරයට පලා ගොස් මා දන්වනතුරු එහි සිටින්නට අණ කළේය.


”ඔහු රාත‍්‍රියේම ළදරුවා ද මෑණියන් ද රැගෙන මිසරයට ගොස් හෙරොද්ගේ මරණය තෙක් එහි සිටියෝය.


m



අදහස් (0)

අසිරිමත් කිතු උපත

විමුක්ති Wednesday, 07 January 2015 09:31 AM

මාගලී, නිකන්මෝඩ කතා කියන්න එපා. (නි)

:       1       1

ශිරන්ති Tuesday, 23 December 2014 06:41 PM

ලෝකයට සාමය ගෙනා සාම කුමරාගේ පුනරාගමනය කතෝලිකයන්ගේ බලාපොරොත්තුවයි. (නි)

:       1       2

සරසි Wednesday, 24 December 2014 06:20 AM

මේ අපගේ ආනන් දජනක මංගල දිනයි සැමට සුබ නත්තලක් වේවා (නදී)

:       2       0

මගලී ෆොන්සේකා Wednesday, 24 December 2014 07:39 PM

දැන් ලෝකෙට සාමයක් තියෙනවද අනේ ඉතින් (නදී)

:       2       0

විමුක්ති Wednesday, 24 December 2014 11:21 AM

සීනු හඬින් ලොව පිබිදෙනවා. නත්තල දොර ළඟ හිනැහෙනවා. ගවහලකට තරුවක් යනවා. අහසට පොලොව ගැටේ.අහසට පොලොව ගැටේ. (අ)

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1810 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1474 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site