
2014 බංග්ලාදේශයේදී 12 වැනි ආසියානු කුසලාන තරගාවලිය දෙසතියක් පුරා පැවැත්වුණේ කී‍්‍රඩා ලෝලීන් උද්දාමයට පත් කරමිනි. ටෙස්ට් කී‍්‍රඩා කරන රටවල් හතරක් සහ ඇෆ්ඝනිස්ථාන කණඩායම මෙවර කුසලානය සඳහා තරග වැදුණාහ. 2007 සහ 2011 පන්දුවාර 50 ලෝක කුසලනය සහ 2009 සහ 2012, පන්දුවාර 20 ලෝක කුසලාන තරගවල අවසන් තරගය තෙක් ආ ශී‍්‍ර ලංකා පිළට අවසන හිමිවූයේ අනු ශූරතාවය. එම අමිහිරි මතකයන්ද, මින් ඉහත සිව් වරක් එනම් 1986, 1997, 2004 සහ 2008 යන වසරවල ආසියානු කුසලානය ජයග‍්‍රණය කළ මිහිරි මතකයන්ද සිත්හි දරා ගනිමින් මෙවර අධිෂ්ඨාන පූර්වකව හා දැඩි ආත්ම විශ්වාසයකින් තරග වැදුණු ඔවුහූ තරගාවලිය පුරාම අපරාජිත කණ්ඩායම වෙමින් පස්වැනි වරටත් ආසියානු කුසලානය දිනා ගන්නට සමත් වූහ.
ලකුණු 261 ක ඉලක්කයක් හඹා ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායම තමන් හා අවසන් තරගයට මුහුණදුන් ප‍්‍රබල පාකිස්ථානු කණ්ඩායම කඩුලූ 5කින් පරාජයකොට ආසියානු කුසලානය ශ‍්‍රී ලංකාවට රැුගෙන ආහ. ශී‍්‍ර ලංකාවේ ජයග‍්‍රහණය පිළිබඳ ලොව විවිධ මාධ්‍ය ප‍්‍රශංසා මුඛයෙන් කථා කළේය. තරගාවලියේ අවසන් තරගයට පිවිසෙන්නට ඉන්දියානු පිල අසමත් වුව ද ඉන්දියානු පුවත්පත් ශ‍්‍රී ලංකාවේ ජයග‍්‍රහණය ඉතා විශිෂ්ට වූවක් බව ප‍්‍රකාශ කොට තිබිණි.

ප‍්‍රමුඛ පෙළේ ඉන්දියානු සඟරාවක් වන ”ඩෙසි බ්ලිට්ස් සඟරාව” ශී‍්‍ර ලංකාවේ ජයග‍්‍රහණය පිළිබඳව උදම් ඇනුවේ මේ අයුරිනි. ”සමස්ත තරගාවලිය පුරාම චමත්කාර ලෙසින් හා උද්යෝගිමත්ව තරග වැදුණු මරකත (එමරල්ඞ්) දිවයිනෙන් පැමිණි තරුණයෝ තම වෙහෙසට ලැබිය යුතු ජයග‍්‍රහණය හිමි කර ගත්හ. තරගයට පෙර පිටියේ වාර්තාව ගෙන ආ වසීම් අක‍්‍රම් පවසා සිටියේ මෙම තණතිල්ල මත පාකිස්ථානුවන් ලකුණු 300ක්වත් හඹා යා යුතු බවයි. එහෙත් හඹා යෑම වෙනුවට ප‍්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඔවුහු තීරණය කළහ. පාකිස්ථානුවන්ගේ අප‍්‍රසන්න අත්දැකීම ආරම්භ වූයේ පළමුවැනි ඕවරයේදීමය. ලසිත් මාලිංගගේ පන්දු යැවීම කොළ පැහැ ඇඳුමින් සැරසුණු මිනිසුන්ගේ අපේක්ෂා සුන්කරලීය. රෝලරයෙන් මනාව තලා සකස් කොට තිබූ තණතිල්ලක ප‍්‍රථමයෙන් පන්දුවට පහර දීමට පකිස්ථානු කණ්ඩායම ගත් තීරණය පුදුම එළවන සුළුය. ලකුණු 261ක ඉලක්කය හඹා යමින් පිටිය පුරාවටම පන්දුව එල්ල කරමින් ලකුණු ලබා ගත් කුසල් පෙරේරාගේ ප‍්‍රහාරාත්මක පිති හරඹය පාකිස්ථානු වේග පන්දු යවන්නන් අසරණ කළේය.”
|
|
”ටයිම්ස් ඔෆ් ඉන්ඩියා” පුවත්පත සඳහන් කරන්නේ තරගාවලිය පුරා ලකුණු අතර නොසිටි මහේල ජයවර්ධන අවශ්‍ය මොහොතේ දී තම කණ්ඩායමට සුවිශාල මෙහෙයක් ඉටු කළ බවය. ශී‍්‍ර ලංකාවේ විස්මිත දඟපන්දු යවන්නා වන අජන්ත මෙන්ඩිස් මෙම තරගයට නොකැඳවීමට ගත් තීරණය සහ පාකිස්ථානු කණ්ඩායමේ ආවේගකාරී පිතිකරුවා වන සාහිඞ් අෆි‍්‍රඞී පිතිකරු ලැයිස්තුවේ මුලින් කී‍්‍රඩා නොකිරීම පිළිබඳව ද බොහෝ දෙනකු විස්මයට පත්ව සිටි බව එම පුවත්පතේ සඳහන් විය. පරාජයට පත් පාකිස්ථානු නායක මිස්බා උල් හක් එම පුවත්පතට ප‍්‍රකාශ කර සිටියේ තම කණ්ඩායම ආසියානු කුසලාන පරාජයවීම අපේක්ෂා බිඳ වැටීමක් වුවද මාර්තු 16 වැනි දින ඇරඹෙන 20-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායමේ මානසික එ්කාග‍්‍රතාව ඉතා ඉහළ තලයක පවතින බවයි. |
හොංකොංහි ”ද ස්ටෑන්ඩර්ඞ්” පුවත්පත වාර්තා කොට තිබුණේ ලහිරු තිරිමාන්න පාකිස්ථානු පන්දු යවන්නන් හට එළවා එළවා පහර දී ආසියානු කුසලානය ශී‍්‍ර ලංකාව සතු කර ගත් බවයි. හතරේ පහර 13ක් සමඟින් ඔහු ලබාගත් ශතකය ශී‍්‍ර ලංකාවේ ජයග‍්‍රාහී මාවත තනා දුන් බවද එහි සඳහන් විය.
|
ශී‍්‍ර ලංකාව ආසියාවේ ආධිපත්‍යය තමන් සතුකරගත් බව”බංග්ලාදේශ් නිව්ස්” නම් බංග්ලාදේශ දිනපතා පුවත්පත පවසා තිබිණි. ”සිංහයෝ මෙම ජයග‍්‍රහණය සමඟ මෙතෙක් ඉන්දියාවට හිමිව තිබූ පස් වතාවක් ආසියානු කුසලානය හිමිකර ගැනීමේ වාර්තාව සම කළහ. ශී‍්‍ර ලංකාව සමස්ත තරගාවලිය පුරාම සිය උපරිම ශක්තිය කී‍්‍රඩාවට ලබා දුන්නේය. ලසිත් මාලිංග පන්දුවාර 10ක් තුළ ලකුණු 56කට කඩුලූ පහක් ලබා ගනිමින් පාකිස්ථානු කණ්ඩායමට මහත් හානියක් කළේය.” යනුවෙන් එහි සඳහන්වී තිබිණි. |
Zee නිව්ස් ඉන්ඩියා සඟරාව ද ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ගේ දස්කම් අගයකොට තිබිණි. මහේල ජයවර්ධනගේ කී‍්‍රඩා විලාසය පිළිබඳව ඔවුන් පළ කළේ මෙවන් අදහසකි. ”මහේල ජයවර්ධන 34 වැනි පන්දු වාරයේදී උමා ගුල්ට හතරේ පහරක් එල්ල කරමින් තම අර්ධ ශතකය ලබා ගත්තේය. ඔහු තම ලකුණු 76 ලබා ගත්තේ පාකිස්ථානු පන්දු යවන්නන්ගේ වර්ණ සෝදා හරිමිනි.”
|
BBC ලෝක සේවයේ කී‍්‍රඩා වෙබ් අඩවිය සඳහන් කොට තිබුණේ ශී‍්‍ර ලංකා කණ්ඩායම කුසල් ජනිත් පෙරේරාගේ හා කුමාර සංගක්කාරගේ දැවී යෑම හේතුවෙන් සුළු පසුබෑමකට ලක් වුවද තුන්වන කඩුල්ලට ඕවර 27ක් පුරා ලහිරු තිරිමාන්න සහ මහේල ජයවර්ධන රැුස් කළ ලකුණු 156 ශී‍්‍ර ලංකා කණ්ඩායම ස්ථාවරත්වයකට ගෙනආ බවය. තරගාවලිය පුරා ලකුණු අතර නොසිටි මහේල අවසන් තරගයේදී ලකුණු අතරට පැමිණි බවත් එක්දින තරග 15කට පසු ඔහු දිගු ඉනිමක් කී‍්‍රඩා කළ පළමු අවස්ථාව එය බවත් එහි සඳහන් වී තිබිණි.
|
NDTV Sports චැනලය ශී‍්‍ර ලංකාවේ ජයග‍්‍රහණය පිළිබඳව වාර්තා කළේ මෙලෙසය. ”ශී‍්‍ර ලංකාව නැවත වරක් ආසියානු කුසලානය තමන් සතු කර ගන්නට සමත් වී තිබේ. ලසිත් මාලිංගගේ විශිෂ්ට කඩුලූ 5ත්, ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්නගේ ශතකයත් පාකිස්ථානුවන්ගේ පරාජය සනිටුහන් කළේය. ලකුණු 260 වැනි හඹා යා හැකි ලකුණු ප‍්‍රමාණයකට පාකිස්ථානුවන් සීමා කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්වීම මත ඔවුහු ජයග‍්‍රාහි මාවත කරා පියමැන්නෝය. තරගය පාකිස්ථානුවන්ට වාසිදායක තත්ත්වයකට පෙරලනු ලැබුවේ සහීඞ් අජ්මල්ය. එහෙත් ඉතා හොඳින් පන්දු යැවූ පාකිස්ථානු කණ්ඩායමේ ප‍්‍රධානතම අවිය වූ අජ්මල් 15 වැනි ඕවරයෙන් පසුව ඉවත් කරනු ලැබීම පුදුම සහගත කරුණකි. අජ්මල් නැවත පන්දු යැවීම ආරම්භ කළේ 27 වැනි ඕවරයේ සිටය. එ් වනවිට ප‍්‍රමාද වූවා වැඩිය. එවිට තිරිමාන්න පන්දු 63 දී ලකුණු 64ක්ද මහේල පන්දු 55කදී ලකුණු 40ද රැුස්කරගෙන සිටියෝය. දුර්වල පන්දු රැුකීමත් උඩ පන්දු අතහැරීමත් ජයග‍්‍රහණය පාකිස්ථානුවන්ගෙන් ඈත් කළේය. පාකිස්ථානුවන්ට විශාලතම හානිය කළේ ලසිත් මාලිංගය. ඉන්පසු සුරංග ලක්මාල් කඩුල්ලෙන් කඩුල්ලට පන්දු යවමින් පාකිස්ථානුවන්ට සුපුරුදු ප‍්‍රහාරවලට යෑම වළකාලූයේය. පාකිස්ථානු පිතිකරුවන්ගේ අංක එකේ සතුරා ලසිත් මාලිංගය. ”
|
පාකිස්ථානයේ ඉංගී‍්‍රසි බසින් පළවන ”ද නේෂන්” පුවත්පතට අදහස් දැක්වූ මිස්බා උල් හක් පැවසුවේ ශී‍්‍ර ලංකා කණ්ඩායමට තර්ජනයක් එල්ල කරන්නට තම පන්දු යවන්නන් අසමත්වීම හේතුවෙන් කණ්ඩායම පරාජය වූ බවයි. ”අප කඩුල්ලෙන් කඩුල්ලට පන්දු යැවිය යුතුව තිබුණා. එහෙත් අපේ පන්දු යවන්නෝ ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට පහරවලට යා හැකි ආකාරයටයි පන්දු යැව්වේ. අජ්මල්ගෙන් පමණයි විශිෂ්ට පන්දු යැවීමක් දැකිය හැකි වුණේ.” අජ්මල් හොඳින් පන්දු යවන අවස්ථාවේ ඔහු ඉවත්කොට වෙනත් පන්දු යවන්නකු යොදවන ලද්දේ මන්දැයි එම පුවත්පතේ වාර්තාකරුවකු මිස්බාගන් විමසූ විට ඔහු පැවසුවේ කුසල් පෙරේරා සහ කුමාර සංගක්කාර දැවී යෑමෙන් පසුව මහේල සහ තිරිමාන්න අජ්මල්ගේ පන්දු ඉතා ඉවසිලිවන්ත ලෙස තෝරාබේරාගෙන තම කඩුලු ආරක්ෂා කර ගනිමින් පහර දුන් හෙයින් කෙසේ හෝ කඩුල්ලක් ලබා ගැනීම තම අරමුණ වූ බවයි එහෙයින් වෙනත් පන්දු යවන්නන් උපයෝගී කරගත්තද ඔවුන්ට කඩුලු ලබා ගත නොහැකි වූ බව මිස්බා පැවසූ බැව් ”ද නේෂන්” පුවත්පත වාර්තා කොට තිබිණි. |
ලන්ඩනයේ පළවන ”ඬේලි මේල්” පුවත්පත ”තිරිමාන්නගේ සහ ජයවර්ධනගේ සම්බන්ධතාව ශී‍්‍ර ලංකාව ජයග‍්‍රණයේ මාවත කරා ගෙන ගිය අඩිතාලම විය. මුල් පෙළේ පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට පිටියෙන් ඉවත් කිරීමටත්, පාකිස්ථානු කණ්ඩායම ලකුණු 260කට සීමා කරන්නටත් ලසිත් මාලිංග ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා පන්දු යවන්නන්ට හැකි වූ බැවින් ඔවුන්ට ජයග‍්‍රණය කරා පහසුවෙන් ළඟා විය හැකි විය.” යනුවෙන් ලියා තිබිණි. |
”යුරෝ ස්පෝර්ට්ස්” වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ තිරිමාන්නගේ ශතකය ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ජයග‍්‍රහණය තහවුරු කරන්නට සමත් වූ බවයි. අපරාජිත කණ්ඩායමක් ලෙස සමස්ත තරගාවලියම ජයගත් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය කණ්ඩායම ස්ථාවරත්වයකට පත් කරන්නට සමත් වූ බව ද එහි සඳහන් වී තිබිණි. තමා යැවූ ප‍්‍රථම පන්දු තුනට වේගයෙන් පහර දුන් පාකිස්ථානුවන්ගේ ප‍්‍රථම කඩුල්ල වූ ශර්ජිල් කාන් සිය හයවැනි පන්දුවෙන් දවාගත් ලසිත් මාලිංග සිය දෙවැනි ඕවරයේ අවසන් පන්දුවෙන් අහමඞ් ශේෂාඞ් දවාගෙන සිය තෙවැනි ඕවරයේ දී මොහොමඞ් හෆීස් දවා ගනිමින් පාකිස්ථානුවන් ඛේදනීය ඉරණමකට ගොදුරු කළේය.” යනුවෙන් එහි වැඩිදුරටත් සඳහන් විය.
|
එංගලන්තයේ පළවන ”ස්පෝට් ලයිෆ්” පුවත්පත ශී‍්‍ර ලංකා ජයග‍්‍රහණය පිළිබඳව සටහන්කොට තිබුණේ මේ අයුරිනි. ”ශී‍්‍ර ලංකාව සාර්ථක ආරම්භයක් ලබා ගත්තා. පළමු ඕවර දහය තුළ ලකුණු 56ක් ලබා ගන්නට ඔවුන්ට හැකි වුණා. පාකිස්ථානුවන් නැවත වරක් සිතා බැලිය කරුණක් වන්නේ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේ මන්දැයි යන්නයි.”
|
|
ඔස්ටේරලියාවේ ”කැන්බරා ටයිම්ස්” පුවත්පත ශී‍්‍ර ලංකාව පාකිස්ථානුවන් පරදා ආසියානු කුසලානය තම රටට ගෙන ගිය බැව් සඳහන් කොට තිබිණි. එ් සඳහා වැඩි දායකත්වයක් සපයන ලද්දේ ලහිරු තිරිමාන්න බවත්, ඔහු හා මහේල ගොඩ නැගූ ඉනිම පාකිස්ථානුවන්ට හිස රදයක් වූ බවත් එහි සඳහන් විය. |
ආසියානු කුසලානය දිනූ ශී‍්‍ර ලංකා කණ්ඩායම දිවයිනට පැමිණියේ මහත් ආඩම්බරයෙනි. ගුවන් තොටුපළේ සිට පෑලියගොඩ දක්වා සුඛෝපභෝගී බස් රථයකින් පැමිණි ඔවුන් එතැන් සිට විවෘත බස් රථයකින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කරා පැමිණියේ දහස් ගණන් කී‍්‍රඩා ලෝලීන්ගේ ඔල්වරසන් මධ්‍යයේය. ජයග‍්‍රාහී කණ්ඩායම ඉදිරියේ තවත් අභියෝගයක් තිබේ. එ් අද මාර්තු 16 වැනිදා බංග්ලාදේශයේ ආරම්භ වන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියයි. මින් ඉහත දෙවරක් අහිමි වූ එම කුසලානය ශී‍්‍ර ලංකාවට ගෙන එන්නට ඔවුන්ට හැකිවේද?

ප්රමුඛ පෙළේ ඉන්දියානු සඟරාවක් වන ”ඩෙසි බ්ලිට්ස් සඟරාව” ශී‍්‍ර ලංකාවේ ජයග‍්‍රහණය පිළිබඳව උදම් ඇනුවේ මේ අයුරිනි. ”සමස්ත තරගාවලිය පුරාම චමත්කාර ලෙසින් හා උද්යෝගිමත්ව තරග වැදුණු මරකත (එමරල්ඞ්) දිවයිනෙන් පැමිණි තරුණයෝ තම වෙහෙසට ලැබිය යුතු ජයග‍්‍රහණය හිමි කර ගත්හ. තරගයට පෙර පිටියේ වාර්තාව ගෙන ආ වසීම් අක‍්‍රම් පවසා සිටියේ මෙම තණතිල්ල මත පාකිස්ථානුවන් ලකුණු 300ක්වත් හඹා යා යුතු බවයි. එහෙත් හඹා යෑම වෙනුවට ප‍්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඔවුහු තීරණය කළහ. පාකිස්ථානුවන්ගේ අප‍්‍රසන්න අත්දැකීම ආරම්භ වූයේ පළමුවැනි ඕවරයේදීමය. ලසිත් මාලිංගගේ පන්දු යැවීම කොළ පැහැ ඇඳුමින් සැරසුණු මිනිසුන්ගේ අපේක්ෂා සුන්කරලීය. රෝලරයෙන් මනාව තලා සකස් කොට තිබූ තණතිල්ලක ප‍්‍රථමයෙන් පන්දුවට පහර දීමට පකිස්ථානු කණ්ඩායම ගත් තීරණය පුදුම එළවන සුළුය. ලකුණු 261ක ඉලක්කය හඹා යමින් පිටිය පුරාවටම පන්දුව එල්ල කරමින් ලකුණු ලබා ගත් කුසල් පෙරේරාගේ ප‍්‍රහාරාත්මක පිති හරඹය පාකිස්ථානු වේග පන්දු යවන්නන් අසරණ කළේය.”
හොංකොංහි ”ද ස්ටෑන්ඩර්ඞ්” පුවත්පත වාර්තා කොට තිබුණේ ලහිරු තිරිමාන්න පාකිස්ථානු පන්දු යවන්නන් හට එළවා එළවා පහර දී ආසියානු කුසලානය ශී‍්‍ර ලංකාව සතු කර ගත් බවයි. හතරේ පහර 13ක් සමඟින් ඔහු ලබාගත් ශතකය ශී‍්‍ර ලංකාවේ ජයග‍්‍රාහී මාවත තනා දුන් බවද එහි සඳහන් විය.
ශී‍්‍ර ලංකාව ආසියාවේ ආධිපත්‍යය තමන් සතුකරගත් බව”බංග්ලාදේශ් නිව්ස්” නම් බංග්ලාදේශ දිනපතා පුවත්පත පවසා තිබිණි. ”සිංහයෝ මෙම ජයග‍්‍රහණය සමඟ මෙතෙක් ඉන්දියාවට හිමිව තිබූ පස් වතාවක් ආසියානු කුසලානය හිමිකර ගැනීමේ වාර්තාව සම කළහ. ශී‍්‍ර ලංකාව සමස්ත තරගාවලිය පුරාම සිය උපරිම ශක්තිය කී‍්‍රඩාවට ලබා දුන්නේය. ලසිත් මාලිංග පන්දුවාර 10ක් තුළ ලකුණු 56කට කඩුලූ පහක් ලබා ගනිමින් පාකිස්ථානු කණ්ඩායමට මහත් හානියක් කළේය.” යනුවෙන් එහි සඳහන්වී තිබිණි.
Zee නිව්ස් ඉන්ඩියා සඟරාව ද ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ගේ දස්කම් අගයකොට තිබිණි. මහේල ජයවර්ධනගේ කී‍්‍රඩා විලාසය පිළිබඳව ඔවුන් පළ කළේ මෙවන් අදහසකි. ”මහේල ජයවර්ධන 34 වැනි පන්දු වාරයේදී උමා ගුල්ට හතරේ පහරක් එල්ල කරමින් තම අර්ධ ශතකය ලබා ගත්තේය. ඔහු තම ලකුණු 76 ලබා ගත්තේ පාකිස්ථානු පන්දු යවන්නන්ගේ වර්ණ සෝදා හරිමිනි.”
BBC ලෝක සේවයේ කී‍්‍රඩා වෙබ් අඩවිය සඳහන් කොට තිබුණේ ශී‍්‍ර ලංකා කණ්ඩායම කුසල් ජනිත් පෙරේරාගේ හා කුමාර සංගක්කාරගේ දැවී යෑම හේතුවෙන් සුළු පසුබෑමකට ලක් වුවද තුන්වන කඩුල්ලට ඕවර 27ක් පුරා ලහිරු තිරිමාන්න සහ මහේල ජයවර්ධන රැුස් කළ ලකුණු 156 ශී‍්‍ර ලංකා කණ්ඩායම ස්ථාවරත්වයකට ගෙනආ බවය. තරගාවලිය පුරා ලකුණු අතර නොසිටි මහේල අවසන් තරගයේදී ලකුණු අතරට පැමිණි බවත් එක්දින තරග 15කට පසු ඔහු දිගු ඉනිමක් කී‍්‍රඩා කළ පළමු අවස්ථාව එය බවත් එහි සඳහන් වී තිබිණි.
NDTV Sports චැනලය ශී‍්‍ර ලංකාවේ ජයග‍්‍රහණය පිළිබඳව වාර්තා කළේ මෙලෙසය. ”ශී‍්‍ර ලංකාව නැවත වරක් ආසියානු කුසලානය තමන් සතු කර ගන්නට සමත් වී තිබේ. ලසිත් මාලිංගගේ විශිෂ්ට කඩුලූ 5ත්, ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්නගේ ශතකයත් පාකිස්ථානුවන්ගේ පරාජය සනිටුහන් කළේය. ලකුණු 260 වැනි හඹා යා හැකි ලකුණු ප‍්‍රමාණයකට පාකිස්ථානුවන් සීමා කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්වීම මත ඔවුහු ජයග‍්‍රාහි මාවත කරා පියමැන්නෝය. තරගය පාකිස්ථානුවන්ට වාසිදායක තත්ත්වයකට පෙරලනු ලැබුවේ සහීඞ් අජ්මල්ය. එහෙත් ඉතා හොඳින් පන්දු යැවූ පාකිස්ථානු කණ්ඩායමේ ප‍්‍රධානතම අවිය වූ අජ්මල් 15 වැනි ඕවරයෙන් පසුව ඉවත් කරනු ලැබීම පුදුම සහගත කරුණකි. අජ්මල් නැවත පන්දු යැවීම ආරම්භ කළේ 27 වැනි ඕවරයේ සිටය. එ් වනවිට ප‍්‍රමාද වූවා වැඩිය. එවිට තිරිමාන්න පන්දු 63 දී ලකුණු 64ක්ද මහේල පන්දු 55කදී ලකුණු 40ද රැුස්කරගෙන සිටියෝය. දුර්වල පන්දු රැුකීමත් උඩ පන්දු අතහැරීමත් ජයග‍්‍රහණය පාකිස්ථානුවන්ගෙන් ඈත් කළේය. පාකිස්ථානුවන්ට විශාලතම හානිය කළේ ලසිත් මාලිංගය. ඉන්පසු සුරංග ලක්මාල් කඩුල්ලෙන් කඩුල්ලට පන්දු යවමින් පාකිස්ථානුවන්ට සුපුරුදු ප‍්‍රහාරවලට යෑම වළකාලූයේය. පාකිස්ථානු පිතිකරුවන්ගේ අංක එකේ සතුරා ලසිත් මාලිංගය. ”
පාකිස්ථානයේ ඉංගී‍්‍රසි බසින් පළවන ”ද නේෂන්” පුවත්පතට අදහස් දැක්වූ මිස්බා උල් හක් පැවසුවේ ශී‍්‍ර ලංකා කණ්ඩායමට තර්ජනයක් එල්ල කරන්නට තම පන්දු යවන්නන් අසමත්වීම හේතුවෙන් කණ්ඩායම පරාජය වූ බවයි. ”අප කඩුල්ලෙන් කඩුල්ලට පන්දු යැවිය යුතුව තිබුණා. එහෙත් අපේ පන්දු යවන්නෝ
”යුරෝ ස්පෝර්ට්ස්” වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ තිරිමාන්නගේ ශතකය ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ජයග‍්‍රහණය තහවුරු කරන්නට සමත් වූ බවයි. අපරාජිත කණ්ඩායමක් ලෙස සමස්ත තරගාවලියම ජයගත් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය කණ්ඩායම ස්ථාවරත්වයකට පත් කරන්නට සමත් වූ බව ද එහි සඳහන් වී තිබිණි. තමා යැවූ ප‍්‍රථම පන්දු තුනට වේගයෙන් පහර දුන් පාකිස්ථානුවන්ගේ ප‍්‍රථම කඩුල්ල වූ ශර්ජිල් කාන් සිය හයවැනි පන්දුවෙන් දවාගත් ලසිත් මාලිංග සිය දෙවැනි ඕවරයේ අවසන් පන්දුවෙන් අහමඞ් ශේෂාඞ් දවාගෙන සිය තෙවැනි ඕවරයේ දී මොහොමඞ් හෆීස් දවා ගනිමින් පාකිස්ථානුවන් ඛේදනීය ඉරණමකට ගොදුරු කළේය.” යනුවෙන් එහි වැඩිදුරටත් සඳහන් විය.
එංගලන්තයේ පළවන ”ස්පෝට් ලයිෆ්” පුවත්පත ශී‍්‍ර ලංකා ජයග‍්‍රහණය පිළිබඳව සටහන්කොට තිබුණේ මේ අයුරිනි. ”ශී‍්‍ර ලංකාව සාර්ථක ආරම්භයක් ලබා ගත්තා. පළමු ඕවර දහය තුළ ලකුණු 56ක් ලබා ගන්නට ඔවුන්ට හැකි වුණා. පාකිස්ථානුවන් නැවත වරක් සිතා බැලිය කරුණක් වන්නේ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේ මන්දැයි යන්නයි.”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විස්සයි 20 දිනුවොත් ඔය කියන පත්තර මොනව කියයිද ? අපිට ලෝක කුසලානය දිනන්න පුළුවන්. අපේ කොල්ලන්ට හදවතින්ම උදවු කරමු. ජය වේවා! (නදී)
අපේ රටේ අද කාලේ "ආඩම්බරයකට" තියෙන්නේ මෙච්චරක් පමණි. (ස)
පරිවර්ථනය හරිම හොඳයි. ළමයි ගැන අාඩම්බරයකුත් ලිපිය කියවගෙන යන්න අාශාවකුත් අැති වෙන්නේ ඒකයි.(නදී)
ඇත්තටම හොඳ ලිපියක්.කතෘ මණ්ඩලයට අපේ ප්‍රණාමය! හැමදාම දිනන්නෙත් නැහැ. හැමදාම පරදින්නෙත් නැහැ. එයයි ලෝක ස්වභාවය.මෙය සෑම දෙනාම තේරුම් ගන්න ඕනෑ. අපේ කොල්ලන්ට ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
අපේ සිංහ කොල්ලන්ගෙන අපට ආඩම්බරයි මේ පර අනිවාර්යෙන් කප් එක ලංකාවට (අ)
නියමයි...හොඳම හොඳ වැඩක් මේක... අපි කවුරුත් විශේෂයෙන් පිටරට පත්තර බලන්නේ නෑ නේ... එහෙම තියෙද්දි මෙහෙම දෙයක් කරපු එක ගොඩක් වටිනවා...(අ)
අපේ කොල්ලෝ කොහෙත් එක (දී)
මේක හරිම හොඳ ලිපියක් (දී)
විශ්ෂ්ටයි ...... නියමයි (දී)
ඇත්තටම මේක හොඳ දෙයක්. අපි පිටරට පත්තර බලන්නේ නැති නිසා අපේ කොල්ලන්ට ලැබී තිබෙන ප්‍රතිචාර ගැන හරිම ආඩම්බර හිතෙනවා. මේ වගේ ලිපි ඉදිරියටත් පළකරන්න. (නි)
ඇත්තටම හොඳ ලිපියක්. මේ වගේ ඒවා කියවන්න ආශා හිතෙනවා. මෙහෙම ලිපි ඉදිරියටත් පළකරන්න. (නි)
ඉතා හොඳ ලිපියක්... (නි)
නියම ලිපියක්. ස්තුතියි! (නි)
චන්ද්‍රසිරි මහත්මයගෙ අදහස හරි. ඒ වගේම අපිට මහත් ආඩම්භරයක් අපේ කණ්ඩායම. මෙවැනි ලිපි පළ කිරීම ගැන කතෘ මණ්ඩලයට ස්තූතියි. (ස)
ආඩම්බරයි පුතේ. (නි)
අපෙනුත් සුභ පැතුම්! (නි)
මගෙනුත් සුබ පැතුම්!(දී)
ඇත්තටම මේක හොද වැඩක්. අපේ රටේ දක්ෂතා පිටරටවල් වලින් මෙච්චර අගය කරන බව දැනගත්තේ අදයි. අපි බලාපොරොත්තු වෙමු ලංකාව T20 කප් එකත් මේ වගේම ගෙනෙයි කියල. (අ)
අපේ ක්‍රිඩකයින්ගේ දස්කම් පිටරටවල මිනිස්සු විතරක් දැනගෙන වැඩක් නෑ.අපේ ලංකවේ අයට මේ දේවල් තේරෙන්න ඕනි.ඇත්තටම හොඳ ලිපියක් මේක.ගොඩාක් ස්තුතියි මේ වගේ ලිපි පල කරනවට. (ස)
කෝ දැන් මේ තිරිමාන්නට බැන්න අපේ උදවිය? (නි)
හොඳ ලිපියක්...අපේ ක්‍රීඩකයන් කොච්චර අගය කරලා තියෙනවද...අපට ඒ ගැන කොච්චර ආඩම්බරයක්ද? අපි ශ්‍රී ලාංකිකයන් හැටියට. (ස)
හොද චැඩක්. ජය චේචා! 20-20 කුසලානයට අපි සුභ ප්‍රාර්ථනා කරමු. (නි)
ඇත්තටම හොඳ ලිපියක් මේක දැම්මට ගොඩක් ස්තුතියි..මේක කියවද්දී ලංකාව ගැන ලොකු ආඩම්බරයක් ඇති වෙනවා..(දිල්)
අපේ කොල්ලන්ගේ වැඩ නිසා ශ්‍රී ලංකාව ගැන පිටරට පත්තර කතා කිරිම හොඳ දෙයක් (නි)
ඇත්තටම මේක හොඳ වැඩක්. අපේ රටේ දක්ෂතා පිටරටවල් වලින් මෙච්චර අගය කරන බව දැනගත්තේ අදයි. අපි බලාපොරොත්තු වෙමු ලංකාව T20 කප් එකත් මේ වගේම ගෙනෙයි කියලා. අපි සුභ පතමු අපේ කණ්ඩායමට. (ස)
පිටරට මිනිස්සුන්ට අපේ ක්‍රීඩකයෝ වටිනවා උනාට අපේ ක්‍රිකට් පාලක මණ්ඩලයට ඔවුන් 12% වත් වටින්නේ නැහැ , (දී)
හොද ලිපියක්. ලොකු සතුටක් මේක කියවන්න ලැබීමත්... (නි)
සිංහ කොල්ලන්ට අපේ සුභ පැතුම්! (නි)
අපි අනිවාර්යයෙන් මෙවර ජය ගන්නවා. ඉතා හොඳ ලිපියක්. අපේ කොල්ලන්ට හදවතින්ම උදවු කරමු. ජය වේවා! (නි)
ඇත්තටම හොද ලිපියක්. වෙන රටවල පත්තර අපට කියවන්න ලැබෙන්නේ නැහැනේ. ස්තුති (දී)
හොද ලිපියක් පුවත්පත් වල ලින්ක් එකත් එක්ක දැම්මානම් තවත් හොදයි.(නදී)
නියම ලිපියක්. මේ වගේ ලිපි හැමදාම ලියන්න ස්තුතියි. (ස)
හොඳ ලිපියක් (නි)
ඔන්න අපේ ක්‍රීඩකයෝ සෙමි ෆයිනල් එකටත් ඇවිල්ලා. දැන් ක්‍රිකට පාලක මණ්ඩලය මොකද කියන්නේ? ක්‍රීඩකයන්ගේ ඉල්ලීම් දෙනවද? නැද්ද ? ගවයන්ගේ අයිතිවාසිකම් උදෙසා මරාගෙන මැරෙන මිනිස්සු ඉන්න ලංකාවේ අපේ වීරයන්ගේ අයිතිවාසිකම් උදෙසා පාරට බහින්න කවුරුවත් නැද්ද? (නි)
ඇත්තටම අපි 20/20 ගත්තේ සනත් ජයසුරිය ගත්ත තීරණය නිසා. අද චන්දිමල් කරපු කැපවිමත් අපි අමතක කරන්න හොඳ නැහැ.(නදී)