IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


අවසන් සටන් බිමේ වාහන අයිති කරුවන්ට

දශක ගණනාවක් පුරා ඇදී ගිය ඊළාම් සටන අවසන් කිරීමේ අවසන් මෙහෙයුම පැවතියේ පුදුමාතලන් හා වෙල්ලමුල්ලෙයි වෛක්කාල් භූමියේදීය. මෙහිදී යුද හමුදාවෝ එල්ටීටී ත‍්‍රස්තවාදය අවසන් කරන විට අවසන් සටන පැවැති භූමියේ තිබූ රථ වාහන සංඛ්‍යාව දහස් ගණනකි. ඊට අමතරව පාපැදි 20,000ක් සමගද යතුරු පැදි දහස් ගණනක්ද විය. යුද්ධය අවසන් කළ යුද හමුදාවෝ මුහුණ දුන් ඊළඟ අභියෝගය වූයේ මේ රථ වාහන තොගයම කුමක් කරන්නද යන්නයි. අවසන් සටන පැවැති සමයේ බිම් බෝම්බ විශාල ලෙස වළදමා තිබීම, එල්.ටී.ටී.ඊය තැනින් තැන ආයුද හා පුපුරණ ද්‍රව්‍ය වලදමා භූගත අවි ගබඩා සිය ගණනින් සකස් කර තිබීම ආදී හේතු නිසා සාමාන්‍ය ජනතාවට මෙම ප‍්‍රදේශ වෙත ඇතුළු වීම තහනම් විය. දේශීය සංචාරකයන් සඳහා අවසර  දුන්නද එම අවසරය ක‍්‍රියාත්මක වූයේ තෝරාගත් ස්ථාන කීපයකට යෑම සඳහා පමණි. කෙසේ නමුත් වසර තුනකට පසුව අවසන් සටන් පැවැති භූමියට විශේෂ අවසරයකින් තොරව  ඕනෑම අයෙකුට ඇතුළු වීමට මේ වන විට අවසර ලබා දී ඇත. ඒ අනුව මේ දිනවල වෙල්ලමුල්ල වෛක්කාල් භූමියට දිනපතා පැමිණෙන ජනතාව තමන්ට අයිතිව තිබූ රථ වාහන සොයා ඇවිදින ආකාරය දැකගත හැකිය. මා හට හමුවූ පෙරුමාල් පත්මනාදන්ද එවැනි අයෙකි. ඔහු පැමිණ තිබුනේ මන්නාරම ආන්දන්කුලම් ප‍්‍රදේශයේ සිටය. ඒ වන විට ඔහුට අයිතිව තිබූ ට‍්‍රැක්ටරය ගලවා එහි කොටස් තවත් ට‍්‍රැක්ටරයක පටවා රැගෙන යාමට සූදානම් කර තිබුණි. පත්මනාදන්ගේ ගමේ සිට අවසන් සටන් පැවති භූමියට තිබෙන දුර ප‍්‍රමාණය කිලෝ මීටර් 250ක් පමණය. ”මන්නාරම් ට‍්‍රැක්ටරේ කොහොමද මෙහෙම ආවෙ” මම ඇසීමි. ”ඒක ඉතිං ප‍්‍රභාකරන්ගෙයි යුද හමුදාවෙයි වැඬේ නිසා තමයි එහෙම උනේ” ඔහු කීවේය. සැබවින්ම ඔහුගේ කතාවේ සත්‍යයක් ඇත. ඒ මක් නිසාද යත් යුද හමුදා මෙහෙයුම් කරගෙන ගිය ආකාරය හා එල්.ටී.ටී.ඊ.ය විසින් ඊට දැක්වූ ප‍්‍රතිචාරය අනුව මෙම රථ වාහන තොගය ගොඩ ගැසී තිබුණි. එය සිදුවන්නෙ මේ ආකාරයෙනි. යුද හමුදාව විසින් වන්නිය මුදා ගැනීමේ මෙහෙයුම ආරම්භ කරනු ලැබුවේ 2007 මාර්තු මාසයේදීය. වැඩි ශබ්දයක් බද්දයක් නැතිව මෙම මෙහෙයුම ආරම්භ කරන ලැබුවේ වව්නියාව පෙරියතම්පනේ ප‍්‍රදේශයෙන්ය. මෙම මෙහෙයුමේ අවසන් ඉලක්කය ප‍්‍රභාකරන් නැමැති තනි පුද්ගලයකු කොටු කර ගැනීම බව කිසිවෙකු හෝ සිහිනෙන් හෝ නොසිතුවේය. පැති කීපයකින් මෙහෙයුම් ආරම්භ කර හමුදා සේනාංක ඉදිරියට එනවිට එල්.ටී.ටී.ඊ.ය සාමානය වැසියන්හට දුන් උපදෙස වූයේ තමන් සමග පසුපසට එන ලෙසත් යුද හමුදාව ඉදිරියට ඒමට ඉඩහැර ප‍්‍රහාර එල්ල කර අහිමි වූ භූමිය අයිති කර ගන්නා බවත් පසුව එල්.ටී.ටී.ඊ පාලනය යටතේ තම ගම්බිම්වල පදිංචි විය හැකි බවත්ය. එහෙත් එය යථාර්ථයක් නොවූ  සිහිනයක්ම විය. හමුදාව ඉදිරියට එන විට වන්නි ජනතාව තම බඩු මුට්ටු රථ වාහන, යතුරු පැදි, පාපැදි, බරකරත්ත වල පටවාගෙන එල්.ටී.ටී.ඊ.ය සමග පසුපසට ගමන් කරන්නට වූහ. එසේ ගිය ගමනේ අවසන් නැවතුම වූයේ පුදුමාතලන් හා වෙල්ලමුල්ලි වයික්කාල් භූමියයි. මුහුදින් ද නන්දිකඩාල් කළපුවෙන්ද වටවූ කිලෝ මීටර් 12ක් පමණ දික්වූ පටු වැලි තීරුවකට ඔවුහු කොටුවූහ. ඒ වන විට වව්නියව, මන්නාරම, යාපනය, මුලතිව් හා කිලිනොච්චි යන දිස්ත‍්‍රික්ක පහකට අයත් ලක්‍ෂ තුනක පමණ ජනතාවද ඔවුන් සතුව තිබූ රථවාහන  දහස් ගණනක්ද උතුරේ රජයේ ආයතන සතුව තිබූ රථ වාහන සිය ගණන්ද එල්.ටී.ටී.ය සතුව තිබූ රථ වාහන දහස් ගණනක්ද වර්ග කිලෝමීටර් කීපයක් වැලි භූමියේ ගාල් වී තිබුණි. මුල්ලවෛක්කාල් භූමියේ උග‍්‍ර ආහාර හිඟයක් පැවති අතර එහි සිටි ජනතාවට බඩගින්නට ආහාර මිසක් රථවාහනවල කිසිදු වටිනාකමක් නොතිබිණි. ලිපිය කියවන අයකුට පිළිගැනීමට නොහැකි වුවද සත්‍ය කථාව නම් යුද්ධයේ අවසන් කාලයේදී යතුරු පැදියක් පොල් ගෙඩි දෙකකටද, අලූත්ම ත‍්‍රිරෝද රථයක් පොල්ගෙඩි පහකටද, ඩොල්ෆින්, ප‍්‍රාඩෝ, ට‍්‍රැක්ටර් ආදී රථ සහල් ගෝනියකටද අවසන් සටන් පැවැති භූමියේදී මිල නියම වී තිබුණි. එවැනි හුවමාරුවක් කිරීමටද ගැනුම්කරුවකු සොයා ගැනීමට ඉතා අපහසු වූ බව වන්නි රථ වාහන හිමියෝ එකල පැවසූහ. කෙසේ නමුත් 2009 අපේ‍්‍රල් 21 දා පුදුමාතලන් කොටස යුද හමුදාව අත්පත් කරගත් අතර 2009 මැයි 18 දා වන විට වෙල්ලමුල්ලි වෛක්කාල් කොටස යුද හමුදාව විසින් අත්පත් කරගෙන තිබුණි. අවසන් සටනෙන් ද පරාජයට පත් එල්.ටී.ටී.ඊ.ය විසින් කෝටි ගණන් වටිනා රථ වාහන වලට ගිනිතබා විනාශ කර තිබුණි. වන්නි මානුෂීය මෙහෙයුම අවසන් කළ යුද හමුදාවට අවසානයේ ඉතිරි වූයේ දහස් ගණනක රථ වාහන සුසාන භූමියකි. සැබවින්ම මෙම වාහන කන්දරාවට කුමක් කරන්නේද යන්න යන අභියෝගය රජයට ලැබී තිබුණි. වසර තුනක් පුරා සිය ගණන් සෙබළු යොදා වාහන ඉවත් කර රජයේ ආයතන හා පොලිසි වෙත භාර දුන්නද තවත් රථ වාහන දහස් ගණනක් ඉතිරි වී ඇත. කිසිදු ආරක්ෂාවක් නොමැති නිසා බොහෝ වාහන අව්වට හා වැස්සට නිරාවරණය වී විනාශ වී ගොසිනි. මේ වන විට රථ වාහන හිමිකරුවන්ට භාරදීමේ කාර්යාලයක් වෙල්ලමුල්ල වෛක්කාල් භූමියේ පිහිටුවා ඇති අතර යුද හමුදාව හා පොලිසිය එහි රාජකාරි කරති. ලියවිලි ඉදිරිපත් කර වාහනයේ අනන්‍යතාව සනාථ කිරීමෙන් පසුව වාහනය ඉවත්කරගෙන යාමට අවසර දෙන බව එහි නිලධාරියෙක් කීවේය. අබලන් ලොරියක් ඇදගෙන යන අයෙකු මා හට හමුවිය. ”මහත්තයා සාමය තියෙද්දී මම මේ ලොරිය ලක්‍ෂ 21කට ගත්තෙ. යුද්ධයේ අවසාන කාලයේ ළමයි බඩගින්නෙ ඉන්න නිසා හාල් තුනපහ ටිකකට ලොරිය විකුණන්න හැදුවත් කවුරුවත් ගත්තෙ නැහැ. ලොරියෙ අදහස අතහැරලා ගියාට ආයිත් ලැබුණා. මේකෙ වටිනා කොටස් ගොඩක් නැහැ. ඒත් කෑලි වලට විකුණුවත් ලක්‍ෂ 2-3ක් සොයා ගන්න පුළුවන්. මේ යුද්දෙ අපට පුදුම අත්දැකීම් ටිකක් දුන්නෙ මහත්තයා. ඔහු කීවේය.

සටහන හා ඡායාරූප -  ඕමන්තේ ප‍්‍රියන්ත හේවගේ



අදහස් (0)

අවසන් සටන් බිමේ වාහන අයිති කරුවන්ට

රිෂාන් Sunday, 02 September 2012 01:37 PM

කාර්, වෑන්, බයික්.... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 490 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 387 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 295 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1432 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 75 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 677 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 585 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 152 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1176 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site