‘ජනාධිපතිවරයා විසින් විභාග කටයුතු විදුහල්පතිවරුන්ට බාරදෙන ලෙස නියෝග කරන ලදී. ප‍්‍රශ්නයට පිළිතුර මෙයද? විදුහල්පතිවරුන්ගෙන් විභාග කටයුතු පළාත් විභාග දෙපාර්තමේන්තුවට ගත්තේ හේතු ගණනාවක් මතයි. එය අධ්‍යාපනයේ ඉදිරි පියවරකි. දැන් ජනාධිපති පවසන පරිදි සියල්ල විදුහල්පතිට පවරා ඇති හෙයින් ඇමැතිවරුන් නිදහස් වනු ඇත. ලේකම්වරු අධ්‍යක්‍ෂකවරු දුව දුව නිදහස් වෙති. ”ඇයි මෙහෙම දරුවන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරන්නේ? පාසල් වියේ දරුවෙකුගේ අධ්‍යාපනයේදී වසරක සිදුවන වරදක් නැවත නිවැරැදිකර ඒ දරුවාට ඒ වසර නැවත ලබාදිය නොහැක. අද ලෝකය දියුණුය. තාක්ෂණය දියුණුය. අධ්‍යාපන ක‍්‍රම හා උපක‍්‍රම ඉතා දියුණුය. වාර විභාග ප‍්‍රශ්න පත‍්‍රයක් නිවැරැදිව සකස් කිරීමට නොහැකි වීම හදපු එකාගේ ගොන්කමය. සෝදුපත් බැලූ එකාගේ මෝඩකම නැත්නම් නොසැලකිලිමත්කමය. විභාග ප‍්‍රශ්න පත‍්‍ර ටියුෂන් පන්තිවල ඉගැන්වීම හොරකමකි. ඊටත් වඩා ජාවාරමකි. ඒ වැරදි හදන්න හොරුන් වංචාකාරයින් එලවන්න. අපේ අධ්‍යාපනය නවීන තාක්ෂණය සමඟ ඉදිරියට ගෙනියන්න.”
2025 ඔක්තෝබර් මස 08
1476
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1320
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අරගලයේ වේදිකාව වෙනස් වීම
ගාමිණී සේරසිංහ Saturday, 01 September 2012 12:00 AM
2/3ක බහුතරයක් ඇති රටක තනි මතයේ ක්‍රියාවල ප්‍රතිඵල.. රටේ අනාගතය විනාශ කිරීමේ වැඩපිළිවෙල නවත්තන්න නම් ශක්තිමත් විපක්ෂයක් අවශ්‍යයි..!!(නු)
කුමුදු Saturday, 01 September 2012 12:56 AM
කිසිම විෂයක් හරියට කර ගැනීමට බැරි දුර්වල අය. මොන පක්ෂයේ හිටියත් වැඩක් නැහැ..!!(නු)
සුමනා Friday, 31 August 2012 04:36 PM
හැමදාමත් යුද්ධය දිනුවා දිනුවා කිය කියා හිටියොත් රට ආගාධයට යාවි. රටේ හොද විපක්ෂයක් තිබුණා නම් මෙහෙම වෙන්නේ නැහැ. (නි)
ප්‍රදීප් Saturday, 01 September 2012 10:53 AM
ලංකාවේ අධ්‍යාපනය නැති කරලා ඉන්න හැටි විතරක්. ඔය කාගෙවත් ළමයි ලංකාවේ නැහැ. ලංකාවේ අහිංසකළමයිගේ ජීවිත එක්ක සෙල්ලම් කරනවා. ඔබ තුමාලට පව් ඔය කරන වැඩ වලට (දී)
ඉෂාර Friday, 31 August 2012 11:12 PM
වටිනා කාලින විවරණයකි. වැරදිකරුවෝ කවරහුද යන්න දෙස් දෙවොල් තියනවාට වඩා වරද කොතැනද යන්න විමසිම වටි. අධ්‍යාපනයට සම්බන්ධ උසස් තනතුරු වලට උගත් පාලකයන් සිටීම සතුටට කරුණකි. නමුදු ඔවුන් උගත් තරමට බුද්ධිමත් ද යන්නද ගැටඵවකි. දම්වැලක එක් පුරුකක් බිදුනහොත් එහි අනෙක් කොටස් කෙතරම් ශක්තිමත් වුවද ඉන් පලක් නැත. නුතන අධ්‍යාපන ක්ෂෙත්‍රයද එසේය. යම් යම් කාර්යයන් කිරිමට එම කාර්යයන් සම්බන්දව විශේෂිත හැකියාවන් හා දක්ෂතා ඇති, දැන උගත් පුද්ගලයන් සිටිය යුතුය. ඹවුන් සිටිය යුතු තැන්වල වෙනත් විවිධ බලපුළුවන් කාරයන් සිටින්නේ නම් එය මෙවැනි අර්බුද සමුදායක හේතු සාධකය විය හැකි වන්නේය. මේ පිළිබදව මහාචාර්ය නලින්ද සිල්වා මහතා විසින් විශ්ලේෂණාත්මක අධ්‍යනයක් මෙම සබැදියේ ඇත.http://www1.kalaya.org/2012/08/2.html (නි)