IMG-LOGO

2025 අගෝස්තු මස 21 වන බ්‍රහස්පතින්දා


අපලෙන් මිදෙන්න නැව් සමාගම නම වෙනස් කරයි

සිෂෙල්ස් දූපත ආසන්න මුහුදේ දී අනතුරට පත් කොස්තා අලේග්‍රා ඉතාලි මගී නැව දින හතරකට පසු මාහේ වික්ටෝරියා වරායට ගෙනවුත් ඇත. සි‍ෂෙල්ස් දූපතේ සිට කිලෝමීටර් 390ක් ගැඹුරු මුහුදේ පාවෙමින් තිබූ නැව වික්ටෝරියා වරායට ඇදගෙන ඒමට පැය 30කට වඩා වැඩි කාලයක් ගතවීය. දින හතර පුරා හෙලිකොප්ටර් යානා මගින් සැපැයුණු පාන් ආහාරයට ගනිමින් කුසගින්න නිවාගත් බවත් වැසිකිලි පද්ධතිය අවහිර වීමෙන් මහත් අපහසුවට පත් වූ බවත් මගීහු පවසති. විදුලි ජනන යන්ත්‍රවල හටගත් ගින්නකින් නැව අනතුරට පත් වන විට රටවල් 62ක් මගීහු 627 දෙනෙක් එහි වූහ. ඉන් මගින් 251 දෙනකු නැවත සිය රටවල් බලා පිටත් වූ අතර 379 දෙනෙක් තව දින 10ක් සිෂෙල්ස් දූපතේ  තම නිවාඩුව ගත කරති.  ඔවුන් සදහා අධි සුඛෝපභෝගී හෝටල් කිහිපයක් තම වියදමින් වෙන් කළ බවත් සිය රටවලට ගිය මගීන් සඳහා විශේෂ ගුවන් යානා හතරක් සපයා දුන් බව කොස්තා කොර්වේරා නැව් සමාගම පවසයි. මාස දෙකකදී නාවික අනතුරු දෙකක් සිදු වීමත් සමග කොස්තා කොර්වේරා සමාගමේ නම වෙනස් කිරීමට ඇමෙරිකා කර්නවාල් නාවික සමාගම සැරසෙයි. කොස්තා කොර්වෙරා සමාගම ඉතාලියට අයත් වුවද එහි වැඩි කොටස් අයිතිය ඇමෙරිකා කර්නවාල් නාවික සමාගමට හිමිය. කොස්තා කොර්වෙරා සමාගමට අයත් සුඛෝපභෝගී මගී නැව් 15ක් රට රටවල ධනවතුන්ගේ චාරිකා සඳහා යොදවා ඇත.



අදහස් (0)

අපලෙන් මිදෙන්න නැව් සමාගම නම වෙනස් කරයි

අනුරාධ Friday, 02 March 2012 12:48 PM

හොද පින්තූර ටිකක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 49 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 141 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 180 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

Our Group Site