ප‍්‍රවීණ නළු ජෝ අබේවික‍්‍රම නොසිටින්නට ”පුරහඳ කළුවර” කියා සිනමා නිර්මාණයක් බිහිවන්නේ නැත. ඒත් එනමින් චිත‍්‍රපටයක් තිබිය හැකිය. ඊට හේතුව ජෝගේ රංගන ප‍්‍රතිභාව එම සිනමා පටය පුරාම දක්නට ලැබීමය. පසුගියදා පැවැති පළාත් සභා තුනක මැතිවරණ ප‍්‍රතිඵල දෙස බලන විටද කියන්නට තිබෙන්නේ ද ඒ ටිකමය. එනම් ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ නායකත්ව ආකර්ෂණය එම මැතිවරණය පුරාම දක්නට ලැබීමය. ඔහු නොසිටින්නට සන්ධානයක් තිබිය හැකිය. එහෙත් ජයග‍්‍රහණයක් නම් පහසු වන්නේ නැත. සාමාන්‍යයෙන් පළාත් සභා හා පළාත් පාලන ආයතනවල මැතිවරණය පවතින රජයට වාසිදායකය. ඒ සාධකය කෙසේ වෙතත් මෙවර පළාත් සභා මැතිවරණයේ දී ජයගන්නා පාර්ශ්වය සම්බන්ධයෙන් කිසිවෙකුට චකිතයක් සැකයක් තිබුණේ නැත. එක්සත් ජනතා නිදහස් සන්ධානය මැතිවරණයට ප‍්‍රවිෂ්ට වූයේම මහෞෂධ කුමරු හඳුන් කැටයක් අතින් ගෙන ඉපදුණා සේ ජයග‍්‍රහණය දෝතින්ම ගෙනය. එම ජයග‍්‍රහණය තුළින් මීට ඉහත පැවැති (2008) පළාත් සභා මැතිවරණයටත් වඩා ඡන්ද ප‍්‍රමාණය හා මන්තී‍්‍ර ආසන ගණන සබරගමුවේ හා උතුරුමැද වැඩිකර ගැනීම පිටුපස කි‍්‍රයාත්මක වූ බලවේගය ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ කීර්තියම බව පැහැදිලිය. එය මැතිවරණ ව්‍යාපාරය දෙස බැලූ විට ද පෙනේ. ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මැතිවරණ රැලිවලින් පමණක් නොව ඔහු ජනතාව අතරට ගොස් අල්ලාප සල්ලාපවල යෙදීමත් සමගම එක්සත් ජනතා නිදහස් සන්ධානයට බැන බැන ”ඡන්දය දෙම්දෝ මුංට පාඩමක් උගන්වන්න ගෙදර නවතිම්දෝ” කියා හිතමින් සිටි ශී‍්‍ර ලංකා කාරයන්ගේ මනස වෙනස්විය. ”අපේ ළඟට ආවනේ” ”කව්ද බං?” ”ඇයි මනුස්සයො දැක්කේ නැද්ද?” ”ජනාධිපති තුමා” සමහර තැනක ගැමියන් ගැමි වහරෙන්ම කතා බස් කරන්නට වූයේ එහෙමය. මේ නිසා ජයග‍්‍රහණයේ වැඩි ඡන්දය එතුමාගේය. ඊට කණවැල ඇල්ලීම මෙතුමන්ලාගේ වාගේය. සමහර තැනක කරටකර සටනක ජයග‍්‍රහණය පහසු ජයක් කර දීමේ වගකීම නිතැතින්ම ගලායන්නේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂටය. ඊට හේතුව පසු ගිය 2008 පළාත් සභා මැතිවරණයට සාපේක්‍ෂව එක්සත් ජාතික පක්ෂය ඡන්ද වැඩිකරගත් තැන්ද එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද අඩුකරගත් තැන්ද දක්නට ලැබීමය. මෙහි දී එක්සත් ජාතික පක්ෂයේ නිල තර්කය වන්නේ උතුරුමැද හා සබරගමුවේ දී තම පක්ෂය පසුගිය මහා මැතිවරණයටත් වඩා මෙම පළාත් සභා මැතිවරණයේ දී ඡන්ද ප‍්‍රමාණය වැඩිකර ගත් බවය. මෙය කසාද බැඳීම කෙසේ වෙතත් බලල ගියත් ඇතැයි සතුටුවන නාකි ළමිස්සියකගේ ප‍්‍රාර්ථනාවලට සමානය. තර්කයක් ලෙස යූ.ඇන්.පි.ය පවසන කාරණයේ සත්‍යයක් ඇත. එහෙත් පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵල මහා මැතිවරණය ප‍්‍රතිඵල හා සැසඳීමක යෙදෙන්නේ නැත. ඊට හේතුව සාමාන්‍යයෙන් පළාත් සභා මැතිවරණයක දී ඡන්දය පාවිච්චිකරන ප‍්‍රමාණය ප‍්‍රතිශතයක් ලෙසින් වාර්තා වන්නේ අඩුවෙනි. මහා මැතිවරණයක දී ඊට වඩා ඉහළ ප‍්‍රතිශතයක් ඡන්ද පොළට පැමිණේ. සාමාන්‍යයෙන් පළාත් සභා මැතිවරණයක දී ඡන්ද පොළට පැමිණෙන ප‍්‍රතිශතය 60% සිට 70% දක්වා පරාසයක පිහිටන අතර මහා මැතිවරණයක දී එය 70% සිට 75%ක් හා සමහර තැනක 80% දක්වාත් ඉහළ ප‍්‍රතිශතයක් ගනු ඇත. පසුගිය මහා මැතිවරණයේ දී දක්නට ලැබුණේ එම ප‍්‍රතිශතයේ අඩුවීමකි. උතුරුමැදට හා සබරගමුවට සාපේක්‍ෂව බැලූවත් පසුගිය මහා මැතිවරණයේ දී අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ ඡන්දය දීමේ ප‍්‍රතිශතය 61%කි. පොළොන්නරුවේ 66%කි. රත්නපුරයේ 65%කි. කෑගල්ලේ 63%කි. ඊට හේතුව යූ.ඇන්.පී. කාරයන්ගෙන් කොටසක් යූ.ඇන්.පි.ය එපා වී ගෙදර නැවතීම යැයි සිතේ. එක්සත් ජාතික පක්ෂයේ තර්කයට අදාළව ගත්කල එම පිරිසෙන් කොටසක් මේ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දීමට පැමිණ ඇත. එය අලූත් ඡන්ද එකතුවීමක් නොව පැරණි ඡන්දවලින්ම කොටසක් නැවත පැමිණීමය. මේ නිසා රත්නපුර හා කෑගල්ල දිස්ති‍්‍රක්කවල පසුගිය මහා මැතිවරණයේ දී (2010දී) සියයට 28%ක් වූ එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ප‍්‍රතිශතය මෙවර සියයට 35% දක්වා වැඩිකර ගැනීමට එම පක්ෂයට හැකි වී තිබේ. එහෙත් අදාළ දිස්ති‍්‍රක්ක දෙකේම මෙවර පළාත් සභා මැතිවරණයේ දී ඡන්ද පොළට පැමිණ ඇත්තේ කෑගල්ලේ දී සියයට 67% කි. රත්නපුරයේ දී සියයට 62%කි. මෙම ගණන ප‍්‍රතිශතය පසුගිය පළාත් සභා (2008) ඡන්දයට වඩා අඩු ප‍්‍රතිශතයකි. සමස්තයක් ලෙස ගත් කල ද මෙවර අදාළ පළාත් සභාවල ඡුන්දය දීම සඳහා පැමිණි ප‍්‍රතිශතය ගියවරට (2008) වඩා අඩු අගයක් ගෙන තිබේ. සමහර විචාරකයන් මෙය හඳුන්වන්නේ ආණ්ඩුවට කළ අනතුරු ඇඟවීමක් ලෙසය. මෙම තර්කය ගොඩනැඟෙන්නේත් යුද්ධයක් පවතින, යුද මෙහෙයුම් පවත්වනු ලැබූ වකවානුවක පළාත් සභා ඡුන්ද පොළට පැමිණි පිරිසවත් යුද්ධය ජයග‍්‍රාහීව අවසන් කර, රට නිදහස ලබා වේගවත් සංවර්ධන ගමනක නිරත වන යුගයක නොපැමිණීම යන සාධකය සැලකිල්ලට ගෙනය. පළාත්බද හා ප‍්‍රාදේශීය තලයේ ආණ්ඩුවේ ගෝලබාලයන්ගේ හැසිරීම, සංවර්ධනය ගමට ගෙන යෑමේ දී පැනනැඟ ඇති ගැටලූ හා දුෂණ අක‍්‍රමිකතා මීට හේතු වී ඇද්දැයි කියන්න දන්නේ නැත. මේ නිසා ලැබූ ජයග‍්‍රහණය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පදනම් කරගෙන ලැබූ බව තවදුරටත් තහවුරු වෙනවා වාගේය. එසේ නම් සමහර අපේක්‍ෂකයන් ඉහළ මනාපයක් වාර්තා කරන්නේ කෙසේ ද යන ප‍්‍රශ්නය පැනනඟී. නෑදෑ සබඳතා මෙන්ම ඔවුන්ගේ ජනපි‍්‍රයත්වය ද ඊට හේතු වී තිබේ. එහෙත් එම මනාප ප‍්‍රතිශතය කැපී පෙනෙන ජයග‍්‍රහණයක් තම පක්ෂයට ලබාදීමට හේතුවන්නේ නැත. මේ අතර රජයට අනතුරු ඇඟවීමක් ද ඇතැයි යන තර්කය මෝඩ ලෙසින් හෝ දැඩි පක්ෂපාත බව නිසා හෝ බැහැර කළ නොහැක. ග‍්‍රාමීය සංවර්ධනයේ ඇත්ත ස්වභාවය දැකගැනීම ගමට ම යා යුතුය. උදාහරණයක් ලෙස ප‍්‍රධාන මංමාවත් හා නගර ආශි‍්‍රත පාරවල් කාපට් අතුරා ඉහළම තාක්ෂණයකින් යුතුව සකස් කර ඇති අතර ගම ඇතුළට යන විට ඒ සෝබනය සමහර තැනක දකින්නට නොලැබේ. සමහර ඒවායේ මිනිසුන්ට තියා හරකුන්ටවත් යා නොහැක. ඊට හේතුව කොන්කී‍්‍රට් පාරවල් කඩතොළු වූ තැන්වල වළගොඩැලිවලට හරකුන්ගේ කුර කැඞී යාමය. මේ සම්බන්ධයෙන් මැතිවරණ ව්‍යාපාරය අතර තුර හදිස්සියේම සමහර ගම්තුළට ගිය ජනධිපතිවරයා පවා පුදුමයට පත් වූ බව දැනගැනීමට තිබේ. මේ ආණ්ඩුවෙන් ගමට වැඩක් සිදු වී නැතැයි මින් අදහස් නොවේ. ඡන්ද ප‍්‍රතිඵලය තුළින් ද එය තහවුරු වේ. එහෙත් ”මංමාවත් සංවර්ධනය” ග‍්‍රාමීය වශයෙන් කැපීපෙනෙන සංවර්ධන මාපකයක් සේ සැලකේ. සමහර තැනක එය නිසි පරිදි ඉටු නොවන්නේ නම් ජනයා දොස් කියන්නේ සමස්ත ග‍්‍රාමීය සංවර්ධනයටය. එහි දී කී දෙනකුට රැකියා ලැබුණා ද, නගරයට පැමිණීම හෝ නගරයෙන් නගරයට ගමනාගමනය පහසු වීම, හැම තැනටම වාගේ විදුලිය ලැබීම වැනි කාරණා ගැන සමහරු තැකීමක් කරන්නේ නැත. ජනයාගේ සාමාන්‍ය ස්වභාවයත් එයමයි. මේ නිසා ආණ්ඩුව ඡන්දය අඩු කරගන්නේ සංවර්ධනය නොකිරීම නිසා නොවේ. පවතින සංවර්ධන ගමන හරහා ඇස් පනාපිට දක්නට ලැබෙන නාස්තිය, දුෂණ හා විවිධ අක‍්‍රමිකතා නිසා යැයි කියවේ. ඒවා ඔප්පු කිරීමට නොහැකි වුව ද ඒ පිළිබඳ යථාර්ථය සැඟවිය නොහැකිය. මේ මැතිවරණයේ අනතුරු ඇඟවීම් වෙත්නම් මේවාය. මේ අතර නැගෙනහිර පළාතේ ප‍්‍රතිඵලය අනෙත් පළාත් දෙකටම වඩා වෙනස්ය. එහි දී ද්‍රවිඩ සන්ධානය පළාත් සභා ක‍්‍රමයට අනුගත වීම අඩුවෙන් තක්සේරු කළ නොහැක. ඔවුන් ජාතිවාදී ද නැද්ද යන කාරණය පසෙකින් තැබුව ද වසර 25ක පළාත් සභා ඉතිහාසය තුළ ඔවුන් එම ක‍්‍රමයට අනුගත වන්නේ මේ මැතිවරණයේ දී ය. සාමාන්‍යයෙන් මේ පළාතේ සුවිශේෂී ලෙස හිස ඔසවාගෙන සිටි ජාතික මට්ටමේ දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය යි. එදා කල්කුඩාව, පොතුවිල්, සමන්තුරේ වැනි ආසනවලට යූ.ඇන්.පි.යෙන් මන්තී‍්‍රවරුන් තේරීපත් වූයේ ද, මඩකළපුවේ දෙවැනි මන්තී‍්‍රවරයා එම පක්ෂයෙන් පත්වූයේ ද ද්‍රවිඩ, මුස්ලිම් ජාතිකවාදී දේශපාලන පදනම අභිබවා යමිනි. 1977 කේ.ඩබ්. දේවනායගම් නමැති එ.ජා.ප. මන්තී‍්‍රවරයා පත්වන්නේ ද්‍රවිඩ පක්ෂ අභිබවා මඩකළපු දිස්ති‍්‍රක්කයේ කල්කුඩා ආසනයෙනි. අද එම ආසනයෙන් එ.ජා.ප.ය ලබාගන්නා ඡන්ද සංඛ්‍යාව 1014කි. මෙවන් පදනමක එම ආසනයම මෙවර ද්‍රවිඩ සංගමය අභිබවා දිනාගැනීමට එ.ජා.නි. සන්ධානය සමත්ව තිබේ. එසේම නැගෙනහිර පළාතේ එක්සත් ජාතික පක්ෂයෙන් අහිමිවන ජාතික තලයේ දේශපාලන පදනම රැකගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත්ව සිටී. මෙවර විශේෂත්වය ද්‍රවිඩ සංගමය හා මුස්ලිම් කොංග‍්‍රසය අභිබවා යන ඡන්ද පදනමක් තනි කණ්ඩායමක් ලෙස එ.ජ.නි.ස. අත්පත්කර ගැනීමය. (එ.ජ.නි.ස. 200,044ක් ද, ද්‍ර.සං. 193,827ක් ද, මු.කො. 132,917ක්ද) එය බහුතරය නොවීම පළාතේ යථාර්ථයට අනුව සිදුවන්නකි. මෙහි දී මඩකළපුව දිස්ති‍්‍රක්කයේ සන්ධාන ලැයිස්තුවේ ප‍්‍රමුඛයා ලෙස නැගෙනහිර හිටපු මහ ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් ලැබූ 22,338ක මනාප ඡන්ද ප‍්‍රමාණය සුවිශේෂය. කෙළින්ම එය ජාතික සමගිය වෙනුවෙන් ලැබූ ඡන්ද ප‍්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකිය. සිංහල පදනමක් සහිත ජාතික දේශපාලන සන්ධානයකින් ඉදිරිපත් වී මෙම මැතිවරණයේ අමාරුම ජයග‍්‍රහණය වාර්තා කරන්නේ ඔහුය. එසේම සුළු පක්ෂ ජයග‍්‍රහණයට පමණක් පාවිච්චි කර බත් පිඟානේ කරපිංචා ගාණට ඉවත් කරනු ලබන මහ පක්ෂවල කැත සම්ප‍්‍රදායට අමාත්‍ය විමල් වීරවංශ කනේ පහරක් එල්ල කර තිබේ. එය ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයෙන් ඔහුගේ පක්ෂය එක් අසුනක් ජය ගැනීමෙන් පැහැදිලි වේ. එය සන්ධානය තුළ තමන් ද බලවේගයක් බව ඔප්පු කළා වාගේ ය. මේ මැතිවරණයේ දී යූ.ඇන්.පි.ය පරාජය වුවත් පසුගිය මහා මැතිවරණයේ දී පවා ගෙවල්වල සිටි යූ.ඇන්.පී. කාරයන් නැවත මහා මැතිවරණයකට පෙර එන පළාත් ඡන්දයක දී අළු ගසා දමා ඡන්ද පොළට පැමිණෙන්නේ මන්දැයි කල්පනා කිරීම ද ආණ්ඩුවට වැදගත් වේ. එම ඡන්ද ප‍්‍රමාණය යූ.ඇන්.පි.යට නැවත ආණ්ඩුවක් හැදීමට ප‍්‍රමාණවත් නොවෙතත් විපක්ෂයක් ලෙස යම් බලපෑමක් එල්ල කිරීමට ප‍්‍රමාණවත් සාධකයක් වනු ඇත. එසේම මෙම පළාත් සභා මැතිවරණයේ දී පැහැදිලි වන තවත් යථාර්ථයක් වන්නේ ආණ්ඩුවට විකල්පයක් ලෙස පවතින්නේ එක්සත් ජාතික පක්ෂයම බවය. එහෙත් එය සාම්ප‍්‍රදායික විකල්පයක් වුව ද ප‍්‍රතිපත්තිමය විකල්පයක් වී නොමැත. ඒ තාක් දුරට යූ.ඇන්.පි.යට විපක්ෂයේම සිටිය හැකිය. මීට අමතරව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සතු ජන ආකර්ෂණය වෙනසක් සිදු නොවී තිබීමත් මෙහි දී බැහැර කළ නොහැකි සාධකයකි.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අපරාජිත සාධකය
දිනේෂ් Friday, 14 September 2012 06:04 PM
මැතිවරණයේ ප‍්‍රතිඵල වලින් ඒක පෙනවා (දී)
දිනේෂ් Friday, 14 September 2012 06:04 PM
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සතු ජන ආකර්ෂණයයි (දී)
සමන් Friday, 14 September 2012 12:38 PM
අපිට වැඩක් නැහැ ඕව
නාලිකා Saturday, 15 September 2012 01:30 AM
වසර ගණනාවක්ම දිනන්නත් පිනක් තියෙන්න ඕනේ (දී)
නෙඉල් Saturday, 15 September 2012 02:43 AM
කතාවනම් සහතික ඇත්ත (දී)
රාජා Saturday, 15 September 2012 06:23 PM
ඇත්තම කියනවනන් මිනිස්සු ජන්දෙ දෙන්නෙ ජනාධිපති තුමාට. එතුමා නැතිනන් හම්බවෙයි.. ගෝලයින්ගෙ දක්ෂකම්වලට..!!(නු)
කදුරට රාජා Saturday, 15 September 2012 07:28 PM
ජනාධිපතිතුමා ඉන්නකම් හොදයි (දී)
අචිනි Saturday, 15 September 2012 09:43 AM
ජයග්‍රහණය පෑදීමේ සාධක .............මැර බලය හා අවි බලයයි. ජය වේවා..(ස)
අනුරාධා Friday, 14 September 2012 03:40 PM
අනේ ,මන්දා නේද