IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


අපෙන් සමුගන්නා පත්තර මිතුරා

එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා හදිසියේ අභාවප‍්‍රාප්ත වූ බවට පළවූ ප‍්‍රවෘත්තිය කනවැකුණු සැණින් අපට දැනුණේ ළෙංගතු සහෘදයකු අප හැර ගිය මොහොතක හදවතේ ගැඹුරටම දැනෙන ගැඹුරු වේදනාවය. ඔහු එපමණටම පත්තරයටත්, පත්තර කාර්යාලයටත් බොහෝ ළෙංගතු මිතුරකුව සිටියේය.

දේශපාලනඥයකු මියගිය විට ඔහු පිළිබඳව ගුණකථන ලිපියක් පළවීම සාමාන්‍ය සිදුවීමක් වුවද මෙම සටහන එයින් වෙනස්වන්නකි. එයට හේතුව, මේ සටහන දේශපාලනඥයකු සම්බන්ධයෙන් නොව, පත්තරයටත් පත්තර කාර්යාලයටත් බොහෝ ළෙංගතු සහෘදයකු සම්බන්ධයෙන් ලියැවෙන හෙයිනි.

දේශපාලනඥයෝ බොහෝවිට මාධ්‍යයත් සමග සමීප සබඳතා ගොඩනගා ගැනීමට උත්සාහ කරති. එහෙත් ඒ උත්සාහය ඔහු බලයට පැමිණි පසු නතර වේ. එබඳු ඇතැම් දේශපාලනඥයන් ප‍්‍රවෘත්තියකට අදාළ තොරතුරක් දැනගැනීමට හෝ දුරකථනයෙන්වත් සම්බන්ධ කරගත නොහැකිය. දොස්තර ජයලත් ජයවර්ධන වෙනස් වන්නේ එතැනදීය. ඔහු විපක්ෂයේ මන්ත‍්‍රීවරයකුව සිටියදීත් පත්තර කාර්යාලයට ආවේය. ඒ බොහෝවිට අප රෑ වැඩකරන දිනයන්හිදීය. එසේ පැමිණෙන ඔහු කර්තෘ මාණ්ඩලිකයන් සමග පමණක් නොව අපගේ කාර්යාල කාර්ය සහායකයන් සමග ද සුහද කතාබහක යෙදේ. පිටට තට්ටුවක් දමයි. අසනීපයකට ගැනීමට බෙහෙතක් ලියා දෙයි. ඔහු අපට ”දොස්තර මහත්තයාම” වූයේ එසේය.

2001-2004 ආණ්ඩු කාලයේ ඔහු ඇමතිවරයෙකි. ඇමතිවරයකු වූයේ යැයි කියා ඔහුගේ සිරිත් වෙනස් වූයේ නැත. රෑ දෙගොඩහරි ජාමයේ හෝ ඔහු දුවගෙන එන්නේය. ඒ ආරක්ෂකයන් හෝ නොමැතිවය. ඇමතිකමේ මහන්තත්වය පෙන්නුම් කිරීමේ වුවමනාවක් ඔහුට නොතිබිණි. ඇතැම් විට පෙර සතියේ ඔහු විවේචනයට ලක්කළ පුවතක් හෝ ලිපියක් පළවී තිබුණ ද ඒ පිළිබඳව වචනයක් හෝ ඔහු කතා නොකරයි. ඔහුගේ ඇසුර අපට අපේ රස්සාවට බාධාවක් නුවූයේ එහෙයිනි. ඔහු අපට අපූර්ව මිනිසකු වන්නේ ද එහෙයිනි.

මැදියම් රැයේ වුවද ඔහුව සම්බන්ධකර ගත හැකිය. මාධ්‍යවේදියකුට වෛද්‍ය ප‍්‍රතිකාරයක් අවශ්‍ය වුවහොත් තරාතිරම් හෝ පක්ෂ පාට භේදයක් නොතකා ඔහු එය තමන්ගේ වැඩක් බවට පෙරළාගෙන ක‍්‍රියාත්මක වෙයි. අදාළ ස්ථානවලට කතා කර ”අනේ අපේ පත්තර මිත‍්‍රයෙක් එනවා. අවශ්‍ය දේවල් කරන්න” ඔහු ක‍්‍රියාත්මක වන්නේ එහෙයිනි.

හදිසියේ දිවි ගමනෙන් සමුගෙන තිබෙන්නේ ඔහුය. බලයේ සිටියදීත් විපක්ෂයේ සිටියදීත් නොවෙනස්ව කටයුතු කිරීම වර්තමානයේ බොහෝ දේශපාලනඥයන් වෙතින් පළ නොවන දුර්ලභ ගුණයකි. ඇමති ධුරය දරන සමයේදීත් පත්තර කන්තෝරුවලට ගොඩවැදී දුක සැප විමසා ගිය එකම ඇමැතිවරයා ඔහු විය හැකිය. පත්තර ජීවිතයේ මට ඔහු කිසිදා අමතකව නොයන දේශපාලන චරිතයක් බවට පත්වන්නේ එම පසුබිම තුළය.

ඔහු උපතින් කතෝලික බැතිමතෙකි. එහෙත් ඔහු කිසි විටෙකත් පටු ආගම්වාදී ගොහොරුවේ නොගිලූනේය. ඔහු භික්ෂූන් වහන්සේලා සමග ඉතා සමීප සබඳතාවක් පැවැත්වීය. ඇතැම්විට ඔහු බෞද්ධයකු යැයි වරදවා වටහා ගැනීමට පෙළඹෙන තරමට ඔහු පන්සල ළඟින් ඇසුරු කළේය. එමෙන්ම ඔහු නිර්දය විවේචනවලට ලක්වූ අවස්ථා ද විය. එහෙත් කිසිවිටෙකත් ඔහු සැලූනේ නැත. ”දේශපාලනය කරනවා නම්  ඕවා දරාගන්න වෙනවා” ඔහු නිතරම කීවේය. එබඳු දේශපාලනඥයන් ද අද හිඟය.

ජයලත් ජයවර්ධන නමැති දේශපාලනඥයා අකල්හි දිවි ගමනින් සමුගැනීමෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන භූමිය තුළ මහා හිඩැසක් නිර්මාණය වන්නේ එහෙයිනි. එහෙත් මරණය වෙනස් කළ නොහැකිය. ඇරැයුම ලැබුණු කල්හි ඒ ගමන යා යුතුය. ඔහු අද ගියේ ඒ ගමනය.

ඔබට සුවබර රාත‍්‍රියක්!

 

ආරියනන්ද දොඹගහවත්ත

 



අදහස් (0)

අපෙන් සමුගන්නා පත්තර මිතුරා

සදුනි Monday, 03 June 2013 04:50 PM

කෙනෙකු මිය ගියපසු වැරදි සෙවීම ශ්‍රී ලාංකීය අපට තරම් නොවේ. ඔබට මොක්සුව....! (නි)

:       0       0

චූලා Monday, 03 June 2013 01:42 PM

කට්ටිය කියන විදිහට ඔබ හොද මනුස්සයෙක් වෙන්න ඇති. කොටි ගැනත් ඔබ ශ්‍රද්දවෙන්ම හිතන්න ඇති ඒ කලේ.නමුත් කොටි නම් එහෙම අපි ගැන හිතුවේ නැහැ. (ස)

:       0       0

ශීලා Monday, 03 June 2013 01:40 PM

ඒ කාලේ ඔබතුමාට කට්ටිය කිවුවේ කොහොමද? දැන් කොහොමද කට්ටියගේ කතාව.... (නි)

:       0       0

සේන Monday, 03 June 2013 01:40 PM

මට තියන ප්‍රශ්නේ ඇයි ඔබ කොටින්ට ආවඩා නම සවුත්තු කර ගත්තේ කියා.(නදී)

:       0       0

ලසන්ත Monday, 03 June 2013 01:44 PM

ඔබට නිවන් සුව ! (ස)

:       0       0

රාජිත Tuesday, 04 June 2013 09:41 AM

සදුනි මෙහෙමයි.... මනුස්සයෙක් මැරුණාට පස්සේ වැරදි සෙවීම නවත්වන්න (දී)

:       0       0

පද්මිණි Monday, 03 June 2013 01:54 PM

මාධ්‍යට ගොඩාක් සම්භාන්ධයි මෙතුමා (දී)

:       0       0

නලින් Thursday, 06 June 2013 07:45 PM

දේශපාලනය කියන්නේ ජාතිභේදය ආගම්භේදය නැති කෙනෙක් වෙන්න ඕනේ යහපත් දේ යහපත්.(නදී)

:       0       0

සාගර Tuesday, 04 June 2013 10:45 AM

ඔබට නිවන් සුව ලැබේවා

:       0       0

සිංහ Tuesday, 04 June 2013 10:45 AM

ලංකාවේ දේශපාලනයට වුන ලොකු පාඩුවක් (දී)

:       0       0

උමේෂ් Thursday, 06 June 2013 08:27 PM

ඔබ සැමදා අමරණීයයි. ඔබ මිනිසත්කමින් පොහොසත් පුද්ගලයකි. (නි)

:       0       0

චන්දික Tuesday, 04 June 2013 02:21 AM

කනගාටුයි . ඔබට නිවන් සුව

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1554 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1360 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site