පිටසක්වළින් අපේ ලෝකයට පිවිසෙන යානා පිළිබඳව වඩාත් හොඳ අත්දැකීම් ඇත්තේ ගුවන් නියමුවන්ටයි මේ ලිපියෙන් කතා කරන්නේ මෙලොව ගුවන් නියමුවන්ගේ පිටසක්වළ යානා පිළිබඳ අත්දැකීම් කිහිපයකි.
වාර්තා වී ඇති පිටසක්වළ යාත‍්‍රා පිළිබඳ අපේ ගුවන් නියමුවන්ගේ ප‍්‍රථම අත්දැකීම ශ්‍රී ලංකාව නිදහස ලබාගත් වකවානුව වෙයි. 1948 ජූලි මස 24 වැනිදා මෙම අපූරු අත්දැකීම උරුම වූයේ ඇමෙරිකානු ගුවන් හමුදාවේ කපිතාන් ක්ලැරන්ස් චිලී සහ ගුවන් නියමු ජෝන් බී විටඞ්ය.
ඔවුන් පැදවූ ඞී.සී. 3 ගුවන්යානය ඇට්ලන්ටා සිට ඇලබාමා බලා යාත‍්‍රා කරමින් තිබුණි. වෙලාව පාන්දර දෙකයි හතළිස් පහවීය. අහසේ තමා ඉදිරියෙන් ඇති ආලෝක ධාරාව කපිතාන් ක්ලැරන්ස් සසල කළේය. ‘‘මොකක්ද මේ ආලෝකය’’ ඔහු තම සගයාගෙන් විමසීය.
‘‘මාත් මේ ඔබෙන් විමසන්න හැදුවා විතරයි’’ ජෝන් පිළිතුරු දුන්නේය.
‘‘එය අපේ පැත්තටයි එන්නේ......’’
යානය යාත‍්‍රා කරමින් තිබුණේ මහපොළවේ සිට අඩි පන්දහසක් ඉහළිනි.
අසාමාන්‍ය හැඩයක් ඇති අඩි හාරසීයක් තරම් දිග යානයක් දෙදෙනාට පැහැදිලිව දක්නට හැකිවිය. එය හැඩයෙන් සමානවූයේ සිගරට්ටුවකටය.
‘‘ඒක යානයක්මයි...... අත්තටු පිහාටු කිසිවක් නැහැ. හරියටම සිගරට්එකක් හැඩය ඇති..... ලොකු විශ්කම්භයක් තියෙන අඩි හාරසියයක් තරම් දිග යානයක්. යානය දෙපැත්තේ ජනෙල් කවුළු පෙලක් තිබුණා.... එය පැහැදිලිව අප දුටුවා...... සුදුම සුදු ආලෝකයක් ඉන් විහිදුනා...... ඒ ආලෝකයෙන් අපි ජනෙල් පෙල දුටුවා...... යාත‍්‍රාව යටින් විහිදුනේ ගන නිල් ආලෝකයක්......’’
1940 දශකයත් 1950 දශකයත් පිටසක්වළ යානාවන් හමුවීමේ සිද්ධීන් ඇමෙරිකානු ගුවන් නියමුවන් නිතර නිතර වාර්තා කළ අවස්ථා උදාවීය. ඒ සමගම ඇමෙරිකානු යුද නිලධාරීන් විසින් වෙළෙඳ සමාගම්වල ගුවන් නියමුවන්ගේ පිටසක්වළ යානා සමඟ ඇතිවෙන අත්දැකීම් පිළිබඳ නිදහසේ කතා කිරීමේ වාරන නියෝගයක් ඇති කළෝය.
මේ තහංචිය ඇමෙරිකාවට පමණක් සීමා වූ අතර කැනඩාවේ ගුවන් යානයක් 1966දී අත්වින්ද එක්තරා සිද්ධියක් ලොව පුරා පතළවිය. ඞී.සී. 8 යානය මේ සිද්ධියට මුහුණ දෙන අවස්ථාවෙහි මුහුදු මට්ටමේ සිට අඩි 35000ක් ඉහළින් පියාසර කරමින් තිබුණු අතර යානය පේරු සිට මැක්සිකෝව බලා පියාසර කරමින් තිබිණි. කපිතාන් රොජර් මිල්බෑන්ක් පමණක් නොව ඔහුගේ සහයකයා ඇතුළු කාර්ය මණ්ඩලයම මේ අපූරු අත්දැකීම බෙදා ගත්හ. යානාව ඉදිරියෙන් දිස්වූ ආලෝක දෙකක් කෙමෙන් ඇතට විදින ආලෝක දෙක්ක බවට පත්වී වී අකුරේ හැඩයට යානය ඉදිරියට ආලෝක ධාරාව යොමු කළේය.
‘‘ඒ ආලෝක ධාරාව අපේ ගුවන් යානයට තව තවත් සමීප වී ගුවන් යානාවට ඉහළින් යානයේ වම් පස පිහාටුවට ඉහළින් දිස්වුවා..... එදා හොඳින් හඳ එළිය තිබුණු රාත‍්‍රියක් නිසා මේ ආලෝකය විහිදවූ යානයේ යම් හැඩයක් දකින්නට අපට හැකිවුවා. අපේ යානයට ඉතාම සමීපව විනාඩි කිහිපයක් තිබී යානය ගමන්කර අප පසු පසට නොපෙනී ගියා.....’’ කපිතාන්වරයා මැක්සිකෝ නිලධාරීන්ට තම අත්දැකීම නිල වශයෙන් පැමිණිලි කළ අතර පිටසක්වළ යානා පිළිබඳ අත්දැකීම් අතර එම පැමිණිල්ල අදත් සුරක්‍ෂිතවී තිබේ.
1954 කැනේඩියානු ගුවන් නියමුවකුගේ අපූරු පිටසක්වළ යානා අත්දැකීමක් ‘‘ඩන්ටාරියෝ ඬේලි ප්‍රෙස්’’ නම් පුවත්පත වාර්තා කළේය.
මේ සිද්ධිය ද ගුවන් නියමු ප‍්‍රැන්සිස් බොයිඞ් පමණක් නොව, ඔහුගේ කාර්ය මණ්ඩලයම අත් විඳ ඇත. ජූලි 06 වැනිදා සිදුවූ මේ අත්දැකීම පිළිබඳ මේ පුවත්පත කතුවැකියක්ද පල කළෝය.
ඔහු පවසන ආකාරයට විශාල මවු යානයක් සහ උපයානා හයක් ඔවුන්ට දැක ගත හැකිවී ඇත. විනාඩි දහ අටක කාලයක් තිස්සේ මේ යානා දකින්නට බොයිඞ් සහ පිරිසට හැකිවී තිබේ. මේ විනාඩි දහ අටක කාලය තුළ ඔවුන්ගේ යානය සැතපුම් අසූවක් තරම් දුර පියාසර කර ඇත.
‘‘මේක අපූරු අත් දැකීමක්...... මං විතරක් නොවෙයි මගේ පිරිසම දැක්කා...... ඔවුන් අපට අන්තරා කාරී පිරිසක් වීමට නොහැකියි. ඔවුන්ගේ යානා අපේ තොරතුරු සොයනවා විනා ආක‍්‍රමණ ශීලී නොවේ යැයි මගේ හිතට ආවා..... යි බොයිඞ් සඳහන් කර ඇත.
1970 දී බි‍්‍රතාන්‍ය ගුවන්යානාවක් පෘතුගාලයේ ලිස්බන් නුවර ඉහළින් පියාසර කරද්දී මේ අත් දැකීමට පාත‍්‍රවීය. ඔහුගේ ගුවන් යානය අසලින් පියාසර කරන නන්නාඳුනන යානයක් පිළිබඳ සංඥාවක් ඔහුගේ යානයට ලැබුණි. එයාර් ට‍්‍රැෆික් පාලක මැදිරියෙන් නිකුත් කළ මේ නිවේදනය ඔහු සසල කළේය. ඒ සමගම ඔහු තම සහයකයන් වහාම දැනුවත් කළේය.
මොහොතකින් ඔහු දුටුවේ ආලෝක ධාරා විහිදුවන සිගරට්ටුවක හැඩයගත් යානයක් තම යානය අසලින්ම පියාසර කරන බවයි. ගුවන් නියමුවා හා කපිතාන්වරයා තමා ජීවිතයේ ප‍්‍රථම වතාවට අත්දකින පිටසක්වළ යානයේ අත් දැකීම ගුවන් යානයේ මගීන් සමඟ බෙදා හදා ගන්නට කල්පනා කළේය. ඔහු යානයේ ශබ්ද විකාශන සේවාවෙන් මගීන් අමතා කතා කළේය.
‘‘මිත‍්‍රවරුණි..... ඔබට අසම සම අත් දැකීමක් අත් විඳින්නට වරමක්.... කරුණාකර යානයේ වම් පස බලන්න..... ඔබට දකින්නට ලැබෙන්නේ පිටසක්වළින් පැමිණි නාඳුනන යානාවක් විය යුතුමයි...... මං හිතුවා මේ අත්දැකීම ඔබ සමඟ බෙදා ගන්නට....’’ ගුවන් යානයේ සියලූම මගියෝ.... කපිතාන්වරයාගේ පණිවිඩයත් සමඟ පිබිදී මේ අසාමාන්‍ය අත්දැකීම ලබා ගත්හ. වැඩිම සංඛ්‍යාවක් එකවර අහසේදී දුටු නාඳුනන යාත‍්‍රාව මෙය බවට ලෝක වාර්තාවක් තබා ඇත. ගුවන් මගීන් මිශ‍්‍ර හැඟීම් වලින් මේ අත්දැකීම් බෙදා ගත්හ. බිය සතුට සැකය අසහනය ත‍්‍රාසය යන හැඟීම්වලින් මගියෝ අත්දැකීම් ලදහ.
1979 දී ස්පාක්‍ද්ක්‍ද මගී ගුවන් යානයකට නාදුනන පිටසක්වළ යානයක් සමඟ වෙනත් ආකාරයක අත් දැකීමකට මුහුණ දීමට සිදුවීය. එම රාත‍්‍රියේ මෙම මගී යානය ලිබියාවේ සිට ස්පාක්‍ද්ක්‍ද ප‍්‍රධාන නගරය වෙත පියාසර කරමින් තිබිණි. යානය සිටියේ මුහුදු මට්ටමේ සිට අඩි 24000ක් ඉහළිනි.
ආලෝක ධාරා ගුවන් යානය පියාසර කරමින් සිටි දිසාවෙහි ඉදිරියෙන් මතුවෙනු කපිතාන්වරයා දුටු අතර පාලක මැදිරියට වහා දන්වා සිටියේය. මේ ආලෝකය ගුවන් යානයට කෙළින් ප‍්‍රතිවිරුද්ධව වේගයෙන් ඉදිරියට එන බව කපිතාන්වරයා වහාම වාර්තා කළේ මහත් කලබලයෙනි. කපිතාන් වරයා වහා ආරක්‍ෂක විධි ක‍්‍රියාත්මක කොට මගීන් දැනුවත් කරමින් කඩිනම් ක‍්‍රියාමාර්ග ගනිමින් යානය ධාවනයවන මාර්ගය ක්‍ෂණයකින් වෙනස් කළේ ගැටීම වැළැක්වීම සඳහාය. මේ සිද්ධිය රෙඩාර් යන්ත‍්‍රවල පැහැදිලිව සටහන් විය.
එපමණක් නොව මහපොළවේ සිට දහස් සංඛ්‍යාත පිරිසක් මේ සිද්ධිය නිරීක්‍ෂණය කිරීම විශේෂ සිද්ධියකි. මේ යාත‍්‍රාව තව දුරටත් ගුවන් යානයට හිරිහැර කරන්නට විය. රාඩා යන්ත‍්‍රවල මේ තත්වය සටහන් වෙත්ම ප‍්‍රහාරක ජෙට් යාත‍්‍රා දෙකක් ගුවනට පිටත්කර යැවීමට සූදානම් විය. නාඳුනන පිටසක්වළ යාත‍්‍රාව ගුවන් යානයට හිරිහැර කිරීම මඟහැර නොපෙනී ගියේ ප‍්‍රහාරක ජෙට් යානා යැවීමත් සමඟය.
ආචාර්ය නිමල් සේදර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මෙහෙම අය ඉන්නවද? (නි)
ඇත්ත කතාවක් වගේ ඉතාම රසවත්....(ස)
මේක නම් හරිම රසවත්. (නි)
හරිම ෂොක් (ස)
විශ්වය අරුම පුදුම දෙයක්.. එය දැකිය හැක්කේ මනසින් ම පමණයි..!(නු)
ඇමරිකානුවන් ඒ මදිවට දැන් පිටසක්වල බොරු කියන්නත් පටන් අරන වගෙයි. (නි)
ලංකාදීප කතු තුමනි, මෙවැනි ලිපි පලකිරීමේදී කරුණාකර එම සිදුවීම් උපුටාගත් ප්‍රභවයන් (source documents) සටහන් කරන්න. එවිට, කියවන පුද්ගලයන් හට ඒ පිලිබඳ වැඩිදුර අධ්‍යයනය කිරීමට හැකිවනවා මෙන්ම, එම ලිපි වල අන්තර්ගත කරුණු පිළිගතහැකි බව තහවුරු වීමක්ද සිදුවනවා. එම ප්‍රභවයන් දැක්වීම මාධ්‍යවේදියෙකුගේ යුතුකම බව මා විශ්වාස කරනවා. (දී)
මමත් කියවලා තියෙනවා. මේ විදිහ සිද්දීන් (දී)
හොඳයි
හොද පුවතක්. (නි)
අවධානය යොමු කළ යුතු කරුණක් මෙලෙස පළකිරීම ගැන ලංකාදීපයට තුති. (නි)
සමන් හරි. නිමල් සේදර මහතා මිට පෙර පැරණි සිතියමක් ගැන ලියපු ලිපිය එම සිතියම ගැන තිබෙන විකිපීඩියා සටහනේ ඇති තොරතුරු විකෘති කර නැති අද්භූත කරුණු ඇතුළු කර, එහෙත් විකිපීඩියා සටහනේ ඇති පින්තූරයම සමග පලකර තිබුනා. විකිපීඩියා වෙබ් අඩවිය පිළිගන්නා Creative Commons License එකට අනුව එහි එන ඕනෑම කරුණක් අවසරයකින් තොරව පල කල හැකියි. නමුත් එම කරුණු උපුටා ගත් ස්ථානය සඳහන් කල යුතුයි. එසේ නොකිරිම නීති විරෝධී හා සදාචාර විරෝධී පමණක් නොව සිංහල පාඨකයන් ගෙන් සත්‍යය වසන් කොට ඔවුන් ව්‍යාජ අද්භූත ලෝකයක අතරමන් කිරීමක්. මෙම ලිපියේ තොරතුරු ලබාගත් පිළිගත හැකි මූලාශ්‍ර මොනවාද?. (නු)
පිටසක්වල කියලා එකක් තියෙනවා (දී)
මේවා බොරු කියලා හුග දෙනෙක් කිවුවට ඇත්ත මෙයයි. (නි)
ඇමරිකාව නොයෙකුත් නිෂ්පාදන කරන්නේ පිටසක්වළ තාක්ෂණයෙන්. (නි)
පට්ටපල් බොරු (දී)
කොහොමත් පිටසක්වල අයගෙන් ආරක්ෂාවීමට ක්‍රමයක් හදන්න වෙයි..මෙයාලා තෝරතුරු හොයාගෙන ගිහිං එක්වරම පෘථිවිය ආක්‍රමණය කරන්නත් පුළුවං.. සහයෝගයෙන් ඉන්නත් පුළුවං.. මොකක් උනත් සූදානම හොදයි..!(නු)
මිනිස්සු ජීවත් වෙනවනම් පිටසක්වලයෝ ඉන්න ඒඑපායැ..!(නු)
මිනිස්සු ජීවත් වෙනවනම් පිටසක්වලයෝ ඉන්න ඒපායැ.!(නු)
ඊළගට පිටසක්වල කරදර පටන් ගනීද දන්නෙ නැහැ. (නි)
ඉතාමත් වටිනා ලිපියක්. ස්තූතියි ලංකාදීප ! (නි)
පිටසක්වළයින් අපේ රටේද ඇත. (නි)
වැදගත් ලිපියක්, මෙම කරුණු ලබාගත් ලිපි පිළිබදවත් විස්තර පළකරන්න. (නි)
ඇත්තටම මේවා තියෙනවද ? කොහොමද ඡායාරූප ගත්තේ (ස)
විකාර කතා (දී)
මේවගේ ෆොටෝ ගත්තේ කොහොමද ? (ස)