IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


අඳුරේ අතපත නොගා ප්‍රශ්නයට මුහුණ දෙමු

ජනතා උද්ඝෝෂණ, කැලඹිලි බවට පත්ව කැරැලි ලෙස ප්‍රකාශයට පත්වීමට තිබෙන ඉඩකඩ වැඩිය. ජනතා උද්ඝෝෂණය තුළ තිබෙන්නේ ජනතාවගේ හඬය. හඬ තුළ තිබෙන්නේ ජනතාවගේ ප්‍රශ්න වේ. උද්ඝෝෂණයේ අරමුණ වන්නේ තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමේ අවශ්‍යතාව වේ. ඒ වෙනුවෙන් අදාළ බලධාරීන් සංවේදී කරවා ගැනීමවේ. එම සංවේදී නොවීම තුළ ජනතා කැලඹිලි ඇතිවී ඒවා කැරැලි ලෙස පුපුරා යාමට පටන් ගනී, එවිට විසඳුම් සෙවීමට සිදුවන්නේ මුල් ප්‍රශ්නයට නොව අවසන් ප්‍රතිඵලයට වෙයි.

 2021 වසර තුළ අප රටක් ලෙස අත්විඳිමින් සිටින්නේ පෙර දක්වා ඇති පරිසරය වේ. තවමත් තිබෙන්නේ කැලඹිලි පියවරේය. එහෙයින් රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රමාණයට සංවේදීවීමට තවමත් කල් තිබේ.

 ජනතාව ජීවත්වන්නේ අතිශයින්ම පීඩාකාරි පරිසරයකය. කොවිඩ් මාරක වසංගතය දෙවසරක් පුරා අප රටට වද දෙමින් තිබේ. එන්‍නත්‍කරණය හරහා එම අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් සිටියද එයින් ජනිත අතුරු ප්‍රශ්නවලට කල් පවත්නා විසඳුම් ඉක්මනින් ලැබී නැත. ජනතා අසහනය අතු ඉති රිකිලි සහිතව වැඩෙන ගසක් මෙන් වර්ධනය වෙමින් තිබෙන්නේ එහෙයිනි. පොහොර ප්‍රශ්නය ජනතාවගේ අසහනය ‘කෝපයක්’ දක්වා වර්ධනය කිරීමට හේතුවිය. එළවළු මිල දරාගත නොහැකි ලෙස ඉහළ නැගීමට ප්‍රධාන හේතුවක් වන්නේ පොහොර ප්‍රශ්නය බව වසන් කළ නොහැකි යථාර්ථය වේ.

පොහොර ප්‍රශ්නය මතු වුයේ එක රැයින් සීරු මාරු වීමෙනි. එය උපාය මාර්ගික දුබලතාවකි. සැබැවින්ම කාබනික පොහොර ව්‍යාපෘතිය මේ බිම ඉල්ලා සිටි විප්ලවීය පරිවර්තනයකි. එහෙත් එයට යා යුතුව තිබුණේ ක්‍රමානුකූලවය. එය එසේ නොවුයේ ‘‘කේවට්ටයන්ගේ උපදෙස් නිසා’’ යැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා මාධ්‍යයට කියා තිබිණි. තම කාබනික පොහොර ව්‍යාපෘතියට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් නිසි සහයෝගයක් නොලැබුණ බව කතුවරුන්ගේ හමුවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ  කර තිබුණේ කාබනික පොහොර ව්‍යාපෘතියට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හා පරිසර අමාත්‍යාංශයෙන් කිසිදු සහයෝගයක් නොලැබුණු බවය.

කාබනික පොහොර ව්‍යාපෘතිය අසාර්ථකවීමට බලපෑ සාධක ඒ අනුව පැහැදිලිය. මෙය වූ කලි ‘කඩිනම් මහවැලිය’ මෙන් තනි ව්‍යාපෘතියක් නොවේ. කාබනික පොහොර ව්‍යාපෘතිය නියත වශයෙන්ම ජනයාගේ ආහාරදාමය සමග බද්ධ වූවකි. මිනිසුන් බඩගින්නේ තැබිය නොහැකිය. මිනිසුන්ට බඩගින්නේ සිටීමට සිදු වුවහොත් ඊළඟට අාදේශ වන්නේ හොරකමය. කොල්ලකෑම්ය. රන් මාලය කඩා ගැනීමට මහ පාර මැද ගෙල කපා වෙන් කරන සාහසික පරිසරයක්ය. එබඳු පරිසරයක් සහිත රටක්  රටක් නොවේ. එය චිකාගෝවකි එබඳු චිකාගෝවක කිසිවකුගේ පැවැත්ම තහවුරු නොවේ.

නිසි විධිමත් සංවිධාන ජාලයක්, අන්තර් සබඳතාවක්, සන්නිවේදනයක් හා දැනුවත් කිරීමකින් තොරව කාබනික පොහොර ව්‍යාපෘතිය ලත් තැනම ලොප් විය. රටට බත සපයන ගොවියා ඉන් අසරණ විය. වගාවෙන් දරු පවුල රක්ෂා කළ ගොවියාට මුහුණ දීමට සිදුවුයේ දරු පැටවුන්ගේ බඩගින්න නිවා දැමීමේ ප්‍රශ්නයටය. ඇතැමෙක් ගොවිතැන අත්හැර දැමූහ. කාබනික පොහොර යෙදීමෙන් අපේක්ෂිත අස්වැන්න නොලැබී ගියේය. එළවළු හිඟවිය. තිබෙන එළවළුවල මිල ඉහළ ගියේය. එම තත්ත්වය පොදුවේ සකල ජනයාටම බලපෑවේය. විශේෂයෙන්ම ලෝක වසංගතයක් ඉදිරිපිට රට‘ රසායනාගාර මීයන්’ බවට පත් කිරීමට යාම ප්‍රශ්නය තවත් උග්‍ර කළේය.

ජනතා විරෝධය පැන නැගුණේ ඒ හේතුවෙනි. ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු කියා තිබුණේ ‘‘බඩු මිල තවත් වැඩි විය හැකි’’ බවය. ඇමැති රමේෂ් පතිරණ කියා සිටියේ ‘පොහොර ප්‍රශ්නය පෙබරවාරි මාසය වනවිට විසඳේවි’ කියාය.  ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රිවරුන් කියන්නේ ‘‘ජනතාවට සහන දෙනවාට කැමති නෑ’’ කියාය. එස්.බී දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේ ආනයනය කරන මුදලටම ඉන්ධන ලබාදිය යුතු බවය. 

එළැඹ ඇත්තේ අඳුරේ අතපත ගාන මොහොතක් නොවේ. අප පුවත්පත ඉකුත්දා වාර්තා කළ ප්‍රවෘත්තියක සිරස්තලය වූයේ ‘‘ නව වසර ඔන්න මෙන්න! කිරිබත් උයන්නවත් ගෑස් නෑ’’ යනුවෙනි. රටේ ඇත්ත තත්ත්වය එපරිදිය. බඩගිනි සිංහයන් අවදිවීම අතිශයින්ම භයානකය. අවධානය යොමු කළ යුත්තේ දැන් තිබෙන තත්ත්වය ගැන නොව එළැඹිය හැකි තත්ත්වය සම්බන්ධයෙනි. විසඳුම දිය යුත්තේ එයටය.



අදහස් (0)

අඳුරේ අතපත නොගා ප්‍රශ්නයට මුහුණ දෙමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 896 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site