IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


2012 දේශපාලන මතක සටහන්

මෙරට දේශපාලනය ගිනියම් වූ තැටියක් බවට පත් කරමින් 2012 වසර ගෙවී යමින් තිබේ. දේශපාලන සුළි කුණාටු දිනපතාම පාහේ දක්නට ලැබුණු තරම්ය. ඒ සුළි කුණාටුවලට ප‍්‍රතිචාර නොදක්වා සිටීමේ හැකියාව කිසිදු දේශපාලන පක්ෂයකට නොවීය. ඒ සුළි කුණාටු හමුවේ ලාභ මෙන්ම අලාභද ඒ ඒ දේශපාලන පක්ෂවලට හිමිවිය.

2012 වසර ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍යයට කිසිසේත්ම යහපත් වූයේ නැත. වසර පුරාම ආණ්ඩුවට එරෙහිව වීදි සටන් ඇවිළී ගියේය. පෞද්ගලික අංශයට විශ‍්‍රාම වැටුපක් දීමට යාමේදී පෙන්නුම් කළ නා ගැනීම මෙම වසර පුරාම විටින් විට කරළියට ආවේය. වසරේ පළමු සටන ආරම්භ වූයේ ඉන්ධන මිල ඉහළ දැමීමත් සමගය.

ඉන්ධන මිල ඉහළ යාමත් සමග ඉන්ධන සහනයක් ඉල්ලා ධීවරයෝ විදී බැස සටන් කළහ. පිළිතුරු ලැබුණේ වෙඩි උණ්ඩවලිනි. ළය විනිවිද ගිය වෙඩි උණ්ඩයක් හමුවේ හලාවත තරුණ ධීවරයෙක් අකාලයේ මරු වැළඳ ගත්තේය. ඉන්පසු ඉන්ධන සහනය ලැබිණි.
කූඩ ප‍්‍රශ්නයද වීදි සටන්වලට හේතුවිය. ගොවියෝ සහ ව්‍යාපාරිකයෝ අත්වැල් බැඳ ගනිමින් ”අනිවාර්ය කූඩ නීතියට” එරෙහිව සටන් කළහ. රටම ගිනියම් කළ වීදි සටන් හැකිලී ගියේ අනිවාර්ය කූඩ නීතිය ඉවත් කර ගැනීමත් සමගය. රජයට පක්ෂපාතී බලවේග මත ධීවර ප‍්‍රජාවත් ගොවි ප‍්‍රජාවත් රජය  සමග ගැටුමකට එසේ ඇද දැමීමෙන් පසු රජය සමග සටන් වදින ඊළඟ සටන් බිම ඉදිවූයේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේය. විභාග ප‍්‍රශ්න පත‍්‍ර අවුල සමාජගත වූයේ මේ ආණ්ඩුවට විභාගයක්වත් හරියට තියාගන්න බැරි ආණ්ඩුවක් යන අපවාදය සමගිනි. උසස් පෙළ විභාගයෙන් සමත්වුවද විශ්වවිද්‍යාලයට ඇතුළුවීමේ වරම අහිමිවූයේ ‘ ස්කෝර් අවුල ලෙහා දැමීමට බලධාරින් අසමත්වීමත් සමගය. එයට එරෙහිවද දෙමාපිය ශිෂ්‍ය සටන් වීදි පුරා දිග හැරෙන්නට පටන් ගත්තේය.

මාර්තු මාසයෙදී ජිනීවා මානව හිමිකම් කවුන්සිලය රැස්වූ අතර අපේ රටට එරෙහි යෝජනාවක් සම්මතවීම රජය මුහුණ දුන් බරපතළ අසීරු අභියෝගයක් විය. ඇමැති බැසිල් රාජපක්ෂ කියා සිටියේ ඇමරිකාව වැඩි එක ඡන්දයකින් දිනුවේ ඉන්දියාවේ අත මිරිකළයි යනුවෙන්. ඔහු එසේ ප‍්‍රකාශ කළේ ඉන්දියාවද අපේ රටට එරෙහිව ඡුන්දය ප‍්‍රකාශ කිරීමත් සමගය.

රටේ උගත්ම බුද්ධිමත්ම පරපුර වන විශ්වවිද්‍යාල ආචාර්යවරු මේ රජයට එරෙහිව තීරණාත්මකව ප‍්‍රහාරයක් එල්ල කළහ. විරුද්ධ පක්ෂවල සහායද ඇතිව සරසවි ආචාර්යවරුන් සටන් බිමට පිවිසියේ ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් හා අධ්‍යාපනයට රාජ්‍ය ආදායමෙන් සියයට හයක් වැඩි කරන ලෙස ඉල්ලමිනි. පුරා තෙමසක් සටන් කළ ආචාර්යවරු ඇමැති බැසිල්ගේ පොරොන්දුවකට යටත්ව සටන් නතර කළහ. එයට පෙර ඔවුහු ගාල්ලේ සිට පා ගමන් ආහ. කොළඹ යෝධ විරෝධතා රැුළි පැවැත්වූහ.

එහෙත් වීදි සටන් කොතෙක් ඇවිළී ගියද උතුරු මැද සබරගමුව හා නැගෙනහිර පළාත් සභා වෙනුවෙන් පැවැත්වූ ඡුන්දයෙන් විශිෂ්ට ජයග‍්‍රහණ හිමිකර ගැනීමට ආණ්ඩුව සමත්විය. උතුරු මැද පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය ධුරය හිටපු මහ ඇමති බර්ටි පේ‍්‍රමලාල් දිසානායකට අහිමි වීම හා නැගෙනහිර පළාත් සභාව වෙනුවෙන් ඇමැති විමල් වීරවංශ ජාතික නිදහස් පෙරමුණෙන් ඉදිරිපත් කළ ජයන්ත විජේසේකර ජයග‍්‍රහණය කිරීමත් පළාත් සභා සටනේ අපූරු සිදුවීම් විය.

වසර අවසාන වනවිට රජය හා අධිකරණය අතර ගැටුමක් නිර්මාණය වූ අතර එහි උණුසුම් අවස්ථා එළැඹෙන නව වසරට ඉතිරි කරමින් වසර ගෙවී යමින් තිබේ.

එජාපයේ අභ්‍යන්තර අර්බුදය සන්සුන් සංහිඳියාවටම ලක් කර ගැනීමට පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සමත්වීම වසරේ ඔහු ලැබූ ජයග‍්‍රහණය වෙයි. නායකත්වයට එරෙහිව නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස ඇතුළු කණ්ඩායම ගෙන ගිය සටනට මෙලෙස උත්තර දුන් රනිල් වික‍්‍රමසිංහ පක්ෂ ව්‍යවස්ථාවද සංශෝධනය කර ගනිමින් සිය නායකත්වය වසර හයකට දිගු කර ගත්තේය. ”හෘදය සාක්ෂියට අනුව මෙම තීරණයට මා විරුද්ධ වෙනවා” යැයි සජිත් කීවද එයින් බලපෑමක් ඇතිවූයේ නැත. නායකත්ව සටනින් ජයගත් රනිල් කියා සිටියේ ආණ්ඩුවට එරෙහිව රැඩිකල් වෙනසක් මගින් උත්තර දෙන බවය. රජය හා අධිකරණය අතර මතුවූ හබයේදී රනිල් පාර්ලිමේන්තුව වෙනුවෙන් පෙනී සිටීමේ ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ අතර එයද වෙසෙසින් කැපී පෙනුණි.

ජවිපෙට අදාළව විශේෂ වූ යමක් මේ වසරේදී වාර්තා නොවිණි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සටනට ජවිපෙ සහාය දැක්වූ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පෙළපාලියටද ජවිපෙ එක්විය. ජවිපෙ පෙළපාලියේ ගියේ අන්තිමටය. මුලින් ගිය ආචාර්යවරුන්ගේ සම්මේලනය කියා සිටියේ ”ඇමැති බැසිල් විශ්වාස කරන නිසා සටන නතර කරන” බවය. ජවිපෙට යම් ආශ්වාදයක් හිමි වූවානම් ඒ ජවිපෙට එරෙහි පෙරටුගාමින්ගේ පක්ෂය තුළ වූ සිදුවීම්ය.

2011 සැප්තැම්බරයේ ජවිපෙ අභ්‍යන්තරයේ වූ පිපිරුමෙන් පසු ජවිපෙන් වෙන්වී ගිය කණ්ඩායමේ නායකයා වශයෙන් හැඳින්වුණේ කුමාර් මහත්තයාය. එහෙම කුමාර් මහත්තයෙක්ව අපි දන්නේ නැහැයි ජවිපෙ ප‍්‍රකාශ කළද වෙන්ව ගිය කණ්ඩායම ප‍්‍රකාශ කළේ ඔහු තමන් සමග දේශපාලනය කරන බවය. මේ අතර එම පාර්ශ්වය පෙරටුගාමි සමාජවාදි පක්ෂය ලෙස වෙනම දේශපාලන පක්ෂයක් දොරට වැඩමවීමට කටයුතු සූදානම් කරමින් තිබියදී වාර්තා වූයේ කුමාර් මහත්තයා හා දිමුතු ආටිගල පැහැර ගෙන ගොස් ඇති බවය. දිනකට පසුව ඔවුන් දෙදෙනා මුදා හැර තිබූ අතර කුමාර් මහත්තයා කෙළින්ම  ඕස්ටේ‍්‍රලියාවට ගියේය.

රටේ දේශපාලනය පෙළ ගැසුණේ එබඳු සිදුවීම් මාලාවක් තුළය.

සටහන - ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන්

 

එජාප සමුළුව



අදහස් (0)

2012 දේශපාලන මතක සටහන්

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 679 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 458 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 352 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1588 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 100 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 714 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 660 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 172 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1200 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site