ලෙයින් ලෙයට පලිගන්නා පාතාලය
“ලෙයට ලෙය” පලිගැනීමේ පාතාල න්‍යායේ ඔස්තාර්ලා ලෙස මෙරට තුළ සක්‍රීයම පාතාල ජාලය, “දකුණේ පාතාලය” යැයි කීවොත් එය නිවැරදිය. එය සනාථ කරනු වස්, මේ වනවිට ඔවුහුම නිදසුන් සපයමින් සිටිති. ඒ, මෙරට පාතාල කල්ලි සාමාජිකයන් සතුව තිබී සොයා ගත් වැඩිම ගිනි අවි තොගය හෝමාගම පිටිපන ප්‍රදේශයේදී සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායට ඉකුත් 29 වැනිදා හැකිවීමත් සමගමය.