සන්ෂයින් සුද්දා - මදූෂ් - හරක් කටා ගැන කතා මාතර වැලිගම මිරිස්ස ධීවර වරාය ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකි. ඒ ඉකුත් මැයි මස 30 වැනිදා සෙනසුරාදා උදෑසන 7.30ට පමණය. 19 June 2020
ඩඩ්ලි හොඳ වැඩියි ශ්‍රී ලංකාවේ බත් දුන් පියා ලෙස විරුදාවලි ලත් ඩඩ්ලි සේනානායක මහතාගේ 109 වැනි ජන්ම දින සැමරුම අදට යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 19 June 2020
ප්රජාතන්ත්රවාදී අර්බුදයේ උරුමක්කාරයෝ ප්රජාතන්ත්රවාදී ආණ්ඩුක්රමය වූ කලී එක් අතකින් බලන විට රෝද තුනක් උඩ දුවන වාහනයකට සමාන වේ. වඩාත්ම ජනප්‍රිය සමාජගත භාෂාවෙන් කියනවා නම් ත්‍රී වීලර් එකකට සමාන වේ. ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය මෙම රෝද තුන වේ. ආණ්ඩුක්රමය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ මෙම රෝද තුන නිසියාකාරව මෙන්ම අවශ්‍ය ආකාරයට කරකැවුණහොත් පමණි. 19 June 2020
මූල්‍ය සමාගම්වල අක්‍රමිකතා මඬින අතර ඒවා වට්ටන්නත් එපා මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම් තම ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යා යුත්තේ රටේ මහජනතාවගේත් ව්‍යාපාරිකයන්ගේත් අවශ්‍යතා සැලකිල්ලට ගනිමිනි. ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටු කරමින් තමන් ද ලාභ ලබන ආයතන වශයෙන් ඒවා පවත්වාගෙන යාම ඔවුන්ගේ ව්‍යාපාරික අරමුණ විය යුතුය. එහෙත් ඒ වෙනුවට ජනතාවගේ රීරිමාංස උරා බොන, ෆිනෑන්ස් ලීසිං පහසුකම් ලබාගත් ගනුදෙනුකරුවන් උස්සා පොළොවේ ගසන තත්ත්වයක් පවතී නම් එහි කොතැනක හෝ බරපතළ වැරැද්දක් තිබිය යුතුය. 19 June 2020
හූල්-මහින්ද විරසකය ඡන්දයටත් රටටත් අගතියක් කළාද? මාරාන්තික කොරෝනා වයිරස වසංගත තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමුණ ද, එසේ ඇතිවූ බිය පහව ගොස් ඇති සෙයක් සහ උද්ගතව තිබෙන තත්ත්වය හමුවේ මැතිවරණයක් පැවැත්වීමට එදිරිව පවතීයැයි පෙන්වාදුන් නෛතික බැමි අතුරුදන්ව ඇති සෙයක් පෙනෙන්නට තිබේ. 18 June 2020
හණමිටි මතවලටත් - සම්මතයටත් එරෙහිවූ දයාබර පියතුමා 1969 වසරේ වෙසක් සමයේ එක්තරා දිනක සවස් වරුවේ මා මිත්‍ර චිත්‍රපට විචාරක, ලේඛක ඈෂ්ලි රත්න විභූෂණ කැලණියේ පෑලියගොඩ මීසම්වල පාලනාධිපති ලෙස සේවය කළ අර්නස්ට් පොරුතොට පියතුමා මට හඳුන්වා දුන්නේය. පෑලියගොඩ බියගමට යන පාරේ දේවස්ථානයට ගිය මට දක්නට ලැබුණේ එහි විදුලි එළියෙන් දිදුලන වෙසක් කූඩුය. මා මවිතයෙන් වට පිට බැලුවෙන් පෝරුතොට පියතුමා මොකද? මෙයා පුදුම වෙලා කියා ඇසුවේය. 18 June 2020
කිතුනු සංස්කෘතියේ ජාතික සලකුණ අර්නස්ට් පෝරුතොට පියතුමා මෙරට අන්තර් ආගමික සංහිඳියාව වෙනුවෙන් මෙන්ම සාහිත්‍ය හා සිනමා කලා ක්ෂේත්රය වෙනුවෙන් අති මහත් මෙහෙවරක් ඉටුකළ, ස්වර්ගස්ථ වූ අර්නස්ට් පෝරුතොට පියතුමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සහ දිව්‍ය පූජාව කටුකුරුන්ද සාන්ත පිලිප් නේරි දේවස්ථානයේදී අද (18) පස්වරු 2.30ට සිදු කිරීමට නියමිතය. 18 June 2020
අමාරු කාලයේ ජනතාවට පිහිටවූ සුළු වෙළෙන්ඳාගේ ඉරණම කොවිඩ්-19 වසංගතය ව්‍යාප්තිය පාලනය කිරීමට රට පුරා පොලිස් ඇඳිරි නීතිය පැනවීය. නිවෙස්වලට කොටු වූ ජනී ජනයාට එදිනෙදා බඩු භාණ්ඩ මිල දී ගැනීමට නිසි පිළිවෙළක් නොතිබුණි. උවමනා දේ මිල දී ගත්තේ ජංගම ව්‍යාපාරිකයන්ගෙනි. වාහන ශබ්දයක් ඇසෙන තෙක් මහ පාර දෙස බලාගෙන සිටියහ. අන්තර් ජාලය හරහා ඇණවුම් කළ හැකි බව සුපිරි වෙළඳ ජාලාවලින් ප්‍රකාශ කරන ලද නමුත් අවසානයේ දී සාර්ථක වුයේ නැත. නිවෙස අසලටම පැමිණ යමක් විකුණා යන වෙළෙන්දෝ ප්‍රසාදය දිනා ගත්හ. 18 June 2020
සෑම දෙනාටම සරසවි වරම් ලැබීමේ මග ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධාන ජනාධිපතිවරණ පොරොන්දු වලින් එකක් වූයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය උදෙසා සුදුසුකම් ලැබූ සියල්ලන්ටම තෘතීය අධ්‍යාපනය ලබාදීමය. මෙම පොරොන්දුව දෙන ලද්දේ අපේ රට ඊළඟ මට්ටම කරා ගෙනයාමට අනාගත තරුණ පරපුර සූදානම් කිරීම උදෙසාය. මෙය මැතිවරණ වේදිකාවේ සුපුරුදු පොරොන්දුවක් වුවද මෙය රටේ යථාර්ථය හා මැනවින් ගැළපෙන්නකි. 18 June 2020
වාහනවලින් ඉගිලෙන මග මරුවන්ට දෙන දඬුවම් මදි බම්බලපිටිය තුම්මුල්ල ප්‍රදේශයේ දී සිදු වූ ඩිෆෙන්ඩර් - යතුරු පැදි ගැටුමෙන්, යතුරු පැදියේ ගමන් කළ රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව රාජකාරි කළ ආධුනික පොලිස් කොස්තාපල් සිතුම් දුලීප යොමාල් අලහප්පෙරුම මහතා මිය ගියේය. ඔහු සමග යතුරු පැදියේ ගමන් කළ පොලිස් නිලධාරියා ද බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි මාධ්‍ය වාර්තාවල සඳහන්ය. ඩිෆෙන්ඩර් රථය පැදවූ නීති ශිෂ්‍යයා බීමතින් සිටි බවට තහවුරු වූ බවත් ඔහු රිමාන්ඩ් බාරයට පත් කර ඇති බවත් අප පුවත්පත වාර්තා කළේය. 18 June 2020
එපා කියා බදාගන්න මනාප ක්‍රමය මීළඟ මහා මැතිවරණයට දින නියම වී තිබේ. ඒ පසුබිම යටතේ මැතිවරණ ක්‍රමය සහ මනාප ක්‍රමය සම්බන්ධයෙන් වැඩි අවධානයක්ද යොමුව තිබේ. මේ කාරණා දෙක දැඩි විවේචනයට ලක්වනු අපි විටින් විට දැක ඇත්තෙමු. එයටද හේතු රැසකි. මුලින් මෙරට පැවැති මැතිවරණ ක්රමයේ වෙනසක් පසු කාලීනව සිදුවුණි. කේවළ ඡන්ද ක්‍රමය යනු මුලින් මෙරටට හඳුන්වා දී තිබූ මැතිවරණ ක්‍රමයයි. 17 June 2020
ඡන්ද දූෂණ ගැන මැකෝගේ කතාව අද ගළපාගැනීම කාන්තාවක සමූහ දූෂණයට ලක් කිරීමත් ඡන්ද මධ්‍යස්ථානවලට කඩාපැන ඡන්ද පෙට්ටි පිරවීමත් අතර වෙනසක් නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පසුගිය දිනක කියා තිබිණි. රූපවාහිනී නාළිකාවක සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු කළ මේ ප්‍රකාශය එම වැඩසටහන නැරඹූ බොහෝදෙනාගේ ප්‍රබල අවධානයක් දිනාගැනීමට සමත්විය. ඒ සමඟ දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ මැතිවරණ නොපැවැත්වීමද ඒ හා සමාන වැරුද්දක්, දූෂණයක් බවය. 17 June 2020
ලෝකය මවිතකළ අපේ මානවයා අප්‍රිකාවෙන් පිටත ආදි මානවයාගේ දුනු හී භාවිතය පිළිබඳ පැරණිම සාධක ශ්‍රී ලංකාවෙන් සොයා ගැනීමත් සමඟ මේ වනවිට මානව පරිණාමයේ නව පිටුවක් පෙරැළී තිබේ. එය ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට ආඩම්බර විය හැකි කරුණකි. මේ පිළිබඳව සවිස්තර වාර්තාවක් බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් වෙබ් අඩවියේ පළ විය. 16 June 2020
පරිසරය සුරකින වියදම් අඩු ඡන්දයකට මඟක් සියවසකට ආසන්න කලක් ශ්‍රී ලාංකීය පුරවැසියා ආසක්ත කරන ලද යම් සමාජ කරුණක් වේ නම් එය නිසැකවම මැතිවරණයි. සීමිත නියෝජනයක් සහිතව වුවද මෙරටට සර්වජන ජන්ද බලය ලැබුණු දින පටන් එනම් වසර 1931 සිට අද දක්වා පවත්වා ඇති මැතිවරණ සංඛ්‍යාව 73 කි. ප්රජාතන්ත්රවාදී වටිනාකම් සුරැකීම හා සබැඳි නොසංසිඳෙන අර්බුද රැසක් හා පොරබදන සමයක මෙරටේ ප්රජාතන්ත්රවාදී මැතිවරණ වාර්තාව අනභිබවනීය බව අවධාරණය කරනු වටී. 16 June 2020
බෝම්බ තුවාලකරුවකු නිකම්ම රෝහලකට ඇතුළු වූයේ කෙසේද? පාස්කු ඉරිදා ප්‍රහාරයේ සහ්රාන් කල්ලියේ බෝම්බ නිෂ්පාදනකරු වූ රිල්වාන් හෂිම් නැමැත්තා බෝම්බයක් අත්හදා බැලීමකදී සිදු වූ පිපිරීමකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ සති තුනක් ප්‍රතිකාර ලබමින් සිට ඇති බවට පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වූ බව අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 16 June 2020
කොරෝනා මැඬීම අද අපි හොඳම තැනක ඉන්නවා කොවිඩ් සමාජ රටාව සහ මහමැතිවරණයට යෑම ගැන මේ වනවිට සාකච්ඡාවක් නිර්මාණය වී තිබේ. මෙවර සඳුදා හමුව වෙන්වන්නේ පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් දෙදෙනකු පවතින එම දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පළ කරන අදහස්වලටය. 15 June 2020
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අප රටට විතරක් නරකද? පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ස්ථාපිත කිරීම සඳහා ඉදිරිපත්ව තිබෙන අලුත් යෝජනාව පිළිබඳව අධ්‍යයනය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් කමිටුවක් පත්කර තිබේ. සාමාජිකයන් 05 දෙනකුගෙන් සමන්විත අදාළ කමිටුව වෛද්‍ය සංගමයේ සාමාජික ශාඛා සම්බන්ධීකරණය කරමින් වාර්තාවක් සකස් කිරීමට නියමිතය. එම වාර්තාව අපේ රටට ලෝක තත්ත්වයේ වෛද්‍ය සේවාවක් ලබාදීම සඳහා ඉහළ ප්‍රමිතියකින් යුත් වෛද්‍යවරුන් බිහිකිරීමේ වඩාත්ම යෝග්‍ය ක්‍රමවේද පිළිබඳ කරුණු එළිදක්වනු ඇත. 15 June 2020
හූල් කී කතා නොකී කතා මැතිවරණවලට තරග කරන දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් හා අපේක්ෂකයින් සඳහා වූ ප්‍රතිපත්ති මාලාවක් (Code of Conduct) ජාතික මැතිවරණ කොමිසම පසුගිය 3 වැනිදා ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කෙරිණි. 14 June 2020
මනාප පොරයෙන් සමාජය ගඳ ගස්සන්න එපා 2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගේ මනාප අංක ඉකුත්දා නිකුත් කෙරිණි. මැතිවරණය පවත්වන දිනය මැතිවරණ කොමිෂන් සභාව පසුව ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කර තිබේ. මනාප අංක නිකුත් කර ඇති හෙයින් මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමට දේශපාලන පක්ෂ නියෝජනය කරන අපේක්ෂකයන්ට මෙන්ම ස්වාධීන අපේක්ෂකයන්ට හැකියාව ලැබේ. 14 June 2020
වතුකර කුමාර රාජ්‍යය වතුකර කුමාර රාජ්‍යයයේ පාලක පරම්පරාවේ දෙවැනි ලේ උරුමක්කාරයා මිය ගියේ ය. පසුතලය හෝ පෝරුව ලෙස ට ඒ දෙවැනියා ගේ මළ සිරුර සකසා සරසා ගෙන දින පහක් පුරා පැවැත්වුණ අවමංගල්‍ය උත්සවය අවසානයේ දී චිතකයට ගිනි තැබීම තෙවැනි ලේ උරුමක්කාරයාගේ රාජාභිෂේකයේ සමාරම්භක ගිනිසිළුව බවට පත්කර ගත්තේය. 12 June 2020
කොල්ලුපිටිය විරෝධතාවට පැති කීපයක මති මතාන්තර කොල්ලුපිටිය ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට අධිකරණ නියෝග නොතකා විරෝධතා ව්‍යාපාරයක් මෙහෙයවීමේ වරදට අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා ඇතුළු එම පක්ෂයේ ක්‍රියාකාරීන් 53 දෙනා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරිය බව සඳහන් පුවත අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. 12 June 2020
වෙනස් වෙමින් පවතින ආරක්ෂක පසුබිම ඇඳිරි නීතිය පැවතුණද පසුගිය මැයි 21 වැනිදා මරදාන මාළිගාවත්ත ජුම්මා දේවස්ථානය ආසන්නයේ වූ සිදුවීමේ, වැඩිදෙනෙකුගේ අවධානයට ලක්නොවූ කාරණයකින් මෙවර කතාව ආරම්භ කිරීම වටී. 11 June 2020
ව්‍යාපාර මාෆියා පාලනයට නිසි ක්‍රමවේද වත්මන් ආණ්ඩුව අනුගමනය කරන ආර්ථික දර්ශනය පැහැදිලි නැත. ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් කළ යුතුව තිබේ. විවෘත ආර්ථික ක්‍රමය අනුගමනය කරන නමුත් ආණ්ඩුව එය අවස්ථාවාදී ලෙස හසුරුවයි. ක්‍රමය තුළ අවස්ථා පමණක් නොව අභියෝග ඇත. 11 June 2020
පාතාලයේ සෙල්ලම් මාලිගාවත්ත “ලක්සෙත” මහල් නිවාස සංකීර්ණයේ දස වැනි මහලේ දස වැනි නිවෙසේ පැවැති මත්පැන් සාදයකි. මත්පැන් මත්ද්‍රව්‍ය මෙන්ම කායික සැප සම්පත්වලින් ස්වයං පෝෂිතව තිබූ මෙම සාදය සංවිධානය කර තිබුණේ “පවුමි” ය. එම නිවසේ හිමිකරු වූයේ “කුම්බාන්” ය. සාදයේ අරමුණ විරසකව සිටි “රවුෆ්” සහ “කංජිපානි ඉබ්රාහිම්” මිතුරු කරවීමය. 11 June 2020
මැතිසබය අක්රියනම් ඇමැතිවරු 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන ආකාරයට ශ්‍රී ලංකාව ‘ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක්’ වේ. ප්‍රජාතාන්ත්‍රික යන පදයෙන් අදහස් වන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්රමය ලිබරල් ප්රජාතන්ත්රවාදී මූලධර්ම මත ගොඩනගා තිබෙන බවය. සමාජවාදී යන පදයෙන් අර්ථවත් වන්නේ ප්‍රධාන ඝනයේ නිෂ්පාදන සහ බෙදාහැරීමේ මාර්ග සමාජ සන්තක කරන ලද ආර්ථික ක්‍රමයක් ශ්‍රී ලංකා ජනරජය තුළ ක්‍රියාත්මක වන බවය. 11 June 2020
පාතාලය සුද්ද කිරීම ජාතික ආරක්ෂාවේ පියවරක් ගොනා කෝවිලේ රාජා වශයෙන් හඳුන්වනු ලැබූ, සංවිධානාත්මක අපරාධකරුවකු බවට පොලීසිය සඳහන් කරන රාජා විමලධර්ම නම් පුද්ගලයා පසුගිය දිනක පොලීසිය මගින් තබන ලද වෙඩි පහරකින් මරුමුවට පත්විය. ඔහු දැනට සති දෙකකට පමණ ඉහතදී රත්මලානේ සොයිසාපුර හෝටලයකට පහරදී වෙඩි තැබූ සිද්ධියේ ප්‍රධාන සැකකරු වශයෙන් නම සඳහන් වී සිටි තැනැත්තාය. 11 June 2020
ව්‍යවස්ථා සංශෝධනයේ අනිටු විපාක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වරින්වර විවිධාකාරයේ කතිකා දකින්නට පුළුවන. වර්තමානයේද එවන් කතිකාවක් ඇත්තේ විසුරුවා ඇති පාර්ලිමේන්තුව පදනම් කරගෙනය. අද පවතින්නේ වරින්වර සංශෝධනය වූ 1977 දී සම්මත කරගත් ව්‍යවස්ථාවය. ව්‍යවස්ථාමය ගැටුම්, අර්බුද සම්බන්ධව කාරණා කරළියට එන්නේ කොතැනකදී හෝ වූ වැරැද්දක් අඩු පාඩුවක් නිසාද? එය මේ සියල්ලට පසුබිමින් මතු කෙරෙන ප්රශ්නයකි. 10 June 2020
කංජිපානි සිරකුටියට දුරකතන අහසින් පාත්වූවාද? මොහොමඩ් මජීඩ් මොහොමඩ් හෙවත් කුප්‍රකට කංජිපානි ඉම්රාන් ඩුබායි හි පැවැති මාකඳුරේ මධුෂ්ගේ පුතුගේ උපන් දින සාදයකදී අත්අඩංගුවට ගැනුණ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. කංජිපානි ඉම්රාන් ඩුබායි හි සිට මෙරටට රැගෙන ඒමෙන් පසුව කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා තබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කළ අතර, මේ වනවිට අධිකරණ නියෝගය මත බූස්ස බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටී. 10 June 2020
කොරෝනා මළ සිරුරු භූමදානය අහිතකරද? කොවිඩ්-19 රෝගය හේතුවෙන් මරණයට පත්වන රෝගීන්ගේ මෘත ශරීර බැහැර කිරීම සම්බන්ධව කිසිම රටක නොවූ විරූ ආකාරයේ මහත් ආන්දෝලනයක් අප රට තුළ පවතින බව සියලු දෙනා දන්නා කරුණකි. මේ අතර වඩාත්ම කතිකාවට ලක්වූ මාතෘකාවක් නම්, ලෝකයට ආගන්තුක කොරෝනා වැනි මාරාන්තික වයිරසයකින් ආසාදිත රෝගියකුගේ මෘත ශරීරය මිහිදන් කිරීමෙන් මානව ප්‍රජාවගේ පැවැත්මට හානිකර විය හැකිද යන්නයි. 09 June 2020
කොරෝනා සමඟ රට යා යුතු මඟ ශ්‍රී ලංකාව තුළ කොවිඩ් වයිරසය යම් මට්ටමකට පාලනය කරගැනීමට අපට හැකිවුණේ යහපත් සෞඛ්යාරක්ෂිත පියවර අනුගමනය කිරීමට කටයුතු කිරීමෙනි. දැන් අපට පෙර පරිදි සමාජයට යන්නට සිදුව තිබේ. එහෙත් සමාජයට යනවිට පෙර පරිදිම වෙන්ව විසීමට නොහැකි වේ. එනිසා වැදගත්ම දේ වන්නේ රෝගය වැළැඳීමට ඇති අවම ඉඩටත් එරෙහිව ක්‍රියා කිරීමය. 09 June 2020
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026