වැවයි - පන්සලයි යළි නංවන කොළඹ ගංගාරාමය
ශ්රී ලාංකික විහාර වංශ කතාවේ අසමසම පරිච්ඡේදයක් ලෙස දෙස් විදෙස් බෞද්ධ සම්භාවනාවට පාත්ර වූ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාර පුරාණය වූ කලී දශක ගණනාවක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන්නකි. කිසිදු ජාති, ආගම්, කුල, ගෝත්ර, වර්ණවාදයකින් තොරව බෞද්ධ දර්ශනයේ අකලංක වූත් නිර්මල වූත් සාර චින්තනය උදෙසා පරමාදර්ශී සෙනසුනක් බඳු වූ ගංගාරාමයේ දොරටුව එදා මෙදා ඉතිහාසය තුළ කා වෙනුවෙනුත් විවර වූවකි.