ක්රිකට් ක්රීඩාවට ආගම පටලවන අශිෂ්ටයෝ
ජාතික ක්රීඩාව නොවූවද මේ රටේ ජනප්රියම ක්රීඩාව ක්රිකට් ක්රීඩාවය. 1996 ලෝක කුසලාන ජයග්රහණයත් සමග ගම් දනව් නගර ජනපද සිසාරා ගංවතුරක් මෙන් ක්රිකට් ක්රීඩාව පැතිර ගියේය. අර්ජුන, අරවින්ද, සනත්, මුරලි මෙන්ම මහේල, සංගක්කාර හා මාලිංග ඇතුළු ක්රීඩකයෝ ලෝක සිතියමේ ඇබැටක් තරම්වන පුංචි රට විශ්වයේ මුදුනතටම රැගෙන ගියහ. ක්රිකට් ක්රීඩාව නිසා ඕනෑම පුරවැසියකුට අභිමානයෙන් යුතුව ලෝකයත් සමග ගනුදෙනු කිරීමට හැකි විය.