උගතුන්ගේ මැද පන්තියේ බොඳවූ ආශා සමාජ මාධ්‍යවල ඊයේ පෙරේදා හුවමාරු වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කිහිප දෙනකුගේ පඩිපත් කීපයක් ඔස්සේ ලංකාවේ මධ්‍යම පන්තියේ මූල්‍ය භාවිතය හා මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ කදිම සිතුවමක් නිර්මාණය වී තිබුණි. ඔවුන් ඒවා සාමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ කිරීමෙන් අපේක්ෂා කළේ තමන්ගෙන් මෙවර වැටුපෙන් අය කළ නව බදු මුදල් ගැන දැනුවත් කොට ඒ ගැන සමාජ විරෝධයක් හැදීමය. 27 January 2023
නව බදු ක්‍රමයෙන් බැටකන මධ්‍යම පන්තිය මරණ මංචකයේ වැතිර සිටින රෝගියකුගේ වුව අවසන් ප්‍රාර්ථනාව දෙපයින් නැගී සිට ඇවිද යා හැකි තත්ත්වයක් උදාවේවා යන්නය. අද මෙරට ජනයා සිටින්නේද මරණ මංචකයේ ය. ඒ තුන් වසරකට වැඩි කාලයක් මුළුල්ලේ ය. මෙම කාලය පුරාවට ම එම ජනයාගේ ඒකාන්ත ප්‍රාර්ථනය වූයේ මෙම මළපුඩුවෙන් නිදහස්වීම ය. එහෙත් සිදුව ඇත්තේ ඒ මළපුඩුවට ගෙල තව තවත් සිරවීම ය. සිරවීම කොතෙක් ද යත් හුස්ම ගන්නා බවක් නොදැනෙන තරම් ය. මේ මළපුඩුව ආණ්ඩුවේ නව බදු ප්‍රතිපත්තිය විනා අන් යමක් නොවේ. 27 January 2023
රටට අමතකවූ මහා දානපතියෙක් මුදලිඳු සැම්සන් රාජපක්ෂ ශ්‍රී ලංකාවේ විසූ මහා දානපතියකුවූ මුදළිඳු සැම්සන් රාජපක්ෂ මහතාගේ 135 වැනි ගුණානුස්මරණය අදට (26) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 26 January 2023
ඡන්දයක දී රාජ්‍ය සේවක වගකීම නව මැතිවරණ ක්‍රමය යටතේ පළමු වැනි පළාත් පාලන මැතිවරණය පැවැත්වූයේ 2018 දීය. 1987 සිට අවස්ථා දෙකකදී හැර සෑම වතාවකදීම විෂය භාර අමාත්‍යවරයා විසින් මැතිවරණය කල් දමනු ලැබ තිබේ. පළාත් පාලන මැතිවරණය අවුරුද්දකින් කල්දැමීමට විෂයභාර අමාත්‍යවරයාට බලය තිබේ. බොහෝ ආණ්ඩුවල සිටි අමාත්‍යවරු ඒ බලය භාවිත කළහ. කවුරු බලයේ සිටියත් වී තිබෙන්නේ එයයි. එසේම කොටස් වශයෙන් ද මැතිවරණය පවත්වා තිබේ. ඒ බලයේ සිටි පාලකයන්ගේ බලය තහවුරු කරගැනීම සඳහාය. 26 January 2023
චීනයේ හා ඉන්දියාවේ සහාය ශ්‍රී ලංකා වාසී සැමට සතුටක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් සුබදායි පණිවුඩ දෙකක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සති අන්තයේ දී දැනගන්නට ලැබී තිබූ බව මාධ්‍ය ඔස්සේ අනාවරණය විය. ඉන්දියාවේ විදේශ කටයුතු ඇමැති සුබ්‍රමනියම් ජයිශංකර් මහතා ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකාවේ සිදුකළ දෙදින සංචාරයේ දී ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කර තිබූ ඉල්ලීමට සුබදායි ප්‍රතිචාර දක්වමින් ඉන්දීය ආණ්ඩුව ඒ සඳහා කැමැත්ත පළකළ බව දන්වා ඇතැයි සඳහන්ය. 26 January 2023
සාර්ථකත්වයෙන් අසාර්ථකත්වයට අත වැනීම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මෙය සුදුසු අවස්ථාවක් නොවේ යයි සමහර දේශපාලන පක්ෂ ද සිවිල් සමාජ සංවිධාන ද භික්ෂූන් වහන්සේලා ද ප්‍රකාශ කර ඇති ආකාරය පුවත්පත් මඟින් බොහෝ දෙනකුට දැනගන්නට ලැබුණේ යැයි සිතමි. 25 January 2023
රෝහල්වල බේත් හිඟය මැතිවරණ උණුසුම වාන් දමමින් තිබේ. රටේ පොදු මහජනයා වෙතින් බරපතළ උනන්දුවක් ප්‍රදර්ශනය නොවූවද දේශපාලන පක්ෂ නායකකයන් හා ඔවුන්ගේ කාඩර්වරුන් පෙන්නුම් කරමින් සිටින්නේ රට හමුවේ ඇති සියලු ප්‍රශ්නවලට විසඳුම තිබෙන්නේ පළාත් පාලන මැතිවරණය තුළ බවය. 25 January 2023
අග්නිදිග විශ්වවිද්‍යාලය සහ අබුබකර් ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ වත්මන් උපකුලපති මෙන්ම, සමාජ විද්‍යා මහාචාර්යවරයකු වන රමීස් අබූබකර්ගේ දර්ශනපති උපාධි නිබන්ධනය නැවත සමීක්ෂණය කරන විට, ඔහු ශාස්ත්‍රීය ආචාරධර්ම කඩකර ඇතැයි හෙළී වි තිබේ. 24 January 2023
නිවැරැදි විචාරයක් නැතිවුණාම සාහිත්‍යය අයාලේ යනවා තීරු ලිපි රචකයකු, ගීත පද රචකයකු, ලේඛකයකු මෙන්ම සංස්කාරවරයකු ද වන නීතිඥ අනුර හෑගොඩ අගනුවර තරුණ කවි සමාජයේ වර්තමාන සභාපතිවරයා ලෙස කටයුතු කරයි. දීර්ඝ කාලයක් ලන්ඩන් නුවර වෙසෙමින් ලාංකික සාහිත්‍යයේ පෝෂණය වෙනුවෙන් දායක වෙමින් සිටින අනුර හෑගොඩ සංස්කරණය කළ නවතම කෘතිය ‘ලන්ඩන් කවි’ නමින් ලන්ඩන් කවි සරණියේ ප්‍රකාශයක් ලෙස පසුගියදා එළිදැක්වුණි. 24 January 2023
පුරවැසි කැපවීමද? නායකයන්ගේ ආදර්ශයද? මෑත ඉතිහාසයේ අන්ධකාරම කාල වකවානුව දැනට පසුකරමින් සිටී. ගමන් කරන්නේ අන්ධකාරයෙන් තව දුරටත් අඳුර වෙත ද, නොඑසේනම් අරුණාලෝකය උදාවෙමින් පවතින්නේ ද යන්න පැහැදිලි නැත. අප සියලු දෙනා ගන්නා ක්‍රියාමාර්ග, අත්නොහැර ගෙන යන ඉතාම සුදුසු වැඩ පිළිවෙළ රට ඉහළට ඔසවා තබනු ඇත. නිදහස ලබාගෙන වසර හැත්තෑ පහක කාල පරිච්ඡේදය තුළ එකිනෙකට වෙනස් මාර්ග ගණනාවක ගමන් කර තිබේ. 24 January 2023
නිදහස් රටක් වෙනුවෙන් කරන ප්‍රාර්ථනා බොඳකරනු එපා අප ගෙවා දමමින් සිටින්නේ නොඇසිය යුතු පුවත් වැඩි වැඩියෙන් ඇසීමට සිදුව ඇති යුගයක්ය. මානවවාදී හැඟීම් කුළුගන්වන, මිනිස් අනුරාගය වඩවන පුවත් වෙනුවට ලේ ගලන අතීතයේ නොවැහැරුණු මතකය අවදි කරන පුවත්වලට අවකාශයේ වැඩි ඉඩක් වෙන්වී තිබේ. ඒ පුවත්වලින් රටේ හෙට දවස සම්බන්ධයෙන් මැවෙන චිත්‍රය කිසිසේත්ම යහපත් නැත. 24 January 2023
දහතුනට ප්‍රායෝගික අභියෝග 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට මම එකඟ නොවෙමි. එය 1978 දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම පූර්ණ කොටසකි. නීතියකි. එම ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන්නේය. 23 January 2023
ව්‍යාපාරික ප්‍රජාවට සහන දීම අගයමු මේ රටේ ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ණය පමා කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහන සලසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේය. ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට මහ බැංකු අධිපතිවරයාට දැනුම් දී ඇති බවත් එහිදී සඳහන් කෙරිණ. 23 January 2023
මැතිවරණ කල්දැමීමේ නෙයියාඩම පසුගිය වසරේ පෙබරවාරි මස පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණ වසරකින් කල් දමනු ලැබූ හෙයින් එම මැතිවරණ ලබන මාර්තු මස පැවැත්වෙනු ඇති බවට මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කොට ඇත. ඒ සඳහා දැන් නාමයෝජනාද කැඳවීමට දැන් සූදානම් ය. එහෙත් එම මැතිවරණ පැවැත්වේද යන සැකය බොහෝ දෙනා තුළ මතුවී තිබේ. 21 January 2023
සමස්ත සමාජය ගිලගත් නිමක් නැති ඝාතන රැල්ල දිනෙන් දින සිදුවන ජන ඝාතන විසින් සමාජය බරපතළ ලෙස සසල කරනු ලැබ තිබේ. කලින් ඉඳහිට වාර්තා වූ මනුෂ්‍ය ඝාතන දැන් දිනකට තුන හතර බැගින් සිදුවන තැනට කටයුතු යෙදී ඇත. මෑතක දී සිදු වූ මෙවන් ඝාතන අතර කොළඹ සරසවියේ සිසුවියක සිය පෙම්වතා විසින් බෙල්ල කපා ඝාතනය කිරීම මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිදුවීමකි. එය විශාල සමාජ ඛේදවාචකයක පැතිකඩක් විදහා දක්වයි. 21 January 2023
සිනමාව කවියක් කළ විප්ලවකාරී කිවිඳිය කාල වර්ණ උත්තුංග දේහයකින්, ප්රතාපවත් පෙනුමකින් යුත් ශ්‍රේෂ්ඨ පුරුෂයකු වූ ‘‘බොරලුගොඩ රාළහාමි’’ නමින් හේවාගම් කෝරළයේ රජකු මෙන් වැජඹුණු දොන් ජාකොලිස් රූපසිංහ ගුණවර්ධනගේ වැඩිමහල් පුත්‍රයා වූ දොන් හෙන්රි (හැරී) රූපසිංහ ගුණවර්ධනගේ දියණිය වූ දෝන සුමිත්‍රා රූපසිංහ ගුණවර්ධන නොහොත් ‘‘සිංහල සිනමාවේ කිවිඳිය’’ ලෙස ප්‍රකට වූ සුමිත්‍රා පීරිස් මහත්මිය ඊයේ (19) වැනිදා සිය ජීවිතයෙන් සමු ගත්තාය. 20 January 2023
පක්ෂ ක්රමයේ ආරම්භය : අවසානය රට පුරා ව්‍යාප්ත වී ඇති වෛරස් උණ ට ගොදුරු වී සති ගණනක් ම කල් ගත කළෙමි. ගිය සතියට පෙර සතියේ කිවි දා දැක්ම ලියාගත නොහැකි තරමටම වෛරස් බලවත් විය. අහාර අපුල විය. ඇගපත රිදුම් දීම තවමත් මුළුමනින් ම අවසන් වී නැත. එක දෙයක් ගැන මනා සිහියෙන් එක දිගට අවධානය යොමු කිරීම අපහසු විය. 20 January 2023
විශ්වවිද්‍යාල පත්වීම්වලට දේශපාලන ඇඟිලි ගැසීම් විශ්වවිද්‍යාලයක් යනු රටට ඇවැසි ඥන සම්පත නිර්මාණය කරන කෙෂ්ම භූමිය වේ. අදීන බවින් පිරිපුන් නිර්මාණශීලි මෙන්ම ගුණවත් පුරවැසියන් බිහි කිරීමේ වගකීම දෙවුරට ගත් විශ්වවිද්‍යාලය එහෙයින්ම අත්‍යන්තයෙන්ම ස්වාධීන විය යුතුය. එයට අවශ්‍ය විධි විධාන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතෙහි සඳහන්ව ඇත. 20 January 2023
සෙනුසුරු මාරුවෙන් පසු සම්මා සතියෙන් වැඩකළ යුත්තේ මෙම ලග්න හිමි ඔබයි ! සෙනසුරු මාරුව අසුබ නම් මෙය කියවන්න. 19 January 2023
විදුලි බිලෙන් හාන්සි වන ඇත්තෝ ජනවාරි 01 වැනිදා සිට තාවකාලික විදුලි ගාස්තු ඉහළ දැමීමකට සහ පෙබරවාරි 15 වැනිදා සිට අන්තර්කාලීන විදුලි ගාස්තු ඉහළ දැමීමකට අනුමැතිය ලැබී තිබෙන බව විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කියයි. 19 January 2023
මැතිවරණ වියදම් පාලනය අත්‍යවශ්‍යයි මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත සංශෝධනවලට යටත්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම් දී තිබේ. ඒ අනුව අදාල පනත් කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දැනුම් දී ඇතැයි ද කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත. 19 January 2023
බදුබරෙන් ඉපැදුණු උද්ඝෝෂණ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් මාස කිහිපයකට පසු රටේ බදු ක්‍රමය විශාල වෙනසකට බඳුන් කළේය. එතෙක් පැවති ඉහළ බදු අනුපාත වෙනුවට බදු අනුපාත අඩු කර සමහර බදු අවලංගු කර රට තුළ බදු අඩුවෙන් අය කිරීමේ ප්රතිපත්තියකට ප්‍රවේශ විය. 18 January 2023
පාස්කු දිනයේ ප්‍රහාරයේ සත්පුද්ගල නඩු තීන්දුව මුළු රටේම ඇස් ඇරවන නඩු තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉකුත්දා ප්‍රකාශයට පත් විය. 2019 වසරේ සිදු වූ පාස්කු ඉරුදින ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ලවන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීමෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, 18 January 2023
තුංමංහන්දිය මනෝ මන්දිර සහ මහගම සේකර නූතන යුගයේ මෙරට පහළ වූ මහගම සේකර නම් විශිෂ්ට කලාකරුවාගේ හතළිස් හත් වැනි ගුණ අනුස්මරණය පසුගිය 14 වැනිදාට යෙදී තිබුණි. මහගමසේකරයන්ගේ සුවිශේෂ නිර්මාණ කාර්යයේ එක් පැතිකඩක් විමසා බලමින් මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සමග මේ සංවාදය පැවැත්වෙන්නේ ඒ නිමිත්තෙනි. 17 January 2023
විදුලි බිල වැඩි නොකරම බැරිද? මෑතකදී සිදුකළ පොදු තොරතුරු විමසීම්වලින් පසු ඇතිකරන ලද විදුලි මිල වැඩිකිරීම ව්‍යාපාර ආයතන සහ සමාජය වෙත බරපතළ බලපෑමක් සිදුකොට ඇත. එම නිසා පාරිභෝගිකයන් වෙත අනවශ්‍ය බරක් ඇති නොවන සහ අමුද්‍රව්‍ය සැපයුම් දාමය, විදුලිය නිෂ්පාදනය සහ බෙදා හැරීම කාර්යක්ෂම කරවන අඩුතම පිරිවැය විධික්රමයක් පිළිබිඹු වන පිරිවැයකරණයක් සහ මිලකරණයක් සැලකිල්ලට ගතයුතුව ඇත. 17 January 2023
දේශපාලකයන් ආචාරධර්ම ආදර්ශයෙන් පෙන්වන්න ඕනෑ කොළඹින් නිල නිවාස ගත් ඇතැම් රාජ්‍ය අමාත්‍යවරුන් මන්ත්‍රී ධූරය හොබවන කාලයේ හිමිවූ මන්ත්‍රී නිල නිවාස නැවත භාරදී නැති බවත්, ඇතැම් රාජ්‍ය අමාත්‍යවරුන් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස නැවත බාර දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා අංශයෙන් කළ දැනුම්දීම්වලින් පසුව බවත් පසුගියදා වාර්තා විය. 17 January 2023
නැවෙන් කටට ප්‍රතිපත්තියේ වින්නැහිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සඳහා අනුමත කළ ණය පහසුකම ලබා ගැනීම වෙනුවෙන් එහි විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිකර ගැනීම සඳහා අප විසින් ක්‍රියාත්මක කරනු ලැබිය යුතු කාරණා 11 ක් එම ආයතනය ඉදිරිපත් කළේය. මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම එම කොන්දේසි අතර එකකි. 16 January 2023
පුංචි ඡන්දයට නීතිමය හරස් එපා යෝජිත පළාත් පාලන මැතිවරණය ගැන ඇත්තේ බලවත් අවිනිශ්චිත බවකි. එයට අදාළව පළවන විවිධ පුවත් විසින් ඡන්දය නියමාකාරයෙන් පැවැත්වේ ද නැත්නම් නවතී ද යන සැකය පුරවැසියන්ගේ සිත් තුළ ජනිත කරමින් පවතී. 16 January 2023
ප්‍රකාශන අයිතියෙන් ගැරහීම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන සේපාල් අමරසිංහ දළදා මාළිගාව සම්බන්ධයෙන් ඔහුගේ යුටියුබ් විඩියෝවක දැක් වූ අදහස් මේ වනවිට විශාල ආන්දෝලනයක් ඇති කොට ඇතුවා පමණක් නොව වැදගත් කාරණා දෙකක් ද සමාජයේ සංවාදයට ලක්කොට ඇත. 15 January 2023
විදුලි බිලෙන් උද්ගතවන ජනතාවගේ ජීවන ප්‍රශ්න විදුලි බිල යනු මසකට වරක් පැමිණෙන මනු කියවන්නා මීටරය බලා මුදල ලියා දී යන කඩදාසියක් නොවේ. එය ඕනෑම පවුලක ලේ ධමනි ශිරා තුළට ගමන් කරන හෘද ස්පන්දනය නතර කරවීමට සමත් බලගතු ලියවිල්ලකි. පවුලක පැවැත්ම තීරණය කරන මහානුභාව සම්පන්න කඩදාසියකි. අද රටේ කාගෙත් පංචේන්ද්‍රයන් සමඟ මුළු පංචස්කන්ධයම යොමුවී තිබෙන්නේ ඒ කඩදාසිය වෙතය. 15 January 2023
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026