මානව සංහතිය වනසන අයිස් මත් රකුසා
කලකට පෙර ‘අයිස්’ යන යෙදුම ඇසෙන විට හටගත්තේ සිහිල දනවන හැඟීමකි. එහෙත් අද ‘අයිස්’ යන යෙදුමෙන් අර්ථවත් වන්නේ සමාජ දේහය ගොදුරු කර ගන්නට මාන බලන භයානක රකුසෙකි. ගංජා, හෙරොයින්, හෂීස්, මරිජුවානා, කොකේන්, කේරල ගංජා ආදී ප්‍රකට මත්ද්‍රව්‍ය අතර මෑතක සිට ‘අයිස්’වලට ලැබී තිබෙන්නේ ප්රමුඛ තැනකි.