පොලිසියේ ගෞරවය කෙලෙසන්නන් පිටු දකිමු පොලිසිය ‘පොලිෂ්’ කළ යුතුම පැය එළැඹ තිබේ. පොලිසිය සම්බන්ධයෙන් වන ජනතා විශ්වාසය වැසි දියට පෙඟුණ බිත්තියක් බිමට පාත්වන්නාක් මෙන් ඉරිතලමින්, පුපුරායමින් තිබීම එයට හේතුවය. එකල ඉතා දුලබ වශයෙන් පොලිස් පුවත් වාර්තා වුවද මෙකල එබඳු පුවත් සුලබ වෙමින් තිබේ. 16 September 2023
පාස්කු ප්‍රහාර සුළමුල පාස්කු ප්‍රහාර කතිකාව නැවත කරළියට ආවේ බ්‍රිතාන්‍ය රජයට අයත් චැනල් 4 රූපවාහිනි නාලිකාව විසින් ආන්දෝලනාත්මක වීඩියෝවක් නිකුත් කරනු ලැබීමෙන් පසුව ය. නිකුත් කර දිනකට පමණ පසුව මෙම ආයතනය විසින් ම අදාළ විඩියෝව පරිශීලනය කිරීම බ්‍රිතාන්‍යයට පමණක් සීමා කළේ එය තමන්ට වැරදුණු බව වහා තේරුම් ගිය නිසා වැනිය. 15 September 2023
පයිනස් ලී ගෙන්වීමේ තීරණය ගත්තේ කා වෙනුවෙන්ද? මෙරට අවශ්‍යතා සඳහා භාවිත කළ හැකි පයිනස් දැව රට තුළ තිබිය දී පසුගිය වසර තුන ඇතුළත දී රුපියල් කෝටි 480 ක පමණ පයිනස් දැව මෙරටට ආනයනය කර ඇතැයි හෙළි වී තිබේ. මේ බව අනාවරණය කරගත් පරිසර ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව ඒ පිළිබඳව දැඩි අප්‍රසාදය පළ කර ඇති බව ද ‘‘ලංකාදීප’’ පුවතේ සඳහන්ය. 15 September 2023
උගතුන් රටහැරයාමේ ආදීනව ලංකාවේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් 12,000 ක අධික පිරිසක් සිටිය යුතු වුවත් දැනට සිටින්නේ 6000කට ආසන්න පිරිසක් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කියයි. එහි ආදීනව ගැන විවිධ අය විවිධ කතා කියති. අවශ්‍ය තරමට ගුරුවරුන් නැතිකමෙන් පාඨමාලාවල ගුණාත්මකභාවය සේම ලංකාවේ විශ්වවිද්‍යාලවලට ජාත්‍යන්තරයේ හිමි ස්ථානයද පහත වැටීමෙන් තිබෙන බව මහාචාර්ය මානවදේවි ගනේහේනේගේ කියයි. මේ ඇයගේ හඬයි. 14 September 2023
වෛද්‍ය පීඨ තව තවත් රටට අවශ්‍ය ඇයි? රට වැටී ඇති අර්බුදයෙන් ගොඩ ඒමේ මග වැටී ඇත්තේ පැරැණි ආකෘති තුළ නොවේ. පැරැණි ආකෘති වෙනුවට නව මාදිලියේ ආකෘති සොයා යා යුතුව තිබේ. ඒ සඳහා වන තීන්දු තීරණ නොබියව සහ නොවැනී ගත යුතුව තිබේ. ඒ සඳහා වන සූදානමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත්දා අනාවරණය කළේය. 14 September 2023
චැනල් හතරේ හා හූව පාස්කු ප්‍රහාරයට අදාළ චැනල් 4 වැඩසටහනෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම දෙවැනි වරටත් ඒ පිළිබඳව අදහස් දක්වා තිබේ. මුලින්ම එම වැඩසටහන ප්‍රචාරය වූ වහාම එ.ජා. මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා එම වැඩසටහන පිළිබඳව ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ප්‍රකාශ කළේය. 13 September 2023
ජීවිතයක් අහිමි කළ දුම්රිය අනතුර මේ රටේ ජනතාව යනු කිසිදා ගෙවා නිමකළ නොහැකි මහා පාපකර්ම කර ඇති ජනතාවකි. ජීවිතය විඳවනවා හැරෙන්නට ජීවිතය විඳීමට කුඩාම හෝ අවස්ථාවක් ජනතාවට නැත. එකක් පසුපස එකක් වශයෙන් හඹා එන ප්‍රශ්න සහ දුක් ගැහැටවලින් එම ජනයා මිරිකී-තෙරපී හෙම්බත්ව වී සිටිති. මේ සැහැසි ඉරණමෙන් මිදීමට ඇති මොහොතක් දිනයක් පෙනෙන තෙක් මානයේ නැත. 13 September 2023
නවකතා ලියන හැටි උගන්වන්න බෑ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන ස්වර්ණ පුස්තක සම්මාන උළෙල මෙවර ද පැවැත්වුණි. ඒ පසුගිය අට වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දීය. වසරේ ප්‍රශස්තම නවකතාව වෙනුවෙන් පිදෙන ස්වර්ණ පුස්තක සම්මානය මෙවර පිරිනැමුණේ නෝබට් අයගමගේ රචනා කළ ‘කුර හඬෙකි වියැකෙන’ නවකතාවට ය. නෝබට් අයගමගේ මහතා සමඟ මෙම සංවාදය පැවැත් වෙන්නේ ඒ ජයග්‍රාහී කෘතිය පදනම් කොටගෙනය. 12 September 2023
විසඳුම් නැති පැලැස්තර විසඳුම් ආර්ථිකය තවමත් නොවිසඳුනු අර්බුදයකි. විදේශ සංචිත සියයට 4.4 කින් අඩුවී ඇතැයි ඉකුත් 08 වැනිදා මහ බැංකුව නිවේදනයකින් කියා සිටියේය. ඒ අනුව මෙරට විදේශ සංචිතය ජූලි මාසයේ තිබූ ඩොලර් මිලියන 3765 සිට අගෝස්තු මාසය වනවිට ඩොලර් මිලියන 3598 ක් දක්වා අඩු වී ඇති බව ද එමගින් පෙන්වා දී තිබේ. 12 September 2023
සුදු අලින්ගෙන් රට බේරාගනිමු මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හැදූ දා පටන් බොහෝ ප්රවෘත්ති මවා තිබේ. ඒ බොහොමයක් ප්රවෘත්ති හොඳට වඩා නරකට බර වූ ඒවා විය. එම ගුවන් තොටුපොළ විවෘත කර මේ වනවිට වසර 10කි. 12 September 2023
මානව හිමිකම් කොමිසමේ නිරීක්ෂණ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරය සැප්තැම්බර් 11 දා සිට ඔක්තෝබර් 13 දක්වා පැවැත්වීමට නියමිතය. එහිදී ශ්‍රී ලංකාවේ වගවීම හා ප්රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳව කරුණු දැක්වීම සිදු වේ. 2009 දී යුද්ධය අවසන් වූ තැන පටන් එම කවුන්සිලයේ වාර්ෂික සැසිවාරවලදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන නිරන්තරයෙන් විමර්ශනයට ලක් විය. 11 September 2023
ක්‍රිකට් පිත්තේ ගෞරවය බිඳින්නෝ එංගලන්තයේ පැවැති ශ්‍රී ලංකා - එංගලන්ත විස්සයි - 20 ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජයග්‍රහණය කිරීමට චමරි අතපත්තු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත්වීම ක්‍රිකට් ළැදි ජනයාට පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ජනයාටම අති මහත් ප්රමෝදයට හේතුවකි. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට එරෙහිව මෙබඳු තරගාවලි ජයග්‍රහණයක් ලැබුවේ ඉතිහාසයේ පළමු වතාවටය. 11 September 2023
අපරාධකරුවන් රට පැනීම වැළැක්වීමට ක්‍රමවේද නැද්ද? අම්බලන්ගොඩ නගරය පුරා ආරක්ෂක විධි විධාන තර කර තිබේ. ඒ අතුරු මං මාවත්ද ආවරණය වන පරිදිය. මසකට වඩා වැඩි කාලයක් මුළුල්ලේ මෙම ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක වෙමින් තිබේ. පාතාලයකුට තබා මැස්සෙකුටවත් ඒ දැලෙන් බේරී පලා යා නොහැකි යැයි සිතුවේ නම් එය ද වැරැදි නොවේ. එහෙත් එම අනුමාන කිරීම් පුස්සක් බවට පත් කරමින් ඉකුත්දා මහ දවාලේ අම්බලන්ගොඩ වෙඩි පුපුරා ගියේය. සිය ගොදුර ඉලක්ක කර වෙඩි පත්තු කළ නාඳුනන තුවක්කුකරුවා පොලිස් ඇස මගහැර පලා ගියේය. 09 September 2023
සපිරි සංවර්ධන මොඩලයක් අවශ්‍ය ඇයි? මේ දිනවල රටේ දේශපාලනයේ කතා වෙන එක් මාතෘකාවක් වන්නේ චැනල් - 4 නාලිකාවේ විකාශය වූ පාස්කු ඉරිදා සිදුවීම සම්බන්ධ වීඩියෝ එකය. සමහරුන් සිටින්නේ ‘‘පාස්කු ඉරිදා ප්‍රහාරයේ නියම තොරතුරු සොයා ගත්තා’’ වැනි සතුටකින්ය. රටින් පැන ගොස් වෙන රටක පුරවැසිකම ලබා ගැනීමේ අරමුණින් මීට පෙර බොහෝ අය සිදු කළා වැනි පාපෝච්චාරණයක් මෙතැන තිබෙන බව තවත් සමහරුන්ගේ අදහසය. මේ පාපෝච්චාරණයේ ඇත්ත-නැත්ත ඉදිරියේදී රටට ඉදිරිපත් විය යුතුය. ඒ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කිරීමට මා අදහස් කරන්නේ 08 September 2023
රජයේ ඉඩම් කොල්ලය නතර කිරීමට පියවර ගන්න හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් බලහත්කාරයෙන් අල්ලා ගන්නා ලද බව කියන ඉඩම් අක්කර 165 වහාම ආපසු වන සංරක්ෂණ ජනරාල්වරයා වෙත බාර දීමට උසාවියෙන් නියෝග කර ඇති බව පසුගිය දා ලංකාදීප ප්‍රධාන සිරස්තලයකින් හෙළි කළේය. මේ නියෝගය නිකුත් කර තිබුණේ පුත්තලම මහේස්ත්‍රාත් මිහිල් සතුරුසිංහ මහතා විසිනි. අදාළ ඉඩම වනාතවිල්ලුව වීරක්කොඩි චෝලෙයි රක්ෂිත වනාන්තරයට අයත් බව ද ප්‍රකාශ විය. 08 September 2023
මොකක්ද? මේ චැනල් 4 2019 වසරේ පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් වාර්තා වැඩසටහනක් බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාව එළිදැක්වීමත් සමග ආන්දෝලනයක් හට ගත්තේය. මෙම වීඩියෝ වැඩසටහනට පාදක වන්නේ, ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට පැන ගොස් දේශපාලන රැකවරණ අපේක්ෂාවෙන් සිටින පිල්ලෙයාන් කණ්ඩායමේ හිටපු මාධ්‍ය ප්‍රකාශක ආසාද් මවුලානාගේ අදහස්ය. ඊට අමතරව, අනන්‍යතාව හෙළි කිරීමට අකමැති තවත් පාර්ශ්වයක් ද ප්‍රකාශ ලබා දෙයි. 07 September 2023
ලෝකයට ඉලක්ක ආර්ථිකයක් ලංකාව තවමත් ගමන් කරමින් සිටින්නේ ආර්ථික අවපාතයකය. රටේ පවතින්නේ අක්‍රීය ආර්ථිකයක් මිස සක්‍රීය ආර්ථිකයක් නොවේ. 2018 දී ලංකාවේ ආර්ථිකයේ විශාලත්වය නැතිනම් දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකන් ඩොලර් බිලියන 95කි. 2022 වෙද්දි එය ඩොලර් බිලිය 77 දක්වා පල්ලම් බැස තිබේ. 2023 දී ආර්ථිකය සියයට තුනකින් හැකිළෙන බවට පුරෝකතනය කර තිබේ. 2022 දී ආර්ථිකය හැකිලුණේ සියයට 7.8කිනි. ඒ අනුව ලංකා ආර්ථිකය පවතින්නේ ඝන අඳුරකය. 07 September 2023
පැයේ වැස්සෙන් කොළඹ ගංවතුර දැඩි නියඟය හමාර කරමින් පසුගිය දින කිහිපය පුරා ඇදහැලුන මහ වැස්ස කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් පවා උද්ගත කළේය. විශේෂයෙන්ම රටේ වාණිජ අගනගරය වන කොළඹ ප්‍රදේශයට පසුගියදා ඇදහැලුන මහවැස්ස මිලිමීටර් 95ක් තරම් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. 07 September 2023
උද්ධමනයට ඉනිමං හදන ඉන්ධන මිල ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් සැප්තැම්බර් මස 1 වැනිදා සිට පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ දමනු ලැබීය. පසුගිය කාලය තුළදී අපට අත්විඳීමට සිදු වූයේ සුළු මිල වැඩි කිරීමක් හෝ සුළු මිල අඩු කිරීමක් වුව ද මෙවර මිල වෙනස්කම් එසේ නොවීය. 06 September 2023
දිනූ සැමට සුබ පැතුම්: පරාජිතයන් මන්දෝත්සාහී වනු එපා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 විභාගයේ ප්‍රතිඵල නිකුත්වී තිබේ. ඉතා තරගකාරී එහෙයින් උණුසුම් උසස් පෙළ විභාගය උසස් ලෙස සමත්ව මවුපියන්ගේ අපේක්ෂාවන් මුදුන් පමුණුවමින් විදුහල් මාතාවට අපමණ ගෞරවයක් හා කීර්තියක් දිනා දුන් ජාතියේ දූ පුතුන්ට ලංකාදීපයේ ශුභාශිංසනය පළමුව පිරි නමමු. එමෙන්ම අපේක්ෂිත ඉලක්කය එලෙසින්ම සපුරා නොගත්ත ද තමන්ගේ ජීවිතයේ අනාගත ගමන් මග සකසා ගත් දූ පුතුනට එම ඉලක්ක සපුරා ගැනීමට දිරිය බලය ශක්තිය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. 06 September 2023
භාෂා අනන්‍යතාව ලේඛකයකුට ඉතාම වැදගත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨය සංවිධානය කළ 2023 විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙලේදී හොඳම නවකතාවට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ මනෝහරි ජයලත් රචනා කළ ‘‘ගිරිජා’’ නවකතාවයි. 05 September 2023
විසඳුම් නැති ප්‍රශ්න තුනක් උද්ගත වූ සමාජ ආර්ථික අර්බුදය පසුගිය කාලයේදී ක්‍රමයෙන් වැඩෙන්නට විය. රටේ ජනතාවට අත්‍යවශ්‍ය වන ආහාර, ඉන්ධන සහ ඖෂධ හිඟ වීමෙන් ආරම්භ වූ මේ අර්බුදය රටේ සුළු පිරිසකට නොව සැලකිය යුතු පිරිසකට බලපා තිබේ. ඉතා ධනවත් හා වරප්රසාදලාභී සුළු පිරිස හැරුණු කොට සමාජයේ අන් සියලු දෙනාට මෙහි බලපෑම අඩු වැඩි වශයෙන් දැනේ. සමාජ ස්ථර වශයෙන් ගත් විට පහළ සමාජ ස්ථරයට මේ ආර්ථික අර්බුදයේ පීඩනය ප්‍රබල ලෙස බලපා ඇත. 05 September 2023
අර්බුද රැසකට මුල්වෙන ඉන්ධන මිල ජනතාව ජීවත් වන්නේ සතුටෙන් නොවන බව වසන් කළ නොහැකි සත්‍යයකි. ආර්ථික අර්බුදයත් එමගින් ජනිත බොහෝ අතුරු ඵලයන්හි පීඩනයෙන් මෙන්ම වේදනාවෙන් ජනතාව කල් ගෙවති. 05 September 2023
ලෝක තෙල් මිලට දේශීය මිල ගැළපීම රජය මගින් ඉන්ධන මිල පාලනය කිරීමක් සිදු නොවේ. ලෝක වෙළෙඳ පොළේ මිල ගණන් අනුව ඉන්ධන මිල ගණන් තීරණය වීමට ඉඩ හැර තිබේ. එහෙත් එය සර්ව සාධාරණව සිදු වන්නක් නොවේ. එනම්, ලෝක වෙළෙඳ පොළෙහි ඉන්ධන මිල ගණන් ඉහළ යන විට සහ ඩොලරයේ අගය වැඩි වනවිට ඉන්ධන මිල ගණන් ඉහළ නැංවූවද ලෝක වෙළෙඳ පොළෙහි තෙල් මිල පහළ යන විට සහ ඩොලරයේ අගය පහත බසින විට ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ගණන් අඩු වෙන්නේ නැත. 04 September 2023
නාස්තිකාර වියදම් කැපීමට උඩ සිට පහළට ආදර්ශය ඕනෑ නාස්තිකාර වියදම් සම්බන්ධයෙන් අපේ රටට ඇත්තේ අපකීර්තිමත් සහතිකයකි. රුපියල් ලක්ෂයකින් අවසන් කළ හැකි වැඩකට ලක්ෂ දෙක තුනක් වියදම් කිරීම අපේ රටේ මෙතෙක් පැවති ක්‍රමය අනුව මහා වැරැද්දක් හැටියට නොසැලකිනි 04 September 2023
තනිව ගමනක අරමුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ලබන වසරේ ඔක්තෝබර් මාසයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසමට හැකියාවක් නැති වුවද ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන ජාතික ජන බලවේගය දැනටත් තම ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කොට ඇත. 02 September 2023
තහනම නොතකා වාහන ගෙන්වීමේ නිලධාරි මගඩිය රජය විසින් වාහන ආනයනය කිරීම තහනම් කරනු ලැබු කාලයේ දී ආනයනකරුවන් සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනකු සමග එක්ව මෙරටට නීති විරෝධීව වාහන ගෙන්වීමේ මහා පරිමාණ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිවී ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන චෝදනා කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කරුණු වාර්තා කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 02 September 2023
අලුත් ලෝකයක් බිහිවේද? තවදුරටත් ලෝකය බටහිර ආධිපත්‍ය තුළ තිබිය යුතුද? බටහිර ආයතන වන ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සේම ඩොලරයේ ආධිපත්‍ය යටතේ අපගේ මූල්‍ය පද්ධති පැවතිය යුතුද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු සොයන සමුළුවක් පසුගිය 22-24 දක්වා දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර දී පැවත්විණි. 01 September 2023
ඝාතන වැඩිවීම් මර්දනයට සියල්ලම එකාමෙන් එක්වෙමු රටේ ජීවත්වීම අතිශය දුක්බර දුෂ්කර හා බිහිසුණු අත්දැකීමක් බවට පත්වී තිබේ. අතොරක් නැති අර්බුද මැද පාතාලයන්ගේ ගිනි අවිද එකතු වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ මේ වසරේ ජනවාරි මස සිට මේ මාසය දක්වා මිනිස් ඝාතන 370ක් සිදුවී ඇති බවය. එමෙන්ම රට තුළ මසකට ඝාතන 46 ත් 50 ත් අතර සිදුවන බැවින් ශ්‍රී ලංකාව නීතියේ ආධිපත්‍ය බිඳ වැටුණු රටක්, ගෝත්‍රික රටක් බවට පත්ව ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන්කර තිබිණ. 01 September 2023
නියඟයට වැස්සට සාධක ලංකාවට ප්‍රධාන වශයෙන් වර්ෂාව ලැබෙන්නේ නිරිත දිග මෝසම සහ ඊශාන දිග මෝසමෙනි. ඒ දෙක අතර කාල අන්තර් මෝසම් නමින් හැඳින්වෙයි. 31 August 2023
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026