IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


විදුලිබල මණ්ඩලේ විහිළු මවන දීමනා

ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්ය මණ්ඩලය 2020 සහ 2021 දෙවසර තුළදී රුපියල් කෝටි 367කට අධික මුදලක් විවිධ දීමනා වශයෙන් ලබාගෙන ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) විමර්ශනවලදී අනාවරණය වී තිබේ. එම දීමනා ලබාදී ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව බවත් හෙළි විය.

මේ ආකාරයට රුපියල් කෝටි සිය ගණනින් දීමනා ගෙවා තිබෙන්නේ හොර පාරකින් බව සොයාගැනීම විමතිය දනවන්නකි. එසේම විදුලි බල මණ්ඩලයේ වාර්ෂික වියදම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලු‍ බදු මගින් බලාපොරොත්තු වන ආදායම ඉක්මවන බවද කෝප් කමිටු සාමාජික මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබිණි. 2021 වර්ෂයේදී සේවක වැටුප සියයට 25කින් වැඩි කර තිබුණද ඊට අදාළ පාර්ශ්ව, සේවා යෝජකයන් සහ සේවක සංගම් එකී කෙටුම්පතට අත්සන් කර නැත. මේ නිසා එම ගිවිසුම නීත්‍යනුකූල ලියැවිල්ලක් වශයෙන් නොසැලකෙයි. එසේ තිබියදීත් වැටුප් වැඩි කිරීම අනවසර ගෙවීමක් වන බැවින් එහි අහිතකර බලපෑම දළ වශයෙන් රුපියල් කෝටි 960ක් බවද කෝප් කමිටුවේදී හෙළි වී තිබිණි.

කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ මෙම සියලු‍ මුදල් ජනතාවගේ බැවින් නිලධාරීන් වගකීම් සහිතව කටයුතු කළ යුතු බවය. මනු කියවීමට අමතරව නිවැරැදිව මනු කියවීම වශයෙන් සඳහන් කර දීමනා ලබාගැනීම විහිළුසහගත නිර්ණායකයක් වශයෙන්ද මහාචාර්ය හේරත් හඳුන්වා දී තිබිණි. විදුලිබල මණ්ඩලය වැනි රටට අත්‍යවශ්‍යම වූත් භාරදූර වූත් කාර්යයක් ඉටුකරන රටේ ජීවනාලිය බඳු ආයතනයක් මෙවැනි විහිළුසහගත නිර්ණායක යොදා ගනිමින් ගාන කපා ගැනීමේ තැනකට වැටීම සම්බන්ධයෙන් අපට දැනෙන්නේ විශාල කනගාටුවකි. තමන් ඉටුකරන වෘත්තීයමය රාජකාරි සඳහා ගැළපෙන වැටුප් සහ අමතර දීමනා ලබාගැනීම වරදක් ලෙස අපි නොදකිමු. එහෙත් හොර පාරෙන් දීමනා ලබා ගැනීම සඳහාම ඇතැම් රාජකාරි යොදවා ගැනීම සම්බන්ධයෙන් නම් සමාවක් දිය නොහැක. එය නිසැකවම රටේ පොදු මහජනතාවගේ මුදල් පික්පොකට් ගැසීමකි.

විදුලිබල මණ්ඩලය අධික ලෙස පාඩු ලබන රාජ්‍ය ආයතනයක් වීම හේතුවෙන් එහි කාර්ය මණ්ඩලයේ වැටුප් ගෙවීම සඳහා මණ්ඩලය උපයන ආදායමට අමතරව මහජනතාවගේ බදු මුදල් ද වැය වන බව සැලකිල්ලට ගත් විට මෙය මහා අපරාධයක් වශයෙන් පෙනී යයි. අප පවසන්නේ සේවයට සරිලන වැටුප් සහ දීමනා ලබාගැනීම සම්බන්ධයෙන් නොවන බව යළිත් මෙහිදී අවධාරණය කිරීමට කැමැත්තෙමු.

විදුලිබල මණ්ඩලයේ සේවාව රටට නැතුවම බැරි සේවාවක් බව සැබෑය. එහෙත් මණ්ඩලයේ විදුලිය ජනනය කිරීම, මිලදී ගැනීම, බෙදාහැරීම සහ ව්‍යාපෘති සම්බන්ධයෙන් උත්තර සෙවීම අපහසු බරපතළ ප්‍රශ්න තිබෙන බව යථාර්ථයයි. ඉහළ වෘත්තීය මට්ටමක් අපේක්ෂා කරන විදුලිබල මණ්ඩලය වැනි ආයතනයක් එසේ කටයුතු කිරීම සුදුසු නැත. මණ්ඩලය මගින් විවිධ ආණ්ඩුවලට අතීතයේ සිටම ලබාදුන් අනාගත විදුලි උත්පාදන සැලසුම් බොහොමයක් ක්‍රියාත්මක නොවීමද අද මණ්ඩලයත් රටත් මුහුණ දී සිටින තත්ත්වයට බලපා තිබෙන බවද මෙහිදී පෙන්වා දිය යුතුය.

ඇතැම් ආණ්ඩු මේ ව්‍යාපෘති ක්‍රියාත්මක නොකළේ තමන්ට දේශපාලන වශයෙන් පෙරළා ලැබෙන යමක් නොතිබූ බැවින් විය හැකිය. නැතහොත් ඒ සැලසුම් ක්‍රියාවට නැංවීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සොයාගැනීම අපහසු වූ නිසාද විය හැකිය. එහෙත් තමන්ගේ මඩිය තරවෙන වැඩකට මිස රටට දැනෙන වැඩක් කිරීමට නොපෙළඹෙන මැති ඇමැතිවරුන් නිසා විදුලිය ජනන ව්‍යාපෘතිවලට ප්‍රමුඛත්වයක් නොලැබී යාමද සිදුව තිබෙන බව පිළිගත යුතුය.

රටේ දීර්ඝකාලීන සංවර්ධනයට අවශ්‍ය විදුලිබලය උත්පාදනය කිරීමට වඩා ඊළඟ ඡන්දයේදී ජනතාව රවටා ගත හැකි බොරු සෝබන ව්‍යාපෘතිවලට බිලියන ගණනින් මුදල් වැය කිරීමට අපේ රටේ දේශපාලන නායකයන් දක්වන රුචිකත්වයද මේ තත්ත්වයට හේතු වී ඇති බවද කිව යුතුය. ඩොලර් බිලියන ගණනින් ලබාගත් ඇතැම් ණය වලින්ද කර ඇත්තේ කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන ප්‍රදර්ශනාත්මක ව්‍යාපෘතිය. ඒවායේ ප්‍රතිඵල දැන් රටටම පොලියත් සමඟ ලැබෙමින් තිබේ.

කෝප් කමිටුවේ හෙළිවන අක්‍රමිකතාවලින් පෙනෙන්නේ දැන්වත් විදුලිබල මණ්ඩලය වැනි රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් සිදු කළ යුතු ව්‍යුහාත්මක වෙනස්කම් සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු තැනකට රට තල්ලු‍වෙමින් සිටින බවය. කෝප් කමිටුව මගින් සිදුකරනු ලබන විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ සොයාබැලීම්වලින් වඩාත් හොඳ ප්‍රතිඵල ලැබිය හැක්කේ එවැනි ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුවන ආකාරයට සිස්ටම් චේන්ජ් එකක් සිදුවන්නේ නම් පමණි. එසේ නොවුණොත් ලබන වසරේද කෝප් කමිටුව හමුවේ විදුලිබල මණ්ඩලයේ කාර්යසාධන වාර්තාව මීට වඩා වෙනස් නොවනු ඇත. විදුලි බල මණ්ඩලය පමණක් නොව බොහොමයක් රාජ්‍ය ආයතන සම්බන්ධයෙන්ද තත්ත්වය එසේම වනු ඇත.

(***)

 



අදහස් (2)

විදුලිබල මණ්ඩලේ විහිළු මවන දීමනා

විනිවිද Friday, 01 July 2022 06:42 PM

කෝප් කමිටුව පිළිබඳවද අපට ගැටළු තිබේ. කෝප් කමිටුවේ ප්‍රශ්න කිරීම්, ප්‍රශ්න ඇසීමට පැමිණෙන දූෂිත ඇමැතිවරුන් සහ ඔවුන් අසන්නා වූ සහ ඇසිය යුතු ප්‍රශ්න පිළිබඳව කිසිඳු අවබෝධයක් නොමැතිවීම සහ ඔවුන්ගේ නොදැනුවත්කම නිසා මේ වනවිට කෝප් කමිටුවේ විනිවිද බවකින් තොරව කරගෙන යනු පෙනේ. පාර්ලිමේන්තුව විසින් පත්කරනලද කමිටු වල (කෝප් කමිටුව) තනතුරු සහ ප්‍රශ්න කිරීම සඳහා සහභාගි වියයුතු වන්නේ දුෂිත නොවන, මුදල් වංචා හෝ අධිකරණයෙන් වරදකරුවන් නොකරන ලද පුද්ගලයින් වුවත් වර්තමාන කෝප් කමිටුව එසේ නොවේ. කෝප් කමිටුව සෑම ආකාරයෙන්ම අසමත්ව තිබේ. එමෙන්ම රටේ පුරවැසියන් කෝප් කමිටුව පිළිබඳව කිසිඳු විශ්වාසයක් නොමැත. කෝප් කමිටුවද ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කළයුතු අතර එය වර්තමාන පාලනයකින් සිදු නොවූවත් අනාගතයේදී සිස්ටම් චේන්ජ් එකක් සමග බොහෝ වෙනස්කම් සිදුකළ යුතුව තිබේ...

:       7       20

pakeer Friday, 01 July 2022 06:50 PM

ඕවා පුදුම වෙන්න දේවල් නෙමෙයි. කොච්චර ඉන්නවද ලංකාවේ මිලියන ගණන් හම්බ කරන..., ඒත් ටැක්ස් ෆයිල් එකක් නැති. ලේසියෙන් අල්ලන්න පුළුවන්. ඒත් ඒවා කරන්නේ නැහැ. ඕවට මේ විශේෂ කමිටු ඕනෑ නැහැ. ඉන්න අය හොඳටම ඇති. ඒත් වැඩක් නැහැ.

:       0       27

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31309 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13501 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10997 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 108 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 934 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site