IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


සුරංගනාවියන් මල්ගෙන ගිය පාරේ සිරිපා වඳින්න යන්න එන්න

(අජිත්ලාල් ශාන්තඋදය)

සුමන සමන් දෙව්රුවක් සහ දේවාභරණ වලින් කොටසක් පළමුවරට සිරිපා මලූවට පළමුවරට වැඩම කරවීමට නියමිත කුරුවිට එරත්න සිරිපා මාර්ගයේ 2019/2020 වන්දනා වාරය වෙනුවෙන් වන්දනාකරුවන්ගේ පහසුකම් ඉහළ නැංවීමට කටයුතු යොදා ඇති බැවින් සුරංගනාවියන් සිරිපා මලූවට මල්රැගෙන ගිය මාවත ඔස්සේ  සිරිපා කරුණා කරන්න එන්නැයි කුරුවිට ප‍්‍රාදේශීය ලේකම් දිළිණි ධර්මදාස මහත්මිය ආරාධනා කරන්නීය.

සිරිපා වන්දනාවාරය ආරම්භ කරමින් පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ‍්‍රීපාස රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සුමන සමන් දේවප‍්‍රතිමා සහ දේවාභරණ මාර්ග හතරක් ඔස්සේ සිරිපා මලූවට වැඩම කරවීමට ශ‍්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමියෝ අනුමැතිය දුන්හ.

ඒ අනුව දේව ප‍්‍රතිමාවක් සහ දේවාභරණ කොටසක් මලූව කරා සිරිපා වන්දනාවේ යන ප‍්‍රධාන මාර්ගයක් වූ කුරුවිට එරත්න මාර්ගය ඔස්සේ මෙවර සිට වැඩම කරවනු ලබයි.

ගල්පොත්තාවල ශ‍්‍රීපාද රජමහා විහාරයේ සිට ශ‍්‍රීපලාබද්දල මාර්ගය ඔස්සේ ගමන්ගන්නා පෙරහර සමග එක්ව සබරගමු මහ සමන් දේවාලය වෙත පැමිණෙන පෙරහර මහ සමන් දේවාලයේ දී පෙරහර දෙකක් ලෙස  වෙන්ව කුරුවිට සහ රත්නපුර මාර්ග ඔස්සේ ගමන් කිරිමට නියමිතය.

කුරුවිට එරත්න මාර්ගය ඔස්සේ ගමන් කිරිමට නියමිත සිරිපා පෙරහර රත්නපුර පානදුර පාරේ කහන්ගම හරහා ගොරකඇල හන්දියට ගොස් ගොරකඇල හන්දියෙන් හල්පේ, පාතගම, කුරුවිට නගරයට පැමිණ, කුරුවිට නගරයෙන් එරත්න පාරේ එක්නැළිගොඩ, සූදාගල, බටතොට, ලස්සකන්ද, ගඟබඩ, අඩවිකන්ද, කැකුණහින්න හරහා වර්ණගල තෙක් ගමන් කරයි.

වර්ණගල සිට දෝලාවක තැන්පත් කර බැතිබතුන්ගේ කර මතින් දේව ප‍්‍රතිමාව සිරිපා මල්ව කරා වැඩම කරවීමට නියමිතය. කැකුණහින්න තෙක් රිය පෙරහරේ ගමන් ගන්නා වාහනවලට යාහැකි නමුත් එතැන් සිට වර්ණගල දක්වා ඇති කොටසේ ගමන් ගන්නේ දේවප‍්‍රතිමා සහ දේවාභරණ තැන්පත් කර ඇති රථයත්, තවත් රථ දෙකක් පමණක් බවට සීමාකර ඇත්තේ මාර්ගයේ පටු බව නිසා ඇතිවන වාහන තදබදය වැළැක්වීමටය.

මෙම පෙරහර ගමන් මාර්ගයේ ග‍්‍රාමසේවා වසම් 14ක් පසුකරයි. රත්නපුර සහ කිරිඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වසම් දෙක බැගින් හතරක් පසුකරයි. ඉතිරි ග‍්‍රාමසේවා වසම් දහයම කුරුවිට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්ය. පෙරහර ඇතුලූවන විට වසම්වල ග‍්‍රාම නිලධාරීන් ප‍්‍රමුඛ වසමේ  විහාරස්ථානවල දායක සභා, දහම්පාසල්, පෙරපාසල් ආදිය නියෝජනය කරමින් විශේෂ පිළිගැනීම් සංවිධායක කර තිබේ.

සෑම වසමක පෙරහරේ ගමන් ගන්නා බැතිමතුන් වෙනුවෙන් දන්සැල් පවත්වන්නට ද ප්‍රදේශවාසීහු සුදානමින් සිටිති.

‘වසර දෙකක කාලයක ඉ`දලා සිරිපා වන්දනා වාරයේ බැතිමතුන්ගේ මූලික අවශ්‍යතා හැකි පමණින් සපුරාලන්න අපි කටයුතු කරමින් ඉන්නවා. දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියත් ඊට විශාල අනුග‍්‍රහයක් ලබා දෙනවා. මේවනවිට එරත්න මාර්ගයේ පොදු වැසිකිළි 16ක් අපි සකස් කරලා තියනවා. වර්ණගල, සීතගඟුල, ඉඳිකටුපාන අම්බලන් පිළිසකර කරලා තියනවා. සමහර ඒවායේ වැඩ නිමකරන්න තියනවා.’

‘පාගමින් වන්දනා ගමන් අරඹන ස්ථානයේ සිට බැතිමතුන් දැනුවත් කරන දැන්වීම් පුවරු අපි සකසලා තියනවා. අම්බලන්වලට ඇති දුර, අනතුරුදායක තැන්, ආදිය එසේ සටහන් කරලා තිබනවා. ඒ වගේම සිරිපා ගමනේ අතිශය පාරිසරික සංවේදී කලාප ඇතුළත් මාර්ගයක් ලෙස  එරත්න මාර්ගය හදුන්වන්න පුලූවන්. ප‍්‍රදේශයට, ලංකාවට අවේනික ශාඛ සහ සතත්ව ප‍්‍රජාවන් සිටින ප‍්‍රදේශ ඔස්සේ මේ සිරිපා මාර්ගය වැටී තියෙන්නේ. ස්වභාවික දිය උල්පත් හැම තැනම තියනවා. පානීය ජල ගැටලූ නෑ. පරිසරයට ආදරය කරන පරිසරය විදගෙන වන්දනාවේ යන්න හොඳම පාර මේක වෙන්නැති. අපි පිට පළාත්වල සැදැහැවතුන්ට ආරාධනා කරනවා එරත්න පාරෙන් එක පාරක් ඇවිත් යන්න කියලා. ඊට පස්සේ හැම වාරයකම එන්න හිතේවි.’ ප‍්‍රාදේශීය ලේකම්වරිය පොදු ආරාධනාවක් කළාය.

කොළඹ රත්නපුර මාර්ගයේ කොළඹ සිට කිලෝමිටර් 87ක දුරින් කුරුවිට නගරය පිහිටා තිබේ. උඳුවප් පුන් පොහොයෙන් සිරිපා වන්දනා වාරය ආරම්භ වූ පසු කුරුවිට සිට අඩවිකන්ද හරහා කැකුණහින් තෙක් පොදු මගී ප‍්‍රවාහන සේවා පහසුකම් සැපයීමට ලංගම සහ පෞද්ගලික බස් සේවා ස්ථාපිත කෙරේ. කැකුණහින්නේ සිට මලූව කරා යායුත්තේ පාගමිනිනි.

පොලිස් මුරපොළක් වර්ණගල ස්ථාපිත කර ඇත. පොලිතීන් සහ ප්ලාස්ක සිරිපා අඩවියට ගෙන නොයන ලෙස ප‍්‍රාදේශීය ලේකම්වරිය කාරුණික ඉල්ලීමක් කරන්නීය.

මෙවරත් සමන් දෙවි පෙරහරේ මුද්‍රිත මාධ්‍ය දායත්වය විජය පුවත්පත් සමාගම විසිනි.



අදහස් (4)

සුරංගනාවියන් මල්ගෙන ගිය පාරේ සිරිපා වඳින්න යන්න එන්න

Kumar Wednesday, 30 October 2019 02:05 AM

ඔය සුරඟන කතා විශ්වාස කරන්න පුලුවන්ද? මම තරුණකාලේ කිහිපවතාවක්ම කන්ද නැගලා තිබෙනවා. ලොකෙ සියලුම ආගම් භක්තිකයන් වන්දනා කරන එකම තැන.

:       278       60

කල්පනාSaturday, 02 November 2019 03:39 AM

සුරංගනා කථා විශ්වාස කරන්න බැරි නම් නිකාඉන්න. සිරිපා වන්දනාවේ යනවිට දර්ශනීයම මාර්ගය මෙය කියලා කියන්න පුළුවන්... එ් නිසා වෙන්න ඇති සුරංගනාවන්ගේ මාර්ගය කියන්නේ ලස්සන දියඇලි, සුදු වැලිතලා, නිලට නිලේ තිබෙන පොකුණුමෙන් වූ ජලාශ, අලංකාර වනාන්තරය, ආදී තවත් සුන්දරදේ.. මේ මාර්ගයේදී දැක ගැනීමට හැකිය. එ් නිසා මෙය ලක්වාසී බැතිමතුන්ට සිරිපා ගමනේදී ස්වභාව සෞන්දර්යය රසවිඳීමට සුදුසුම මාර්ගය කුරුවිට එරත්න මාර්ගය යයි කියන්න පුළුවනි.

:       0       150

KumarSunday, 03 November 2019 02:03 AM

ඔබේ කතාව ඇත්ත. මම මුසාවක් කියනවා නොවේ ඒ කන්දේ මුදුනට අට ගමනක් නැගලා තිබෙනවා. ඒ කඳු මුදුනට නගිනකොට සුන්දරත්වය ගැන සිතන්නේ නැහැ. මහන්සියයි නිදිමතයි එකතුකළ විට සුන්දරත්වය මතක් වෙන්නෙ නැහැ. මම රාජකාරීන් සඳහා ඒ අසලටම යනකොට සුන්දරත්වය නරඹන්න අවස්ථාවක් ලැබෙනවා රියදුරු මහතාට පින්සිද්ධ වෙන්න.

:       22       5

M mahawanni Thursday, 31 October 2019 11:04 AM

ඉතාම වටිනා දැනුම් දීමක්... හැකි සෑමවිටම සිරිපා කරුණා කරන්න අදිටන් කරගෙන ඉන්නේ.. සියලු බැතිමතුන්ට තෙරුවන් සරණින් යහපතක්ම වේවා.. සියලු කටයුතු ඉතාමත් සාර්ථකව කරගන්න හැකියාව ලැබේවා..!!! තෙරුවන් සරණයි.

:       0       89

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 769 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 907 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 376 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site