හෙළ සිනමාමේ වත්මන් නිළි රැජින ලෙසින් සැලකෙන මාලිනී ෆොන්සේකා අද 30 වැනිදා ජීවන ගමන් මගේ 78 වැනි විය සපුරයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ලාංකේය සිංහල සිනමාව වසර 55කට වැඩි කාලයක් පෝෂණය කළ ප්‍රවීණ රංගනවේදිනිය ඇයයි.
වේදිකාව, සිනමාව. පුංචි තිරය පමණක් නොව දේශපාලන ක්ෂේත්රයේ පාර්ලිමේන්තුව ද නියෝජනය කරමින් මෙරට මෙන්ම ජාත්‍යන්තරයේ ද සම්මානයට පාත්‍ර වූ අධ්‍යක්ෂවරිය, රංගනවේදිනියත් ඇයයි. ඇය නමින් මාලිනී සෙනෙහලතා ෆොන්සේකා වන්නීය.
අද (30) ඇය ජීවන ගමන් මගේ 78 වැනි විය සපුරන්නීය. 1947දී කැලණියේ උපත ලැබූ මාලිනී 1963 දී ‘නොරත රත’ වේදිකා නාට්‍යයෙන් කලා ක්ෂේත්රයට අවතීර්ණ වී එතැනින් පසු වේදිකා නාට්‍ය 14කට රංගනයෙන් දායක වූවාය.
1968 දී තිස්ස ලියනසූරියගේ ‘පුංචි බබා’ චිත්‍රපටයෙන් සිනමාවට අවතීර්ණ වූ ඇය, පසු කලෙක එහි රැජිණ බවට පත් වූයේ සිනමා ක්ෂේත්රයට ද ගෞරවයක් ලබා දෙමිනි.
එකල වාණිජ සිනමාවේ ජෝ-මාලිනී, ගාමිණි-මාලිනී, විජය-මාලිනී, සනත්-මාලිනී වැනි යුග ගණනාවක් ඇතිවුණි. පසු කලෙක චිත්‍රපට අධ්යක්ෂණයට ද යොමු වෙමින් ‘සසර චේතනා, අහිංසා, ස්ත්‍රී, සඳමඬල වැනි චිත්‍රපට සිනමාවට දායා ද කළාය. විදේශීය චිත්‍රපට කිහිපයකට ද ඇය රංගනයෙන් දායකවීම විශේෂත්වයකි.
ජාත්‍යන්තර තලයේ සම්මානයක් හිමි කරගත් පළමු ශ්‍රී ලාංකික නිළිය ඇයයි. ඒ 1975 දී ‘9 වැනි මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේ’ ඇය රඟපෑ ‘එයා දැන් ලොකු ළමයෙක්’ වෙනුවෙන් ගෞරව ඩිප්ලෝමා සහතිකය හිමිකර ගැනීමයි.
එමෙන්ම මෙරට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළ පළමු කාන්තාව ද ඇයයි.
2014 දී ඇයගේ සිනමා දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් ප්‍රංශයේ 16 වැනි දෝවිල් ආසියානු සම්මාන උළෙලේ දී’ ඇයට රන් නෙළුම සම්මානය පුද කළේ ශ්‍රී ලාංකීය සිනමාවට ද ගෞරවයක් ලබා දෙමිනි.
පසු කලෙක පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙසද කටයුතු කළ ඇය සිනමාවට කළ මෙහෙවර උදෙසා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් ගෞරව ආචාර්ය උපාධියකින් පිදුම් ලැබුවේ ද සිනමාවට කීර්තියක් ගෞරවයක් අත්කර දෙමිනි.
අද (30) දින උපන් දිනය වෙනුවෙන් ඇය රඟපෑ මීට වසර 17කට පෙර තිරගත වූ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ආකාස කුසුම්’ චිත්‍රපටය උපන් දින තෑග්ගක් ලෙසින් අද සිට සීමිත දින ගණනක් කොළඹ PVR ඇතුළු එල්.එෆ්.ඩී. මණ්ඩලයේ සිනමා ශාලාවල දී තිරගත කිරීමට කටයුතු යොදා තිබේ. එහි ‘සන්ධ්‍යා රාණි’ නමැති නිළි රැජිනියකගේ චරිතයට පණ පොවන මාලිනියගේ සැබෑ ජීවන කතාව ලෙස සමහරුන් හඳුන්වාදී ඇත.
එමෙන්ම සිනෙස්ටාර් පදනම මගින් ‘රැජිනියේ’ නමින් මාලිනී උපන් දින සැමරුමක් අද (30) පස්වරුවේ කොළඹ නවලෝක රෝහල් ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමටද කටයුතු යොදා තිබේ.
සිනෙස්ටාර් පදනමේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතාගේ මූලිකත්වය යටතේ මාලිනියට සමීප කලාකරුවන්, පවුලේ ඥාතීන්, හිතවතුන් මෙය සංවිධාන කර ඇත. මෙය ආරාධිතයන්ට පමණක් සීමා වූවකි.
දශක 5කටත් අධික කාලයක් හෙළ සිනමාවේ පෝෂණය කරමින් සිටින මේ නිළි රැජිණ අපට කෙසේ අමතක කළ හැකිද? ඇය කළ මෙහෙවර අති මහත්ය. මෙරට සිනමාව ලොවට ගෙන ගිය මෙරට සිනමාව ප්රේක්ෂකයන්ගෙන් ආදරයෙන් පුරවපු හැමෝම සමග සුහදව කතා කරන නිරහංකාර, රංගනවේදිනිය ඔබයි. මෙම සටහන ඒ උතුම් මෙහෙවරට කළ උපහාරයකි.
මාලිනී නිළි රැජිනියනි,
ඔබට චිරං ජයතු.
(*** සමන්ත යහම්පත්)
2025 දෙසැම්බර් මස 04
635
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
528
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
432
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හෙළ සිනමාවේ නිළි රැජින
HIRAN JAYATU Wednesday, 30 April 2025 01:25 PM
තිරන් ජයතු...
Samson Munasinghe Friday, 02 May 2025 09:10 AM
ඔබට නිරෝගි සුව සතුට පිරි දීර්ඝායුෂ පතමි!
randil dunuwille Friday, 02 May 2025 01:38 PM
ලංකාවේ ආයිමත් නිළි රැජිණියන් නැත. මෙයා හැරෙන්නට, බිහිවෙන්නෙත් නැත.