IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සියවස සපුරන උදම්මිට ධම්මාචාර තිස්ස නා හිමියෝ

උදම්මිට ධම්මාචාර තිස්ස නා හිමියන්ගේ සියවැනි ජන්ම දිනය අදට යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ උතුරු අලුත් කූරු කෝරළයේ රාගම් පත්තුවේ දඬුගම් ඔය මිටියාවතට යාබදව පිහිටි සුන්දර ගම්මානයකි, උදම්මිට ගම. මෙම ගම ජන්ම ලාභය කොට සසුන් දිවිය හමාර කළ මහ සඟරුවන බොහෝමයකි. ඒ අතර සුවිශේෂ දෙනමක් වශයෙන් උදම්මිට ධම්මරක්ඛිත මහ නාහිමි, උදම්මිට ධම්මාලංකාර මහ නාහිමි යන දෙනම සඳහන් කළ හැක. එම ගණයට වැටෙන තවත් එක නමක් වශයෙන් 2021 නොවැම්බර් 22 දිනට දිවි ගමනේ සියවසට පා තබන උදම්මිට ධම්මාචාර තිස්ස නාහිමියන්ව හැඳින්විය හැකි ය.

උදම්මිට විසූ ඩී. සිරිදියෙස් සිල්වා සහ කලුමිත් සුදු නෝනා යන දෙපළට දරුවන් සිව්දෙනෙකි. ඉන් බාලම දරුවා උදම්මිට ධම්මාචාර තිස්ස නමින් පැවිදි විය. මීගමුව විද්‍යාලංකාර විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ එවකට මීගමුව, අඟුරුකාරමුල්ල බෝධිරාජාරාමාධිපතිව වැඩ සිටි මීගමුවේ ශ්‍රී මේධංකර ලොකු හාමුදුරුවන්ගේ සිසුවකු ලෙස 12 වැනි වියේ දී 1934.10.22 දින පැවිදි දිවියට ඇතුළත් වූහ. පැවිදි දිවියේ මූලික අධ්‍යාපනය දැදිගම සාහිත්‍යෝදය පිරිවෙනින් ලැබූ උන්වහන්සේ උසස් අධ්‍යාපනය ලැබුවේ පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනිනි.

උන්වහන්සේ උපසපන් වූයේ වර්ෂ 1953 ජුනි මස 31 වැනි දින  බලපිටිමෝදර උදකුක්ඛේප සීමා මාලකයේ දී එවක ලියනගේමුල්ල සුවිසුද්ධාරාමාධිපතිව වැඩ විසූ මූකලන්ගමුවේ ගුණාලංකාර තිස්ස හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා මීගමුවේ ශ්‍රී මේධංකර නා හිමිපාණන් වහන්සේගේ ආචාර්‍ය්‍යත්වයෙන්, උදම්මිට පඤ්ඤාවාස තිස්ස, වලගෙදර සෝමාලෝක තිස්ස හා පොල්වත්තේ ප්‍රඤ්ඤාලෝක තිස්ස යන නා  හිමිවරුන්ගේ කර්මාචාර්යත්වයෙනි. විද්‍යාලංකාර පිරිවෙනේ දී, ලුණුපොකුනේ ධම්මානන්ද, කිරිවත්තුඩුවේ පඤ්ඤාසාර, යක්කඩුවේ ප්‍රඥාරාම, බඹරැන්දේ සිරි සීවලි, කොටහේනේ ප්‍රඥාකීර්ති වැනි ශ්‍රේෂ්ඨ යතිවරයන්ගේ සෙවණේ අධ්‍යාපනය හැදෑරූ නාහිමියෝ රාජකීය පණ්ඩිත, සාහිත්‍යාචාර්ය යන උපාධිවලින් පැවිදි දිවිය ඔප් නංවා ගත්හ. පසුව නුවරඑළියේ සේනානන්ද නා හිමියන් යටතේ නුවරඑළිය රුවන්එළිය රත්නාලෝක පිරිවෙනෙන් ගුරු වෘත්තිය ආරම්භ කළ අප නාහිමියන් පන්නල දියකලමුල්ල ශ්‍රීපති විද්‍යාල පිරුවන, මිනුවන්ගොඩ යාගොඩමුල්ල සද්ධාතිස්ස පිරුවන ආදි පිරිවෙන් කිහිපයක තනතුරු රැසක් දැරූහ.

1955 වර්ෂයේ දී සිය ගුරු දේවයන් වහන්සේ වූ මීගමුවේ ශ්‍රී මේධංකර ලොකු හාමුදුරුවන්ගේ අපවත්වීමෙන් පසු මීගමුව ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ නිත්‍යනුකූල අයිතිය අප හාමුදුරුවන්ට හිමි වුවත් අයිතියට වඩා වැඩි මහලුකම අගය කළ බැවින් එම විහාරස්ථානයේ විහාරාධිපති පදවිය මීගමුවේ ජිනෝරස හිමියන්ට පවරන පරිදි කටයුතු කිරීම සුවිශේෂි කරුණකි. මීගමුවේ ජිනෝරස හාමුදුරුවෝ මීගමුවේ ශ්‍රී මේධංකර ලොකු හාමුදුරුවන්ගේ පැවිදි සහෝදරයා වීම එයට හේතුව යි.

අප නා හිමි අත් හැරීම හා විවේකය භික්‍ෂූන් වහන්සේ නමක තුළ තිබිය යුතු සුවිශේෂී ගුණාංග බව පසක් කළ හිමි නමකි.

මූකලන්ගමුවේ ගුණාලංකාර තිස්ස නා හිමියන් වහන්සේ වැඩ සිටි සමයේ ද මූකලන්ගමුව පන්සලේ උන්වහන්සේ වැඩසිටියහ. 1964 දී ගුණාලංකාර නා හිමියන්ගේ අපවත්වීමෙන් පසු  කෙටි කලක් සුවිසුද්ධාරාමයේ ද වගකීම බාරගත් අතර පසුව එහි අධිපතිත්වය මූකලන්ගමුවේ ධම්මින්ද හිමියන්ට ද ඉන් පසු මූකලන්ගමුවේ ඤාණින්ද හිමියන්ට ද පවරා දුන්හ.

2009 වර්ෂයේ සිදුවූ මූකලන්ගමුවේ ඤාණින්ද තිස්ස හිමියන්ගේ අපවත්වීමෙන් පසු උන්වහන්සේ සුවිසුද්ධාරාමයේ සුරක්‍ෂිත බව හා ස්ථාවරත්වය වෙනුවෙන් අධිපතිත්වයට නැවත පත් වුව ද එහි කටයුතු සිදු කරගෙන යාමට විහාරාධිකාරී හිමිවරුන්ට පවරා තවදුරටත් විවේකීව වැඩ වාසය කිරීම උන්වහන්සේගේ චරිතයේ දක්නට ලැබෙන කැපී පෙනෙන ලක්‍ෂණයක් බව කිව යුතු ම ය.
වලාන සුමනාරාමාධිපතිව වැඩ සිටි මාදූවේ විමලවංශ හිමියන්, ඇවරිවත්ත ශෛලබිම්බාරාමාධිපතිව වැඩ සිටි බෝලගල සිරිසුමන, රද්දොළුව සුබෝධාරාමය රද්දොළුව අභිනවාරාමය යන උභය විහාරාධිපතිව වැඩ සිටි රද්දොළුවේ අමරවංශ අපවත් වී වදාළ අමරපුර සිරි සුමන පාර්ශ්වයේ මහ නායක මාතර විමලරතන හිමියන්, වැලිකන්දේ උත්තමධීර අනු නා හිමියන්, හිඟුරේ අමරජෝති අනු නා හිමියන් හා ආචාර්ය යටදොළවත්තේ ධම්ම විසුද්ධි හිමියන් අප හාමුදුරුවෝ ඉතාමත් සුහදව ආශ්‍රය කළ හාමුදුරුවරු සිවු නමකි.

අප නාහිමියන් රැකබලා ගන්නේ නිවන්දම විජිතඤාණ, උදම්මිට සුමන හිමිවරු හා තරුණ ගිහි පිරිසකි.
‘‘යහළුකමට කුල මල නැහැ’’ යන කියමන මම අසා ඇත. අප ක්‍රියා කරන්නේත් ඒ ආකාරයටයි. “කිඹුල්වත් පුරයෙන් හමන සුළඟත් සැපය” යනුවෙන් දේශනා කළ බුදුන් වහන්සේ අන්‍යයන් හෙළා නොදුටු සේක. අප ද අපේ කමට සැලකිය යුත්තේ අන්‍යයන්ට හානියක් නොවන ආකාරයට යි. අප නාහිමියන් එසේ කළ කෙනෙකි. මනා සිහි නුවණින් කටයුතු කිරීම, නිවැරදි තීරණ ගැනීම, හරි දේ හරි ආකාරයට දැකීම, ප්‍රතිපත්ති ගරුක බව හා අත් හළ යුතු දේ නියමිත කලට අත් හැරීම උන්වහන්සේ තුළ පවතින සුවිශේෂී චරිත ලක්‍ෂණ වේ.

අද (22) සියවසට පා තබන අප නාහිමියන්ට ආශිර්වාද කිරීම සඳහා ඊයේ (21), අද (22) දෙදින පින්කම් මාලාවක් පැවැත් වේ. එයට සමගාමීව උන් වහන්සේගේ යහපත් චරිත ස්වභාවය විග්‍රහ කොට විද්වතුන්ගේ සුභාශිංසන හා ශාස්ත්‍රීය ලිපි පෙළක් සහිත ග්‍රන්ථයක් එළිදැක්වීමට ද නියමිත ය. අප නා හිමියන් වහන්සේට ශතවර්ෂාධික කාලයක් වැඩ සිටින්නට නිදුක් නීරෝගී බව නිරතුරුව ලැබේවා! යි නිබඳවම ප්‍රාර්ථනා කරමු.

 

(***)
ඒකල, දඹුව බෝධිරුක්ඛාරාමාධිකාරී
උදම්මිට බුද්ධසිරි හිමි

 



අදහස් (1)

සියවස සපුරන උදම්මිට ධම්මාචාර තිස්ස නා හිමියෝ

Hemantha kumara Tuesday, 23 November 2021 08:10 PM

අප නා හිමියන් වහන්සේට ශතවර්ෂාධික කාලයක් වැඩ සිටින්නට නිදුක් නීරෝගී බව නිරතුරුව ලැබේවා! යි නිබඳවම ප්‍රාර්ථනා කරමු...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31184 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13343 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10964 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 65 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 896 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site