IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


සල්ලිකාර කාඩයන්ගේ පිළිලය

එන පොට හොඳ නැහැ කෙල්ල ගෙට ගනින්” යනුවෙන් අපේ ජනවහරේ ප‍්‍රකට කියමනක් තිබේ. අපේ පැරැුන්නන් තුළ ගැහැණු දරුවන් සම්බන්ධයෙන් විශේෂ සොයා බැලීමක් තිබූ බව මින් පැහැදිලිය. කොතරම් සොයාබැලීම් පැවතියද පැරැණි වැඩවසම් සමාජය තුළ කෙල්ල ගෙට ගැනීම වුව ද එතරම් ලෙහෙසි පහසු කාර්යයක් වූයේ ද නැත. එදා ඉහළ පැලැන්තිවල සමහර අයගෙන් ගමේ පහළ පැලැන්තියක ඇහැට කණට පෙනෙන දැරිවියක් රැක ගැනීම ප‍්‍රශ්නයක්ව තිබූ බව ඉතිහාසය හාරා අවුස්සා බැලීමේදී පෙනේ.   මෙය අතීත ශී‍්‍ර විභූතිය විවේචනය කිරීමක් හෝ පැරැන්නන්ට කරනු ලබන අපහාසයක් හෝ නොවේ. කටුක සත්‍යය සිහිපත් කිරීමකි. මෙය සමාජ විද්‍යාත්මකව වැඩවසම් සම්ප‍්‍රදායට ආවේණික ලක්ෂණයකි. සමහර මවුපිය වැඩිහිටියෝද සිය කැමැත්තෙන්ම මෙවන් සංස්කෘතියක් නඩත්තු කළහ. මේ යුගයේ සමහර රටේ මහත්වරු (දිසාපති) ක්ෂේත‍්‍ර චාරිකා අවසන්කර අදාළ ප‍්‍රදේශයේ කෝරලේගේ හෝ ආරච්චිලගේ නිවසේ නවාතැන් ගන්නා සම්ප‍්‍රදායක් එදා පැවැතිණ. රාතී‍්‍ර කාලයේ ”රටේ මහතාට” තම නිවසේ නවාතැන් දෙන කෝරළේ හෝ ආරච්චිල හේනට පැලට ගොස් නැවත නිවසට එන්නේ පසුදා උදෑසනය. මෙය චාරිත‍්‍රයක්සේ එකල පැවැති බව රොබට් නොක්ස් තම ප‍්‍රකට "An Historical Relation of the Island Ceylon"කෘතියේ  සඳහන් කරයි. එය සිදුවන්නේ පහළ නිලදරුවන් තම ඉහළ නිලධාරියාට කරනු ලබන උතුම් ගෞරවයක් ලෙසින් යැයි සඳහන් කිරීමට නොක්ස් අමතක කරන්නේ නැත.   රොබට් නොක්ස් කීදේ සත්‍යය කුමක් වුවද සමහර අධිරාජ්‍ය විරෝධී අප්පොච්චිලා, දිසාවේලා සුද්දන්ට එරෙහිව අරගල කිරීමත්, සල්ලාල කමත්, සමසේ පවත්වා ගෙන ගිය බවට අදටත් සබරගමුවේ සමහර නටබුන් වලව්වල වටාපිටාව පරීක්‍ෂා කරන ගවේශකයෙකුට සොයාගත හැකිය. මේ අවධිය දේශපාලන වශයෙන් හැඳින්වූයේ වැඩවසම් යුගය කියලාය. මෙම වැඩවසම් යුගයේ ඉහළ පන්තියෙන් සිදු වූ ගැහැණු ළමිස්සියන් කෙලසීම හෝ තාවකාලිකව කාන්තාවන් සහේට ගැනීම දැවැන්ත අපරාධ ලෙස සමාජගත වූයේ නැත. එය පීඩිතයන්ගේ කරුමය, උරුමය හෝ සාමාන්‍ය සමාජ ස්වරූපය විය.   මේ ක‍්‍රමය වෙනසකට භාජන වන්නේ සුදු අධිරාජ්‍යවාදීන්ගේ පැමිණීමත් සමඟ එළඹෙන වික්ටෝරියානු සංස්කෘතිය මඟිනි. මෙය ධනවාදයේ ආරම්භය වශයෙන්ද හැඳින්වේ. මෙතැන් සිට ස්ථිරවම වාගේ රටේ සදාචාරයට ආවේණික නීති පද්ධතියක්ද සැකසේ. අඹු සැමියන් අතර විවාහය නීත්‍යනුකූලව ලියාපදිංචි විය යුතුය. එක තැනක හේනක් කොටාගෙන ජීවත් වූ අඹුව අතහැර තව තැනකට ගොස් වෙනත් ළඳක් සහේට ගැනීම නීති විරෝධීය. සුදු දිසාපතිලාට ද ක්ෂේත‍්‍ර චාරිකාවලදී කෝරළේලාගේ හෝ ආරච්චිලාගේ ගෙවල්වල නවාතැන් ගැනීම තහනම්ය. ඒ සඳහා ඔවුන් ”තානායම්” උපයෝගී කරගත යුතුය. ලෙනාඞ් වුල්ෆ් හම්බන්තොට පළාතේ හයිකාරයකුගේ නිවසේ නතර නොවී අම්බලන්තොට රන්න ප‍්‍රදේශයේ කටුමැටි ගසා තාවකාලික තානායමක්  තනාගෙන ගිරුවා පත්තුවේ රාජකාරියට යන්නේ මේ නිසාය. එදා රට පුරා තානායම් ඉදිවූයේ මෙම සංකල්පය මත බව පෙනේ. එය පොදු තැනක් නිසා ගමේ හයි කාරයින්ට එරෙහි ගැමියන්ගේ පැමිණිලි තානායමේ ලැඟුම් ගන්නා දිසාපතිවරයාට ලැබේ. එදා අශ්වයා පිටින් පැමිණි ලෙනාඞ් වුල්ෆ්ට එම පැමිණිලි විභාග කිරීමේදී සෙවණ දුන් ”සියඹලාගස” අදත් හම්බන්තොට දී දැකගත හැකිය. මේ නිසා ”එදා නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ” වුණේ නැත. මේ නිසා අකැමැතිනම් ගමේ හයිකාරයන්ගෙන් තම නාඹර ගැටිස්සියන් රැක ගැනීමට, අසාධාරණයක් වූ විට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ගැමියනට අවස්ථාව සැලසිණි. එහෙත් නැති බැරි කමට, නිවට කමට හෝ වෙනත් ලාභ සත්කාර උදෙසා හිරිමල් යුවතියන් බලවතුන්ට පවරන්නේ නම් සුද්දන්ට වුවද එදත් කළ හැකි දෙයක් නොවීය.   දැන් ඒ සියඹලා ගහයට නඩු අහන්නේ නැත. ඒ සඳහා තංගල්ලේ හා හම්බන්තොට උසාවි සංකීර්ණ දෙකක්ම පිහිටුවා තිබේ. මේවායේ නඩු කතා කරන විනිසුරුවෝද සුද්දෝ නොවෙති. අපේම ඇත්තෝ වෙති. කෙසේ නමුත් වැඩවසම් යුගයට වඩා යටත්විජිත යුගයේ සුදු නිලධාරීන්ගේ යම් සොයා බැලීමකට ගමේ ප‍්‍රධානීන් නතුවීම නිසා ගම්වල සල්ලාලකම්, දුෂණ හා අකටයුතුකම් සෑහෙන දුරකට පාලනය විය. සුද්දා නිවැරැදි යැයි මින් අදහස් කරන්නේ නැත. එහෙත් සමාජ පරිණාමයේ දී වැඩවසම් යුගයට වඩා අධිරාජ්‍ය ගැති ධනේෂ්වර ක‍්‍රමය අපේ රටේ යම් පැතිවලින් යටත් විජිත සමයකදී වුවද ප‍්‍රගතිශීලිය. දුබලයන් බලවතුන්ට ගොදුරුවන සදාචාරාත්මක පැත්ත ඉන් ප‍්‍රධානය.   මේ වනවිට අපේ රටේ සුදු පාලනය අවසන් වී වසර 64කි. අපි වසරින් වසර මහත් උජාරුවෙන් එම නිදහස සමරමින් සිටින්නෙමු. මේ අතර සුද්දට රට තිබුණා නම් මීට වඩා හොඳ යැයි ප‍්‍රසිද්ධියේම පවසන අය ද සිටිති. එය ඔවුන්ගේ අධිරාජ්‍ය ගැති භාවය නිසාම විය නොහැක. යහපාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැත්තෙන් කල්පනා කර එසේ පවසනවාදැයි කියන්න දන්නේ නැත. කෙසේ නමුත් 1948 නිදහස ලැබූදා සිට මේ දක්වා පවතින්නේ අප විසින් තෝරා පත්කර ගන්නා ලද අපේම නීති පද්ධතියක් යටතේ පාලනය වන අපගේම ආණ්ඩු පාලනයකි.   එහෙම නම් මෙහෙම වෙන්නේ ඇයි ? මොනවද වෙලා තියෙන්නේ. මාස 6ට ස්තී‍්‍ර දුෂණ 975යි. ඉන් 700ක් ළමා අපචාර හොරකම් මැරකම් කාම අපරාධ ආදී වශයෙන් දිගු ලැයිස්තුවක් ඉදිරිපත් කළ හැකිය. මේ සියල්ල සිදුවන්නේ රටේ දැඩි නීති රීති හා ඒවා කි‍්‍රයාත්මක කෙරෙන සකී‍්‍රය ආරක්‍ෂක හා සිවිල් සේවා පද්ධතියක් පවතිද්දීමය.  ඕනෑම අපරාධයක්, හොරකමක්, ඝාතනයක් කෙටි දින ගණනක් ඇතුළත නීතියේ රැහැනට කොටුකරගත හැකි දියුණු පොලිස් සේවාවක් තිබියදීය. අපරාධකරුවන් තම අවශ්‍යතා ඉටුකර ගැනීමට යෑමේ දී මේ කිසිවක් ගැන බියක් සැකක් නොපෙන්වන බව පෙනේ.   ඉතින්  ඕව හැමදාමත් තිබුණනෙ. මොනවද? අපරාධ, හොරකම්, මිනීමැරුම්. ”එදා මේ තරම් ප‍්‍රචාරයක් තිබුණේ නෑ. අද ප‍්‍රචාරය වෙනවා වැඩියි. විපක්ෂය මේවා විකුණාගෙන ආණ්ඩුවට විරුද්ධව දේශපාලනය කරනවා. ඇයි? වෙන කියන්න දෙයක් නැහැනෙ.” ”ඒ වුණාට යූ.ඇන්.පි.යට හා ජේ.වී.පී.යට මේවා ගැන කතා කරන්න අයිතියක් නැහැ. එ් උදවියගේ කාලයේ සිදුවුන දේවල් මතකයි නෙ. මරලා බෙලි වැටවල් අයිනේ කෝටුවල ගහපු යුගයකුත් තිබුණානෙ.” යනුවෙන් තර්ක කරන අයද සිටිති. මෙහෙම තර්ක කර දැන් සිදුවන දේවල් වහගන්න පුළුවන්ද? එතකොට ආණ්ඩුවේ සමහර ප‍්‍රාදේශීය දේශපාලන බලවතුන් ළමා අපරාධවල, ස්තී‍්‍ර දුෂණවල, වගඋත්තරකරුවන් වී සිටින්නේ ඇයි? අඩුම ගානේ ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කර ආදර්ශයක් රටට දෙන්න බැරි ඇයි? ඒ නීතියත් අමාත්‍ය මර්වින් සිල්වාට පමණක් ද? මෙහෙමත් කෙනෙකුට තර්ක කළ හැකිය.   මේ හැම තර්කයකටම පිළිතුරක් තිබිය හැකිය. එහෙත් පවතින සමාජ ආර්ථික අර්බුදය ඒවායින් මතුපිටට එන්නේ නැත. මේවා පිළිබඳව සමාජ විද්‍යාත්මකව සොයා බැලීමක් සිදුවන පාටක් ද පෙනෙන්නට නැත. සාමාන්‍යයෙන් මේ අපරාධ රැල්ල මතුවෙමින් පවතින්නේ අලූතින් බිහි වූ සල්ලිකාර පැලැන්තියක් ඇසුරින් බව පෙනේ. මොවුහු සමහර වැඩවසම් මුලාදෑනිවරුන්ට හා අධිරාජ්‍ය ගැති ධනපති සල්ලිකාරයන්ට වඩා කාඩයෝ වී සිටිති. ආතක් පාතක් නැතිව ගමේ ගොඬේ රස්තියාදු ගැසූ සමහරු පසුගිය වසර පහ-හය ඇතුළත අලූත් කෝටිපතියෝ වූහ. එදා බයිසිකල්වලින් ගිය අය අද යන්නේ මොන්ටෙරෝවල ය. මොවුන් අතට මිල මුදල් ලැබී තිබෙන්නේ සාධාරණ ව්‍යාපාර හරහා නොවන බව පෙනේ. කොමිස් කුට්ටි, පගා, විවිධ කොන්ත‍්‍රාත් හා තැරැව්කාර ජාවාරම් හරහා මේ මසුරන් පොදි ගොඩ ගැසී තිබෙන බව පෙනේ. මේ අය අතර ප‍්‍රාදේශීය දේශපාලනඥයෝද සිටිති. රාජ්‍ය අනුග‍්‍රහයෙන් පිම්බුණු නව ලූම්පන් පන්තියක් සේ මේ පිරිස සමාජගත වෙමින් සිටිති. මෙය නව ලිබරල් සංවර්ධනයේ අතුරු ඵල ලෙස සමාජවිද්‍යාඥයෝ හඳුනාගෙන සිටිති. තමන් ගොඩගසා ගන්නා සල්ලි පරිහරණය කරන ආකාරයවත් මේ නව පොහොසත්තු නොදනිති. දන්නා අය පමණක් ස්විස් බැංකුවල ඒවා ගොඩ ගසති. නොදන්නා එවුන් විවිධ කාම පරිභෝජනවල යෙදේ. ධන හා නිල බලයට කළ නොහැක්කක් නැතැයි ඔවුහු කල්පනා කරති. නව කාඩ සල්ලිකාර පන්තියක් හරහා මතුවන මේ සල්ලාල හා අපරාධකාරී ප‍්‍රවණතාවය අද ද. අපි‍්‍රකාව වැනි යුද්ධයකට පසු සංවර්ධනය වන රටවල ද දක්නට ලැබේ. ”කෙල්ල ගෙට ගන්නැයි..” අපේ පැරැන්නන් කී දේ දැන් එදාටත් වඩා වැදගත්ය. මේ නිසා දැරිවියන්ගේ ආරක්‍ෂාව කාඩයන්ගෙන් රැකබලා ගැනීමට මවුපියන්ට සිදු වී තිබේ. වෙනසකට ඇත්තේ ද. අපි‍්‍රකාව වැනි රටවල් මෙම ප‍්‍රවණතා කල් ඇතිව හඳුනාගෙන ඊට පිළියම් සෙවීමය. එහි පෙරමුණ ගෙන තිබෙන්නේද එරට ආණ්ඩු තුළම සිටින වාමාංශික පක්ෂ යි. ඒ අතින් අපේ රටේ වාමාංශික පක්ෂ ද අනෙක් දේශපාලන පක්ෂ මෙන්ම වඳ බැහැලා වගේයි. මේවා ගැන කිසිදු අභ්‍යන්තර කතිකාවතක්  දේශපාලන සංවාදයක් නැති ගානය. සම්මන්ත‍්‍රණයකදි ප‍්‍රශ්න කරන කෙනා එලවා දමන්නැයි නියෝග කරමින් එතැනම යහපාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරන දේශපාලන නායකයන් සිටින රටක මේ සිදුවන දේවල් ගැන ද පුදුම විය යුතු නැත.   ”කොහොම වුණත් ලොක්කා ජනපි‍්‍රය යි. ඒ නිසා ආණ්ඩුවට ප‍්‍රශ්නයක් නෑ.” මෙහෙම කියමින් ආණ්ඩුවේ සමහරුන් ලොක්කා වටේ කැරකෙමින් සිටින්නේ ලොක්කාට ආදරේට ද නොමඟ යැවීමට දැයි කියන්න දන්නේ නැත. සමහර සොක්කන්ගේ වැඩ ගැන බකං නිලාගෙන බලාගෙන සිටියොත් ලොක්කාගේ ජනපි‍්‍රයත්වයට ද එමගින් බලපෑමක් එල්ලවෙන බව  ඕනෑම මෝඩයකුට තේරේ. ඊට හේතුව මේ රට පාලනය වන්නේ විධායක ජනාධිපතිවරයකු යටතේ වීම නිසාය. සිවිල් යුද්ධයක් අවසානයේ ඇතිවන විරාමය මෙවන් ලූම්පන් ධනපතියන් බිහිවීමට හොඳ තෝතැන්නකි. මේ ගැන නොදැන ආණ්ඩු කිරීම මෝඩකමකි. දැනගෙන සිටීම හොරට නිදාගන්නවා වාගේය. දෙකම රටකට දීර්ඝ කාලීනව යහපත් වන්නේ නැත.   1948 අප නිදහස ලැබූදා සිටම ක‍්‍රමයෙන් ඔඩුදුවමින්, කැරලි තුනකට රට ගොදුරු කරමින් දැන් උතුරා නාය යමින් පවතින මේ සමාජ ආර්ථික අර්බුදය අප සිතන තරම් සරල නැත. යහපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ජාතික රාජ්‍යය ගොඩ නැඟීමේ සිට රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව දක්වාම මේ අර්බුදය ඔඩු දුවා ඇත. ඉතිහාසය විසින් දෙවැනි නිදහස් අරගලයක් කැඳවන්නේම එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. එම දෙවැනි නිදහසින් පසුද මේ වන විට වසර තුනක් ගෙවී අවසන්ය. එහෙත් ඔත්පල වී ඇති සමාජ ආර්ථික දේහය සුවපත් කිරීම වෙනුවෙන් යම් වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීමේ සූදානමක් වත් පෙනෙන්නට නැත. එහෙත් මහින්ද චින්තන ඉදිරි දැක්මේ එම වෙනස සිදුකරන බවට සහතික වන්නේ මෙසේය : ”කාලාන්තරයක් තිස්සේ සමාජය වෙළාගෙන පැවැති වංචා, දුෂණ හා අක‍්‍රමිකතා මුළුමනින්ම මෙරටින් තුරන් කොට සියලූ අපරාධකාරීත්‍වයන් පාලනය කොට සාරධර්මවලින් පිරිපුන් රටක් ගොඩනැගීම මගේ එ්කායන අරමුණයි.” මේ සඳහා තවමත් අනගි අවස්ථාවක් විවරව පවතී.

වසන්තප‍්‍රිය රාමනායක



අදහස් (0)

සල්ලිකාර කාඩයන්ගේ පිළිලය

රෝහණ Saturday, 14 July 2012 07:55 AM

වතුර නැතිතැනක ඔලුවන් හිටවල බලල කපමු

:       0       0

අලිබබා Saturday, 14 July 2012 03:10 PM

ඔය ජේලර්ලා ඔය මිනිසුන්ව අල්ලන්ගෙන යන්න ඒපා. වඩාගෙන යන්න. මොකටද ඒ අයත් මේ මිනිසුන්ගේ ජරාවකාලා.

:       0       0

චවු චවු Saturday, 14 July 2012 08:11 AM

අවයවය කපමුද..... නැතිනමි හරියන්නැ.........

:       0       0

දයා,saudi Friday, 13 July 2012 03:08 PM

රටේ ආශ්චර්යයේ පළමු පියවර තැබීමට නම් මෙම අපරාධ මුලිනුපුටා දැමිය යුතුයි

:       0       0

සචිත් Sunday, 15 July 2012 09:34 AM

නියම වැඩේ ඕකුන්ට

:       0       0

සචිත් Sunday, 15 July 2012 10:14 AM

නියම වැඩේ කට්ටියට....

:       0       0

අනුර Saturday, 14 July 2012 05:39 PM

මේ මිනිස්සුන්ව පණ පිටින්ම එල්ලන්න ඕනි

:       0       0

රුවන් Friday, 13 July 2012 10:11 PM

ජේ.වී.පී.යට මේවා ගැන කතා කරන්න අයිතියක් නැහැ. එ් උදවියගේ කාලයේ සිදුවුන දේවල් මතකයි නෙ. හොදට මතක තියාගන්න..... j v p ආයුධ ගත්තෙත් ... l t t e ආයුධ ගත්තේ නිකම් නෙමෙඉ... යනවිදිහටනම් අයෙත් ආයුධ ගන්න වෙන වේ වගේ . j v p එකෙන් මරුවේ ස්ත්‍රී දුෂණය කරන එවුන් මිසක් j v p එකේ අය ස්ත්‍රී දුෂණය කලේ නැහැ.

:       0       0

eng Saturday, 14 July 2012 11:22 AM

ඉතා හොද වැදගත් ලිපියකි.ලියූ කතෘට ස්තූතියි.

:       0       0

පුංචා Saturday, 14 July 2012 11:09 AM

කොච්චි පාරේ තියන්න තියෙන්නේ

:       0       0

දනේෂ් Saturday, 14 July 2012 07:31 PM

ලංකාදීපයට ස්තුති .....ඕකුන්ව පනපිටින්ම එල්ලලා විතරක් මදි ....

:       0       0

නිහාල් Friday, 13 July 2012 11:44 PM

මුන්ට සුදුරෙදි දුන්න එකා කව්ද...? මුන්ව ඇදුම් නැතුව එවන්න තිබුනෙ......

:       0       0

රොහාන් Friday, 13 July 2012 11:10 PM

පවු....... වෙඩි තියන්න ඕනේ

:       0       0

යු.ඩී Saturday, 01 September 2012 12:03 PM

මරණ දඩුවම අවශ්‍ය යුගයක් (දී)

:       0       0

කැළණි කොල්ල Saturday, 14 July 2012 09:02 PM

මරන දඩුවම ගෙන්න්හ දෑන්වත්

:       0       0

ජෙයි Saturday, 14 July 2012 01:33 AM

මුන්ට තමා ගල් වලින් ගහල මරන්න ඕනේ ...කාලකන්නි ..

:       0       0

දුමින්ද Saturday, 14 July 2012 01:04 PM

ඉතා හොද ලිපියක්.ලංකාදීපයට ස්තූතියි

:       0       0

අචිනි Saturday, 14 July 2012 02:22 PM

ඉතා හොඳ දැනුවත් කිරීමක් ..! සතුටුයි ලංකාදීප ..!

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට කණකොකා හඬයිද?
2024 ජුලි මස 26 232 0

ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලු‍ව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්‍රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්‍රශ්නය ඉහළ යන බව නිශ්


ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද?
2024 ජුලි මස 26 111 0

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද


ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු
2024 ජුලි මස 26 236 0

වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින


විසිදෙක සුබද? අසුබද?
2024 ජුලි මස 25 132 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර


කොතරම් උපාධි ලැබුවත් සාරධර්ම නැත්නම් වැඩක් නෑ
2024 ජුලි මස 25 606 2

එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ


මාසයක්ම කියවූ ලොකුම සෙල්ලිපියේ ඇත්තේ මොනවාද?
2024 ජුලි මස 24 4815 3

සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්‍ර අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site