සිරිපා අඩවියේ හාස්කම් නිසා සමන් දෙවිදුන්ට ඉමහත් භක්තියක් බෞද්ධ ජනතාවගේ අදටත් ඇත. සංකීර්ණ නොවූ අතීත ජන සමාජයේ දී සිරිපා අඩවියට හෙවත් හිමේට කවුරුන් හෝ පා තබන්නේ නම් කට වරද්දා නොගැනීමට වගබලා ගත්හ. ගමේ ගොඬේ කඬේ පිලේ කටමැත දෙඩවූවන් පවා සිරිපා හිමේ කරුණා කරද්දී තම කට පරිස්සම් කරගන්නට කටයුතු කළේ මේ අඩවියේ අනුහස් ගැන හො`දින් දැනගෙනය.මීට වසර එකසිය පනහකට පෙර දී සිරිපා කරුණා කිරීම අතිශයින්ම බැරෑරුම් කටයුත්තක් විය. ආඩියාමළතැන්න තෙක් යන මග තිබූ බාධක ජයගෙන යාහැකි වුවත් එතැන් සිට සිරිපා මලූව දක්වා යන ගමන ජීවිතයත් මරණයත් අතර සටනක් වැනිය. කෙනෙකු තුළ ඇති භක්තිය සහ ශ‍්‍රද්ධාව නිසාම මෙම දුෂ්කර මග ගෙවා මලූවට කරුණා කරතියි විශ්වාසයක් එදා පැවතුනි.මහගිරිදඹය ලෙස හැදින්වෙන මෙම කොටස අදනම් ගල්පඩි බැද අත්වැල් බැද පහසුවෙන් යාහැකි ලෙස තනා තිබේ. නමුත් ඒ යකඩ දම්වැල්වල එල්ලී යකඩ ඉනිමංවල නැගී යා යුතු ගමනක් විය. රත්නපුර පාරේ ඇහැළකනුව අසලින් ඉහළට නගින්නට එදා තිබුනේ ඉතාමත් අවදානමකි. යකඩ ඉනිමග ඔස්සේ නගින්නට බහින්ට තිබූ අතර හො`ද කාලගුණ තත්ත්වයන් තිබුණොත් බාධාවකින් තොරව ගමන් කරන්නට හැකිවිය.
අධික සුළගද ඇතැම් අවස්ථාවල ගමනට බාධා ගෙන දුන්නේය. අවස්ථා කිහිපයකම මෙම ස්ථානයෙන් පහළ මහා ප‍්‍රපාතයට වැටී කිහිපදෙනෙක්ම මියගිය බවට සිරිපා සංචාරය කළ දේශගවේශකයන්ගේ සටහන්වල දැක්වේ. 1817 වර්ෂයේ දී දෙදෙනෙකු එතැනින් පහළට වැටී ජීවතක්‍ෂයට පත්වූ කතා පුවතක් ආචාර්ය ඬේව් විසින් කළ සටහනක දැක්වේ. 1944 දී කිංස්ටන් නමැති යුරෝපීය ජාතිකයා ප‍්‍රමුඛ පිරිසක් සිරිපා කරුණාකරද්දී මුහුණපෑමට සිදුවු අපූරු සිදුවීමක් ගැන පසුකලක විලියම් ස්කින්ස් සටහන්කර තිබුනේ ඔහුගේ ‘‘ඇඩම්ස්පීක්’’ පොතේය.සිරිපා අඩවිය ගැන බෞද්ධයන් දැක්වූ ඇතැම් විශ්වාස බටහිර රටවල ජනතාව විශ්වාස නොකළහ. එකල මේ රට පාලනය කළ ඇතැම් සුදු පාලකයන් සිරිපා කරුණා කරන්නට ඇති ආශාව නිසා එහි පැමිණිය ද ඔවුන් තමන්ගේ සුපුරුදු චාරිත‍්‍ර අත්නොහැරියේය.මේ නිසා මත්පැන්, මාංශමය ආහාර ආදිය සිරිපා අඩවියට රැුගෙන යාමට ඔවුන් අමතක නොකළහ. කිංස්ටන් මේ සිරිපා ගමනේ දී තම ප‍්‍රයෝජනයට බ‍්‍රැන්ඩි සහ බියර් වැනි පිටරට නිෂ්පාදිත මත්පැන් වර්ගද බේකන් ද රැුගෙන ගොස් තිබුණි. මේවා සිරිපා අඩවියට අකැප දේවල් යැයි ඔහුට කියන්නට එදා ඔහුගේ ගමනට එක්ව සිටි අතවැසියෝ බියවූහ.පිරිස පලාබද්දල පාරේ දියබෙත්මේ තිබූ අම්බලමේ එක් දිනක් රාත‍්‍රිය ගත කරන්නට තෝරාගෙන තිබුණේ එතැනට එනවිට සවස් වී තිබූ නිසාය.
මේ අම්බලමේ මැස්සක් කිංස්ටන්ට අලූතින් සාදා තිබුණි. ඔහු බේකන් සමග පාන් කෑල්ලක් කා බ‍්‍රැන්ඩි ටිකක් පානය කර නින්දට යන්නට මැස්සේ වැතිරුන ද රාත‍්‍රිය පුරාම ඔහුට නොයෙක් විකාර ශබ්ද මෙන්ම රූප ද පෙනෙන්නට විය.ඔහු සමග ගමනට එක්ව සිටි අතවැසි සියලූ දෙනා අම්බලමේ ගෙබිම මත තද ශීතලේ ගුලිවී ගොර අදිමින් නිදද්දී කිංස්ටන් මැස්සේ ඒ මේ අත පෙරළෙන්නට විය. නින්ද යාගෙන එද්දී අම්බලමේ බිත්තිය එහා පැත්තේ වල් අලින්ගේ හ`ඩින් තිගැස්සී අවදිවෙයි. අම්බලමක් නිසා දොර ජනෙල් එහි නොවීම කිංස්ටන්ගේ බිය තවතවත් වැඩි වන්නට විය. කල්පනාවේ සිටියදී යළිත් යන්තම් දෑස් පියවෙන විට ඔහු තිගැස්සි අවදිවූයේ චීටාගේ හඩ ඇසීමෙනි. මේ ආකාරයට කැලෑ බළලූන් වලි කුකුල්ලූ හා වෙනත් සතුන්ගේ කෑ ගැසීම් නිසා කිංස්ටන් එදින රැය පහන් කළේ නිදි වර්ජිතවය. මේ හඩවලට ඔහු කොතරම් බියවීද යත් ඔහුගේ බස්තම අත ආසන්නයේ තබාගෙන මැස්සේ වැතිර සිටියේය. නමුත් ඔහුගේ අතවැසියන් කිසිවෙකුටත් මේ ශබ්ද නොඇසී තිබූ අතර ඔවුන්ට හොදින් නින්දගොස් තිබුණි.ඔහු සමග ගිය සෙසු අතවැසියන් කීවේ සිරිපා අඩවියේ අකැප දේවල් අනුභව කිරීම විකාර පෙනෙන්නට හේතුවක් වන්නට ඇතිබවයි. මේ අතර සිරිපා අඩවියට ආසන්නව යම් වැදගත් පුද්ගලයෙක් ජීවත් වෙද්දී යමෙකුට රාත‍්‍රියේ තුන්වරක් මහා හඩක් ඇසුනොත් එකී වැදගත් පුද්ගලයාගේ මරණය සිදුවන බවට දැනට වසර එකසිය පනහත් දෙසීයත් අතර කාලයක විශ්වාසයක්ව පැවතිනි.
1836දී ශ‍්‍රීපාදස්ථානාධිපති ගාල්ලේ නාහිමියගේ සහ 1858දී ශ‍්‍රීපාදස්ථානාධිපති හික්කඩුවේ ශ‍්‍රී සුමංගල නාහිමියන්ගේ අපවත්වීම්වලට දින කිහිපයකට පෙර මෙවැනි හඩවල් ඇසුන බවත් ජනප‍්‍රවාදයේ එයි. සිරිපා අඩවියේ දී සමන් දෙවිදුන් හෝ බුදුදහම නොපිළිගන්නා අයට විවිධ අකරතැබ්බවලට මුහුණ පාන්නට සිදුවේ. ඒවා ජීවිත හානි නොවුණත් ජීවිතයේ මතක හිටින පාඩම් බව සිරිපා අඩවිය අවට ගැමියන්ගේ විශ්වාසයයි.යටත්විජිත සමයේ පලාබද්දල පාරෙන් සිරිපා කරුණා කරන්නට ගිය රට පාලනය කළ යුරෝපීයයන් කිහිප දෙනෙකුගෙන් එක් අයෙකුට වූ අකරතැබ්බක් ගැන ජනප‍්‍රවාදයේ එයි. මේ කතාපුවතට වසර එකසිය පනහකට වැඩි මිස අඩු නොවන්නට ඇති බව විශ්වාසයයි.දින ගණනාවක් පයින් පැමිණි මේ පිරිස අත තිබූ ආහාරවල මාංශ වර්ග අවසන්වී තිබුණි. මේ ගැන නිතර නිතර ඉංග‍්‍රීසි භාෂාවෙන් කතා කරමින් සීතගගුලට ආ පිරිසට සීතගගුලේ දියේ සිටින විශාල කකුලූවන් දැක උන් අල්ලාගෙන කෑමේ ආශාවක් ඇතිවී තිබේ. කකුලූවන් ඇල්ලීම හොද නැති දෙයක් බවත් ඔවුන්ට දන්න ඉංග‍්‍රීසියෙන් ඔහු සමග ගිය පිරිස ඒත්තු ගැන්වීමට ගත් උත්සාහය ඵලක් නොවීය. සුද්දෝ කකුලූවෝ අල්ලා ඔහු සමග ගිය පිරිස ලවා පිසීය. කකුලූවන් ආහාරයට ගන්නට පෙර සීතගගුලෙන් දිය නාන්නට අවශ්‍ය විය. වන්දනා සමයක් වූ නිසා සීතගගුලේ බැතිමතුන් පිරිස වැඩිවිය. එක් සුද්දෙක් බැතිමතුන් දිය නාන වළටත්, පඩුරු බදින වැල්වලට උඩින් පිහිටි වළට ගියේ දිය නාන්නය. ඔහු සමග සහායකයෙක් ද ගියේය. දියට බැස්ස ඔහුට සිදුවූයේ මහා අකරතැබ්බකි.දනක් වතුර ඇති තැනකට බැස්සද ඔහුගේ පය ටික ටික ලිස්සා ඉන වටක් වතුරට ගිලී ගියේය. සුද්දා ලිස්සන නිසා සහායකයා ඔහුට අතදී උඩට ගන්නට උත්සාහ කළේය. සුද්දාගේ ඇ ගමතට සහායකයා වැටිණි. දෙදෙනාම දියේ ගැඹුරට ගසාගෙන යන්නට වු අතර පසුව සහායකයා ගොඩට ඇවිත් සුද්දා බේරාගත් බව කියැවේ.
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සිරිපා අඩවියේදී බේකන් කා මත්පැන් බිව් සුද්දාගේ නින්දට වනසතුන්ගෙන් බාධා