IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


සීතාවක රාජසිංහ රජු අගමෙහෙසියට හැදු "ටජ්මහල"

 

මල්වතී බිසවට හැදු බව කියන දෙවොල

 

පීතෘ ඝාතක රජවරුන් දෙදෙනෙකු ගැන ලංකා ඉතිහාසයේ සඳහන් වෙයි. සීගිරි කාශ්‍යප හා සීතාවක රාජසිංහ යනු ඔවූහුය. කොතරම් දරුණු කුරිරු වුවන් වුවද මේ දෙදෙනාම දැඩි සංවේදී සිතැත්තෝය. කාශ්‍යප රජු ඉදිකළ සීගිරිය කොතරම් සොඳුරු මනරම් ස්ථානයක් දැයි එය නැරඹූවෝ දනිති. එහෙත් සීතාවක රාජසිංහයන් එවැන්නක් ඉදිකළ බවක් ප‍්‍රචලිත නොවූවද ඔහුද සිය ප‍්‍රියම්බිකාව වෙනුවෙන් දෙවොලක් ඉදිකර පත්තිනි දේවියට කැප කර ඇත්තේය. එය ෂාජහන් රජු විසින් මුම්ටාස් මහල් නම් සිය ප‍්‍රියම්බිකාවගේ අකල් වියෝව දරාගත නොහී ඇය වෙනුවෙන් ටජ්මහල ඉදිකළා වැනිය. 
සීතාවක රාජසිංහයන් විසින් සිය අගමෙහෙසිය වූ මල්වතී බිසව වෙනුවෙන් ඉදිකරනලද දෙවොල ටජ්මහල හා සසඳන කළ මහා නිර්මාණයක් නොවුනද අරමුණු විෂයෙහි ලංකාවේ මේ දෙකම එක හා සමානය. ගැටලූව වන්නේ සීතාවක රාජසිංහයන් එබඳු නිර්මාණයක් කළ බව බොහෝ දෙනා නොදන්නා රහසක් ලෙසින් පැවතීමයි. එක් අතකින් සිය ප‍්‍රතිවාදීන් පමණක් නොව තමන්ගේ අදහස් අනුමත නොකළ එවකට සිටි භික්ෂූන් තොග ගණනේ විවිධ මාර්ග ඔස්සේ මරා දැමූ මේ නරපතියා එබන්දක් කර ඇතැයි යන්නද පුදුම සහගතය.

ජන ශ‍්‍රැතියට අනුව සීතාවක රාජසිංහ රජු මල්වතී නම් රූමත් යෞවනීය දකින්නේ අහඹුවෙනි. මල්වතී යනු එවකට සිටි සුප‍්‍රසිද්ධ නැකැත්කරුවකු වූ දොඩම්පෙ ගණිතයාගේ දියණියයි. ඔවුන්ගේ වාසභූමිය වූයේ රුවන්වැල්ලට නොදුරු ගෝනගල ගම්මානයයි. මේ ගම පිහිටා ඇත්තේ එවකට පහතරට රාජධානියේ සිට උඩරට රාජධානිය දක්වා දිවෙන මහා මාර්ගය අසලය. සීතාවක රාජසිංහ රජුගේ පෙතංගොඩ උයන පිහිටියේද මේ ගමන් මාර්ගය අසලමය. සීතාවක අමිතිරිගල ගෝනගල හක්මත්ත පෙතංගොඩ මත්තමගොඩ අම්පෙ අරන්දර වැනි ගම් ඔස්සේ උඩරට ගමන් මාර්ගය තිබූ බැව් පැවසේ.
සීතාවක රාජසිංහ රජු වරක් පෙතංගොඩ පිහිටි සිය රාජකීය උයනට ගොස් ආපසු එමින් සිටියදී දියනාමින් සිටි රූබර යෞවනියක ගෝනගල ග‍්‍රාමයේදී දුටුවේය. දුටු මතින්ම ඇය කෙරෙහි ලොබබැඳි රජු එවේලේම ඇයව සිය රජවාසලට කැඳවාගෙන අග බිසෝ තනතුරෙහි තබා ගත්තේය. මේ කාලය වන විට රජුගේ වයස අවුරුදු හැටද ඉක්මවා තිබූ බවද කියවෙයි.

මේ කියන මල්වතිය එවකට අටලොස් වියැති යෞවනියකි. ඇයගේ පියා වූයේ රජවාසල පවා ප‍්‍රසිද්ධියට පත්ව සිටි දොඩම්පේ ගණිතයාය. මල්වතිය විවාහ කරගැනීමේ අපේක්‍ෂාවෙන් ඇය හා පේ‍්‍රමයෙන් බැඳී සිටියේ රාජසූරිය නම් කුමරෙකි. ඥාතීත්වයෙන් ඔහු රාජසිංහ රජුගේ මුණුබුරෙකි. ඒනිසා මල්වතිය රජවාසලට රුගෙන යාම නැතිනම් පැහැරගෙන යාම හේතුවෙන් දොඩම්පේ ගණිතයාත් රාජසූරිය කුමාරයාත් රජු කෙරෙහි දැඩිලෙස වෛර බැන්දෝය.

රාජසිංහ රජු මල්වතිය අඟ බිසෝ තනතුරෙහි තබා ඇය කෙරෙහි බලවත් පේ‍්‍රමයෙන් යුතුව කල් ගෙවීය. එහෙත් ඉතා කෙටිකලකින්ම අනපේක්ෂිතව අවාසනාවන්ත ලෙසින් මල්වතිය රෝගාතුර වූවාය. කොතෙක් වෙද හෙදකම් කළද ඇයගේ රෝගය සුවකර ගන්නට නොහැකි විය. නොබෝ කලකින්  ඕ පරලෝක ප‍්‍රාප්ත වූවාය. ඇයගේ මරණය ඉවසා දරාගත නොහී රාජසිංහ රජු දැඩිසේ කම්පාවට පත් වූවේය. ඇය පිළිබඳව සෙනෙහස මතකය රජුගෙන් කිසිදා ගිලිහී නොගියේ සංවේගය සමනය කරනුවස් ඇය සිහිපත් කරනුවස් ඇය වෙනුවෙන් දෙවොලක් ඉදිකර එය පත්තිනි දේවිය වෙනුවෙන් කැප කළේය. ඒ දෙවොල වන්නේ සීතාවක රාජධානියට නුදුරින් පිහිටි මැදගොඩ දෙවොලයි.

කිස්තු වර්ෂ 1592දී පමණ ඉදිකර ඇතැයි සලකන මැදගොඩ දේවාලයට අවිස්සාවේල්ල සිට තල්දුව බැස අමිතිරිගල මාර්ගයේ ගොස් පල්ලේකණුගල මාර්ගයේ කිලෝමීරයක දුරක් ඇත්තේය. 

ඉහතින් සඳහන් කළ ජනශ‍්‍රැතිය තහවුරු කෙරෙන තොරතුරු රිසිමන් අමරසිංහ නම් මහාචාර්යවරයා විසින් රචිත ඓතිහාසික සීතාවක ග‍්‍රන්ථයේද සඳහන්ය. මේ සම්බන්ධ වැඩිමනක් තොරතුරු ඇතුළත් පුස්කොළ පොත් මානියම්ගම රජමහ විහාර පොත්ගුලෙහි ඇති බවද එම ග‍්‍රන්ථයේම සඳහන්ය.
මැදගොඩ දේවාලය ඉදිකිරීම සම්බන්ධව තවත් ජනප‍්‍රවාදයක්ද තිබේ. එයට අනුව කැලණි ගඟ ඔස්සේ පෙතන්ගොඩ උයනට අගුලකින් රාජසිංහ රජු ගමන් කළ අවස්ථාවක දේවාලයට නුුදුරේදී අගුල ගඟ මැද නැවැතුණී. අගුල පැදවූ මාල මීගොල්ල නැමැත්තා අගුලෙන් බැස දිය යට කිමිදී අගුල නතරවීමට හේතුව සෙවීය. එහෙත් අගුල නතරවීමට කිසිදු හේතුවක් ඔහුට සොයාගත නොහැකි වූ තැන රජු උපදෙස් දී ඇත්තේ වට පිටාව පරීක්‍ෂා කරන ලෙසටය. ඒ අනුව මාල මීගොල්ල අවට සෝදිසි කරත්්දී ගඟ අසබඩ උස් බිමක පහන් දල්වා තිබෙනු දිටීය. වහා ඔහු මේ බව රජුට දැනුම් දුන් විට රාජසිංහ අ`ගුලෙන් බැසවුත් එම ස්ථානයට පැමිණ පහන්දල්වා කරදර බාධාවකින් තොරව තමන්ට අ`ගුල ගෙනයාමට ඉඩ දෙන්නේ නම් මෙම ස්ථානයේ පත්තිනි දේවිය උදෙසා දෙවොලක් තනා දෙන බවට භාරයක් වී අ`ගුලට ගොඩ විය. 

එවර අ`ගුල කිසිවකුගේ මෙහෙයවීමෙන් තොරව උඩුගං බලා ඉබේම පැදවුණු බවත් කියති. ඉන් පසු රජු මෙහි දෙවොලක් තනා දෙවොලේ පැවැත්ම උදෙසා ගම්වරද දී ඇත.

 

කැටයම් වලින් යුත් ගල් කණු

 

මල්වතිය පැහැරගෙන යාම නිසා වෛර බැඳගත් රාජසූරිය කුමරු හා දොඩම්පේ ගණිතයා රාජසිංහ රජුගෙන් පලිගත් බවද ඓතිහාසික සීතාවක ග‍්‍රන්ථයේ සඳහන් වෙයි. එයට අනුව උඩරට රාජ්‍ය අල්ලා ගැනීමට ගොස් පහරදී තම සේනාවද විනාශ කරගත් රාජසිංහ රජු පෙරලා සීතාවකට එන ගමනේදී හත්මත්ත නම් ග‍්‍රාමයේදී රාජසිංහ රජුගේ පාදයකට රාජසූරිය කුමාරයා මුගුරකින් පහර දුන්නේය. 

දොඩම්පේ ගණිතයා විසින් පහරදිම නිසා ඇති වූ තුවාලයේ විෂ බැන්ද බවද පැවසේ. එසේ කීමෙන් අනතුරුව දොඩම්පේ ගණිතයා පැනගොස් වත්මන් යටියන්තොට ට නුදුරු කන්දක තිබූ දැවැන්ත කොස් ගසක තිබූ විශාල බෙනයක සැඟවී සිටි බවත් රජුගේ මරණයෙන් පසුව ඔහු නැවත සිය ගම් ප‍්‍රදේශයට පැමිණි බවත් තවත් ජනප‍්‍රවාදයකින් කියැවෙයි. කෙසේ වුවද අදටත් යටියන්තොට නගරයට නුදුරින් ගණිතකන්ද නමින් ගමක් ඇත්තේය.


 



අදහස් (0)

සීතාවක රාජසිංහ රජු අගමෙහෙසියට හැදු "ටජ්මහල"

කසුන් Wednesday, 06 August 2014 11:15 AM

රසවත් ලිපියක් (නි)

:       0       0

උපාලි Saturday, 08 November 2014 08:07 PM

මෙය ඉතා වටිනා වස්තුවකි. එය රැකගැනීම සිංහල බෞද්ධ අප සතු වගකීමකි.තවත් පැරණි දේවල් අපිට දන්වන්න. ඔබට මාගේ අවංක ස්තූතිය! (නි)

:       0       0

හර්ෂි Thursday, 14 August 2014 10:13 AM

ලෝකේ හැම රටකටම වැඩිය හොද සාහිත්‍ය ඉතිහාසයක් ලංකාවට තියනවා අපේ දේ අගේ කරන්නන්ට සුබපැතුම් (දී)

:       0       0

වසන්ත Friday, 25 July 2014 04:34 AM

ලංකාදීපයට ස්තූතියි. මෙම ප්‍රවෘත්තිය හරිම වැදගත්.(අ)

:       0       0

සමීර Monday, 15 December 2014 04:22 AM

අපි කවුරුවත් ටජ්මහල් යන්නේ වඳින්න පුදන්න නෙමෙයිනේ. ටජ්මහල කියන්නේ සොහොන් කොත් ස්මාරකයක් නේද? (නි)

:       0       0

කෝෂිලා මධුෂංගි Friday, 08 August 2014 06:28 AM

ඉතා වටිනා ලිපියක්. (නි)

:       0       0

නිර්ෆාන් Saturday, 19 July 2014 01:40 PM

රාජසිංහ රජු පිතෘ ඝාතකයෙක් නෙමෙයි (නදී)

:       0       0

නලීන් Tuesday, 12 August 2014 11:21 AM

සීතාවක රාජසිංහ කියන්නේ අපේ රටෙහි හිටි වීරයෙක්. පෘතුගීසින්ට පන්න පන්නා ගහපු උත්තමයෙක්. එතුමා වගේ යුගපුරුෂයින් ගැන අපි ලෝකෙට කියන්න ඕනෑ මේ වගේ (නි)

:       0       0

අමිළ Thursday, 24 July 2014 02:26 PM

ඇත්තටම හොඳ ලිපියක්. මම අගය කරනවා. මේ වගේ ලිපි පල කිරීම සම්බන්දයෙන්. ඇත්තටම මේ තරම් විස්තරයක් අසා තිබුනේ නැහැ (නදී)

:       0       0

සන්සා Thursday, 17 July 2014 03:35 AM

රාජසිංහ රජු මැරුනේ උනකටුවක් ඇනීමෙන් නොවේ නාගයෙක් දෂ්ටකිරීමෙන්. නාගයෙක් දාෂ්ටකර රජෙක් මැරුනොත් එ්ක රජාට අගෞරවක් ලෙස එකල සදහන් උනා. ඒ නිසයි මේ උන කටුවේ කතාව ගොතල තියෙන්නේ. මම සීතාවක කෙනෙක් අපි මුළු කතාවම දන්නවා. (නදී)

:       0       0

අකලංක Saturday, 16 August 2014 01:29 PM

කලාකාමී හදවත් ඇති අය පීතෘ ඝාතකයන් වෙන්න බැහැ කොහෙත්ම. (නි)

:       0       0

චාන්දනී Saturday, 07 June 2014 08:20 PM

අපේ දේ සිහිකිරිම ඉතා අගෙන්ය. ඔබට පින්. (ස)

:       0       0

සම්පත් Sunday, 31 August 2014 11:30 AM

මේ කතාව ඇත්ත උනත් බොරු උනත් මේකෙන් හොඳ සංවාදයක් මතුවෙනවා. එතකොට උනකටුව ඇනිලා මැරුණ කතාවත් බොරු එහෙනම් (නදී)

:       0       0

රවි බණ්ඩාර Sunday, 09 November 2014 05:58 AM

මේ කතා කටින් කට ඇවිත් පැවතෙන නිසා පොඩි පොඩි වෙනස්කම් වීම ස්වාභාවිකයි. ඒ ඒ පලාත්වල අය අහල තියෙන ජනප්‍රවාදත් මේ අදහස් තීරයෙන් හරි පළවෙන එකත් හරි වටිනව. ඉතිහාසඥයන්ට පුළුවන් සාධක එක්ක ගලපල මේ කියන කරුණුත් ඉතිහාසයට එක් කරන්න.(හේ)

:       0       0

ප්‍රේම් Saturday, 31 May 2014 12:14 PM

මෙය ඉතා හොඳ කතාවක්. මම හරි කැමතියි. (ස)

:       0       0

කුමා Friday, 06 June 2014 10:24 AM

ගොඩක් ලස්සනයි

:       0       0

මධු Sunday, 31 August 2014 03:46 AM

ටජ්මහල් කියන එක වැරදි නේද ලංකාවේ ඉතිහාසයට ඉන්දියාව අවශ්‍ය නැනේ (අ)

:       0       0

ගුණවර්ධන Saturday, 07 June 2014 11:46 AM

ඉතා හොඳ ලිපියක්. (ස)

:       0       0

ගීතිකා ලියනගේ Saturday, 17 May 2014 11:19 AM

ලංකා ඉතිහාසයට මමත් හරි ආදරෙයි.එය මමඅගේ කරනවා (අ)

:       0       0

ගිහාන් Friday, 20 June 2014 08:39 PM

රුදුරු පෙතන්ගොඩ උයනට අනේ ළං වුණා... නපුරු උණ කටුව පතුලේ ඇනී වන වුණා... එක්ව සිටි සැවොම මතුරා විෂද වැඩිවුණා... රාජසිංහ දෙවි නාමෙත් ගියා නැතිවුණා.... (නි)

:       0       0

මල්වතී Tuesday, 22 April 2014 03:51 PM

අනේ මමත් හරි ආදරෙයි රාජසිංහ රජුට.(නදී)

:       0       0

දිල්කි Wednesday, 11 June 2014 09:26 AM

අපි දන්න විධියට නම් රාජසිංහ රජු පීතෘ ඝාතක රජ කෙනෙක් නෙවෙයි. මායාදුන්නෙ රජු මැරුනෙ වයසට ගිහින්. ඒ බව රාජසිංහ රජ්ජුරුවො දැනගත්තෙත් සටන් බිමක ඉන්න කොට.රාජසිංහ රජ්ජුරැවො මැරුනෙ පෙතන්ගොඩ උයනෙදි කකුලෙ ඇණුන උණ කටුවට විෂ බැඳල කියන එක කවුරුත් වගේ දන්න කනාවක්.මට හිතෙන හැටියට නම් අපේ ඉතිහාසය විකෘති කරල උදාර සිංහල රජ වරුන්ට අපහාස කරනව.(ස)

:       0       0

රංගි විජේකෝන් Thursday, 02 October 2014 04:11 AM

ශ්‍රී ලාංකිකයන් වන අපට ඇත්තේ ආඩම්බරයෙන් කතා කළ හැකි ශ්‍රේෂ්ඨ ඉතිහාසයක්. එවන් අතීතයක අප නොදන්නා මිහිරියාව අවදි කරන රසවත් ලිපියකි මේ. (නි)

:       0       0

කුමාර පුෂ්පකුමාර Tuesday, 06 May 2014 04:15 PM

ලංකා ඉතිහාසය පරයා යන්න ඉතිහාසයක් ලෝකෙවත් නැහැ (දී)

:       0       0

ආරියදාස Thursday, 18 September 2014 09:08 AM

ඉතා වටිනා රසවත් ලිපියක්.(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට කණකොකා හඬයිද?
2024 ජුලි මස 26 234 0

ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලු‍ව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්‍රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්‍රශ්නය ඉහළ යන බව නිශ්


ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද?
2024 ජුලි මස 26 115 0

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද


ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු
2024 ජුලි මස 26 241 0

වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින


විසිදෙක සුබද? අසුබද?
2024 ජුලි මස 25 133 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර


කොතරම් උපාධි ලැබුවත් සාරධර්ම නැත්නම් වැඩක් නෑ
2024 ජුලි මස 25 609 2

එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ


මාසයක්ම කියවූ ලොකුම සෙල්ලිපියේ ඇත්තේ මොනවාද?
2024 ජුලි මස 24 4820 3

සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්‍ර අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site