IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


සංගීත විශාරද පී. ඩන්ස්ටන් ද සිල්වා

සංගීත විශාරද පී. ඩන්ස්ටන් ද සිල්වාගේ 36වැනි ගුණානුස්මරණය මේ මස 27 වැනිදාට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා විද්‍යා විෂයයන් පිළිබඳව පාඨ පරීක්ෂණවලින් සමත් වී සංගීත ක්ෂේත්‍රයට පිවිසි ඩන්ස්ටන් ඉන්දියාවේ ලක්නව් නුවර භාත්ඛණ්ඩේ සංගීත විශ්වවිද්‍යාලයෙන් සංගීත විශාරද උපාධිය ලැබූ කලා විශේෂඥයෙකි.

1959 පැවැත්වුණු පළමු වැනි රාජ්‍ය සාහිත්‍ය උත්සවය නිමිත්තෙන් ගුවන් විදුලි දෙපාර්තමේන්තුවත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධව නිෂ්පාදනය කළ ‘ධර්මප්‍රදීපිකා’ ගීත නාටකය ඔහුගේ නිර්මාණ කුසලතාව පිළිබිඹු කරන්නක් විය. 1959 සැප්තැම්බර් 11, 12 දිනවල කොළඹ හැවුලොක් ටවුමේ ලුම්බිණි රඟහලේදී වේදිකා ගත කරන ලද ‘ධර්ම ප්‍රදීපිකා’ ගීත නාටකය පුහුණු කිරීම්වල යෙදී සිටියදී විශාරද ඩන්ස්ටන් ද සිල්වාට නිර්මාණය සැලසුම් කිරීමට අවස්ථාව සැලසුණේය. එම නිෂ්පාදන කමිටුවේ ලේකම්වරයා වශයෙන් කටයු කළේ අහුන්ගල්ලේ අරුණතිලකය.

මෙම ගීත නාටකයේ වස්තු නිර්මාණය හා ගීත රචනය කරන ලද්දේ විශ්වප්‍රසාදිනී කලාකීර්ති පණ්ඩිත විමල් අභයසුන්දර විසිනි. ධර්මප්‍රදීපිකා ගීත නාටකයට සංගීතය නිර්මාණය කළ පී. ඩන්ස්ටන් ද සිල්වා එවක ගුවන් විදුලියේ සිංහල සංගීත වැඩ සටහන් බාර ප්‍රධාන නිලධාරියා වශයෙන් සේවය කළේය. සිංහල ගීත නාටකය ගුවන් විදුලියට හඳුන්වා දීමේදී පුරෝගාමී  වූ පී. ඩන්ස්ටන් ද සිල්වා පළමු වැනි ගුවන් විදුලි ගීත නාටකයට ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් රචනා කළ මනෝහරි ගීත නාටකයට සංගීතය නිර්මාණය කිරීමෙන් ලබා තිබුණු අත්දැකීම හා පළපුරුද්ද මෙම ගීත නාටකයේ සංගීත සංරචනයේදී මහෝපකාරී විය.

කීර්තිමත් නාට්‍ය ශිල්පියකු වන ශේෂා පලිහක්කාර විසින් 1952 දී නිෂ්පාදනය කළ ‘පුෂ්ප ශෘංගාර’ නම් මුද්‍රා නාට්‍යයට සංගීතය නිර්මාණය කරන ලද්දේ පී. ඩන්ස්ටන් ද සිල්වා විසිනි. 1945 සිට 1951 දක්වා භාත්ඛණ්ඩේ සංගීත විශ්වවිද්‍යාලයෙහි මහාචාර්ය රතන් ජංකර් ආදි භාරතීය සම්භාව්‍ය රාගධාරී සංගීතයේ අති ප්‍රවීණ විශේෂඥයන් යටතේ ගායනය හදාළේය.

පී. ඩන්ස්ටන් ද  සිල්වා ගුවන් විදුලියට බැඳුණේ 1954 දීය. ඒ එම ගුවන් විදුලි දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අධ්‍යක්ෂ ජනරාල්වරයාව සිටි එම්.ජේ. පෙරේරා මහතාගේ ආරාධනාව පිටය. ඔහුට පැවරුණු ප්‍රධාන කාර්යය නම් අනුකාරක සංගීතයක ග්‍රහණයට අසුව සිටි සිංහල සංගීතය දේශීය ලක්ෂණවලින් යුතු නිර්මාණාත්මක සංගීතයක් බිහි කිරීමට පිඹුරු පතක් සකස් කිරීමය.

පී. ඩන්ස්ටන් ද සිල්වාගේ කාර්ය භාරය ගුවන් විදුලියට පමණක් සීමා නොවීය. ලංකා කලා මණ්ඩලයේ සංගීත අනු මණ්ඩලයෙහි පළමු වැනි ලේකම්වරයාව සිටි  ඔහු සභාපතිවරයා වශයෙන්ද සේවය කළේය. අධ්‍යාපන දෙපාර්තමේන්වේ සංගීත විෂය භාර ප්‍රධාන අධ්‍යාපන නිලධාරියා වශයෙන් අවුරුදු දෙකක පමණ කාලයක් තුළ පාඨශාලීය සංගීත අධ්‍යාපන විෂය ක්‍රමවත් කිරීමටත් විෂය මාලා වැඩි දියුණු කිරීමටත් පියවර ගත්තේය. ඔහු විශ්‍රාම ගියේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සංගීත අධ්‍යක්ෂවරයා වශයෙනි.

සංගීත විශාරද පී. ඩන්ස්ටන් ද සිල්වා උපන්නේ අම්බලන්ගොඩදීය. ඔහුගේ පියා ආනයන අපනයන ව්‍යාපාරයන්හි යෙදුණු පටබැඳිගේ ඒබ්‍රහම් ද සිල්වා මහතාය. මව වැලිගම ජේන් කුරුකුලසේකර මහත්මියයි. 1921 අප්‍රේල් 21 වනි දින උපන් ඔහු 1988 ඔක්තෝබර් මස 27 වැනිදා අප ආතරින් වෙන් වූයේය.

 

(***)

සංහිතා ජයසේකර



අදහස් (0)

සංගීත විශාරද පී. ඩන්ස්ටන් ද සිල්වා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 154 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 365 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site