නිදහසින් පසු මෙරට පැවැත්වූ සහ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ අතරින් මෙවර පැවැත්වෙන්නේ තීරණාත්මක එකකි. මෙවර අපේක්ෂකයෝ තිස්අට දෙනෙක් ඉදිරිපත්ව සිටිති. එහෙත්, අවසන් සතිය වන විට රටේ ජනතාව ප්‍රධාන කඳවුරු දෙකකට බෙදෙනු ඇත. කඩා වැටී තිබූ රට ගොඩ ගෙන රටේ අනාගතය වෙනුවෙන් දැනට අනුගමනය කරන ක්‍රමවේදය දිගටම පවත්වාගෙන යා යුතු යැයි කල්පනා කරන ජන කොටස ඉන් එක් කඳවුරකි. ආර්ථිකය කඩා වැටීමෙන් පසු රටට, ජනතාවට හුස්ම ගැනීමට අවකාශය සැලසුවේ කවරෙක් දැයි අමුතුවෙන් කිව යුතු නැත.
වෙනත් ආකාරයකට කියන්නේ නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය හා විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ජාත්‍යන්තරය සමග ඇති කරගත් ගිවිසුම් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරමින් අන්තර්ජාතික විශ්වසනීයභාවය පළුදු කර නොගෙන පොහොසත් දියුණු රටක් ඇති කරගත යුතු බව සිතන කඳවුරය.
ජාත්‍යන්තරව ඇති කරගෙන තිබෙන ගිවිසුම් සියල්ල වෙනස් කරමින් තමන්ගේ න්‍යායපත්‍ර අනුව ආර්ථිකය හැසිරවීමෙන් ජනතාවට සහන සැලැස්විය යුතු යැයි සිතන කඳවුර දෙවැන්නය. මේ කඳවුරේ ප්‍රධාන ආර්ථික උපායමාර්ගය වන්නේ, හොරුන් අල්ලා හොරකම් කළ මුදල් ආපසු ලබා ගැනීමෙන් හා හොරකම නතර කිරීමෙන් රට සංවර්ධනය කිරීමය.
වෙනත් ආකාරයකට කියන්නේ නම්, වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළට විරුද්ධ වන මෙකී කඳවුර කොටස් හතරකට පමණ බෙදී යයි. විපක්ෂ නායකවරයා ප්‍රමුඛ ස.ජ.බ., ජ.වි.පෙ. පදනම් කරත් මාලිමාව, නාමල් චින්තනය සමග එන නාමල් රාජපක්ෂ, ජාතිකත්වය නියෝජනය කරන දිලිත් ජයවීර ප්‍රමුඛ කණ්ඩායම එම කොටස් හතරයි.
මැතිවරණයේ අවසන් සතියේදී ඉහත කී ආකාරයට ජනතාව කොටස් දෙකකට බෙදෙන විට, පළමු කඳවුර වන්නේ, ලංකාව ආණ්ඩු කළ එ.ජා.ප.ය, මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී.ල.නි.ප. පොහොට්ටුවේ බහුතරය, ද්‍රවිඩ මුස්ලිම් දේශපාලන පක්ෂ සියල්ලේ පොදු අපේක්ෂකයා වන්නේ පක්ෂයක්, පාටක් නැති, ජාතික වැඩපිළිවෙළක් හා ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වන බලවේගයයි. මේ බලවේගයට රට භාර දිය යුතු වන්නේ ප්‍රධාන කරුණු තුනක් නිසාවෙනි.
2022 මැයි 9 වැනිදා ලංකා ඉතිහාසයේ සටහන් විය යුත්තේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සිදු වීමට තිබූ දිනය ලෙසයි. ව්‍යවස්ථාදායකය නියෝජනය කළ අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයා දස වද දී ඝාතනය කළේය. එදින පැය 12ක් ඇතුළත සැලසුම් කර තිබූ පරිදිම මැති ඇමැතිවරු රැසකට උන්හිටි තැන් අහිමි කරමින් ගෙවල් දොරවල් පුළුස්සා දැම්මේය. ඈත එපිට ගම්වල දහස් ගණනකට ශාරීරික හා මානසික පීඩා ඇති කළේය. පාර්ලිමේන්තුව ගිනි තබා විනාශ කිරීමට අරගලකරුවෝ සූදානම් වූහ. මේවා රූප රාමු සහිතව ජනතාවගේ සිත් තුළ සනිටුහන් වී තිබේ. එය බිහිසුණු ප්‍රජාතන්ත්‍ර විරෝධි යුද්ධය ප්‍රචණ්ඩ මිනීමරු දේශපාලනයේ උච්චතම අවස්ථාවකි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගිනිබත් කළේ නම්, එදා ලංකාව අද බංග්ලාදේශයක් වීම කිසිවකුටත් වළක්වාගත නොහැක. ප්‍රජාතන්ත්‍රවාදි පාර්ලිමේන්තු ක්‍රමයත්, හැටනව ලක්ෂයක ජනතාවගේ ජීවිත හා දේපළත් ආරක්ෂාවුනේ වත්මන් රාජ්‍යතාන්ත්‍රික නායකත්වයෙනි. අද මේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතව ඇත්තේ කෙසේ දැයි ජනතාව වටහාගත යුතුය. මේ රට ස්ථාවර කිරීමට නම්, ඒ තත්වය තවත් කාලයක් පවත්වාගත යුතුය. එය එක් හේතුවකි.
දෙවැනි කාරණයක් ද තිබේ. ආර්ථිකය මුළුමනින්ම කඩාවැටී, තෙල්, බෙහෙත්, ගෑස් නැතිව රට අරාජික වූයේය. ඒ පසුබිමේ ගෝඨාභය ජනාධිපතිවරයා රට භාර ගන්නා ලෙස සෑම නායකයකුගෙන්ම ඉල්ලා සිටියේය. එහෙත්, එවැනි අභියෝගාත්මක තීරණාත්මක පැයකදී රට භාර ගැනීමට කිසිවෙක් නොවූහ. විපක්ෂයේ නායකයෝ බියෙන් හා ත්‍රාසයෙන් සිටියහ. එහෙත්, ඒ සියලු අභියෝගවලට මුහුණ දුන්නේ එක් අයෙක් පමණි. මූල්‍ය අරමුදල සමග ණය ගිවිසුමට එළැඹීමත්, ජපානය, ප්‍රංශය හා ඉන්දියාව යන රටවලින් සැදුම්ලත් නිල ණය කමිටුවේ (OCC) මැදිහත් වීම හා සහයෝගය මත ඒකාබද්ධ ආධාර කණ්ඩායම එක්වී විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට පිවිසියේය. වැටුණු රට වසර දෙකකදී ආර්ථිකමය වශයෙන් නගාසිටුවීමට හැකි වී තිබේ. බරපතළ ලෙස ඍණ වූ ආර්ථිකය මේ වන විට ධන අගයක් ගෙන තිබේ. එසේ වී ඇත්තේ, වත්මන් වැඩපිළිවෙළ නිසාය.
එදා ඩොලරයට රුපියල් 420ක් ගෙවූ අය, අද ගෙවන්නේ රුපියල් 300කි. සියයට 30ක් වූ බැංකු ණය පොලිය අද සියයට 9කි. සියයට 79ක් වූ උද්ධමන අනුපාතය අද සියයට 1ට වඩා අඩු මට්ටමකට පත්ව තිබේ. රාජ්‍ය අයවැයේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති වී තිබේ. 1977න් පසු ප්‍රථම වරට ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් ඇති විය. 2028 දක්වා විදේශ ණය නොගෙවා සිටීමට සහන කාලයක් ලබාගෙන තිබේ. 2028 සිට කිසිදු උපද්‍රවයකින් තොරව ණය ගෙවාගෙන යාමට හැකි වන පරිදි ජාතික වැඩපිළිවෙළක් හා ප්‍රතිපත්තියක් නීතිගත කර තිබේ. මෙවන් ජයග්‍රහණ රටට ලබා දුන් වෙනත් අපේක්ෂකයන් සිටී දැයි අවධානයට ගත යුතුය. වැරැද්ද නිවැරැදි කර, හරි දේ හරි වේලාවට හරියට කළේ කවුදැයි සිතා බැලීම අවශ්‍යය.
රටේ අනාගතය තුන්වැනි කරුණය. අනාගතය වෙනුවෙන් අනාගතවාදි ආර්ථික දැක්මක්, ජාතික ප්‍රතිපත්තියක් නීතිගත කර, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ එක් අයෙක් පමණි. එකී වැඩපිළිවෙළ ආර්ථික පරිවර්තන පනතේ සංඛ්‍යා දත්ත සහිතව දක්වා තිබේ. එහි දැක්වෙන ආකාරයට, රටේ නොපියවූ මුළු ණය ප්‍රමාණය 2035 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 95ට අඩු කළ යුතුය. රජයේ දළ මූල්‍ය අවශ්‍යතාව දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 13 නොඉක්ම විය යුතුය. වාර්ෂික විදේශ ණය සේවා අනුපාතය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.5 නොඉක්ම විය යුතුය. ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1 නොඉක්ම විය යුතුය. රජයේ මුළු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15ක් හෝ ඊට වඩා වැඩි විය යුතුය. රාජ්‍ය අයවැයේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3ක් විය යුතුය. ඍජු විදේශ ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5 දක්වා ඉහළ නැංවිය යුතුය. ආර්ථික වර්ධන වේගය සියයට 5 ඉක්ම විය යුතුය. විරැකියාවේ අනුපාතය සියයට 5ට අඩු විය යුතුය. කාන්තා ශ්‍රම සහභාගිත්වය සියයට 40 දක්වා වැඩි කළ යුතුය. මේ ආකාරයට වසර 2048 වන විට ලංකාවේ දුප්පත්කම මුලිනුපුටා දැමීමට ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 20,000ට වැඩි පොහොසත් දියුණු රටක් ඇති කිරීමට ජාතික ප්‍රතිපත්තියක් නීතිගත කර තිබේ. මෙවැන්නක් සිදුව ඇත්තේ නිදහසින් පසු පළමු වරටය. ඒ, වත්මන් නායකත්වය යටතේය.
ආර්ථික පරිවර්තන පනතේ අරමුණු හා ඉලක්ක සපුරා ගැනීමට හැකි වන පරිද්දෙන් ඊට අනුශංගික තවත් පනත් හතරක් පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබ ඇත. මුදල් අච්චු ගැසීම තහනම් කර, ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන කළ නව ශ්‍රී ලංකා මහ බැකු පනත ඉන් එකකි. ඔරොත්තු නොදෙන ආකාරයට විදේශ ණය ගැනීම වළක්වන 2024 අංක 44 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත දෙවැන්නය. ජනප්‍රිය දේශපාලන බොරු පොරොන්දු ආණ්ඩුවේ අයවැය ලේඛනයට ඇතුළු වීම වළක්වන මූල්‍ය කළමනාකරණ පනත තුන්වැන්නය. හොරකම වළක්වන හොරු ඇල්ලීම පහසු කෙරෙන දූෂණ විරෝධි පනත හතරවැන්නය.
මේ රට සංවර්ධිත දියුණු රටක් බවට පත් කිරීමට අවශ්‍ය ජාත්‍යන්තර ගිවිසුම්, ජාතික වැඩපිළිවෙළක් හා ජාතික ප්‍රතිපත්තියක් ඒ හා සම්බන්ධව සම්මත වන අණපනත් යනාදිය සහිතව, එනම්, ආර්ථික පංචායුධයක් සහිතව ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ කවුද? රටක් පාලනය කිරීම හිතන තරම් පහසු නැත. ආවාට ගියාට එය කළ නොහැක. දේශීය වශයෙන් කෙරෙන ගනුදෙනුවකින් පමණක් රටක් ගොඩනැගිය නොහැක. ඒ සඳහා පළල් දැක්මක් අවබෝධයක් අවශ්‍යය. ජාත්‍යන්තරය මනා ලෙස කළමනාකරණය කරගත යුතුය. අත්හදා බැලීමකින් හෝ වැරැදීමකින් ඉහත වැඩපිළිවෙළ අවුල් වුවහොත්, එසේ අවුල් කරගන්නා ජනාධිපතිවරයාගේ හෝ ආණ්ඩුවේ ආයු කාලය මාස දෙක තුනකට සීමා වීම වළක්වාගත නොහැකි වනු ඇත. එවන් එක් අත්දැකීමක් මීට පෙර අපි අත්දැක්කෙමු. ගෝඨාභය ජනාධිපතිවරයාගේ පාලනයේදී ලැබූ අත්දැකීම යළිත් ලබන්නට මේ රටේ ජනතාව කැමැති වේ යැයි සිතිය නොහැක.
මේ වනවිට ප්‍රතිපත්ති ප්‍රකාශන ගණනාවක් රට හමුවේ තබා තිබේ. බොහොමයක් අලංකාරික යොදා පිටු පිරවීම ප්‍රතිපත්තියක් නොවන බව මුලින්ම වටහාගත යුතුය. යථාර්ථයට කිට්ටු නොවන බොහෝ කාරණා ගෙනහැර පෑමෙන් රටක් ඉදිරියට ගෙන යාමට නොහැක. බංකොලොත් වූ රටක් හුදු අලංකාරිකවලින් ඉදිරියට ගෙන යෑමට නොහැකි බව කුඩා හෝ බුද්ධියක් ඇති අය දන්නා කාරණයකි. මෙරට සිටින්නේ බුද්ධිමත් ජන කොටසකි. ඔවුහු නිරන්තරයෙන්ම යථාර්ථය හොඳින් දකින්නෝ වෙති.
ස.ජ.බ. සහ ජා.ජ.බ. ප්‍රතිපත්ති ප්‍රකාශන වූ කලී, තම තමන්ගේ දේශපාලන න්‍යායපත්‍ර අනුව බලය ලබා ගැනීමට ඉටු කළ නොහැකි ජනප්‍රිය පොරොන්දුවලින් පිරුණ ඒවාය. ඒවා ප්‍රායෝගික යථාර්ථයට ගැළපෙන්නේ නැත. ඇතැම් විට මේවා හොඳ හිතින් කරන නරක පූර්වාදර්ශන වැනිය. වත්මන් නායකත්වය ලංකා ආණ්ඩුව වෙනුවෙන් ජාත්‍යන්තරය සමග අත්සන් කළ ගිවිසුම්වල අඩංගු කොන්දේසි හා නියමයන් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ මගින් තහවුරු වන්නේ නැත. ජාත්‍යන්තරය සමග ඇති කරගත් ගිවිසුම් කොන්දේසි ප්‍රකාරව කිසිවකුටත් රට, ආණ්ඩු කළ නොහැකි නම්, ස.ජ.බ. සහ ජා.ජ.බ. වහා කළ යුත්තේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබ ඇති ඉහත දැක්වූ අණපනත් එයාකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට සහාය දෙන බව ප්‍රකාශ කිරීමය. ඒ සඳහා අකැමැත්තෙන් හෝ කැමැති වීමය.
රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගනිමින් වැටුණු රට ගොඩ ගැනීමට හැකි වූයේ වැඩපිළිවෙළක් තිබූ නිසාය. ඒ වගේම රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ප්‍රතිපත්ති නීතිගත කර තිබේ. එසේ නම්, ඒ ඔස්සේ රට ස්ථාවර කරනවා හැර විකල්ප තේරීමක් මේ මොහොතේ ඵලදායක නැත. ප්‍රායෝගික නැත.
(*** සටහන - චමින්ද මුණසිංහ)
ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක
ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක
ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී
ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විකල්ප තේරීම් ඕනෑද?
ජනරළ Monday, 09 September 2024 09:24 PM
මේ මනුස්සයා 80 දශකයේ ටියුෂන් වලින් දේශපාලනයට ආවේ මහා ලොකු කෙරුම් කාරයෙක් වගේ අඟවාගෙන. අන්තිමේදී රට බංකොලොත් වෙනකම්ම අර පැත්තට මේ පැත්තට පැන පැන දේශපාලනය කළා විතරයි. තනිකරම පට්ට පල්බොරුව කලේ. මතකයිනේ පහුගිය කාලේ කිව්ව අපිට ඩොලර් ඕනෑතරම් තියෙනවා. බය වෙන්න දෙයක් නැහැ කියලා. ඇත්තටම මේ රට විනාශ වුනේත් විනාශ කරන්නෙත් මේ අයම තමයි. මේ වගේ අයගෙන් තවත් මේ රටට කවදාවත් සෙතක් වෙන්නේ නැහැ. ඊළඟට ලැබෙන පළමු අවස්ථාවෙන්ම මේ අය ලාංකීය දේශපාලනයෙන් තුරන් කළ යුතුයි.
sugath Thursday, 12 September 2024 01:49 AM
මේ උන්දැ ආර්ථික විද්‍යාව ඉගැන්වූ විශාරදයෙක් වුවත්, තමන් පාලනය කළ රට බංකොලොත් වී කඩා වැටෙන තෙක් එය නොදැන සිටීම පුදුමයට කරුණක්.