IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


වසවිස කෘෂිකර්මයේ නොදුටු පැත්ත

දැනට සති කීපයකට පෙර කෘෂිකර්ම හා මහවැලි සංවර්ධන ඇමති ඇඹිලිපිටියේ උත්සවයක දී, ලෝක සෞඛ්‍ය සංවිධානයේ යම් වාර්තා අනුව “ලොව වැඩිම වස විස කන රට ලංකාව” යැයි ප්‍රකාශකළ බව මාධ්‍ය වාර්තා කළේය. මෙය ඉතා බැරෑරුම් මෙන්ම මහජනයා තැති ගන්වන ප්‍රකාශයක් බැවින් මෙහි ඇත්ත නැත්ත ගැඹුරින් අධ්‍යයනය කිරීම වැදගත්ය. ලෝක බැංකුවේ හා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ වාර්තාගත රටවල් කීපයක සංසන්දනාත්මක කෘෂිරසායනික  භාවිත දත්ත පළමුවැනි වගුවේ ස‍ඳහන් කර ඇත.

“සියලු දේ වසය – වසෙන් තොර කිසිවක් නොමැත. වසක් ද ඖෂධයක් ද වන්නේ භාවිතා කරන ප්‍රමාණය මතය”, ඖෂධ විද්‍යාවේ නිර්මාතෘ මහාචාර්ය බොම් බැස්ටස් පැරසෙල්සස් (1494-1541)


වාර්ෂික කෘෂි රසායනික භාවිතය

රට  රසායනික පොහොර
(කි.ග්‍රෑ/ හෙක්)
පළිබෝධ නාශක
(කි.ග්‍රෑ/ හෙක්)
සිංගප්පූරුව 30,237  
කටාර්  6,757 4.0
හොංකොං 2,704 16.6
නවසීලන්තය  1,777 7.9
මැලේසියාව  1,723 8.1
චීනය 503 13.1
බංග්ලාදේශය 289 1.8
තායිලන්තය  162 1.7
ශ්‍රී ලංකාව  132 0.7
අති දුප්පත් රටවල් 0.3-62 <0.00006

උපුටාගත්තේ: www.worldbank.org/indicator/AG.cow.FERT.2s,Wordometers.info/Google


ඉහත දත්ත අනුව ආසියාවේ අඩුවෙන්ම කෘෂිරසායනික භාවිත වන රටක් ලංකාව වීම සතුටට කරුණක් විය යුතුය. සිංගප්පුරුව අප මෙන් 200 ගුණයකට වඩා රසායනික පොහොර භාවිත කරන අතර මැලේසියාව, චීනය හා බංගලාදේශය අපමෙන් පිළිවෙළින් 13, 4 හා 2 ගුණයක් භාවිතා කරන වග එම වගුවෙන් පැහැදිලිය. එමෙන්ම හොංකොං, චීනය, මැලේසියාව, බංගලාදේශය හා තායිලන්තය ලංකාව මෙන් පිළිවෙළින් 24, 19, 12, 3 සහ දෙගුණයකට නොඅඩු ප්‍රමාණ භාවිතා කරන බව ද එම දත්ත පෙන්වා දෙයි.

ඉතා දුප්පත් රටවල කෘෂිරසායන භාවිතය අඩුවීමට ප්‍රධාන හේතුව ගොවීන්ගේ දුප්පත්කමයි. නැත්තම් ඔවුන්ට කෘෂිරසායනික මිල දී ගැනීමට ඇති මුදල් හිඟකමයි. මෙම රටවල අධික ලෙඩ රෝගවලට ප්‍රධාන හේතුව දුප්පත්කම හා ආහාර හිඟය මිස කෘෂිරසායනික භාවිතය නොවේ.

 


 

එපමණක් නොව පළිබෝධනාශක තාක්ෂණික හා උපදේශන කමිටුවේ හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් මත එවකට භාවිතා වූ පළිබෝධනාශක ගැඹුරු ඇගයීමකට ලක්කර ඉතා විෂ සහිත පළිබෝධනාශක භාවිතයෙන් ඉවත් කරන ලදී. මිනිසාට අධික විෂ සහිත 2002 භාවිතා වූ පළිබෝධනාශක 40න් 39ක්ම ක්‍රමක්‍රමයෙන්  ඉවත්කර ඒ වෙනුවට විෂ අඩු තුන්වන හා හතරවැනි කාණ්ඩවල පළිබෝධනාශක වැඩි වශයෙන් හඳුන්වා දී ඇත.

2016-2018 කාලයේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළිබෝධනාශක රේජිස්ටාර්ගේ අංශය මඟින් එළවළු හා පලතුරු භෝග වර්ග 30ක සාම්පල් 700කට වැඩි ගණනක් පළිබෝධ අවශිෂ්ට ප්‍රමාණයෙන් විශ්ලේෂණය කිරීමේ දී ලබාගත් දත්ත 3වැනි වගු‍වේ සඳහන් වේ.

 

පළිබෝධනාශක අවශිෂ්ට ප්‍රමාණයෙන් හා පැවැත්මේ අවස්ථා


 උපුටා ගත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛ අංක 2019/01 ඇසුරෙනි

 

මෙම දත්තවලින් ද පැහැදිලිව පෙනී යන්නේ සමස්තයක් වශයෙන් ගත් කල අපගේ එළවළු හා පලතුරු සියයට 99 පමණ ප්‍රමාණයක ඇත්තේ සෞඛ්‍යට හානි නොවන ඉතා සුළු අවශිෂ්ට ප්‍රමාණ වගයි.

තවද අප රට “වස විස”‍ භාවිතයෙන්  සමහර යුරෝපීය රටවලට වඩා ඉතා උසස් තත්ත්වයක ඇති වග ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ දත්ත පෙන්නුම් කරයි. ඉඩ දිය හැකි අවශිෂ්ට ප්‍රමාණ (Allowable Limit) ඉක්මවා ඇති රටවල් කීපයක නම් හා ප්‍රමාණ වරහන් ඇතුළත මෙසේය:- අයිස්ලන්තය (6.7%), බෙල්ජියම (6.2%), සයිප්‍රස් (5.7%) හා පෘතුගාලය (4.2%).
සියල්ල යහපත් නොවේ

සමස්තයක් වශයෙන් ගත් කල සෑහෙන ප්‍රමාණයකින් අප කෘෂිකර්මය වස විසෙන් තොර වුව ද නිවැරදි කළ යුතු අවස්ථා ද කීපයක් ඇත.
සමහරවිට ගොටුකොළ, මුකුණුවැන්න හා ගෝවා වැනි කොළ ආහාරවල අවශිෂ්ට ප්‍රමාණය සාමාන්‍යයෙන් වැඩි වග පෙනී ගොස් ඇත. සමහර ගොවීන්ගේ වැරැදි මතයක් වනුයේ එළවළු නෙළීමට පෙර පළිබෝධනාශක ඉසීමෙන් ඒවායේ අලුත් පෙනුමක් ඇතිකරවන බවය.

තුන්වැනි වගුවේ සාම්පල් කීපයක් 10ppm වලට වඩා පළිබෝධ අවශිෂ්ට ප්‍රමාණය වැඩිවීමට එක් හේතුවක් මෙය විය හැකිය. කෙසේ වෙතත් කොළ එළවළු හොඳින් සෝදා ගන්නේ නම් සමහර පළිබෝධ අවශිෂ්ට එක්තරා ප්‍රමාණයකින් ඉවත් කර ගත හැක. එහෙත් සංස්ථානික පළිබෝධ නාශක සේදීමෙන් ඉවත් කර ගත නොහැක. කෙසේ වෙතත් සමහර අවශිෂ්ට ප්‍රමාණය ජීවිතයට හානිවන ප්‍රමාණය ඉතා දුර්ලබය.

පළිබෝධනාශක මෙන්ම රසායනික පොහොර අවභාවිත අවස්ථා ද  ඇත. එයට හොඳ උදාහරණයක් නම් උඩරට එළවළු ගොවීන්ගේ පොහොර අවභාවිතයයි. ගිය වසර කීපය තුළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්​ෙය්ෂණ අනුව නුවරඑළිය ගොවිපොළ 742 ක පසෙහි ෆොස්පරස් (P) ප්‍රමාණය පස් කොටස් මිලියනයකට P කොටස් 60 වන (60ppm) පාරිසරික ඉඩදිය හැකි මට්ටම (Environmental Critical Level) ඉක්මවා තිබුණි. ඕනෑම බෝගයකට අවශ්‍යවන්නේ පස් කොටස් මිලියනයකට P කොටස් 30 ක් (30ppm) වන අතර නුවරඑළියේ වගා නොකරන බිම්වල ඇත්තේ කොටස් 12 ක් (12ppm) පමණි. නුවරඑළියේ පමණක් නොව බොහෝ එළවළු වගා කරන පළාත්වල මෙම අධික පොහොර අවභාවිතය දක්නට ලැබේ. පොහොර අවභාවිතටය ප්‍රධාන හේතුවක් වනුයේ පොහොර සමාගම් විකුණනු ලබන්නේ පොහොර මිශ්‍රණයන් බැවින් පසට අවශ්‍ය පොහොර පදාර්ථ නිසි ප්‍රමාණය යෙදීම ගොවීන්ට ප්‍රශ්නයකි. දැන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා අනෙක් බෝග පර්යේෂණ ආයතන පස විශ්ලේෂණය කොට අවශ්‍ය N, P, K පොහොර ප්‍රමාණය නිර්දේශ කිරීමේ සේවයක් ඇති බැවින් ගොවීන් ඒ අනුව පොහොර යෙදීම කළ යුතුය.

ඉහත සඳහන් ගොවි බිම්වල P ප්‍රමාණය 60 ppm වලට වඩා වැඩි වන විට P පසෙන් ක්ෂය වී ඇළ දොළ හරහා සෝදා ගොස්  පහත් බිම්වල ජලාශවලට එකතුවීමෙන් ඇල්ගි උඩමන්ඩි සෑදෙනු ඇත. මෙම සමහර ඇල්ගි අක්මාවට හා වකුගඩුවලට හානිදායක යැයි පර්යේෂණ තහවුරු කර ඇත. රජරට වකුගඩු රෝගයට එක් හේතුවක් මෙය විය හැක. ෆොස්පරස් පමණක් නොව අන් පොහොර පදාර්ථ ද ජලයට එක්වන බැවින් අධික පොහොර භාවිතය ජල දූෂණයට ප්‍රධාන හේතුවකි. මෑතක දී නුවරඑළිය ප්‍රදේශයේ සඳතැන්න නම් ග්‍රාමයේ බ්ලූ බේබි සින්ඩ්‍රොම් (Blue Baby Syndrome) නමැති ළමා ආසාදනය වාර්තා වූ බව ද ප්‍රචාරය විය. මෙයට හේතුව ජලයේ නයිට්‍රජන් ප්‍රමාණය අධික වීමයි. මෙයට ද හේතුව අධික පොහොර භාවිතය විය හැකිය. දැනට වසර 30 - 40 කට පෙර මෙම රෝගය කල්පිටිය හා යාපනය ප්‍රදේශවල ද වාර්තා විය.

ඉන්දුනීසියාවේ, ස්වීඩන්හි හා කැනඩාවේ කරන ලද ඉතා පුළුල් ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ පර්යේෂණයකින් පෙනී ගොස් ඇත්තේ බොහෝ අවස්ථාවල භාවිතා කරන ප්‍රමාණයෙන් සියයට 50 - 60 කින් බෝග ඵලද‌ාව අඩු නොවී පළිබෝධ හානිය අඩු කළ හැකි බවයි. ගොවීන් ගැඹුරින් දැනුවත් කිරීමේ අවශ්‍යතාව මෙයින් ද මොනවට පැහැදිලිවේ.

“වස විස”‍ (රසායනික) කෘෂිකර්මයෙන් ඈත්වීමේ මග කාබනික කෘෂිකර්මය ද?
“වසවිසෙන් තොර දේශයක්”‍ නමැති සටන් පාඨය සමඟ පසුගිය යහපාලන සමයේ කාබනික කෘෂිකර්ම ක්‍රමවේදයක් ගොවීන්ට හ‍ඳුන්වා දීමට අධික පරිශ්‍රමයක යෙදුනු නමුත් එම ව්‍යාපෘති සහමුලින්ම අසාර්ථක විය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පසෙක තබා “සෙමා”‍ (Strategic Enterprises Management Agency) ආයතනය සහමුලින්ම කාබනික කෘෂිකර්ම කටයුතු සඳහා යෙදෙව්ව ද ව්‍යාපෘතිය අසාර්ථක වූයෙන් වසර හතරකට පසු වැඩකටයුතු සියල්ල නවතා දැමුවේය.

කොතරම් නන්දෙඩෙව්ව ද කාබනික කෘෂිකර්මය වගා ඉඩම්වලින් මෙතෙක් සියයට දෙකකට සීමාවී ඇත. ඉන් සියයට 66 තෘණබිම් (අධි පෝසතුන්ට බීෆ් ස්ටේක් කෑමට!) වන අතර ඉතිරි සියයට 34 ධාන්‍ය හා වෙනත් බෝග සඳහා යොදවා ඇත. ලොව කාබනික කෘෂිකාර්මික බිම් වැඩි වෙන්නේ සම්පූර්ණ කෘෂි බිම් ප්‍රමාණයෙන් වසරකට සියයට0.2 වැනි ප්‍රමාණයෙනි. එයට හේතුව වන්නේ කාබනික පොහොර සීමිත වීම හා වෙනත් සාර්ථක කාබනික කෘෂි තාක්ෂණය හා විකල්ප මෙතෙක් නොමැති වීමය. 19 ශත වර්ෂයේ මැද භාගයේ සිට රසායනික කෘෂිකර්මයට ලොව හැරුණේ මෙම හේතුව නිසාය. හැකි තරම් කාබනික කෘෂිකර්මය හා පසට කාබනික ද්‍රව්‍ය යෙදීම වැදගත්ය. එහෙත් මෙම තාක්ෂණයට ලොව ආහාර සැපයීමට නොහැකිය.

සමස්තයක් වශයෙන් ගත්කල සාම්ප්‍රදායික කෘෂිකර්මය පාරිසරික දූෂණයට කාබනික කෘෂිකර්මයට වඩා ඉවහල් වනු ඇත. මෙය අවම කර ගත හැක්කේ කෘෂිරසායනික අවශ්‍ය ප්‍රමාණය හරියාකාරව භාවිතයෙනි. මෙහිදී ‍ඖෂධ විද්‍යාවේ නිර්මාතෘ මහාචාර්ය බොම්බැස්ටස් පැරසෙල්සස් (1494-1541) නමැති විශිෂ්ට විද්‍යඥයාගේ ඔවදනක් සඳහන් කළ යුතුය. එනම් “සියලු දේ වසය. වසෙන් තොර කිසිවක් නොමැත. ඖෂධයක් ද වසක් ද තීරණය වනනේ ගන්න ප්‍රමාණය අනුවය”‍ යන්න.

උභතෝකෝටික පැනය වනුයේ කාබනික කෘෂිකර්මය සම්ප්‍රදායික කෘෂිකර්මයට වඩා සත්ව සෞඛ්‍යයට හා පරිසරයට හිතකර වීමය. එහෙත් ලොවට ආහාර සැපයිය හැක්කේ සාම්ප්‍රදායික කෘෂිකර්මයට පමණි. හරිත විප්ලවයේ නිර්මාතෘ නෝමන් බෝලොග් 2000 වසරේ නොබෙල් සංගමය අමතමින් කරන ලද කතාවේ සඳහන් පරිදි, හරිතවිප්ලවය තිබුණාට වඩා ප්‍රශ්න ඇති කර ඇතැයි සමහරු කීව ද තමා එය නොපිළිගන්නා වගයි. තම විශ්වාසය වන්නේ සාම්ප්‍රදායික කෘෂිකර්මය ඇති කර ඇති ආහාර බහුලත්වය සමඟ පැනනැගී ඇති නව ප්‍රශ්න විසඳීම, පැරණි ප්‍රශ්නයක් වූ සාගතය සමඟ පොර බැදීමට වඩා පහසු වගයි.

ග්ලයිෆොසේට් රජරට වකුගඩු රෝගවලට පාදක වී යැයි ද වැව් බැමි පවා දිය කරයි ද කියූ අය හිටපු ජනපති නොමග ඇරියා මෙන් නව රජය ද නොමග යැවීමට අරඅදින වග කෘෂිකර්ම අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු පවසා ඇත්තාහ. කෘෂිකර්ම ඇමතිට එම විෂය ගැන අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට පරිණත නිලධාරීහු අදාළ ආයතනවල සිටිති. යහපාලන රජය කළ මෝඩකම්වලින් පාඩම් ගෙන සුදුසු නිලධාරින්ගේ උපදෙස් මත වැඩකටයුතු කිරීම අවශ්‍යයයි රජයට කිව යුතුද?

ඇමතිවරයාට ඇති ප්‍රමුඛ කර්තව්‍ය වනුයේ කාර්යක්ෂම තාක්ෂණික හා ව්‍යාප්ති සේවා හරහා ගොවීන් නිවැරදි කෘෂිරසායනික භාවිතයට පෙළඹවීමයි. විශේෂයන් ගොවීන් ගැඹුරින් දැනුවත් කිරීම සඳහා අද ඉතා දුබල වී ඇති ව්‍යාප්ති සේවා පණ ගැන්වීම හා නිලධාරීන් දැනුවත් කිරීම සඳහා කෘෂිකර්ම ඇමතිවරයාගේ දැඩි අවධානය අවශ්‍ය වේ. කාබනික කෘෂිකර්මය නගා සිටුවීමේ වරදක් නොමැත. එහෙත් ජාතික ආහාර අවශ්‍යතාව එමගින් නිපදවිය නොහැක.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කෘෂිකර්මය සම්බන්ධව හොඳ ප්‍රතිපත්ති කීපයක් සමඟම මුළු ලංකාවේම කාබනික කෘෂිකර්මය ප්‍රවර්ධනය කරන අතර සම්ප්‍රදායික කෘෂි ගම්මාන කාබනික පොහොර භාවිතයට නැඹුරු කරන වගත්, ගෙවතු මිලියන 2ක් කාබනික පොහොර භාවිතයට හරවන වගත් සඳහන් කොට ඇත. මෙම ප්‍රයත්නය සාර්ථක වේවා!..යැයි අප ප්‍රාර්ථනා කරන අතර ඉලක්ක සපුරාගත හැකි දැයි සිතිය නොහැක.


***
ආචාර්ය පරාක්‍රම වෛද්‍යනාථ

 



අදහස් (11)

වසවිස කෘෂිකර්මයේ නොදුටු පැත්ත

Mangala Thursday, 09 July 2020 11:11 AM

මේ නොකියා කියන්නේ වස නැති වගාවකට යන්න එපා කියලනේ. වෙනත් විදියකින් කියනවා නම් ඉලක්කවලට යන්න.. ලෙඩ්ඩු වැඩිවෙලා, මරණ වැඩිවෙලා ලෙඩ ජාතියක් බිහිවුණාට කමක් නැහැ.. ඉලක්කේ හරියනවා නම්. අනේ තුමෝ බ්‍රොයිලර් කුකුලගෙයි, ගම් කුකුලගෙයි වෙනස දන්නවද? දන්නේ නැතිනම් ගැමියෙකුගෙන් ඉගෙන ගන්න...

:       0       19

ඔබාFriday, 10 July 2020 12:50 AM

ලංකාවේ සංඛ්‍යාලේඛන වලින් තීරණ ගන්න බෑ. එළියට යන්නේ හොර නොම්මර වලින්. ග්ල්යිපොසේට් එන්නේ හොරෙන් එවන බඩු හැටියට. ඉන්දියාවෙන් හොරෙනුත් එනවා. මෙවැනි දේ ක්ලියර් වෙන්නේ වෙන බඩුවල HS නොම්මර වලින්...

:       0       0

sunil gikiyange Thursday, 09 July 2020 11:57 AM

ලිපියේ අරමුණ කෘෂිකර්මාන්තය වසවිස යොදාම කළ යුතුයි. හෝ ඒසේ කිරීම ඒ තරම් ගැටලුවක් නැහැ යන්න සමාජගත කිරීම බවයි දැනෙන්නේ. තව ගිය කන්නයේත් වසවිස නැතිව වී වගා කර අස්වැන්න ගත්ත තරුණ පිරිස් දක්නට ලැබුණා. එසේම වසපොහොර හා මැසිතෙල් යොදාකරන ගොවිතැනෙන් ලැබෙන අස්වැන්න හා ඒවා නොදා ලබාගන්නා ගුණාත්මක බවින් ඉහළ ශරීරයට අහිතකර නැති අස්වැන්න පිළිබදව සසඳා ඵලදායක බව පිළිබඳව අදහසක් ගත යුතුයි. කිලෝ ගණනින් මැනීම හුදු රැවටිල්ලකි...

:       0       15

jaya Thursday, 09 July 2020 01:03 PM

ලංකාවේ ජනගහනය 1950දී ලක්ෂ 80යි. 1986දී ලක්ෂ 160යි. හැබැයි සාගතයක් ගැන ඒ අවුරුදු 36ටම අහන්න ලැබුණේ නැහැ. හේතුව කෘත්‍රිම පොහොර, කෘමීනාශක/ වල්නාශක භාවිතය නිසා ඵලදාව වැඩිවීම... තිත්ත වුණත් ඇත්ත ඒකයි.

:       0       4

rasika Thursday, 09 July 2020 01:22 PM

සමහරුන්ගේ ආදායම් අඩුවෙලා වගේ... මේ වගේ ලිපි, වැඩමුළු, වෙළඳ දැන්වීම් ඉදිරියේදී දැකගන්න පුළුවන් වෙයි.

:       0       4

Asanka Thursday, 09 July 2020 05:07 PM

දැන් රජරට වකුගඩු රෝගය හඳුනාගෙන වසර 10කට වඩා ගතවී ඇත. නමුත් හේතුවක් හොයාගත්තද? එසේත් නැතිනම් හේතුව ඉදිරිපත් කළ විට පොහොර සමාගම්වලට කෙලවෙන නිසා ආචාර්ය මහාචාර්යවරුන් නිහඬ වී ඇත්ද? මේ රෝගයට හේතුවක් අවුරුදු 10 ගිහිනුත් හොයාගන්න බැරි නම් ඒ ආචාර්ය පට්ටම ළමයෙකුට දීම වඩාත් සුදුසුයි. මන්දයත් මේ රෝගයෙන් පීඩා විඳින්නේ රටට බත සපයන ඔබේද බඩ පුරවන ගොවීන් නිසාවෙනි.

:       0       3

ඔබා Friday, 10 July 2020 12:35 AM

ග්ල්යිපොසේට් එන්නේ හොරෙන්. එ්ක කස්ටම් සංක්‍යා ලේඛනවල පෙන්නන්නේ නැහැ. ලංකාවේ සංඛ්‍යාලේඛන විකෘතියි. බඩු එන්නේ හොරට... එතකොට පොත්වලට යන්නේ හොර HS අංක...

:       0       0

Roshan Friday, 10 July 2020 04:52 AM

එහෙනං වකුගඩු දියවෙලා මෙච්චර මැරෙන්නේ කොහොමද? මේ වගේ ඒවා ලියනවට ලොකු ගණන් ලැබෙනවා ඇති නේද?

:       0       0

Akila Friday, 10 July 2020 07:09 AM

මෙම ලිපියේ ඉතා වැදගත් කොටසක් අධ්‍යයනය කරලා නැහැ. අපි කන කෑමවලට විශේෂයෙන්ම පලතුරු වලට වසවිස එකතුකරන්නේ ගොවියන් නෙමේ තොග වෙළෙන්ඳන්... එහෙම බලුවාම ඇමතිතුමා කියපු කතාව හරි...

:       0       0

ටි ඉන්දික Friday, 10 July 2020 08:09 AM

රටේ උගත්තු?

:       0       6

tiktik Friday, 10 July 2020 01:59 PM

කියනවා, ඕනෑම කෙනෙකුට තේරෙනවා මේක ලියලා තියෙන්නේ කාගේ සල්ලිවලටද කියලා...

:       0       11

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට කණකොකා හඬයිද?
2024 ජුලි මස 26 235 0

ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලු‍ව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්‍රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්‍රශ්නය ඉහළ යන බව නිශ්


ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද?
2024 ජුලි මස 26 115 0

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද


ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු
2024 ජුලි මස 26 241 0

වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින


විසිදෙක සුබද? අසුබද?
2024 ජුලි මස 25 133 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර


කොතරම් උපාධි ලැබුවත් සාරධර්ම නැත්නම් වැඩක් නෑ
2024 ජුලි මස 25 610 2

එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ


මාසයක්ම කියවූ ලොකුම සෙල්ලිපියේ ඇත්තේ මොනවාද?
2024 ජුලි මස 24 4820 3

සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්‍ර අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1156 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site