එන්නත්කරණ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව මේ වනවිට ජාත්‍යන්තර වශයෙන් ඉහළ ස්ථානයක රැඳී සිටියි. සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරන්නේ වයස අවුරුදු 30ට වැඩි ජනගහනයෙන් සියයට 55කට පමණ එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දී අවසාන බවය. එහෙත් කොරෝනා මරණ අතුරින් ඉහළම ප්‍රතිශතය වාර්තා වන්නේ වයස 60ට වැඩි ජනගහන කාණ්ඩයේ වීම නිසා එම පිරිස හැකි තරම් ඉක්මනින් එන්නත ලබාගත යුතු යැයි සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. ඒ සඳහා කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මගින් සියලු පහසුකම් ලබා දී තිබේ.
එය කෙසේ වුව ද වයස 18ත් 30ත් අතර වයස් කාණ්ඩයට අයත් ජනගහන කාණ්ඩය ද හැකි ඉක්මනින් එන්නත්කරණයට ලක්කළ යුතු බව පෙන්වා දිය යුතුය. මේ වයස් කාණ්ඩය මෙරට ශ්‍රම බළකායෙන් වැඩි පිරිසක් නියෝජනය කරන්නෝ වෙති. විශේෂයෙන් මේ අවස්ථාවේදී අසාධ්‍ය තත්ත්වයට වැටී ඇති ආර්ථිකයේ පණනළ යන්තමින් හෝ රැකදීමට උදව් වන ඇඟලුම් ආයතන, අපනයන ඇතුළු සෑම මහා පරිමාණ මෙන්ම කුඩා පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කම්හල්වල වැඩිපුරම සිටින්නේ මේ වයස් කාණ්ඩයේ පිරිස බව අමතක නොකළ යුතුය. ඔවුන් සක්‍රීයව සේවයේ යොදවා ගැනීමට නම් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහමින් පැවැතිය යුතුය. ඒ සඳහා මේ අවස්ථාවේ වඩාත්ම අවශ්‍යව ඇත්තේ ඔවුන් කොරෝනා වයිරස ව්‍යාප්තියේ ගොදුරු බවට පත්වීමෙන් වළක්වා ගැනීමය. ඒ සඳහා එන්නත්කරණය අත්‍යවශ්‍යම සාධකය බවට පත්ව තිබේ.
කර්මාන්තශාලා බාධාවකින් තොරව පවත්වාගෙන යාමට තරුණ පිරිස්වල දායකත්වය ඉතා වැදගත් වුව ද සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබුණේ 18ත් 30ත් අතර වයස් කාණ්ඩයේ විශාල පිරිසකට ද මේ වනවිට කොරෝනා වැළඳී සිටින බවය. එය කම්හල් සහ ආයතනවලට බලවත් ප්‍රශ්නයක් වන ලකුණු පහළ වෙමින් තිබේ.
ප්‍රමුඛත්වය ලබාදිය යුතු වන්නේ වැඩි වයස් කාණ්ඩවලට අයත් පිරිසට බව සැබෑවකි. එහෙත් 18ත් 30ත් අතර වයසේ සිටින ශ්‍රමදායකයන්ට ද මේ අවස්ථාවේ වැඩිපුර අවධානයක් යොමුවීම අවශ්‍යය.
සැප්තැම්බර් 15 වැනිදා වනවිට පොදු ස්ථානයකට යාමේදී එන්නත් මාත්‍රා 2ම ලබාගෙන සිටීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වන බව ද පුරෝකථනය වී තිබේ. ඒ අර්ථයෙන් ගතහොත් කටුනායක වැනි වෙළෙඳ කලාප සේවකයන් අතුරින් වැඩි ප්‍රතිශතයකට තමන්ගේ සේවා ආයතනවලට යාම ද කළ නොහැකි වනු ඇත. එසේ වීම අපනයනයෙන් ඩොලර් ඉපැයීමේ ඉලක්කය සපුරා ගැනීමට බාධාවක් වීම වැළැක්විය නොහැක. කෙසේ වුව ද ඇඟලුම් කර්මාන්ත සේවකයන් කෙරෙහි මේ වනවිට විශේෂ අවධානයක් යොමු කර ඇතැයි වාර්තා වෙයි.
ලොව පුරා කොරෝනා ව්‍යාප්තිය තවමත් සිදුවෙමින් පැවැතිය ද ඒ බොහොමයක් රටවල් තමන්ගේ ආනයන - අපනයන කටයුතු මේ වනවිට ආරම්භ කර පවත්වාගෙන යමින් සිටී. ඒ හේතුවෙන් අපේ රටට ලැබී ඇති ඇඟලුම් ඇණවුම් හැකි තරම් ඉක්මනින් සැපැයීමට ප්‍රමුඛත්වය ලබාදිය යුතුය. සේවකයන් රෝගී වී ඇඟලුම් කම්හල්වල නිෂ්පාදන ඉලක්ක සපුරාගත නොහැකි වුවහොත් එහි අවාසිය මුළු රටටමය. එය නිසැකවම ඩොලර් හිඟය තවදුරටත් උග්‍ර කිරීමක් වනු ඇත.
වයස 18ත් 30ත් අතර වයස් කාණ්ඩවල සිටින රැකියාවල නියුතු පිරිස ඇඟලුම් කම්හල් ඇතුළු අපනයන කම්හල්වලට පමණක් සීමා නොවේ. ප්‍රධාන නගර බොහොමයක සෙසු ආයතනවල ද මේ වයස් කාණ්ඩයේ බොහෝ පිරිසක් සේවය කරති. තවත් පිරිසක් එතෙර රැකියා අපේක්ෂාවෙන් පසුවෙති. මේ සියලු දෙනාම හැකි ඉක්මනින් එන්නත්කරණයට ලක්විය යුතු බව සඳහන් කරනු කැමැත්තෙමු. මෙය වහාම කළ හැකි පහසු කාර්යයක් නොවන බව අපි දනිමු. එහෙත් සියලු කම්හල් සහ ආයතන පාලනාධිකාරීන් සමඟ සම්බන්ධ වෙමින් තරුණ පිරිසට එන්නත් ලබාදීම සඳහා කාර්යක්ෂම වැඩපිළිවෙළක් දියත් කිරීම ප්‍රමාද කළ යුතු නැති බව කිව යුතුය.
මේ වනවිට ශ්‍රී ලංකාවට එන්නත් මාත්‍රා තොග ගණනින් ලැබෙමින් පවතී. ඒ එන්නත් කොතරම් ලැබුණත් ඒවා ලබාදීම සිදු කෙරෙන්නේ ප්‍රමුඛතා අනුපිළිවෙළකට අනුව බව අපි සිතමු. එම අනුපිළිවෙළ තුළ දැනට 18-30 අතර වයස් කාණ්ඩයට ස්ථානයක් වෙන් වී නොමැති බව එම පිරිසේ බොහෝ දෙනා ප්‍රකාශ කරති. ඇතැම් ආයතන පෞද්ගලික මට්ටමින් ඉදිරිපත් වී වයස් භේදයකින් තොරව තම සේවකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද එන්නත ලබාදීමට පහසුකම් සලස්වා තිබිණි. ඊට අමතරව එම වයස් කාණ්ඩයේ අයකු එන්නත ලබාගත්තා නම් ඒ පෞද්ගලික දැන හැඳුනුම්කම් මත සිදු වූ බව නොරහසකි. එහෙත් අත්‍යවශ්‍ය සේවා වීම නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ ත්‍රිවිධ හමුදාවේත් පොලිසියේත් සේවයේ නියුතුවූවන්ට මේ වයස් සීමාව බල නොපෑ බව ද කිව යුතුය.
කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අපගේ ලංකාදීප පුවත්පත කළ විමසීමකදී සඳහන් කර තිබුණේ 18-30 අතර වයස් කාණ්ඩවල අයට කොරෝනා මර්දන එන්නත ඉදිරියේදී ලබාදීමට කටයුතු කරන බවය. එය ප්‍රමාදයකින් තොරව ඉටුකර දීම විදේශ විනිමය උපයන කම්හල්වලට මහත් සහනයක් වනු ඇත.
කෙසේ වුවද වයස අවුරුදු 18 ට වැඩි අයට ද කොරෝනා මර්දන එන්නත් ලබාදීමට රජය තීරණ ය කර ඇත. එය සතුටට කරුණකි.
(***)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වයස 18න් ඉහළ 30න් පහළ අයටත් එන්නත් අත්‍යවශ්‍යයි
dhamneth Saturday, 04 September 2021 07:47 AM
18-30 අතර එන්නත් කරණයේදී රටේ දක්ෂ බුද්ධිමත් කොටසක් වන විශ්ව විද්‍යාල සිසුන්ට ප්‍රමුකතාවය ලබාදිය යුතුයි.