IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ව්‍යවස්ථාවට අනුකූලව ජනතා ඡන්ද අයිතිය රකිමු

ප්‍රකාශයට පත්කර  ඇති පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධා නොකර ඊට අවශ්‍ය සියලු‍ පහසුකම් සපයා දීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයෙන් සහ සියලු රාජ්‍ය ආයතනවල බලධාරීන්ගෙන් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමාණන් ඉල්ලා සිටි බව නොබෝදා අප පුවත්පත වාර්තා කළේය.

මාර්තු මාසයේ නව වැනිදා පැවැත්වීමට දින නියම කර ඇති මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ 2022 වසරේ මාර්තු 19 වැනි  දිනට පෙරාතුවය. එවකට විෂය භාර ඇමතිවරයා විසින් මැතිවරණය පැවැත්වීම වසරක කාලයකින් කල් දමනු ලැබුවේ  පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ විධි විධානවලට අනුකූලව නොවේ. ඒ සඳහා ඇමතිවරයා භාවිතයට ගත්තේ නිරෝධායන නීතිය යටතේ පැවති සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝගයකි. එකී නියෝගය කෝවිඩ් වසංගත තත්ත්වයට අදාළ වූවකි.

වසරකින් කල් දමනු ලැබූ මෙම මැතිවරණය පැවැත්වීමට බාධා නොකරන ලෙස ඉල්ලා සිටීමට කාදිනල්තුමාණන්ට බලපා ඇති හේතු බොහෝය. එම බාධා එකපිට එක රජයේ නිලධාරීන් හරහා රජයේ පාර්ශවයෙන් එල්ල කරන අයුරු පොදු මහජනයා දැඩි ඉවසිල්ලකින් බලා සිටිති.

වසරක් කල්දැමූ මෙම මැතිවරණය පැවැත්වීම ප්‍රමුඛ අවශ්‍යතාවක් ලෙස රජයේ පාර්ශවයෙන් කිසිවිට සැලකිල්ලට ගන්නා බවක් පෙනෙන්නට තිබුණේ නැත. රජයේ වියදම් පාලනය කිරීම උදෙසා රාජ්‍ය මුදල් යෙදවීම සීමා කරන ලෙස දන්වමින් මහා භාණ්ඩාගාර ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කළේය.

එම චක්‍ර ලේඛය අනුව  වැටුප්, විශ්‍රාම වැටුප්, සෞඛ්‍ය පහසුකම් හා හා වෛද්‍ය සැපයීමවලට අමතරව 01/2023 හා අංක 9/2022 යන අය වැය චක්‍ර ලේඛන මගින් ප්‍රමුඛතාවට පත්කර ඇති මුදල් නිදහස් කිරීමට පමණක් භාණ්ඩාගාරය කටයුතු කළ යුතු බව සඳහන් විය. එම නියමයන් කඩ කරන නිලධාරීන් පෞද්ගලිකව වගකිව යුතු බවද එම චක්‍රලේඛයේ සඳහන් වේ.

රජයේ ආයතනවලට අත්පිට මුදලට මිස ණයට කිසිම සේවාවක් සැපයීම කළ යුතු නොවන බවට  තවත් චක්‍රලේඛයකින් නියෝග කෙරිණි. මෙම චක්‍රලේඛය නිකුත් කරන ලද්දේ මැතිවරණ කටයුතු සඳහා මැතිවරණ කොමිසමට සිරිත් පරිදි රාජ්‍ය  ආයතනවලින් සේවා සපයන ලද්දේ ණයට බව හොඳින් දැන සිටි තත්ත්වයක්  තුළයි. කිසිම ආකාරයකින් මැතිවරණ කටයුතු එම චක්‍රලේඛයෙන් නිදහස් කෙරුණේ නැත.

මැතිවරණ පත්‍රිකා ණයට මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලයාධිපතිනිය ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ඒ අනුවය. මෙකී බාධා නිසා තැපැල් ඡන්දය කල් දැමීමට මැතිවරණ කොමිසමට සිදුවිය.

ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති අයිතියට බාධා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වැනි ව්‍යවස්ථාවේ 14.1(ආ) ව්‍යවස්ථාවේ ආරක්ෂා කර ඇති ප්‍රකාශනයේ නිදහසට බාධා කිරීමක් ලෙස නීතිඥවරු පෙන්වා  දෙති. ඡන්දය වැළැක්වීමට කටයුතු කිරීම ජනතා පරමාධිපත්‍යය පවත්වා ගැනීමට බාධා කිරීමක් ලෙස මේ වන විට නීතීඥ සංගමය පෙන්වා දී ඇත. 2003 පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කර ඇති තීන්දුවකින් ඒ බව සහතික  වී තිබෙන බවද නීතීඥවරු පෙන්වා දෙති.

පළාත් පාලන මැතිවරණයට මුදල් වෙන් නොකොට රජය අර පරිස්සමෙන් මුදල් වැය කරන බවක් නම් පෙනෙන්නට නැත. මහජනතාව දැඩි අවධානයෙන් පසු වෙද්දී රජය තමන්ට අවශ්‍ය කටයුතුවලට ප්‍රමුඛතාව දෙමින් ඒ සඳහා නිර්ලෝභීව මුදල් වැය කරන සෙයක් පෙනේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල අයුරින් ක්‍රියා නොකොට මැතිවරණ කල් දැමීම අනවශ්‍ය පරිදි උද්ඝෝෂණවලට හා කලකෝලාහලවලට මහජනයා කැඳවීමක් බව රජය මතක් කරගත යුතුව තිබේ.

(***)



අදහස් (0)

ව්‍යවස්ථාවට අනුකූලව ජනතා ඡන්ද අයිතිය රකිමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 126 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site