හැරී ජයවර්ධන ලංකාවේ ව්‍යාපාර ලෝකයේ අධිරාජයා ලෙස හැඳින්වීමේ වරදක් නැත. තේ නිම්නයේ තේ රස බලන්නකු (ටී ටේස්ටර්) ලෙස රැකියාව අරඹා ස්ටැසන් සමූහ ව්‍යාපාරය යටතේ සමාගම් විශාල සංඛ්‍යාවක සභාපති ධුරය දැරූ දේශමාන්‍ය දොන් හැරල්ඩ් ස්ටැසන් ජයවර්ධන හෙවත් හැරී ජයවර්ධන යන සුප්‍රකට නාමය ලංකා මාතාවට අහිමි වුවද ඔහු මෙරට ආර්ථිකයට ඇතිකළ අතිමහත් ශක්තිය තවත් දශක ගණනාවක් රැඳී පවතිනු ඇත.
බ්‍රිතාන්‍යයට අයත් මෙරට තේ අපනයන සමාගමකින් රැකියාව ආරම්භ කළ ජයවර්ධන මහතා 1975 – 77 සමයේ රජයට අයත් රාජ්‍ය වෙළෙඳ සංස්ථාවේ තේ අපනයන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස පත්විය. බණ්ඩාරනායක රජය යටතේ තේ අපනයනයේ යෙදුණු එම දෙපාර්තමේන්තුව 1977 ජයවර්ධන රජය පත්වූ පසු අක්‍රිය වෙද්දී ස්ටැසන් අපනයන සමාගම බිහි කරමින් තේ අපනයන ක්ෂේත්‍රයට පිවිසුණේය. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සමග ද සමීප මිත්‍රත්වයක් තිබූ හැරී ජයවර්ධන මහතා ජේ.ආර්. ගේ නිදහස් ආර්ථිකය යටතේ පියවරෙන් පියවර ඉදිරියට පැමිණියේය. තේ අපනයනයට අමතරව පොල් අපනයන ක්ෂේත්‍රයටද කජු අපනයනයටද පිවිසුණු ඔහුගේ “ස්ටැසන්” සමාගම ඉන්පසු ලොව පුරා ඉල්ලුමක් තිබූ කාබනික තේ වගාවට පිවිසුණේය. ජපානයට සහ ජර්මනියට කොහුබත් අපනයනය කරමින් තවත් ව්‍යාපාර ක්ෂේත්‍රයක් ඇරඹූ හැරී ජයවර්ධන වඩාත් කතාබහට ලක්වූයේ 1988 වසරේදී හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන කොටස් හිමියා බවට පත්වීමෙන් පසුවය.
චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය බලයට පත්වීමත් සමග ඇගේ ජාත්‍යන්තර වෙළෙඳාම හා ආයෝජන පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙසද සේවය කළේය. “හැරී” ගේ ව්‍යාපාර ගැන දේශපාලන ලෝකයේ කතාබහට ලක්වූයේ එම කාලයේය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු චන්ද්‍රිකා එමිරේට්ස් වෙත පවරා තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවය යළි පවරාගත් අතර එහි සභාපති ධුරයට පත් කෙරුණේ හැරී ජයවර්ධන මහතාය.
පසු කාලයේ හැරී ජයවර්ධන මහතා සුදු ජාතිකයකුට අයත්ව තිබියදී තමා මුල්ම රැකියාව කළ කොළඹ බේබෲක් වීදියේ තේ ගබඩාව මිලදී ගත්තේය. ඉකුත් දා එම ස්ථානයේම තමාගේ හිමිකාරීත්වය යටතේ “මෙල්ස්ටා රීගල්” මූල්‍ය සමාගම ආරම්භ කරන්නට ඔහුට හැකිවිය.
මෙරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික සමාගම් ගණනාවක ප්‍රධාන කොටස්කරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සභාපතිවරයා වූයේ හැරී ජයවර්ධන මහතාය. එයිට්කන් ස්පෙන්ස්, ලක්ස්ප්‍රේ, කණ්ඩලම හෝටලය, හැටන් නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුවේ වැඩිම කොටස් හිමිකාරීත්වය, ස්කාගාර සංස්ථාව, ඇඹිලිපිටිය ඒස් පවර් බලාගාරය, ලංකා බෙල්, මෙල්ස්ටා සමූහය ඒ අතර වෙයි.
ඇමෙරිකාවේ ෆෝබ්ස් සඟරාව නම් කළ ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකුණේද හැරී ජයවර්ධන මහතාය. මියයන විට ඒ මහතාගේ හිමිකාරීත්වය ඇති සමාගම්වල සේවය කළ පිරිස 25000 කට අධික බව සඳහන්ය. කුඩා මුදලක් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කර ඉන් ලබන ලාභය යළි යළිත් ආයෝජනය කර ඉහළම පෙළේ ධනවතකු වීම පිළිබඳව ලංකාවේ හොඳම උදාහරණය හැරී ජයවර්ධනය.
හැරී ජයවර්ධන සහ ශ්‍රීලනිපය අතර තිබූ සබඳතාව දේශපාලන ක්ෂේත්‍රයේ වරින් වර දැඩි විවේචනවලට ලක්වූ අවස්ථා ද විය. කලක් ශ්‍රීලනිප මහ ලේකම්වරයා වූ එමෙන්ම චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ සමීපතම දේශපාලනඥයකු වූ හිටපු ඇමැති එස්.බී. දිසානායක මහතා සතුව හැරී ජයවර්ධන ගැන අපූරු මතක සටහන් ගොන්නක් ඇත. එස්.බී. ඒ ගැන කියන්නේ මේ අයුරිනි.
“මම දන්න විදිහට හැරීගේ තාත්තා හොරගොල්ල වත්තේ වතු පාලකයෙක් හැටියට ඉඳල තියෙනවා. බණ්ඩාරනායක මැතිනියත් සමග බොහෝම සමීප පවුලක්. හැරී ජීවිතය අරඹන්නේ තේ කම්හලක ටී ටේස්ටර් කෙනෙක් (තේ රස බලන්නකු) හැටියට. ටී ටේස්ටර් කෙනෙක් හැටියට ට්‍රේනිං වෙලා උඩට ආවා. හැරීත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත් සමග හරිම කිට්ටුයි. මැතිනිගෙ නොබැඳි ව්‍යාපාරයේ පතාක යෝධයෙක් වෙච්චි කියුබාවෙ කැස්ත්‍රෝ එක්ක මැතිනි ගිවිසුමකට ආවා මෙහෙ තේ එහාට යවන්නයි එහෙන් සීනි මෙහාට හිලව්වට ගේන්නයි. මෙහෙන් තේ තොගයක් කියුබාවට යැවීම හැරීට පැවරුණා. ඒකෙන් තමයි හැරී ජයවර්ධන තේ රට යැවීමේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නේ.”
ඒ සඳහා එයාගෙම ස්ටැසන් සමාගම ඇරඹුණා. ඒ සමාගම මේ වෙනකොට ලංකාවේ ඉඳල ජාත්‍යන්තරයට නම ගෙනියපු ඉතා විශාල සමාගමක්. ලෝකයේ විශාලම සමාගම් පන්සීය අතරට මේ සමාගමත් පත් වුණා. ඔහු යටතේ තමයි ලක්ස්ප්‍රේ එක තියෙන්නේ අඹේවෙල ෆාම් එක.
එට්කන් ස්පෙන්ස් සමාගම එහෙම ඔක්කොම හැරී යටතේ තියෙන්නෙ. දඹුල්ලෙ කණ්ඩලම හෝටලය, හැටන් නැෂනල් බැංකුව, රජයෙන් ගත්ත තේවතු විශාල ප්‍රමාණයක්, ඩිස්ටිලරිය හා මාලදිවයිනේ දූපත් දෙකක හෝටල් දෙකක් තියෙනවා. ඉතා විශාල සමාගම් හිමි ව්‍යාපාරිකයෙක් වුණා. චන්ද්‍රිකා මැතිනියගේ කාලෙ එයා ස්කාගාර සංස්ථාව ගත්තා. ඒ ගැන විවිධ විවේචන එල්ල වුණා. ඒත් හැරී ස්කාගාර සංස්ථාව කොටස් වෙළෙඳපොළෙන් ගත්තට පස්සෙ එතෙක් ආණ්ඩුවට ලැබුණු බදු මුදල වගේ තුන් ගුණයක් හැම අවුරුද්දෙම ලැබෙන්න පටන් ගත්තා. මත්පැන් නිෂ්පාදනය කරන ආයතන පහළොවක් පමණ වෙළෙඳපොළේ තිබුණත් හැරීට තමයි මත්පැන් නිෂ්පාදන ක්ෂේත්‍රයේ සියයට අසූ නවයක්ම අයිති හැරීගේ ඩී.සී.එස්.එල්. එකට. මේක කොටස් වෙළෙඳපොළට දාන්න රජයට සිද්ධ වුණේ භාණ්ඩාගාරයට ලැබෙන ආදායම ඉතාම අවම වීම නිසයි. හැබැයි හැරී ගත්තට පස්සෙ බදු ගෙවීම තුන් ගුණයකින් වැඩි වුණා. හැරී හරියට ආයතනය පාලනය කළා.”
අඹේවෙල ෆාම් එක ගත්තම හැරී අපූරුවට කළමනාකරණය කළා. රජයේ එන්.එල්.ඩී.බී. ෆාම් එක අක්කර හතළිස් දාහක් විතර වෙනවා. හැරීට ලැබුණු වත්ත අක්කර අටදාහක් විතර. හැබැයි ඒ වත්ත අපූරුවට කළමනාකරණය කළා. මට දැන් මාස තුනකට විතර කලින් හැරී කිව්වා ඒ වත්තේ එළදෙනකුගෙන් දිනකට කිරි ලීටර් තිස්හත, හතළිහ අතර ගන්නව කියලා. ලංකාවේ කිරි එළදෙනකුගේ වැඩිම කිරි ප්‍රමාණය ගන්න තරමට හැරී ෆාම් එක දියුණු කළා. ඒක තමයි හැරීගෙ හැකියාව. එයාගෙ ආයතනයක පුංචි සිද්ධියක් වුණත් ඉක්මනින්ම එයාට ආරංචි වෙනවා. හොරකමක් වුණොත් කිසිම සමාවක් නෑ. ඒ වගේම හොඳට වැඩ කරන සේවකයන්ට හොඳට සලකනවා. ව්‍යාපාර ලෝකයේ දක්ෂ මොළයක් තමයි අපට අහිමි වුණේ...”යනුවෙන් හිටපු ඇමැති එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.
ලෝකයේ නම රැඳවූ මහා සමාගම් ගැන කතා කරන විට එහි ආරම්භකයාගේ ගමන් මාර්ගය ඉතා දුෂ්කර බව පෙනී යයි. එහෙත් දුෂ්කර මුත් වෙහෙසකර ගමනකින් එම ආයතන ගොඩනැගූවන් සමරන්නේ ගෞරව බුහුමානයෙනි. ලංකාවේ පෞද්ගලික අංශය තුළ දේශමාන්‍ය හැරී ජයවර්ධනට වෙන්වී ඇත්තේද එවැනි ස්ථානයකි. පෞද්ගලික අංශය දියුණු කිරීමෙන් රටක ආර්ථිකය දියුණු කළ හැකි බවට හොඳම උදාහරණයක් වන්නේ දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතාය.
(*** ප්‍රේමකීර්ති රණතුංග)
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ව්‍යාපාරික ලෝකයට හැරීගේ ආදර්ශය