මේ රට සියලු විකෘතිවල ආකෘතිය බවට පත්වී ඇතැයි මුහුණු පොතක සඳහන්ව තිබිණි. කියවා සිනාසී ඉවත නොදැමිය යුතු කියමනකි. ඒ බව එකක් පසුපස එකක් වශයෙන් වාර්තාවන සිදුවීම්වලින් පැහැදිලිය. මේවා සිදුවීම් ලෙස නොව නාඩගම් ලෙස හැඳින්විය හැකිය. මෙම නාඩගම් දෙස බලා ජනතාවට සිනාසෙමින් සිටිය හැකිය. එහෙත් ජනතාව ජීවත්වන්නේ එසේ සිනාසෙමින් කල්ගත කළ හැකි නිස්කාංසුවෙන් පිරීගත් සමාජයක නොවේ. මහා බරැති ජීවන අරගලයකට මුහුණදී සිටින ජනයාට මෙම නාඩගම් දැකීමෙන් ඇතිවන්නේ තදබල කෝපයකි.
අලුත්ම නාඩගම වාර්තා වූයේ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවෙනි. සත්වෝද්‍යානයක් නිසා මෙය සතුන්ට අයත් නාඩගමක් යැයි වැරැදි අනුමානවලට නොයා යුතුය. අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේ සේවක ගැටලුවක් පදනම් කරගෙන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ශර්මිලා රාජපක්ෂ මහත්මියට සේවයට වාර්තා නොකරන ලෙස ලිඛිතව දැනුම්දී තිබියදී ඇය දිගින් දිගටම සේවයට වාර්තා කිරීම නිසා දෙපාර්තමේන්තුව තුළ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබෙන බවය. මෙම තත්ත්වය නිසා සේවක කණ්ඩායම් අතරද නොසන්සුන් සහගත තත්ත්වයක් ඇතිවී තිබෙන බව ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.
සේවයට වාර්තා නොකරන ලෙස රාජ්‍ය අමාත්‍ය ලේකම්වරයා ශර්මිලා රාජපක්ෂ මහත්මියට මෙලෙස දැනුම්දී ඇත්තේ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ විවිධ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ අවසන්වන තෙක් බව අමාත්‍යංශය පවසන බවද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. මෙම දූෂණ චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පත්කළ කමිටුවක්ද මේ දිනවල විමර්ශන කටයුතු කරගෙන යන බවද වාර්තා වේ. අමාත්‍යංශ ලේකම්වරයා ඇයට සේවයට වාර්තා නොකරන ලෙස දැනුම්දී තිබියදී ඇය දිගින් දිගටම සේවයට වාර්තා කරමින් කටයුතු කරන බවත් ඉකුත් 16 වැනිදා ඇය පින්නවල අලි අනාථාගාරය නිරීක්ෂණය කර ඇති බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.
අමාත්‍යංශයක පරිපාලන වගකීම පැවරෙන්නේ ලේකම්වරයාටය. පූර්ණ බලධාරියා ඒ අනුව ලේකම්වරයාය. අමාත්‍යවරයාගේ වගකීම වන්නේ ප්‍රතිපත්ති සම්පාදනය වේ. වැඩ කිරීමේදී මේවා අවබෝධ කරගත යුතුය. විනය ඇතිවන්නේ එම අවබෝධය මතය. ඕනෑම ආයතනයක අංක එක විනය වේ. ආයතනයේ පැවැත්ම මෙන්ම අභිමතාර්ථය සාධනය කර ගැනීමට ඉවහල් වෙන්නේ විනය වේ. විනය නොමැතිවීම කොඩි විනයකි. රාජ්‍ය අංශයෙන් මේ දිනවල දිගින් දිගටම ප්‍රදර්ශනය වෙමින් තිබෙන්නේ මෙම කොඩිවිනයයි.
වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ රාජපක්ෂ මහත්මියගේ මෙම ක්‍රියා කලාපය ඇයගේ යහපතට මෙන්ම ආයතනයේ පැවැත්මටද අහිතකර බවය. කෙසේ වෙතත් ශර්මිලා රාජපක්ෂ මහත්මිය අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති ලේකම්වරයාගේ අනුදැනුම මත තමන් සේවයට වාර්තා කළ බවය. සේවයට වාර්තා නොකරන ලෙස කිසිවකු තමන්ට දැනුම් දී නැතැයි පවසන එම මහත්මිය දූෂණ වංචා සම්බන්ධයෙන් තමන්ට කිසිදු චෝදනාවක් නොමැති බවත් පවසා තිබේ.
මෙයට පෙර වාර්තා වූයේ කෝටි තුන හමාරක ගනුදෙනුවක් ඇතුළු අයථා ගනුදෙනු මූල්‍ය අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් පරීක්ෂණ නිමවන තෙක් වැඩ තහනම් කළ බව කී සතොස සභාපති වෙනුර ගුණවර්ධන මහතා වෙළෙඳ අමාත්‍යවරයාගේ හෝ ලේකම්වරියගේ අනුදැනුමකින් තොරව සේවයට වාර්තා කළ බවය. ‘මමයි තවමත් සභාපති. ඇමැති තියා ශක්‍රයාටවත් මාව අයින් කරන්න බෑ’ යනුවෙන් ඔහු ප්‍රකාශ කළ බව ද අප පුවත්පත වාර්තා කර තිබිණි.
මේ රටේ දේශපාලන පත්වීම් යනුවෙන් පත්වීම් විශේෂයක් තිබේ. එම පත්වීම් ලබා ගැනීමේ ප්‍රධාන සුදුසුකම වන්නේ දේශපාලන ගැති බවය. වෙනයම් අධ්‍යාපන සුසුකම් සපුරා තිබුණද දේශපාලන පත්වීම්වලදී වැඩි වශයෙන් ඉස්මතු වන්නේ දේශපාලන ගැති බවය. එම දේශපාලන ගැත්තන්ට යටත්වී කටයුතු කිරීමට පරිපාලන සේවා ආදී විභාග සමත්වී පැමිණෙන අමාත්‍යංශ ලේකම්වරුන්ට සිදුවේ. මෙය ඛේදවාචකයකි. ප්‍රශ්නය වන්නේ මෙබඳු ඛේදවාචක නතර නොවී දිනපතා අලුත්වීමය. රට ‘මෙහෙම’ වීමට මෙම තත්ත්වයද බලපා තිබේ.
(***)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වනජීවියේ-සතොසේ සිදුවූයේ නාඩගමක්ද?