‘කොවිඩ්-19’ වසංගතය මුළු ලෝකයටම අභියෝගයක් වී අවසන්ය. බොහෝ රටවල් ‘කොවිඩ්-19’ වසංගතය හමුවේ අන්ත අසරණ වී සිටින අවස්ථාවක ශ්‍රී ලංකාවේ අපි ද ඊට එරෙහිව සටන් වැද සිටින්නෙමු. මෙරට සිටින පුරවැසියන් ආරක්ෂා කරගැනීමට දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන අතරම විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් කෙරෙහිද සුවිශේෂී අවධානයක් යොමු කරමින් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාමාර්ග රාශියක් ගැනීමට බලධාරීහු පියවර ගත්හ.
තානාපති සේවාව හරහා එම ක්‍රියාමාර්ග අඛණ්ඩව පවත්වාගෙන යෑමට ආණ්ඩුවත් අදාළ බලධාරීනුත් ගන්නා වෙහෙස අමතක නොකළ යුතුය. මේ අවස්ථාවේ මෙම ක්‍රියාදාමය වෙනුවෙන් විදේශ අමාත්‍යාංශය සහ විදේශ දූත මණ්ඩල ඉටු කරමින් සිටින්නේ අතිශය භාරදූර වගකීමකි. ඒ සම්බන්ධව පැහැදිලි කරගැනීම ද මේ මොහොතේ වැදගත් ය.
“මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සිටින දෙමාපියන් පිටරට සිටින තමන්ගේ දරුවන්ගේ ඒ වගේම තම පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිත් පීඩාවෙන් සිටින බව පැහැදිලිය. එහෙත් ඔවුන්ට අපගේ තානාපති කාර්යාලවලට එක් දුරකථන ඇමතුමක් ලබාදීමෙන් සම්බන්ධ කරගත හැකි නිසාත් ඔවුන්ට පවතින ගැටලු සම්බන්ධයෙන් අප තානාපති කාර්යාල ගත හැකි සෑම පියවරක්ම ගන්නා නිසාත් මෙසේ පීඩාවට පත්වීමට හේතුවක් නැත. විශාල ආපදාකාරී තත්ත්වයක් උද්ගත වුවහොත් ශ්‍රී ලංකා රජය ඔබගේ දරුවන් හා හිතෛශීන් වෙනුවෙන් පෙනී සිටින බව අපි පැහැදිලිව කිවයුතුය.
විදේශ සබඳතා අමාත්‍යංශය ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වය පිළිබඳ පසුවන්නේ නිරන්තර විශ්ලේෂණයකිනි. ඒ අතරම ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමේ පෙර සූදානමකින් පසුවන බවද කිව යුතුය. එසේම මෙම තත්ත්වය පහව යන විට ආර්ථික අංශයේ උද්ගත වන ගැටලු සහ අභියෝගවලට මුහුණදීමට අවශ්‍ය පසුබිමද අප මේ මොහොතේ සිට සකස් කරමින් පවතී”.
කෝවිඩ් 19 වයිරසය ලොව පුරා ව්‍යාප්ත වන විට එම වයිරසය නිසා ශ්‍රී ලංකාවට එල්ල වෙන බලපෑම් සහ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඒ හේතුවෙන් උද්ගතව ඇති ගැටලුවලට මුහුණදීම සඳහා විදේශ සබඳතා අමාත්‍යංශය සහ විදෙස් දූත මණ්ඩලයන්ගේ කාර්යභාරය, ඒවායේ දායකත්වය සහ පෙර සූදානම සම්බන්ධයන් පැහැදිලි කර ගැනීම අවශ්‍යය.
“ලෝකයේ විවිධ ප්‍රදේශවල මෙම ‘කෝවිඩ් 19’ වයිරසය නිසා නිසා උද්ගතව ඇති ගැටලු විවිධාකාරය. උදාහරණ ලෙස දකුණු ආසියාවේ රටවල විශාල ශ්‍රී ලාංකික සිසු පිරිසක් සිටිති. ඒවගේම ශ්‍රී ලාංකික ආයෝජකයෝද මේ රටවල විසිරී සිටිති. වර්තමානයේ ඔවුන්ගේ ප්‍රධාන ගැටලුව ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමය.
අපි මැදපෙරදිග දෙසට යොමුවුවොත් එහි සේවය කරන ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව මිලියන 1.5 පමණය. ඔවුන් දැන් මුහුණදෙන්නේ සිය රැකියාව අහිමිවීම සහ ඉන් පසු ජීවතය ගෙනයාම කියන ගැටලුවලටය. යුරෝපයේ සහ ඔස්ට්‍රේලියාවේ වෙසන ලාංකිකයෝ සිය ආරක්ෂාව සම්බන්ධයෙන් සිත් පීඩාවට පත්වෙලා. මෙම සියලු කරුණු සැලකිල්ලට ගෙන අපි ‘කන්ටැක්ට් ලංකා’ කියන වෙබ් පිටුව නිර්මාණය කළෙමු. අපගේ අරමුණ මිලියන 2.6 පමණ වන විදෙස්ගත ලාංකිකයන් සමග සෘජුව සම්බන්ධවීමයි. ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීමය.
මෙම වෙබ් පිටුව පසුගිය මාර්තු 26 වැනිදා දියත් කළ පසු මේවන විට එහි ලියාපදිංචි වී සිටින පිරිස 45,770 කි. ඒ හරහා අපට විදෙස්ගත ලාංකිකයන්ගේ සමහර ගැටලු පැය කිහිපයක් ඇතුලත විසඳීමට හැකියාවක් ලැබුණි. පසුගිය දිනවල එවැනි සිදුවීම් රැසක් වාර්තා වුණි.”
“මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරණක් වන්නේ මැදපෙරදිග සේවය කරන අපගේ විදෙස් ශ්‍රමිකයන් අප වෙනුවෙන් ඉටුකරන වැදගත් මෙහෙවෙරයි. මේ මොහොතේ අපි ඔවුන් වෙනුවෙන් ලබාදෙන අවධානය අන් අයට වඩා අඩුය යන හැගීම කිසිසේත්ම ඔවුන්ට ඇති නොවිය යුතුය.
ඔවුන් සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සම්බන්ධතා හරහා අපට කළ හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව මෙහිදී පැහැදිලිව ප්‍රකාශ කිරීමට කැමතිය. ඒවගේම ශ්‍රම සංක්‍රමණ සම්බන්ධ ජාත්‍යන්තර සංවිධානය සහ කරිටාස් වැනි සංවිධාන, මැදපෙරදිග වෙසෙන රැකියා අහිමිවී ඇති පිරිස්වලට යම් සහාය දක්වන වන බව වාර්තා වී තිබේ. මෙලෙස ගැටලුවලට මුහුණපා සිටින සමහර ලාංකිකයන් නීත්‍යනුකූල වේවා, නීති විරෝධි වේවා, සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස සැලකිය යුතුය. එම රටවල මෙම ශ්‍රී ලාංකිකයන්ට සැලකීමක් නොලැබෙන්නේ නම් අපි ඒ සම්බන්ධයෙන් මැදිහත්වී කටයුතු කළ යුත්තෙමු. ඒ සඳහා පෙර සූදානමින් කටයුතු කළ යුතුය.
ලංකාවේ ‘කෝවිඩ් 19’ වසංගත රෝගී තත්ත්වය සමනය වන තුරු තමා රැදී සිටින රටෙහිම රැදී සිටින ලෙස ලංකා රජය කළ ඉල්ලීම සහ එයට විදෙස්ගත ලාංකිකයන් දැක්වූ ප්‍රතිචාර සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතුය.
අපට මේ වන විට ලෝකයේ විසිරී සිටින ලාංකිකයන්ගේ තත්ත්වය පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබේ. ඔවුන් නැවතත් ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් රජය මේ මොහොතේ පැහැදිලි ස්ථාවරයක සිටින බව කිව හැකිය. එම නිසා මම මගේ දූතමණ්ඩල ප්‍රධානීන්ට දන්වා සිටියේ මේ මොහොතේ අපට ඉටුකළ නොහැකි පොරොන්දු ශ්‍රී ලාංකිකයන්ට ලබා නොදෙන ලෙසය.
මේ මෙහොතේදී වඩාත්ම වැදගත් කාර්ය වන්නේ ලාංකිකයන්ට මුහුණදීමට සිදුව ඇති අපහසුතා සමනය කර ගැනීමට අවශ්‍ය සහාය ලබා දීමය. එය අපි සෑම කෙනෙක්ම අවබෝධ කර ගත යුතුය. එනමුත් විදෙස්ගත ලාංකියන්ට අප පැහැදිලිව පවසන්නේ විශාල ව්‍යසනකාරී තත්ත්වයක් උද්ගතවුවහොත් ශ්‍රී ලංකා රජය ඔවුන් ඉන් ගලවා ගැනීමට අවශ්‍ය සියලුම පියවර ගන්නා බවය. මට ඒ ගැන විස්වාසයි.
වූහාන්වල සිසුන් සහ ඉන්දියාවේ සිටි වන්දනා පිරිස් ගෙන්වා ගත් ආකාරයට අවශ්‍යතාව අනුව අනෙකුත් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන්ද අවශ්‍ය පියවර ගන්නා බව කිව යුතුය.
ශ්‍රී ලංකාවට ඉදිරියේදී මුහුණදීමට සිදුවිය හැකි ආර්ථික අභියෝග සම්බන්ධයෙන්ද ඇති කරුණු මේ මොහොතේ අමතක නොකළ යුතුය.
අද දිනයේ උද්ගතව ඇති තත්ත්වයට මුහුණදෙමින් හෙට දවස සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව ද අප සිතිය යුතුය. වර්තමානයේ අපට ඉහළින් ඇදෙමින් ඇති අඳුරු වලාවන් පරදා ඉන් පිටතට පැමිණිය හැක්කේ එලෙස සැළසුම් සහගතව කටයුතු කිරීමෙන් පමණි.
විදේශ සබඳතා අමාත්‍යංශයේ ආර්ථික කටයුතු අංශය මෙම කරුණ සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් යුතුව මේ වනවිට කටයුතු කරමින් සිටී. ඔවුන් මෙම කටයුතු සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය, සංචාරක අමාත්‍යංශය සහ ආයෝජන මණ්ඩලය හා එක්වී සිටී. මෙහිදී වැදගත් වන ආර්ථික සාධකයක් තමයි ‘ඉල්ලුම’. වර්තමානයේ යම් භාණ්ඩයක ඇති ඉල්ලුම පහළ යන්නේ එම භාණ්ඩය විකුණා ගැනීමට හැකිවේද නොව්ද යන චකිතය හේතුවෙනි. මෙම චකිතය මේ අවස්ථාවේදී ලෝකය පුරා පවතින තත්ත්වයකි. ඒ නිසා අපි මෙම යථාර්ථයටද මුහුණ දිය යුතුය.
තේ වැනි සාම්ප්‍රදායික නිෂ්පාදන වෙත මෙම අවස්ථාවේදී ඇතැම් රටවල්වලින් වැඩි ඉල්ලුමක් තිබේ. ඒවගේම අපි සාම්ප්‍රදායිකව නිෂ්පාදනය නොකළ භාණ්ඩ සඳහා ද මේ වන විට විශාල ඉල්ලුමක් ලැබී තිබේ. විශේෂයෙන්ම මුහුණු හා සිරුර ආවරණ සැපයීම සඳහා අපගේ නිමි ඇදුම් නිෂ්පාදකයන් වෙත ඇණැවුම් ලැබී තිබේ. අපි මෙම ඉල්ලුම සම්බන්ධයෙන් පෙර සූදානමකින් පසු වුණෙමු. එනිසා අපට මෙම අවස්ථාවෙන් සාර්ථක ප්‍රයෝජන ගැනීමට හැකි වී තිබේ.
ඒ වගේම මේ මොහොත වන විට විදේශ සංචාරකයෝ 15,000 පමණ ලංකාවේ රැදී සිටිති. ඔවුන් ලංකාව පිළිබදව ලබාදෙන ප්‍රතිචාරය ද ඉහළය. පසුගිය දිනක බීබීසී පුවත්සේවයට එසේ රැදී සිටින විදේශිකයකු ලබාදුන් සාකච්ඡාව ඔබට මතක ඇති. එයට ලැබුණු ධනාත්මක ප්‍රතිචාර අපට මුදල් ගෙවාවත් ලබා ගැනීමට හැකියාවයක් නැත. එම විදේශිකයා විඩියෝව හරහා ලංකාව පිළිබදව ලෝකයට විශ්වාසයක් සහ ධනාත්මක සහතිකයක් දුන්නේය”.
මේ අවස්ථාවේදී විදෙස්ගත ලාංකිකයන්ගෙන් අපට ලැබී ඇති සහාය අගය කළ යුතුය. ‘කෝවිඩ් 19’ අරමුදලට ඔවුහු සිය උපරිම දායකත්වය දක්වමින් සිටිති. ඒවගේම ඔවුන් අපට අවශ්‍ය වෛද්‍ය ආම්පන්න ලබා දෙමින් සිටින බව කිවයුතුය. මම මෙවන් දායකත්වයන් තව තවත් ලබාදෙන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිමි. එසේම අපගේ මිත්‍ර රාජ්‍ය වෙතින්ද ඉල්ලා සිටින්නේ මෙම අවස්ථාවේදී මූල්‍යමය හා ද්‍රව්‍යමය සහාය ලබාදෙන ලෙසය. එසේම අපගේ ණය වාරික ගෙවීමට ඇති දින වකවානු වෙනස් කිරීම සඳහා සාකච්ඡා කිරීම ආදියද මේ අවස්ථාවේ සිදු කෙරෙමින් පවතී. එවන් සහන සැලසිය හැකි උපරිමයෙන් සලසන ලෙස ද මම ඉල්ලා සිටීමට කැමැත්තෙමි.
‘කෝවිඩ් 19’ වයිරසය පිළිබදව චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් මුලින්ම කරණු හෙළිවන අවස්ථාවේදී මෙම වයිරසයේ ක්‍රියාකාරීත්වය පිළිබදව අප දැන සිටියේ නැත. එනමුත් ඉන් උද්ගතවූ තත්ත්වයට මුල සිටම මුහුණ දුන්නේ චීනයේ තිබෙන අපගේ තානාපති කාර්යාලය සහ කොන්සල් ජෙනරල් කාර්යාලයි.
අලුතින් උද්ගතවූ මෙම තර්ජනයට මුහුණදුන් මුල්ම ශ්‍රී ලාංකික පිරිස වූ වූහාන් ප්‍රාන්තයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිසත් ඉන්පසුව වයිරසය පැතිරීයන අවස්ථාවේ චීනයේ සිටි අනෙකුත් ශ්‍රී ලාංකික පිරිසත් මෙරටට ගෙන්වා ගැනීමට මූලික වූයේ මෙම විදේශ දූත මණ්ඩලය. ඔවුන්ව මෙම අවස්ථාවේ වීරයන් ලෙස සලකන්නේ එනිසාය. ආපදා අවස්ථාවකදී මෙවන් කාර්යභාරයක් ඉටුකිරීම ඕනෑම තානාපති කාර්යාලයක මූලික වගකීමකි. එනමුත් මෙම අවස්ථාවේදී අපට මුහුණදීමට සිදුවූ තත්ත්වයට මීට පෙර මුහුණදී නැත. අපි එදා චීනයේදී මුහුණදුන් තත්ත්වය අද වන විට ලෝකය පුරාම ඇති වී තිබේ.
මෙම කාර්යයේදී අපි කෙතරම් සාර්ථකද යන්න කාලයා විසින් අපට පවසනු ඇත. මෙම මොහොතේදී විදේශ සබඳතා අමාත්‍යංශය ලෙස අපිට කළ හැකි සියලු කාර්ය එනම් මෙම තත්ත්වයට මුහුණදී කටයුතු කිරීම, අනාගතයේ ඇති විය හැකි තත්ත්වයට පෙර සූදානමකින් පසුවීම, මෙන්ම මෙම තත්ත්වය පහව යන විට ආර්ථික අංශයේ ඇති විය හැකි අභියෝග ජය ගැනීමට සූදානම් වීම ආදිය සඳහා කැපවී කටයුතු කිරීමට අපි සූදානමකින් සිටින්නෙමු.
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් තනි නොකරමු
samare Friday, 10 April 2020 03:20 PM
දැන් තනි කරලා බැහැනේ. රටේ විදේශ සංචිතය අවසන් වේගෙන එන්නේ. දැන් ඉතාලියේ අයගේ පිහිට තමයි....
Nadeek Friday, 10 April 2020 11:58 PM
පිටරට කීදෙනෙක් ඉන්නවද? සිසුන් කීයක් ඉන්නවද? කියලවත් තොරතුරු නැ, මොකක්ද වැඩපිළිවෙල කියලා අදහස් නැ, නිකන්ම නිකන් රචනා. අඩුම තරමේ ඕස්ට්‍රේලියාවේ ළමයින්ට යන්න කියලා කිව්වේ නැ කියලාවත් කියන්න පණ නැහැ...
muditha Saturday, 11 April 2020 05:10 AM
රජය සොයා බලනවා කිව්වට තානාපති කාර්යාල වලට දුරකථන ඇමතුමක් වත් ගන්න බැහැ. රැකියා අහිමිව නේවාසිකව හිටි තැන්වලින් ඉවත් කර කෑමට යමක් නැති තත්වයට පත්වුණු දහස් ගණන් මැද පෙරදිග සිටින බව ඔබ දැනුවත්ද ? ඔවුනට කෙසේ හෝ උදව්වක් කරන්නේ එරටවල සිටින ලාංකිකයන් මිස තානාපති කාර්යාල නොවන බව ඔබතුමා දන්නවද ? තානාපති කාර්යාල වල සේවාව ගැන නොදන්නා විදේශගත ශ්‍රී ලාංකිකයෙක් නැත. නිසි පියවර ගැනීම තබා නිසි කරුණු මෙරටට වාර්තා වන්නේ වත් නැති බව පමණක් කිව යුතුය.
de silva Sunday, 12 April 2020 03:51 AM
අපේ තානාපති අංශ කොහොමත් දුර්වලය. ඒකට හේතුව පළපුරුදු තානාපති නිලධාරීන් වෙනුවට කලාකාරයන් සහ විශ්‍රාමික පරණ දේශපාලකයන් සහ විශ්‍රාමික හමුදා නිලධාරීන් තානාපතිවරුන් වශයෙන් පත්කර යැවීමයි. මේසන් වැඩේ කරන්න වඩු බාස් කෙනෙක් යැව්වම වඩු බාස් තමන්ට පුළුවන් විදියට වැඩේ අටවලා එනවා මිසක් වැඩේ හරියටම කරන්නේ නැහැ . පාලකයන් ගත්තු වැරදි තීරණ නිසා මේ වැනි හදිසි අවස්ථාවල දුක්විදින්න වෙන්නේ පුරවැසියන්ට සමහර විට ජිවිත පවා නැති වෙන්න පුළුවන්. ( වැදගත් මහත්මා ගතිගුණ තිබෙන කලාකරුවන් අවතක්සේරු කිරීමට මම අදහස් නොකරමි. නමුත් ඔහුට තානාපති කමකට වැඩිය සෞන්දර්ය ආයතනයක අධිපතිකමක් වැනි දෙයක් ලබාදීම සුදුසු බව මගේ අදහසය.
thush Sunday, 12 April 2020 06:28 AM
විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ වෙසන ලාංකිකයෝ සිය ආරක්ෂාව සම්බන්ධයෙන් සිත් පීඩාවට හා එපාවීමකට පත්වී බොහෝ කලක් ගෙවී ගොස්ය. නමුත් මෙයට ඇති හරි තීරණය කුමක්ද ? කව්රුන් හෝ ලොක්කෙකුගේ ළමයෙක් ගැන නොසිතා සියලු මැදපෙරදිහ ශ්‍රමික සියලු දෙනාගේ හරි ප්‍රතිපත්තියක් තිබිය යුතුය.
ආනන්දවනසිංහ Sunday, 12 April 2020 08:04 AM
කටාර් වල ඉන්න අපට දැන් රැකියා අහිමි කරලා වැටුප් නවත්වලා.තානාපති කාර්යාල වලට කතා කළත් විසදුමක් නෑ. කාර්යාල වලට ගියාට කවුරුත් හමුවෙන්න බෑ. ගේට්ටුව ලග ඉදලා පෝන් ඵකෙන් කතා කරන්නේ. අපට හරීම දුකයි මේ වැඩ පිළිවෙල ගැන.අපි වැඩ කරපු ආයතන වලට කෝල් ඵකක් දීලා අහනවද ඇයි රැකියාවෙන් ඉවත් කළේ ?. වැටුප් ගෙවන්නේ නැත්තේ ඇයි කියලා... මොකටද මේ තානාපති කාර්යාල...අපි කාටද මේ සමිබන්ධයෙන් පැමිණිලි කරන්නේ? විදේශ ඇමති කියලා තිබූනා ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න කියලා. විදේශ දූත මණ්ඩල කටයුතු කරයි කියලා. බළධාරීන්ගේ ඇස් ඇරේවා.
tharindu Sunday, 12 April 2020 09:06 AM
ලංකාවෙ තියෙන විදේශ මුදල් ඉවර නිසා ලංකාවෙ පුද්ගලයන් ලංකාවට ගෙන්න ගන්න හදනවා කියලා ආරංචියක් ආවා... ඇත්තද මහත්තයෝ..? තානාපති කාර්යාලවල ඉන්න නෝනලා මහත්වරුන් අපි ඉන්නවද, මළාද කියලාවත් බැලුවෙ නැහැ. ගොඩ දෙනෙක් ලංකාවට ඉක්මනට පැනගත්තා.
de silva berlin Sunday, 12 April 2020 11:50 AM
ඔය යුරෝපයේ තිබෙන ලංකාවේ තානාපති කාර්යාල දුරකතනයකින් සම්බන්ධ කරගන්න කොහෙත්ම බැහැ. හරිනම් මෙවැනි හදිසි අවස්ථාවක අඩුම වශයෙන් දිනකට පැය 10-12 වත් දුරකතනයෙන් සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්න ඕනේ. මේ ගොල්ල කරන්නේ එකේ අනිත් පැත්ත.
de silva Monday, 13 April 2020 08:00 AM
බලාගෙන ගියහම යුරෝපේ පමණක් නොවේ මැද පෙරදිග ඇතුළු රටවල් ගණනාවක ලංකාවේ තානාපති සේවය අවුල්. විශ්‍රාම ගිය ගායකයෝ , නැට්ටුවෝ , උදයංග වීරතුංගලා අපරාදේ පැත්ත මරුනොකර හිටියනම් සජින් වාස් පවා තානාපති කෙනක් කරලා ඉම්පෝර්ට් කරන්න තිබුනා. පාලකයනේ කරුණාකර ඉදිරියට තානාපතිවරු පත්කරනකොට අවම වශයෙන් විදේශ සේවයේ වසර 20-25 පලපුරුද්දක් ඇති නිලධාරියකු පත්කර යවන්න , නැති නම් දුක් විදින්නේ එම රටවල ජීවත්වෙන අපේ ජනතාව විනාශ වෙන්නේ අපේ රටේ නම. මේ වරද අවරුදු 20-30 පමණ සිටන් පැවති සැම ආණ්ඩුවක්ම කලා , මේ ලඟදි විශ්‍රාම ගිය ගායන සහ රංගන ශිල්පියකු තානාපති වරයකු ලෙස පත් කරලා යවනකොට පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ දෙපැත්තම මේ පත් වීම අනුමත කලා ,තානාපති සේවය ගැන හාන්කවිසියක් නොදන්නා මේ විශ්‍රාම ගිය කලාකාරය එහෙ ගිහින් කුමක් කරන්නද ?
de silva berlin Thursday, 16 April 2020 02:22 PM
විදේශ සේවයේ අවුරුදු 20-30 පළපුරුද්ද තිබෙන නිලධාරීන්ට , තානාපතිවරු ලෙස පැරෂුට් එකෙන් බහින ,බංකොලොත් දේශපාලකයන් , විශ්‍රාමික හමුදා නිලධාරීන් ,විශ්‍රාමික නැට්ටුවෝ ගායකයෝ වාධනය කරන පද වලට නටන්න සිදුවෙලා , ඔවුන් කලකිරිලා... අවුරුදු 20-30 විදේශ සේවයේ යෙදෙන නිලධාරියෙක් කවද හරි තානාපතිවරයෙක් ලෙස තම රට නියෝජනය කරන්න කැමති , නමුත් පවතින තත්වය මත ඔවුන්ගේ බලාපොරොත්තු සුන්වන නිසා ඔවුන් සේවය කරන්නේ ,කිසිම ඕනෑකමකින් නොවේ... මේකෙන් වෙන්නේ රටට විශාල ආර්ථික, දේශපාලනික, ප්‍රශ්න ඇති වීමත් , අපේ පුරවැසියන් දුක් විදිමත්ය.
Laksitha Paris Friday, 17 April 2020 08:49 PM
අනේ මගේ කට
maal Monday, 20 April 2020 07:54 AM
පිටරට ඉන්න අය ලංකාවට ගෙන්නුවොත් මේ අයට තියෙන චන්දත් නැතුව යනවා. මොලේ තියෙන කෙනෙක් මේ ආණ්ඩුවේ නැහැ. හමුදා ටෝක් විතරමයි කරන්න දන්නේ. කිසිම ප්ලෑන් එකක් නැහැ. මේ වෙලාවේ දොස්තරලා කියන දේට ඇහුන්කන් දෙන්නෙම නැහැ. තව එක්කෙනෙක්වත් ගෙන්නන්න එපෝ. එහෙම වුනොත් අපි ඉවරායි.