IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


වැටුණු රුපියලේ අගය තවත් ශක්තිමත් කරගනිමු

ඩොලරය ඉදිරියේ දණින් වැටෙමින් තිබූ රුපියලට යළිත් පණ ලැබෙමින් එයට වටිනාකමක් එක්වෙමින් තිබේ. පෙබරවාරි මාසයේ තුන්වැනි සතිය වනවිට ද ඩොලරයක ගැනුම් මිල රුපියල් 349ක මට්ටමේද විකිණුම් මිල රුපියල් 359ක මට්ටමේද පැවති අතර පසුගිය සිකුරාදා (03) වනවිට එය රුපියල් 334.50ක් සහ 348.03ක් වශයෙන් සටහන් වී තිබිණි. ඉදිරි දින කිහිපය තුළදී රුපියල තවදුරටත් ශක්තිමත් වනු ඇති බවද පුරෝකථනය වී තිබේ. 

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මෙසේ ශක්තිමත් වීම ගිලෙමින් තිබෙන ආර්ථිකයේ යහපත් හැරවුමක් පෙන්නුම් කරයි. දිගින් දිගටම මේ තත්ත්වය රැක ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුවහොත් එය රටේ අපනයන ක්ෂේත්‍රයේ වර්ධනයට සහ ආයෝජකයන් ආකර්ශනය කර ගැනීමට මහඟු‍ අවස්ථාවක් වනු ඇත.

ශ්‍රී ලංකාව මුහුණදී සිටින අධික ණය බර රුපියල යන්තම් ශක්තිමත් වීමෙන් සැහැල්ලු‍ නොවූවද අඩුම තරමින් යම් බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට මේ හරහා හැකි වෙයි. එම තත්ත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා මේ මොහොතේ ඉහළම ප්‍රමුඛත්වය හිමි විය යුතුය.

රුපියල බරපතළ ලෙස කඩා වැටීමට හේතු වූයේ කොවිඩ් වසංගතය හේතුවෙන් මුළු රටම වැසී ගොස් තිබුණු අවස්ථාවේ රටේ ආර්ථිකය එක තැන නැවතීමෙනි. ලොව පුරාවටම බලපෑ එම තත්ත්වය හේතුවෙන් මෙරට ප්‍රධානම ඩොලර් උල්පතක් වූ සංචාරක කර්මාන්තය බින්දුවටම බැස්සේය.

රටේ අපනයන ක්ෂේත්‍රයද කඩා වැටිණි. හරිහමං ඩොලර් සංචිතයක් නොතිබීම හේතුවෙන් කොවිඩ් වසංගතය වසර දෙකක් දක්වා ඇදෙන විට රටේ ආර්ථිකයද අගාධයටම වැටුණි. විදෙස් රැකියාලාභීන් විසින් එවන ලද ඩොලර් ද නැවතීමෙන් ඩොලර් හිඟය තවදුරටත් ව්‍යාකූල තත්ත්වයකට පත් විය. බලා සිටියදීම රුපියල අවප්‍රමාණය වීම එම ක්‍රියාදාමයේ එක් නිශ්චිත ප්‍රතිඵලයකි.

අපේ රට බොහෝ කාලයක සිට නැවෙන් කටට ප්‍රතිපත්තියට තල්ලු‍ වී සිටීම හේතුවෙන් ඩොලර් සංචිතය හිඳී ගියවිට රුපියලේ අගය කෘත්‍රිමව අල්ලාගෙන සිටීම තවදුරටත් කළ නොහැකි විය. ආර්ථිකය කඩා වැටෙන විට රුපියලේ අගය ද පාවෙන්නට ඉඩ දෙනු හැර වෙනත් විකල්පයක් නැති තැනකට ඒ වනවිට රට තල්ලු‍ වී තිබිණි. රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව රුපියල් 400ක ආසන්නයටම ගියේය. පසුව එය රුපියල් 370 ආසන්නයේ දිගටම රැඳී තිබිණි. එම තත්ත්වය මාස කිහිපයක්ම එසේ පැවතුණේය.

ආර්ථික සහ දේශපාලන කුණාටු අතරින් ශ්‍රී ලංකාව යන්තම් හිස ඔසවන විට ලංකාවට ඩොලර් උපයන මාර්ග දෙකක් යළි විවෘත විය. විදෙස් රැකියාලාභීන් එවන ඩොලර් සහ සංචාරකයන්ගේ පැමිණීම යළිත් ඉහළ යාම හේතුවෙන් එම මාර්ග දෙක පෑදී තිබිණි. පසුගිය පෙබරවාරි මාසයේදී සංචාරකයන්ගේ පැමිණීම වසර 03කට පසු මාසයක් තුළදී පැමිණි උපරිම සංඛ්‍යාව වාර්තා කළේය. එය සංඛ්‍යාත්මකව ලක්ෂයක් ඉක්මවා තිබිණි. එයද ලංකාවට ඩොලර් ලැබීමක් වශයෙන් සටහන් වෙයි. එය දිගටම වර්ධනය කර ගැනීම රජයේ වගකීමය.

කෙසේ වුවද සංචාරකයන්ගේ පැමිණීමත් විදෙස් රැකියාලාභීන්ගේ ප්‍රේෂණ වැඩිවීමත් හරහා ඩොලර් ලැබීම පිළිබඳ බලාපොරොත්තු තබාගැනීම පමණක් ප්‍රමාණවත් නැත. ලංකාවට ඩොලර් ආයෝජන ආකර්ශනය කර ගැනීමත් අපනයනය දිරිගැන්වීමත් ඒ සමඟ සිදුවිය යුතුය. රුපියලේ ශක්තිමත් වීම දිගටම රඳවා තබාගත හැක්කේ එවැනි පියවර ගැනීමෙන් පමණි.

අයි.එම්.එෆ්. ණය සහනයේ ප්‍රථම කොටස ද ඉදිරි කාල සීමාව තුළදී ලැබීමට නියමිතව තිබීමද මේ තත්ත්වය තවදුරටත් ඉහළ යාමට හේතු වනු ඇත. ශ්‍රී ලංකාව ඇතුළු දැඩි ලෙස ණය බරින් පීඩිත රාජ්‍ය වෙත සහාය වීම සඳහා වන බහු පාර්ශ්වික ප්‍රයත්නයකට ඵලදායී අයුරින් දායකත්වය ලබා දීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට චීනය පසුගියදා දැනුම් දුන්නේය. එය ශ්‍රී ලංකාවට ණය ආධාර පහසුකම ලබාගැනීමේ අවස්ථාව වැඩි කිරීමකි.

කෙසේ වුවද ශ්‍රී ලංකාවේ ඩොලර් හිඟය පහසුවෙන් විසඳාගත හැකි ගැටලු‍වක් නොවන බවද තේරුම් ගත යුතුය. දහ අතේ ණය වී සිටින අපේ රට විසින් ගෙවිය යුතු ඩොලර් ණය ප්‍රමාණය ඉතා අධිකය. එම ණය බර අඩුකර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමෙන් තොරව රුපියල තවදුරටත් ශක්තිමත් කර ගැනීම සිහිනයක් පමණි.

රුපියල යම් ප්‍රමාණයකට ශක්තිමත් වීමෙන් ශ්‍රී ලංකාවට ආර්ථිකය යළි ගොඩනංවා ගැනීමට හැකියාව තිබෙන බවට පුංචි බලාපොරොත්තුවක් ඇති කර තිබේ. එම බලාපොරොත්තුව යථාර්ථයක් කර ගැනීමට යා යුතුව ඇත්තේ අතිදුෂ්කර මාර්ගයක බව සිහි තබාගැනීම වැදගත් වනු ඇත.

(***)



අදහස් (1)

වැටුණු රුපියලේ අගය තවත් ශක්තිමත් කරගනිමු

janahitha Wednesday, 08 March 2023 09:07 AM

දූෂිතයින් සමග කොන්ක්‍රීට් අත්තිවාරමක් දාලා ශක්තිමත් කරන්නේ...!

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 80 0

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 149 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 163 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 873 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


නව ව්‍යවස්ථාව කෙසේ වියයුතුද?
2025 මැයි මස 07 235 2

ශ්‍රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ


අනාගත විදුලි බිල කොතැනද?
2025 මැයි මස 07 1120 0

පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 91 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1307 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 335 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site