මහින්ද රාජපක්‍ෂ රජය සමයේ විදේශ කටයුතු අමාත්‍යංශ අධීක්ෂණ මන්තී‍්‍රවරයා ලෙස කටයුතු කළ සජින් ද වාස් ගුණවර්ධන මහතා සාමාන්‍ය මට්ටමේ දේශපාලඥයකු නොවීය. ඔහු අනෙක් අයට අත පෙවිය නොහැකි මට්ටමේ වූ කටයුතුවලට මැදිහත්වීමෙහි ලා හැකියාව තිබූ, ගැටලූ නිරාකරණයේ නිපුණ පුද්ගලයකු විය.
විදේශයන්හි තානාපති කාර්යාලවල සේවය කිරීම සඳහා ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය තාන්ති‍්‍රකයන් පත්කර යැවූයේ ඔහුය. ගුණවර්ධන මෙම කටයුතුවල බර කරට ගෙන සිටි හෙයින් විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස නිල වශයෙන් පත්ව සිටි අමාත්‍ය ජී.ඇල්.පීරිස් මහතාට අන්තර්ජාතික හෝ ද්විපාර්ශවීය ගැටළුව නිරාකරණය කිරීමට තම කාලය වැයකිරීමට සහ විවිධ උත්සව අවස්ථාවල දේශන පැවැත්වීමට කාලය වෙන්කර ගැනීමට හැකියාව ලැබී තිබිණි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ගුවන් මගින් විදේශයන් කරා පියාසර කරන කල්හි ඔහුගේ විනෝදාස්වාදය සදහා ජනපි‍්‍රය චිත‍්‍රපටවල සීඞී පට ඔහු වෙනුවෙන් තෝරා දුන්නේ ගුණවර්ධනය.
ඩුබායි හි ලිපිකරුවකු ලෙස ජීවිතය ආරම්භ කළ ද, විභූතිමත් ජීවිතයක පහස ලැබීමට ඔහුට තිබූ වුවමනාව නොබෝ කලකින්ම පුරුද්දට ගියේය. කොළඹ පිහිටි තම නිවසට පැමිණෙන අති විශේෂ පුද්ගලයින් පිළිගැනීම සඳහා ගුණවර්ධන කෙන්යා ජාතික බට්ලර්වරයකුගේ සේවය ද ලබාගත්තේ ය.
ඔහු කෙතරම් බලවත්වී ද යත්, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත මුල්‍ය අවශ්‍යතා සඳහන් වුණු කෙටි සටහන් පත් (චිට්) යැවීමට පවා ඔහුට හැකියාව තිබිණ. එවන් පණිවුඩ නිසා ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට කි‍්‍රයාත්මක වූ විවිධ උපදේශන ආයතනයන්ට ඩොලර් ලක්ෂ 8720 ක මුදලක් වැය කිරීමට එවක මහ බැංකුවට සිදුවිය.
මෙහි විශේෂත්වය වූයේ එවන් කටයුතුවලට කිසිදු අමාත්‍යංශයක හෝ අධිකාරියක අනුමැතිය ලබාගැනීමක් සිදු නොවීමය. පකිස්තානු සම්භවයක් ඇති ඇමරිකානු පුරවැසියකු වන ඉමාඩ් සුබේරි නම් පුද්ගලයකුට වරක් මෙසේ මුදල් ගෙවීම සිදුවිය. ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර ජීවත් වූ සුබේරි කිසිදු සමාගමක් නියෝජනය නොකළ ද ඔහු බ්‍රෝකර්වරයකු බවත්, බලපෑමක් කළ හැකි පුද්ගලයකු බවත් පැවසිණි.
සුබේරි තම ප‍්‍රතිරූපය ශී‍්‍ර ලංකාවට පෙන්වා තිබුණේ ඇමරිකාවේ හිටපු ජනපති බැරක් ඔබාමාගේ සෙවණැල්ල යට සිටය. ඔබාමා සමග එකට සිට ගත් ඡායාරූප ඔහු සතු විය. එම ඡායාරූප ඔහු ගෙන තිබුනේ ඇමරිකා ජනපතිවරණ සමයේදී බැරක් ඔබාමාගේ අරමුදල් රැස්කිරීමේ කමිටුවට සම්බන්ධව සිටි සමයේදීය.
2009 වසරේ ශී‍්‍ර ලංකාවේ යුද්ධය නිමාවීම දැකීමත් සමඟ, ශී‍්‍ර ලංකා ආරක්ෂක අංශ අතින් මානව හිමිකම් කඩවීම් සහ යුද අපරාධ සිදුව ඇතැයි නැඟුණූ චෝදනා අරභයා, අපට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට වොෂින්ටනය ගෙන තිබූ දැඩි තීරණය තරමක් මෘදු කිරීමට හෝ එම තීරණය වෙනතක යොමු කිරීමට හෝ අරමුණින්, එය ඉලක්ක කරගත් විශේෂ ප‍්‍රචාරණ වැඩසටහන් ආරම්භ කිරීම සඳහා මෙසේ ඇමෙරිකානු සමාගම්වලට මුදල් වැයකිරීම සිදුවිය.
එම මුදල් අවසානයේ ගඟට කැපූ ඉණි මෙන් විය. මේ ශී‍්‍ර ලංකාවේ ජනතාව වෙනුවෙන් යෙදවිය හැකිව තිබූ මුදල්ය.
මෙම නාස්තිය සම්බන්ධයෙන් සන්ඬේ ටයිම්ස් පුවත් පත අවස්ථා ගණනාවක දී විවිධ අනාවරණයන් කළේය. මේ සා විශාල මුදලක් යොදවා ඇමරිකාවේ තීරණය වෙනස් කිරීමට උත්සාහයක් ගැනුනද, එය නිරර්ථක කරමින්, ඉතාම දැඩි චෝදනා සදහන් වූ යෝජනාවලියක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත කරගැනීමට එක්සත් ජනපදයට හැකිවූවා පමණක් නොව, 2015 දී අභිනවයෙන් බලයට පත්ව සිටි වර්තමාන සභාග රජය ද එම යෝජනාවලියට සම අනුග‍්‍රාහකත්වය ලබාදුන්නේය.
රජයේ මුදල් යොදාගනිමින් ඇමරිකාවේ මතය වෙනස් කිරීම ගුණවර්ධනයේ උත්සාහය වුවද, වත්මන් රජය එම යෝජනාවලියට සම අනුග‍්‍රාහත්වය ලබාදීමෙන් කළේ ඊට විරුද්ධය දෙයයි. එනම්, යුද අපරාධ හා මානව හිමිකම් කඩවීමේ චෝදනා අරබයා ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් වූ ඇමරිකාවේ ස්ථාවරය නිල වශයෙන්ම පිළිගැනීමය.
මෙම සමයේ එරට පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ නිලධරයන් කොතරම් අලසව කටයුතු කළේද යත්, ඔවුන් මේ සම්බන්ධයෙන් කළ කිසිදු දෙයක් නොමැති තරම්ය. සම අනුග‍්‍රාහකත්වය දැක්වීම සදහා අවසන් අනුමැතිය ලබාදුන්නේ කවුරුන්දැයි එකිනෙකාට ඇගිල්ල දිගුවෙමින් තිබෙන්නේ දැන්ය.
ජයග‍්‍රහණයට පියවරුන් රාශියක් සිටියද පරාජය අවජාතක බව සිහිපත් වන්නේ මෙවැනි අවස්ථාවලය. කෙසේවුවද අනුමැතිය දීම සම්බන්ධයෙන් වන අභිරහස තවමත් එළෙසමය.
සුබේරිගේ කටයුතු සම්බන්ධයෙන් ඇමරිකාවේ එෆ්.බී.අයි ආයතනය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ශී‍්‍ර ලංකාව සැළකීමේදී, වාස් ගුණවර්ධන අදාළවන සිදුවීම් ගණනාවක් සම්බන්ධයෙන් විමර්ශන කිරීමට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය සහ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව පියවර ගත්තේය. විමර්ශන කොමිසමක්ද කි‍්‍රයාත්මක විය. ඇමරිකාවේ සිට කි‍්‍රයාත්මක වූ මහජන සම්බන්ධතා ආයතයන්ට සිදුකර තිබෙන මුදල් ගෙවීම් සහ චෝදනා නැගී තිබූ වෙනත් අක‍්‍රමිකතා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගැනීම මෙම විමර්ශනවල අරමුණ විය.
එදවස දේශපාලන තත්ත්වය රාජපක්ෂ යටතේ පෙනී සිටි හිටපු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජික පිරිස සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා යටතේ පෙනී සිටි එක්සත් ජාතික පක්ෂ සාමාජික පිරිස අතර යම් එකඟතාවයක් ඇතිකරගෙන තිබූ වකවානුවක් විය.
නම සඳහන් නොකිරීමේ පොරොන්දුව මත අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක්, මැතිවරණ සමයේ දී කොතරම් පොරොන්දු දුන්නද මෙම එකගතාවය යටතේ දූෂණය, වංචාව සහ අනෙක් අවභාවිතයන් සම්බන්ධයෙන් වූ මහා පරිමාණ සිදුවීම් අරභයා වූ විමර්ශන කටයුතු කඩිනම් නොකෙරුනු බව පාපොච්චාරණය කළේය.
එයට හේතුව ලෙස සඳහන් කෙරුණේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ එහි නායක ජනපති මෛතී‍්‍රපාල සිරිසේන තමන් පරදා ශක්තිමත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මතුව තිබූ අනියත භීතිකාවය. නමුත් එක්සත් ජාතික පක්ෂයේ මෙම පිළිවෙත ඔවුන් වෙතම බූමරංගයක් මෙන් කැරකී ආවේය. ජනපතිවරයා පවා කැබිනට් රැස්වීම්වල දී විමර්ශන කටයුතු ප‍්‍රමාද බවට චෝදනා කරමින්, එක්තරා එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයකු ඊට වගකිව යුතුයැයි ද දෝෂාරෝපණය කළේ ය.
”ඉදිරියේ එන මැතිවරණ, ඒ කියන්නේ ජනපතිවරණය සහ පාර්ලිමෙන්තු මැතිවරණය සළකලා අපට මේ කටයුතු ඉතාම ඉක්මන් කරන්නට සිදුව තිබෙනවා” යැයි එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයා පිළිගත්තේ ය.
”අපව ප‍්‍රමාද කළේ දේශපාලනය. දැන් අපිව ඉක්මන් කරන්නෙත් දේශපාලනය” ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයකු සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූයේ කණගාටුවෙනි.
එකිනෙකට විරුද්ධ මත දරන මෙම දේශපාලන පක්ෂ දෙක අතර පැවැති මෙම මධුසමයේ දී, ඉන් වාසි සැළසුනු සහ මහත් ප‍්‍රතිලාභ අත්වුනු පුද්ගලයින් වේ නම් ඔවුන් අතරින් ප‍්‍රධාන තැනක පසුවන්නේ වාස් ගුණවර්ධනය. ඔහුට විශේෂ සැළකිලි ලැබුනේ නීතිය කි‍්‍රයාත්මක කිරීම පසෙකට දමාය. වර්තමාන සභාග රජය යටතේ ඔහුද කටයුතු කළේ කැබිනට් අමාත්‍යවරයකු හා සමවය.
ගුණවර්ධනට මේ සා සැළකිල්ලක් සහ පිළිගැනීමක් හිමිවූයේ ඉතාම බලවත් එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයකුගේ ආශිර්වාදය යටතේය. ඔහුගේ අමාත්‍ය සගයින් පවා මෙම අමාත්‍යවරයාව හදුන්වාදෙන්නේ මිස්ටර් මනී බෑග් ලෙසය.
වාස් ගුණවර්ධනට පොලිස් විශේෂ කාර්ය බළකායෙන් පෞද්ගලික ආරක්ෂාව සැළසෙන බව එම අමාත්‍යවරයා සහතික කළේය. විශේෂ කාර්ය බළකායෙන් ආරක්ෂාව ලබාගැනීම බොහෝ අමාත්‍යවරුන්ට පවා අහිමි ඉතාම දුලබ වරප‍්‍රසාදයකි.
ගුණවර්ධනගේ ගමන්වල දී සහ ඔහු සහභාගී වූ උත්සව අවස්ථාවල දී, විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ගුණවර්ධන වෙනුවෙන් සැපැයින. විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාවක් ගුණවර්ධනට ලබාදීම හමුවේ පොලිසියේ විමර්ශන නිලධාරීන්ට නිකුත් කෙරුනු පණිවුඩයක් විය. එය නම් ප‍්‍රවේසමින් කටයුතු කරන්න යන්නය.
අද දිනයේ පවා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්ට ආරක්ෂාව සැපයෙන්නේ ඇමැති ආරක්ෂක අංශය යටතේය. හිටපු හමුදාපති සහ ආරක්ෂක කාර්යමණ්ඩල ප‍්‍රධානී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාට සැපයෙන ආරක්ෂාවේ පමණක් යම් වෙනසක් ඇත. වාස් ගුණවර්ධනට විශේෂ කාර්ය බළකායෙන් ආරක්ෂාව සැපයෙන බව ජනපති සිරිසේනගේ අවධානයට ලක්වූ අතර, වහාම එය ඉවත් කරන ලෙසට ඔහු නියෝග කළේය.
2020 වසර වන විට සිමෙන්ති සංස්ථාවට ඉතිරිව තිබුණේ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව පමණි. මීට අමතරව අරුවක්කාලුවල පිහිටි අක්කර 5000ක ඉඩම සහ කොල්ලුපිටියේ
නව රජය බලයට පත් කිරීමට ජනතාව සලකා බැලූ කරුණු අතර ප්‍රධානතම සාධකය ආර්ථික ගැටලුවය. ඕනෑම රජයක් පරාජයට පත්වන්නේ ද මේ ආර්ථික ගැටලුව මුල්කරගෙනය. ජනතාව අතර ද එ
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාට එරෙහිව ජාතික ජන බලවේග රජය දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට සුදානම් වන බව ලංකාදීප පුවත්පතේ
නුවරඑළිය තැපැල් කාර්යාලය තරම් කතාබහට ලක් වූ වෙනත් තැපැල් කාර්යාලයක් මෑත භාගයේ මෙරට නොතිබිණි. පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයේ දී නුවරඑළිය දිස්ත්‍රික
රජයේ පාසල්වල ගුරුවරුන් විසින් තමන් උගන්වනු ලබන සිසුන් සඳහා මුදල් අයකර උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් බස්නාහිර පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශ
නූතන සිංහල කවියේ මාවත සුනිසි කොට එය සුවිසල් මාවතක් සේ තනා පොදු රසික හදවත් යුග යුග ගණනක් ප්‍රකම්පනය කළ යුගයේ මහා කවියා ඔහුය. 1929 අප්‍රේල් 07 වැනිදා උපත ලද මහ
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
වංචා විමර්ශන ප‍්‍රමාදවීමේ රහසක්