IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


විගණන කොමිෂන් වාර්තා රාජ්‍ය ආයතන සැලකිල්ලට ගන්න ඕනෑ

‘‘අල්ලස’’ අප රටේ මහා ජාතික ව්‍යසනයකි. එය මහා මානව ආපදාවකට ද පාර කපා තිබේ. මුළු මහත් ලෝකයා ඉදිරිපිට අප රට ‘බංකොලොත්’ රටක් ලෙස විලිලජ්ජාවකින් තොරව පිළිගැනීමට අපට සිදුව තිබෙන්නේ සාර සුබාවට වැඩුණු පිළිලයක් බවට පත්ව තිබෙන අල්ලස හා එහි නිවුන් සොහොයුරා වන දූෂණය නිසා බවට විවාදයක් නැත.

මෙරට බලගතුම රාජ්‍ය ආයතන අතර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට හිමි වන්නේ ප්‍රමුඛතම ස්ථානයකි. මෙම කොමිෂන් සභාවේ නම ඇසූ පමණින් හද්දා පිටිසර ගැමියාගේ දෙකකුල් වෙව්ලන්නට පටන් ගනී. ඒ එම කොමිෂන් සභාවට හිමි නෛතික බලය හේතුවෙනි. හෘද සාක්ෂියට ගරු කරන පුරවැසියෝ අල්ලසට හා දූෂණයට බිය වෙති. හෘද සාක්ෂියෙන් අඩක් ඉතිරි කරගත් පුරවැසියෝ මෙම කොමිෂන් සභාවට ඇති බිය නිසා අල්ලස දූෂණයට යට නොවී සිටීමට උත්සාහ දරති. එහෙත් ඇතැමෙක් ලජ්ජා භය විරහිතව අල්ලස හා දූෂණය තම බඩ රස්සාව බවට පත් කරගෙන සිටිති. එය මැති ඇමැතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් හා සේවකයන් දක්වා පැතිරුණු වයිරසයකි. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැවරී ඇත්තේ එකී දූෂිතයන් ආණ්ඩු මට්ටු කිරීමය. අල්ලසට හා දූෂණයට බිය නැති පුද්ගලයන් නීතිය ඉදිරියට පැමිණවීමය.

කීයක් හෝ අතමාරුවක් නොදී රාජකාරියක් කරගත නොහැකිව අසරණවන රටේ සාතිශය බහුතරයක් ජනතාවට පිහිටවීමට ඇති ප්‍රධානම ආයතනය මෙම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවය. එහෙයින්ම මෙම ආයතනයේ කටයුතු නිරවද්‍යවත්, කාර්යක්ෂමවත් හා විනිවිද භාවයෙන් යුතු විය යුතුය. මෙම කොමිසමේ පැවැත්ම තීරණය වන්නේ එහි විශ්වාසනීයත්වය ආරක්ෂා වන තරමටය.

කරුණු කාරණා එපරිදි වුවද ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවකින් කියැවෙන්නේ විමතිය දනවන මෙන්ම තිගැස්ම රැගෙන ඒමට සමත් තොරතුරකි. එම තොරතුරෙන් කියැවෙන්නේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඉකුත් වසරේ ජනවාරි 1 වැනිදා සිට අගෝස්තු 31 වැනිදා දක්වා කරන ලද වැටලීම් 29 කින් 14ක් අසාර්ථක වී ඇති බවය. එමෙන්ම මෙම අසාර්ථක වැටලීම් සඳහා රුපියල් ලක්ෂ 25කට වැඩි මුදලක් වැය කර ඇති බවය. එමෙන්ම 2022 වසරේ ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 31 වැනිදා දක්වා කාල සීමාවේ කරන ලද වැටලීම් 29ක් සඳහා රුපියල් ලක්ෂ 47කට අධික මුදලක් අත්තිකාරම් ලෙස නිකුත් කර තිබූ බවද එම විගණන වාර්තාවේ සඳහන්ය.

එම විගණන වාර්තාවේ සඳහන් අන්දමට අසාර්ථක වැටලීම් සඳහා රුපියල් ලක්ෂ 25කට වැඩි මුදලක් වැය කර තිබේ. මෙහිදී රුපියල් ලක්ෂ 25ක මුදල වියදම් කිරීම පිළිබඳව ද යමකුට ප්‍රශ්නයක් මතු කළ හැකිය. එබඳු ප්‍රශ්න නැගීමට හැකි ඉඩක් තිබීම ගෞරවාන්විත ආයතනයේ ප්‍රතිරූපයට යහපත් නැත.

ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවෙන් අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්මට 2019 පෙබරවාරි 5 වැනිදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී එම සැලැස්ම ක්‍රියාත්මක කර අවුරුදු තුනහමාරක් පමණ ගතවී තිබුණ ද එහි සඳහන් කාර්යයන් 24කින් ඉටුකර තිබෙන්නේ කාර්යයන් 11ක් පමණි.

ඕනෑම ආයතනයක් සම්බන්ධයෙන් පසු විපරමක් කිරීම, ප්‍රගති සමාලෝචනයක් කිරීම කෙතරම් වැදගත් ද? යන්න මෙම ජාතික විගණන වාර්තාව කදිම සාක්ෂියකි.

(***)



අදහස් (2)

විගණන කොමිෂන් වාර්තා රාජ්‍ය ආයතන සැලකිල්ලට ගන්න ඕනෑ

nimal Saturday, 07 October 2023 05:34 PM

විගණන කොමිෂන් වාර්තා රාජ්‍ය ආයතන සැලකිල්ලට ගන්න ඕනෑ බව සැබෑවකි.. එසේ වුවත් දූෂිත නිලධාරීන් එම ආයතන තුළම රාජකාරි කරමින් සිටිනවිට කිසිඳු ආයතනයක් දියුණු වන්නේ නැත. ආයතනයක් දියුණු කිරීමට නම් පළමුව දූෂිතයින් තරාතිරම නොබලා ඉවත් කිරීමට කළයුතුවේ. cope / copa කමිටු වෙත නිලධාරීන් ගෙන්වා දිනපතා ප්‍රශ්න කළද විසඳුම් නොලැබීමට හේතුව දූෂිතයින් ඉවත් නොකිරීම වේ.

:       0       6

upali Monday, 09 October 2023 08:31 AM

පෝලිමේ අන්තිමට ඉන්නේ කවුද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31333 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13542 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 119 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site