ඉදිරි මාස් කන්නයේ වගා කටයුතු සඳහා ජලය මුදාහැරෙන ආකාරය තීරණය කිරීම සහ ගොවීන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැවැති කන්න රැස්වීමට කෘෂිකර්ම අමාත්‍යවරයා හෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් හෝ සහභාගි නොවීම පිළිබඳව ගොවි සංවිධාන නියෝජිතයන් දැඩි අප්‍රසාදය පළ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.
එම කන්න රැස්වීමට සහභාගි වූ ක්‍රීඩා හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා, වසරකට දෙවරක් පමණක් පවත්වන කන්න රැස්වීමට කෘෂිකර්ම අමාත්‍යවරයා සහභාගි නොවීම සම්බන්ධයෙන් හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සහ දිසාපතිවරුන් සහභාගිවීම අනිවාර්ය නමුත්, මෙවර කිසිවකු සහභාගි නොවීම පිළිබඳව දැඩි දෝෂාරෝපණයක් එල්ල කළ බව ද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.
මෙවැනි වැදගත් කන්න රැස්වීමකට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා, අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ දිසාපතිවරයා ඇතුළු වගකිවයුත්තන් සහභාගි නොවීම ගැටලුවක් බව ද රොෂාන් රණසිංහ අමාත්‍යවරයා පවසා තිබිණි.
හදිසි රාජකාරි අවශ්‍යතාවක් හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට කන්න රැස්වීමට සහභාගි විය නොහැකි බව දන්වා ඇතැයි එම රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. ගොවීන්ගේ ඇතැම් ගැටලුවලට දුරකතනයෙන් සම්බන්ධ වෙමින් අමාත්‍යවරයා පිළිතුරු ලබාදුන් බව ද අප ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය. මෙම කන්න රැස්වීමට හම්බන්තොට, අනුරාධපුරය, පොළොන්නරුව, අම්පාර, නුවරඑළිය, වව්නියාව ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක ගොවි සංවිධාන රැසක නියෝජිතයන් විශාල පිරිසක් සහභාගි වී ඇත.
කෘෂිකර්ම අමාත්‍යවරයාට කෘෂිකර්ම විෂය පථයට වඩා වැදගත් රාජකාරි කටයුතු තිබිය හැකි ද යන ප්‍රශ්නය මෙහිදී අපි මතු කරමු. මන්දයත්, මෙම රැස්වීම පවත්වන්නේ වැටක, නියරයක මතු වන ගැටලුවක් විසඳා ගැනීමට නොවන හෙයිනි. ඉදිරි මාස් කන්නයේ ජලය මුදාහැරෙන ආකාරය තීරණය කිරීමට සහ ගොවීන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට මෙම කන්න රැස්වීම පැවැත්වේ.
එමෙන්ම, මෙම රැස්වීම පවත්වනු ලබන්නේ වසරකට දෙවරක් පමණි. එබඳු වැදගත් රැස්වීමකට සහභාගි නොවී සහභාගි වීමට ඇති වැදගත් සුවිශේෂී රාජකාරි කටයුතු අමාත්‍යවරයාට, අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට, දිසාපතිවරුන්ට තිබිය හැකි යැයි අපි විශ්වාස නොකරමු.
‘වග නොවීම’ තරම් කරුමයක් මේ රටට තවත් නැත. අවශ්‍ය ප්‍රමාණයෙන් වගවීම නොවන නිසා මේ රටේ සෑම ක්‍ෂේත්‍රයකම බරපතළ ප්‍රශ්න මතු වී තිබේ. ‘එක දා ගැනීම’ පමණක් බොහෝ අයගේ උත්සාහය වී තිබේ. තමන් සතු වගකීම එයට හිමි නිසි බරින් ගැඹුරින් වටහා ගත් බවක් පෙනෙන්නට නැත. සිරිත බවට පත්ව තිබෙන්නේ සංහාරයෙන් පසුව සංරක්ෂණය පිළිබඳව කටමැත දෙඩවීම පමණි.
හෙට දිනයේ මතු විය හැකි ප්‍රශ්න පුරෝකථනය කරමින් ඒවාට කල් ඇතිව විසඳුම් සකස් කරගෙන සිටිය යුතුය. එහෙත්, අප රටේ එවැන්නක් සිදු නොවේ. වැව් පතුල් හාරා බීමට දිය පොදක් සෙවීමට සිදුවන තරමට නියඟය උග්‍ර වනතුරු කිසිවෙක් ඒ පිළිබඳ කල්පනා නොකරති.
ගංවතුර ගලා කඳු නාය යන තරමට ඛේදවාචකය වැඩෙන තුරා එවැන්නක් ඇති විය හැකි යැයි කල්පනා කරන්නකු නැත. වගාවට වතුර ඉල්ලා ගොවියා අරගල කරන තුරු එම ගැටලුවට මුහුණ නොදී එය මගහැර යා හැකි මගක් පිළිබඳව සිතන්නෝ නොවෙති. කපාගත් වී අස්වැන්න විකුණා ගැනීමට මගක් නොමැතිව ගොවියා මහ පාරට පැමිණ උද්ඝෝෂණය කරන තුරු අස්වැන්න මිලදී ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන වගකිව යුත්තෝ නොවෙති.
ගොවි බිම් අරගල බිම් බවට පරිවර්තනය වී තිබෙන්නේ එහෙයිනි. ඒවා එසේ සිදුවන්නේ ඇයි ද යන්න ඉකුත් 27 වැනිදා ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැවැති රැස්වීමට වගකිව යුත්තන්ගේ නොපැමිණීමෙන් පැහැදිලි වේ. මෙම පිරිස්වලට පළමුව වගකීම කුමක් ද යන්න ඉගැන්විය යුතුය. දෙවැන්න වගවීම වන්නේ කෙසේ දැයි තේරුම් කර දිය යුතුය. එසේ නොවුණහොත්, රට යනු ඇත්තෙත් ප්‍රපාතයෙන් ප්‍රපාතයටය.
(***)
ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.
ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වගකිව යුත්තන්ගේ වගකීම් පැහැරහැරීම